Pages

Wednesday, October 20, 2010

කඳුළ සහ නුඹ


නෙතු කෙමි
බොඳ කරන
උණු කඳුළ නොවී

ඒ කඳුළ
නිවාදමන

ඇහිපියක් වෙයන්

සබඳ...

Wednesday, October 6, 2010

තහංචි


කාසි කටු
මල් පඳුරු වල
හිරවුණු
අපේ ප්‍රේමයට
නිදහසේ
ඉගිලෙන්න
කොයින්ද ඉතින්
අත්තටු..

Monday, September 6, 2010

මතක රූ


දෛවයේ සරතැසට
නෙතු කෙවෙණියක රිදුමට
අවසඟව කඳුල ලඟ
රූ රටා මවයි
නුඹ මතක...

Wednesday, August 18, 2010

හිතේ සමාධිය


හුදකලාවද
ස්වර්ගයක්
නොවුනු තැන
අනේ මගේ
හිතේ සමාධිය
පෙති ඉහිරුණු
මලක් වගේ...

ඉටිපන්දම


පුරෝගෙන ඉටිකිරි
නෙතෙහි
බලා සිටින්නේ
නුඹ හඬන්නද?
අඬන්නට එපා නුඹ
අඬන්නට වේවි අපිටත්
දෝරෙ ගිය විට
ඉටිකිරි
මේසය පුරාවට..

Monday, August 9, 2010

පුංචි දෝණි


අහපන් කඳුළු කැට
ජීවිතේ කිසිම දවසක
රැඳෙන්නට එපා නුඹ
පුංචි දෝණිගෙ ඇස් වල,
ජීවිතේ අ යනු ආ යනු
කියාදුන්නත් නුඹ මට
ඈට තනියම
උහුලගන්නට බෑ නුඹව..
මගේ නෙතු කෙමි කඳුලෙන්
බොඳ වුනත් කම් නෑ
ආසයි දකින්නට දවසක
කඳුළු අතරින්
දෝණිගේ සිනහව....

වසත් කල අවසන්ය


පුංචි තණ පඳුරු වල
පිණි බිංදු එක් කරපු
කෝම්පිට්ටුව වටේ
ලෝකයක් ගොඩනගපු
ඒ සොඳුරු ළමා විය
ගෙවී ගියෙ නොකියාම...

'අ' යනු 'ආ' යනු අතර
සූත්‍රද ප්‍රමේයද
එකට ගෙන අකුරු කල
විදු මවුගෙ තුරුලෙ හිඳි
ඒ සොදුරු සිසු දිවිය
ගෙවී ගියෙ නොකියාම...

එකට බත් පත කාපු
එකට හිඳ ගී ගයපු
'කුප්පි' කැන්ටින් අතර
මිතු දමෙන් ගලා ගිය
සොඳුරු සරසවි දිවිය
ගෙවී ගියෙ නොකියාම..

කාලයේ සරදමින්
සිනහ කඳුළැලි මතින්
මේ ගෙවීගෙන ගියේ
ජීවිතේ සැහැල්ලුව
වගකීම් පවුරු නැති
ජීවිතේ වසන්තය

හෙටින් පසු කෙදිනවත්
වසන්තය යලි නොඒ,
සමනලුන් මෙන් ගෙවූ
සැහැල්ලුව යලි නොඒ,
දැන් ඉතින් ඇරඹුනේ
ඒ කටුක සිසිරයයි
රැහැන් පවුරින් බැඳුනු
ජීවිතේ සිරගෙයයි.......
Related Posts Plugin for WordPress, Blogger...