ලංකා ඉතිහාසයේ එතරම් ප්‍රචලිත නොවූ, එනමුත් උත්කෘෂ්ටවත් මාතෘකාවක් වටා ගෙතුණු කුතුහලයෙන් පිරි කතා පුවතක් 'මායාව' නවකතාවෙන් පාඨකයා හමුවට ගෙන එයි. මෙය ආනන්ද ලියනගේ කතුවරයාගේ 'The Deception' නම් ඉංග්‍රීසි නවකතාවේ සිංහල පරිවර්තනයයි. සිංහලයට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ අනුල ද සිල්වා ලේඛිකාවයි.
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගාවේ තැන්පත් කර ඇති ගෞතම බුදුන්ගේ දන්ත ධාතුව, ඇත්තම දන්ත ධාතුව නොවේ යැයි කිසිවෙකු හෝ පැවසුවොත් ඔබට කුමක් හැඟෙයිද? 'මායාව' ගෙතෙන්නේ එම පදනම මත සිටය.
ගෞතම බුදුන්ගේ සිට මෛත්‍රී බුදුන් දක්වා දිව යන මේ කතාවේ දන්ත ධාතුව මායාවක් සේ කතුවරයා දකියි. දළදා වහන්සේ එක් තැනක රැඳී නොසිටින බවත් තම ඍධි බලයෙන් එය ඒ ඒ තැන් වලට වඩින බවත් ජනප්‍රවාදයේ ඇති නොලියවුණු රහසකි. මේ රහස පසුපස හඹායන කතුවරයා මෙම නවකතාව ලියා ඇති රසවත් ආකාරයට මෙය සත්‍යක්මදෝයි යන සැකය පාඨකයාට නවකතාව පුරාවට දනවයි.
සීතාවක රාජධානියේ බිඳවැටීම ආරම්භ වූයේ පෘතුගීසි ආක්‍රමණයත් සමඟය. ඉවක් බවක් නැතිව බුදු දහම විනාශ කරමින් ගිය ඒ අවධියේ සංඝයා වහන්සේලා එකතු වී දළදා වහන්සේ ආරක්ෂා කළේ බුද්ධාගමේ පැවැත්මත්, දියුණුවත් මෙය වටා බැඳී ඇති බැවිණි. පහතින් දැක්වෙන්නේ නවකතාවෙන් උපුටා ගත් කොටසකි.
"දන්ත ධාතුව තමන් භාරයේ තිබූ භික්ෂූන් 1594 වර්ෂයේදී එය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් වැඩ පිළිවෙලක් යෙදූ බව දැනගනිත්වා.
දන්ත ධාතුව තම භාරයට ගත හැක්කේ සීතාවක රාජධානියේ ප්‍රභූ පවුල් හතරක් සාමූහිකව ක්‍රියා කළ කල්හි බවට කරුණු යෙදෙන පරිදි එම වැඩ පිළිවෙල යොදා ඇත. ඉර හරියටම අහසේ මුදුන් වන දිනක තැන්පත් කුටිය මතට පැමිණෙන යෝධ කුරුල්ලෙක් කුටිය දක්වනු ඇත. ගෞතම බුදුන් වහන්සේගේ අන්තිම ධාතු දැක්වීම සඳහා එම පවුල් හතරට අයත් හක්ගෙඩි එකට නාද විය යුතුය. මෛත්‍රී බුදු වන දවස දක්වා මෙය මෙසේම පවතී. බුදුන්ගේ දන්ත ධාතුව නියම ස්වභාවයට පත් වන්නේ එදාය.
මෙම සිදුවීම තවත් බුදු කෙනෙකු පහළ වූ බවට සාක්ෂියක් වෙයි."
පුරාවිද්‍යා විෂය පථයට දැඩි ලෙස ඇලුම් කරන අමල් වෙත්තසිංහ නම් වූ අයෙක් මෙම පුරාවෘතයට අනුව යමින් අදාළ ප්‍රභූ පවුල් හතර සතු හක්ගෙඩි හතර සොයාගෙන, අදාළ පුස්කොළ පොත් කියවා කෙසේ හෝ සත්‍ය දළදා වහන්සේ සොයාගන්නා අපූර්ව කථාව මෙම නවකතාවේ මුල සිට අග දක්වා එක සීරුවට කුතුහලය දනවන ආකාරයට දක්වා ඇත. එපමණක් නොව යන්තමින් අසා තිබූ අතීත සිද්ධි කතුවරයා ඉතා තියුණු අන්දමට විස්තර කර ඇති අයුරු නම් විස්මයජනකය.
'මායාව' මා කාලෙකින් කියවූ වෙනස්ම ආකාරයේ නවකතාවකි. 'මායාව' ඔබව මායාවකට ඇද නොදමා අපූරු තෘප්තියකින් හදවත පුරවන බව නම් මට සහතික කොට කිව හැක.