හිතුවක්කාර අහස,
නුඹත් හරියට
ඔහු වගේ,
මොර සූරන්න වැහැල වැහැල
මුකුත් නූනා වගේ
හරි අපූරුවට පායලා ඉන්න
නුඹට පුලුවන් ඔහු වගේ,
හොඳ ලස්සනට
පායලා ඉඳල
එකපාරටම
අකුණු ගස්සවල වහින්නත්
නුඹට පුලුවන් ඔහු වගේ,
ඉතින් බොරුද?
නුඹත් හිතුවක්කාරයි
හරියටම ඔහු වගේ.....
Wednesday, June 2, 2010
දන්නවද නුඹ
හිත් අග්ගිස්සට වෙලා
වරුවක් තිස්සෙ දඟ කරන
මගේ දඟ මල්ල
දන්නවද නුඹ
කිසිම කිසි දෙයක්
ශේෂ නොවුණු මගේ හිත
එකත්පස් කළ
පිරිත් පැන් පොද
නුඹ වග,
දන්නවද
ඇස් පුංචි කරගෙන
ඔහොම හිනාවෙන කොට
නුඹේ හිතේ හෙවනැල්ල ළඟ
දැවටෙන මගේ ජීවිතයම
නිවී සැනහෙන වග,
ආදරේ වැහි වස්සමින්
හිත ළඟින් හෙලවෙන්නෙ නැතුව
මේ හිතේ තනිකමට
තනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.....
වරුවක් තිස්සෙ දඟ කරන
මගේ දඟ මල්ල
දන්නවද නුඹ
කිසිම කිසි දෙයක්
ශේෂ නොවුණු මගේ හිත
එකත්පස් කළ
පිරිත් පැන් පොද
නුඹ වග,
දන්නවද
ඇස් පුංචි කරගෙන
ඔහොම හිනාවෙන කොට
නුඹේ හිතේ හෙවනැල්ල ළඟ
දැවටෙන මගේ ජීවිතයම
නිවී සැනහෙන වග,
ආදරේ වැහි වස්සමින්
හිත ළඟින් හෙලවෙන්නෙ නැතුව
මේ හිතේ තනිකමට
තනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.....
Monday, May 31, 2010
අහස් ගැබ
නිදි වරව රෑ මැදියමේ නුඹ
තරු පොකුරු මල් පොපියවන්නී
සඳ කැළුම් මේඝයන් සැම හට
නවාතැන් පොළ සදා දෙන්නී
සිතින් නුඹ කප්පරක් දුක් විඳ
නෙතු කෙවෙනි අග බොඳ කරන්නී
මගේ මව මෙන් සියලු දුක් ගිනි
සදා කල්හිම ඉවසගන්නී......
තරු පොකුරු මල් පොපියවන්නී
සඳ කැළුම් මේඝයන් සැම හට
නවාතැන් පොළ සදා දෙන්නී
සිතින් නුඹ කප්පරක් දුක් විඳ
නෙතු කෙවෙනි අග බොඳ කරන්නී
මගේ මව මෙන් සියලු දුක් ගිනි
සදා කල්හිම ඉවසගන්නී......
Monday, May 24, 2010
අම්මා
ඉකි බිඳින පහන් සිළ ලඟ
තුන්පත් රටා අමුණන
සුදු බත් ඉතුරු කර
දංකුඩම වළඳන
දුක දුකක් බව නොදැක
හැමදාම දුක් විඳින
අම්මා නුඹයි මට
මුලු ලොවම දිනා දෙන
තුන්පත් රටා අමුණන
සුදු බත් ඉතුරු කර
දංකුඩම වළඳන
දුක දුකක් බව නොදැක
හැමදාම දුක් විඳින
අම්මා නුඹයි මට
මුලු ලොවම දිනා දෙන
Saturday, May 22, 2010
ඇරඹුමක තරු ලකුණු
පෙම්වන්ත හිත මත්තෙ..
මුතු හීන අහුලන්න..
නාමලක් මත රැඳුණු..
පිණි බින්දු දැක ගන්න..
හාදු මල් කෝටියක්..
තෑගි ලෙස ගෙනියන්න..
ඔය සොදුරු හිත රැගෙන..
මා එක්ක එනවාද?........
මුතු හීන අහුලන්න..
නාමලක් මත රැඳුණු..
පිණි බින්දු දැක ගන්න..
හාදු මල් කෝටියක්..
තෑගි ලෙස ගෙනියන්න..
ඔය සොදුරු හිත රැගෙන..
මා එක්ක එනවාද?........
Subscribe to:
Posts (Atom)