Pages

Wednesday, June 2, 2010

දන්නවද නුඹ

හිත් අග්ගිස්සට වෙලා
වරුවක් තිස්සෙ දඟ කරන
මගේ දඟ මල්ල
දන්නවද නුඹ
කිසිම කිසි දෙයක්
ශේෂ නොවුණු මගේ හිත
එකත්පස් කළ
පිරිත් පැන් පොද
නුඹ වග,
දන්නවද
ඇස් පුංචි කරගෙන
ඔහොම හිනාවෙන කොට
නුඹේ හිතේ හෙවනැල්ල ළඟ
දැවටෙන මගේ ජීවිතයම
නිවී සැනහෙන වග,
ආදරේ වැහි වස්සමින්
හිත ළඟින් හෙලවෙන්නෙ නැතුව
මේ හිතේ තනිකමට
තනි රකින ඔය මතකය
පන්සලක් තරමට
මාව සනසන වග
දන්නවද නුඹ.....

2 comments:

  1. nice thinking i have Copy & past this part මේ හිතේ තනිකමට
    තනි රකින ඔය මතකය
    පන්සලක් තරමට
    මාව සනසන වග
    දන්නවද නුඹ.... for my hny f.b wall (All Rights received to you pinibidu thanx again)

    ReplyDelete
  2. පන්සලක් වගේ පින්බර ආදරයක් ලබන්න පිණිබිඳු ගොඩක් පින් කරලා තියෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...