Pages

Wednesday, January 26, 2011

'හා..ච්..චෝ..ස්..' හෙවත් හචිං


කිවිසුම් යවන පුද්ගලයා අනුව එහි ශබ්ද තීව්‍රතාවය වෙනස් වෙන්න පුලුවන්. 'චිස්' යන ශබ්දයෙන් පටන් අරන් 'හා..ච්..චෝ..ස්' යන ශබ්දය දක්වා ශබ්ද පරාසයක් මේකට තියෙනවා. අපෝ මං මේ කිවිසුම් හෙවත් හචිං යෑම විද්‍යානුකූලව පහදන්න එහෙම නෙමෙයි හදන්නෙ හරිද? හචිං සම්බන්ධ කතා දෙකක් කියන්න.

මම උසස් පෙළ කරන කාලෙ අපිට රසායන විද්‍යාව උගන්නන්න හිටියෙ තරුණ ගුරුතුමියක්. අපිට වගේ නෙමෙයි මිස්ට සෑහෙන්න මැනර්ස් තියෙනවා. හැබැයි මිස්ට රටහුණු ඇලර්ජි එකක් තියෙනවා. ඉතින් බෝඩ් එක මැකුවට පස්සෙ හැමදාම මිස්ට හචිං. හැබැයි 'චිස්' යන අනුකරණයෙන් තමා මිස්ට හචිං යන්නෙ. ඒ කියන්නෙ කිවිසුම හොඳටම පාලනය කරලා. 'චිස්' කිව්වට පස්සෙ හැමදාම මිස් 'සොරි' කියනවා. 'චිස්', 'සොරි', 'චිස්', 'සොරි'. ඔහොම ඔහොම යනකොට මිස් 'චිස්' කියද්දි අපේ පන්තියෙ කොල්ලො සොරි කියල ඉවරයි. මිස් අන්තිමට සොරි කියන එක නතර කරා. මුන් එක්ක මොන මැනර්ස්ද කියල හිතල වෙන්න ඇති.

දෙවෙනි හචිං කතාව නම් අපේ තාත්තා සම්බන්ධව. අපේ තාත්තා කිඹුහුං යවන්නෙ වහලෙ උළු පවා ගැලවෙන සද්දෙට. හා..ච්..චෝ..ස්.. අපිත් බයවෙනවා ඒ සද්දෙට.

මේක උනේ මම පහ වසරෙ ඉද්දි. ඉස්කෝලෙන් පස්සෙ අපිට ශිෂ්‍යත්ව පන්ති තිබුණා. එතකොට අපේ තාත්තා තමා මට පන්ති පටන් ගන්න කලින් කෑම එක ගෙනත් දෙන්නෙ. අපිට පන්ති තිබුණෙ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක උඩ තට්ටුවෙ. එක දවසක තාත්තා කෑම එකත් අරගෙන පඩි පෙළ දිගේ නැගගෙන ආවලු. අපේ පන්තියේ පොඩි කොලු ගැටයෙක් පඩිපෙල බැහැගෙන පහළට යනවලු.

දෙන්නා පාස් වෙන්න මෙහෙම මෙහෙම ඉද්දි අපේ තාත්තට අර සුපුරුදු වහලෙ උළු ගැලවිලා යන සයිස් එකෙන් හා..ච්..චෝ..ස්.. එකක් ගිහිල්ලා. ඒ වෙලාවට ඉස්කෝලෙත් ඇරිලා හන්දා බැක්ග්‍රවුන්ඩ් සද්ද මුකුත් තිබිලා නෑ. ඉතිං අර පොඩි එකාගෙ කණ ගාව තුං හුලස් එකක් ටින් එකක් ඇතුලෙ දාල පිපිරෙව්වා වගේ තියෙන්න ඇති.

පොඩි එකා බය වෙච්ච පාරට පඩිපෙල දිගේ දඩිං බිඩිං ඩෝං වෙලා. අපේ තාත්තාට අල්ලගන්නවත් වෙලාවක් තිබිලා නෑ.

ඔන්න ඔහොමයි 'චිස්' ශබ්දයේ සිට 'හාච්චෝස්' ශබ්දය දක්වා වූ කිවිසුමේ ව්‍යාප්තිය.

14 comments:

  1. බොරු කියන්නෙ මොකටද මගෙ හචිමත් හචෝ....ස් ගාල මහ හයියෙන් යන එකක්. මට ඔය පින්න එහෙම තියෙන දවසක වරදින්නෙ නැතුවම දහයක් පහලවක් යනවමයි. මුල් දවස් වලනං අගේට නිදියගෙන ඉන්න පුතුපැටිය උඩ ගිහිල්ල ඇහැරිලා බෑඟිරි දෙනව. ඒත් දැං නම් පොඩ්ඩට ගානක් නෑ වගේ.

    මට මොනව කරලවත් ඕක හෙමින් යවන්න බෑනෙ. හිරකරගත්තොත් හචිම ගියාට පස්සෙ කන්දෙක කීං.... ගානව. අනික ඔය කටින් පිටවෙන තියෙන එක නවත්තල ඒ ශක්තිය වෙන කොහෙන්හරි පිට වුනොත්.... අම්මෝ......

    ඔය හචිමෙ ආසම එක තමයි උදේ පාන්දර මෝටර්බයික් එකේ එනකොට ග්‍රීන්පාත් එක හරියට එනකොට නහය කිතිකවාගෙන එන එකට. වාහන ගොඩක් මැද්දෙ මහා හයියෙන් හචිං අරිද්දි හෙනෙම ජොලි මට. ඔය වෙලාවෙ චූටි මැණිකෙ එහෙම පිටිපස්සෙ සීට් එකි ඉඳියොත්නං පාරක් වදිනවමයි උරේට මෝඩය කියල.

    ReplyDelete
  2. පොඩි එදිනෙදා සිද්දියක් උනාට, ඒකෙත් අමුතුම ගතියක් තියනවා. තාත්තා හරි, මැනර්ස් හින්දා , හචිස් එකේ තියෙන ආතල් එක කඩා ගන්නෙ මොකටද?

    @nawammawatha

    හෙහ්..හෙහ්..රාළේ බලාගෙනයි ඔහොම හචිස් යවන්නෙ, වායු පීඩනය වැඩිවෙලා හෙල්මට් -බුලට් උනොත්, මළ කෙලියයි මහරජ කියන්න තමා වෙන්නෙ. ජුනියර් ගැන කියන්න තියෙන්නෙ " කම්මලේ බල්ල , හෙණ ගහනවට බයයැ" කියන එක තමා.

    ReplyDelete
  3. අප්පෝ මමනම් මෙහෙන් ඉක්මනට පැනලා දුවනවා ... හච්චිං ඇරලා මෙහේ විසබීජ ..පිරිලා


    ජය වේවා !!

    හච්චිං ...

    ReplyDelete
  4. @ nawammawatha,
    ඔය ඉන්නෙ තව කට්ටිය. පුතාත් තව ටික දවසකින් තාත්තව පරද්දයි ඕවට පුරුදු වෙලා

    @ Siribiris
    ඒකත් මාර ආතල් එකක් තමා නේද?

    @ හිස් අහස,
    දුවන්ඩ එපා අපිත් එනෝ...

    ReplyDelete
  5. මමත් ඉස්සර ටිකක් සද්දෙට තමයි ඕක යැව්වේ.. පස්සේ අනිත් අය එහම සද්දෙට හච්චින් යවනකොට මම බය වෙනවා වගේ එයාලත් බය වෙනවානේ කියලා හිතලා, දැන් ඕං බොහොම මැනර්ස් තියන විදිහට මාත් චිස් ගාන්නේ නම් නෑ. ඒ උනාට ප්‍රමාණයට හචිස් ගාල 1ක් යැව්වෙ නැත්තම් වැඩක් නෑ.

    ReplyDelete
  6. අපරාදේ කියන්න බැහැ මටත් හචින් යවනකොටනම් අතපය දිග ඇරලා හයියෙන් යවන්න ඕනා. දැන්නම් ටිකක් ඒක පාලනය කරගෙන තියෙන්නේ.

    ReplyDelete
  7. එතකොට තාත්තාගෙ හචිම ඔයාට පිහිටලා නැද්ද? මම නම් එක එක වෙලාවට එක එක විදියට.

    ඈඩ් එකක් දාන්න ඕනෙනම් සර්වියට් එකෙන් නහය වහගෙන,
    කාවා හරි හිනස්සන්න ඕනෙ නම් හොඳට කට ඇරලා සද්දෙන්,
    සාමාන්‍ය විදියටනම් සද්ද බද්ද නැතුව ශේප් එකේ

    ReplyDelete
  8. මට හෙම්බිරිස්සාව ..
    මෙහෙන් තමා බෝ උන්නේ ...

    ReplyDelete
  9. මමනම් වැඩිය කැමති නෑ ඕක වැඩි සද්දෙන් පිට කරණ අයට. හික්........තාත්තගෙ සීන් එකතමා මරු.පව් පොඩි එකා....

    ReplyDelete
  10. @ මිත්‍යාදෘෂ්ටිකයා,
    හචිම හරියට යැව්වෙ නැත්තන් වැඩක් නෑ අප්ප.

    @ කොට ජීවිතේ,
    පාසල් විසි වෙනව ඇති මෙයා හචිං යවද්දි එහෙනම්

    @ prasanna86k,
    බුදු අම්මෝ තාත්තගෙ හචිම නම් පිහිටලා නෑ වෙලාවට

    @ dinesh,
    පව් තමා අප්පා. කියල වැඩක් නෑ.

    ReplyDelete
  11. සිරාවට පව් පොඩි එකා!! හචීස්ස්ස්ස්ස්ස් එක්ස් කීයුස් මී

    ReplyDelete
  12. මටත් රටහුණු ඇලජික්. ඉස්සර නම් ඩස්ටර් එක අරගෙන මමම පිහිනවා පිහලා හචිස් එක්ස්කියුස් මී කියනවා. එක දවසක් පන්තියේදි එහෙම කියලා කොල්ලෙක් එකපාරම මගෙන් ඇහුවා ඇයි ටීච කියලා. මම ඇහුවා ඇයි කියලා.... මූ අහනවා "ටීච ඇයි එක්ස්කියුස් මී කිව්වේ?" කියලා. එදා ඉදලා මග එක්ස්කියුස්මී එක හාන්සි... නිකම්ම හචෝස් විතරයි. බෝඩ් එක මකන්නත් පොඩ්ඩෙකුට බාර දෙනවා.

    ReplyDelete
  13. අපේ කොල්ලෙක් ඉන්නවා මෑන් කිඹුහුම් අරින්නේ "හපුචෑං" කියලා :))

    ReplyDelete
  14. අම්මෝ පුදුම කිවිසුම් නේ යන්නේ. අපේ ගෙවල් පැත්තේ ගෑනු කෙනෙකුත් ඔහොම මාර හයියෙන් කිවිසුම් යවනවා. ඒ ගෑනු කෙනා කියන්නේ "හච්චම්....මා" කියලා.

    අහගෙන ඉන්න අයට මාර ෆන් !!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...