Pages

Thursday, January 27, 2011

විහින් හිරේ වැටීම


නාලකගෙයි ඉමාෂිගෙයි ආදරේ පටන් ගත්තෙ ඉස්කෝලෙ කාලෙදිමයි. උසස් පෙළ කරන කාලෙ යාලුවො අතර හරි ජනප්‍රිය චරිත දෙකක් තමයි මේ දෙන්නා. දෙන්නට දෙන්න ගතිගුණ වලින් සහ පෙනුමෙනුත් ගැළපෙනවා. හුඟාක් ආදරෙන් දෙන්නා හිටියේ.

ඒත් දෙන්නගෙ සම්බන්ධෙ ඉස්කෝලෙට කවදාවත් අහු වෙලා නෑ. දන්නවනෙ ඉතින් හීං නූලෙන් සම්බන්ධකම් අරන් යන කට්ටිය. ඒ වගේම ගමෙත් දෙන්නා චාටර් නෑ. ඒ හින්දා දෙන්නගෙ ගෙවල් වලින් දැනගෙන හිටියෙත් නෑ. කරදර දුක් පීඩා තහංචි නැති ඉරිසියාකාරයෝ නැති දුෂ්ටයො නැති ආදරයක්. කොටින්ම කියනවානම් රබ්නේ බනාදි ජෝඩී.

ඒත් ඉතින් කිසිම අඬදබරයක් නැතුව ගෙදරින් කේස් නැතුව ඔහේ ගලාගෙන යනකොටත් ආදරේ බෝරිං නේ. කාලයක් යනකොට දෙන්නට හිතුනලු ඔන්න ඔහෙ බඳින්න ඕනෙ කියලා. ඒක දෙන්නට නිකම්ම හිතිච්ච අදහසක් මිසක් ගෙදරට අහුවෙලා ගහල බැනල වෙන් කරන්න හදපු නිසා ගත්තු තීරණයක් නෙමේ.

කොහොම හරි තව යාලුවො දෙන්නෙක්ට කියලා සාක්ෂියට අත්සන් කරව ගෙන මුන් දෙන්නා බැන්දා. බැන්දට ගෙදරින් දන්නෙ නැති නිසා වෙනද වගේ ගෙවල් දෙකේ තමා ඉන්නෙ. හොරෙන් පන්නං එන්න තරම් හිතේ ධෛර්යයක් තිබිලත් නෑ.

දවස් ගානක් බලන් හිටියා ගෙදරට ආරංචි වෙයිද කියලා. කොහෙද. කාටවත් ගාණක් වත් නෑ. මෙහෙම හැමදාම දෙතැනකට වෙලා ඉන්න පුලුවන්ද. කෙලින්ම කියන්නත් බෑ.

අන්තිමට නාලක වෙන අත් අකුරු වලින් ලියුමක් ලිවුවා අහවල් ගෙදර නාලක සහ අහවල් ගෙදර ඉමාෂි අතර සමබන්ධයක් තියෙනව කියලත් එයාලා දැනට හොරෙන් විවාහය ලියාපදිංචි කරලත් කියලා. මෙහෙම ලියුම් දෙකක් ලියලා ගෙවල් දෙකට පෝස්ට් කලා.

ඔන්න ඊට පස්සෙ තමා කඩි ගුල ඇවිස්සුණා වගේ ගෙවල් දෙකෙන් කලබල වෙලා කෑ ගහලා අඩි පොලවෙ ගහලා මේක ඇත්තද කියලා අහලා තියෙන්නෙ. උන් දෙන්නත් ඔව් කියලා. මරන්නයැ බැන්දයි කිව්වට පස්සෙ.

ඊට පස්සෙ ගෙවල් වලින් මගුලක් අරන් දෙන්නව චාරිත්‍රානුකූලව විවාහ කරල දීලා.

ඔන්න ඔහොම තමයි මිනිස්සු විහින් හිරේට යන්නෙ.

4 comments:

  1. ඇත්ත කතාවක්ද.....හදපු එකක්ද??ඔහොම චාන්ස් කීයෙන් කී දෙනාටද.තව එකක්....දැන් කාලෙනම් කොල්ල කොහොමත් බයෙන්නෙ ඉන්නෙ ,බැරිවෙලාවත් මේක බඳින්න උනොත් එහෙම කියල.හික්......

    ReplyDelete
  2. Ela elaz.... E Imashi widiyata inne oyada pinibidu...
    Hikis :D

    ReplyDelete
  3. මෙන්න දෙමාපියෝ කිව්වාලු. ඉන්න පැත්ත කියන්නකෝ. ඒ පැත්තට උදේ හවස වන්දනා කොරන්න :))

    ReplyDelete
  4. විහින් හිරේ වැටිලා !!!!!
    මේ ක්‍රම‍ය මාත් අනුගමනය කරලා බලන්න ඕනේ. මොක්ද ලොකු වෙඩිමකට යන ගානත් ඉතුරු වෙනවනේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...