Pages

Friday, March 4, 2011

නුඹ වෙනුවෙන් මගේ ආදරය


තුන් පිටකයේම උනත්
ලියල ඉවරකරන්න බැරි

නිර්වාණය වගේ

ලොවුතුරු හැඟුමක් දනවන

භාවනාවක් තරමට
හිත එකත්පස් කරවන
'ආදරය'
කවමදාකවත්

මිය ඇදෙන්නෙ නම් නෑ

සත්තයි.
..
නුඹ වෙනුවෙන්

අද වගේම

සංසාරේ හැමදාමත්

රැඳේවි මගේ

'ආදරය'

වෙහෙරක තරම්

පරිස්සමට...

18 comments:

  1. පිණිබිඳු . . . . . ඔයා ඔය කියන ආදරය ඇත්තටම ඔය කියන විදිහටම හැමදාම එකම විදියට . . . . සසර පුරාවට ‍රැදිල තියනව නං . . . . ඒක මොන තරං නම් අගේද . . . .???

    ඔය වගේම "ආදරේ" කියල මට මොනතරම් නං ලියුං ලැබෙන්න ඇද්ද යමුනගෙන් . . .. ??? ධනූ ගෙන් . . . .???
    මේ සසර පුරාවට ආත්මයක් ආත්මයක් ගානෙ ආදරෙයි කියපු යමුනගෙ අමරනීය ආදරේ අවුරුදු එකොලහකට පස්සෙ මියැදෙන්න ගත උනේ යමුනට වෙන කොල්ලෙක් හමුවෙලා හරියටම මාස හතරයි . . . . .
    ඒ කතාවම ඒ විදියටම කියපු ධනූ ගෙ ආදරේ උපාදි සහතිකෙත් එක්කම මියැදුනේ එයයි මමයි සම්බන්ද කරපු එයාගෙ ෆෝන් ලයින් එකත් එක්කමයි . . . . .

    ReplyDelete
  2. පුදුම ආදරයක් නේ පිනිබිදු ගාව තියෙන්නෙ. පිනිබිදු ට ආදරය කරන්න ලැබුන / ලැබෙන කෙනා මාරම වාසනාවන්තයි. :)

    මයේ හිතේ දැනටමත් පිනිබිදුට එයාගේ කෙනා ලැබිලා ඇති ඔය නොකිය නොකියා හිටියට. ලස්සනයි මේ කවිය. දෙතුන් පාරක්ම කියෙව්වා.

    ReplyDelete
  3. ඒකනේ මම හිතාගෙන හිටියා වැරදි නෑ. මට හිතුනා අපිට හමු නොවුනට ඔය වගේ හිතන කෙල්ලෝ තාමත් ඇති කියලා :)

    ReplyDelete
  4. කෙල්ලෙකුගේ හිතකට ඔහොම දෙයක් ආපු එක මටනම් පුදුමයි . පූස කීව හරි එහෙම කෙල්ලොත් ඉන්නවා .ඉතින් කාටද මේක ලිවුවේ ? එයා මොකද කිවුවේ ? එයා මේක දැක්කද ? ඔයා ලියලා තියන පද වල ලස්සනට ආදරේ කරන්න ආස හිතෙනවා ..

    Link එක වැඩ

    ReplyDelete
  5. පිනිබිදුට කියන්නමයි කියලා හිටියේ. ඔයා සමහර පෝස්ට් ලියලා ඒවා Draft එකේ තියලා එහෙම්ම සබ්මිට් කරනවා නේ.
    එහෙම උනාම ඒක අයිති වෙන්නේ Draft එකට දාපු දවසට එතකොට සින්ඩි වල අද දවසේ ලිපි වලට ඒ ලිපිය පෙන්නන්නේ නෑ. මොකද දිනය පහු වෙලා නේ. මටත් ඔය වැඩේම උනා. මම ඊට පස්සෙ Draft එකේ තියෙන ලිපිය කොපි කරලා අලුත් පෝස්ට් එකක් අරන් ඒකේ පේස්ට් කරලා සබ්මිට් කලා. එතකොට තමයි සින්ඩි වල මගේ ලිපි අප්ඩේට් වෙන්නේ. :(

    මේ ලිපිය අද කියෙව්වට ඔයා පෝස්ට් කරලා තියෙන්නේ මාර්තු 4 වෙනිදට. මම මගේ රීඩර් එකෙන් ආවම තමයි මේ ලිපිය දැක්කේ. සින්ඩි වලින් මේ ලිපිය පෙන්නන්නේ නැහැනේ. :(

    පිනිබිදු, මේ ඔබේ අවධානය පිනිසයි !!!!! :)

    ReplyDelete
  6. අක්කියා ලස්සන කවි පද ටික ... :) හුගාක් ලස්සනයි..

    ReplyDelete
  7. අඩම්බරයි අඩම්බරයි ඔන්න.. හොද ප්‍රේමවන්තියක් .. මටත් එක්කනේක් හොයල දෙන්නකෝ.......

    ReplyDelete
  8. කියන්න වචන නෑ මට...
    "සංසාරේ හැමදාමත්
    රැඳේවි මගේ
    'ආදරය'
    වෙහෙරක තරම්
    පරිස්සමට..."
    කියද්දී දැනෙන හැගීම මේ යැයි කිව නොහැකියි...
    ආත්මයටම කිදාබහින පද පේලියක්...

    ReplyDelete
  9. @ ඕනයා.. sira machan matath oya wage ath dakim nam thiyenwa..

    ReplyDelete
  10. @ ඕනයා - මෙහෙමයි සහෝ ආදරේ ගැන පණ්ඩිත කතා කියන්න මම දන්නෙ නෑ. ඒත් මම කලින් ආදරේ නිසා හුඟක් දුක් වින්ද කෙනෙක්. මම ඒ කාලෙ ගැන කතා කරන්න කැමති නෑ. ඒත් ඇත්ත ආදරය කියල දේකුත් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම කැප කිරීම් දරා ගැනීම් සහ අවබෝධය මත ගොඩ නැගෙන්න ඕනෙ දෙයක්. මට තේරෙන විදිහටයි කිව්වෙ. වෙන කෙනෙක්ට මේ ගැන මීට වඩා දේවල් කියන්න ඇති.

    ReplyDelete
  11. @ මධුරංග - හ්ම්ම්ම්ම්ම්ම්ම්......... :)

    ReplyDelete
  12. @ පූසා - ඔහොම යනකොට පූසටත් හම්බවෙයි. එතකොට බලමුකෝ..

    ReplyDelete
  13. @ හිස් අහස - එහෙනම් නිල් ඇස් අයිතිකාරිට ලියල දෙන්නකෝ..

    ReplyDelete
  14. @ මධුරංග - ඒක ගැන නම් දැනුවත් කරපු එකට පින්. මම ඇත්තටම ඔය සිද්ධිය දැනගෙන හිටියෙ නෑ. ගොඩක් වෙලාවට මම කරන්නෙත් ඩ්‍රාෆ්ට් එකේ තියෙන එක පබ්ලිශ් කරන එක තමා. තන්කූ එක කියල දුන්නට.

    ReplyDelete
  15. @ නිම්ශා - ස්තූතියි නිම්ශා. අපෝ ඒත් අපේ කවි කොහෙද ඔයාලගෙ කවිත් එක්ක.

    ReplyDelete
  16. @ පිස්සු පුසා - ඉන්නකො මම දන්න පිස්සු පූසියෙක්වත් ඉන්නවද කියලා බලන්නම්කො ඔයාට හරියන්න

    ReplyDelete
  17. @ රතී - හුඟක් ස්තූතියි. අදමයි නේද මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
  18. @පිනිබිඳු: එහෙමයි කියල මම හිත අවුල් කරගත්තෙ නෑ . . . . අවුරුදු එකොලහක ආදර කතාව නිමා කරක මාස දෙකකට පස්සෙ යමුනගෙ ගෙදරම තිබුන එයාගෙ විවාහ උත්සවය වෙනුවෙන් ඊට දවස් කීපයකට කලින් ගිහින් ගෙදර තිබුන වැඩ ටිකත් කරල දීල . . . උත්සවය ඉවර උනාට පස්සෙ ඔක්කොම පිරිසිදු කරලත් ආවෙ. ඇත්තටම හිත සතුටින් තමයි ඒ හැම වැඩක්ම කලේ . . . . . අපි දෙන්නගැන දැනං හිටපු අක්කල දෙන්නෙක් මගෙ දිහා බලාන අඬනවත් මම දැක්ක . . ..
    ප.ලි.
    මේ කතාවම මම මීට කලින් කොහෙ හරි කොමෙන්ට් එකක් විදියට දැම්ම වගේ මතකයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...