Pages

Monday, March 14, 2011

ඉබ්බා ගිනි ලෑම


ඩෙංගු මර්දනයට වතු සුද්ධ කරන්න කියපු කාලෙ වෙච්ච වැඩක් තමා මේක. අපේ වත්ත පිටිපස්සෙත් සෑහෙන්න උසට තණකොළ එහෙම වැවිලා තිබුණා. හවසක ගෙදර කට්ටියවම අල්ලගෙන දැන් වත්ත සුද්ධ කරන්නයි ලෑස්තිය.

දන්නවනෙ ඉතින් අපි ඉන්න පළාතෙ හැටියට සෑහෙන්න සර්පයො එහෙම වතුවල ඉන්නවා. තාත්තා කලින්ම කියලයි තිබුණෙ නයි පොළොන්ගු ඇති පරිස්සමට කියලා. දැන් ඉතින් වත්ත සුද්ධ කරාට ඕකම තමා හිතේ.

උදළු ගාලා විසි කැති ගහලා ගොඩ ගහපු තණකොළ ගොඩකුත් පැත්තක දාලා තිබුණා සුද්ධ කරලා ඉවර උනාට පස්සෙ ගිනි තියන්න.

මම එක පාරටම දැක්කා ඒ තණකොළ ගොඩ අස්සෙන් නයෙක් ඔලුව දානවා. මම තාත්තාට කෑ ගහලා කිව්වා.

ඒ පාර තාත්තාත් කලබල වෙලා තණකොල ගොඩට එක පැත්තකින් ගිනි තිබ්බා. එතකොට නයා රස්නෙට යනවනෙ.

මෙන්න බොලේ මෙච්චර ගිනි තියල තියෙද්දිත් මූට වගක් නෑ හිමීට හිමීට යනවා. මොකක් හරි අවුලක් වගේ දැනිච්ච හන්දා තාත්තා ළඟට ගිහින් බලනකොට තමා ඇත්ත තේරුණේ.

මම නයෙක්ගෙ ඔලුවක් වගේ දැක්කට ඒ ඉබ්බෙක්. ඉබ්බා කට්ටෙන් ඔලුව එලියට දාගෙන ඉන්නකොට තමා මම නයෙක් වගේ ඌව දැකලා තියෙන්නෙ.

ඒ පාර ඉතින් තාත්තා මටත් බැනලා ගින්න නිවලා දැම්මා. තව පොඩ්ඩෙන් ඉබ්බෙක් පණ පිටින් පුච්චනවා අපි එකතු වෙලා.

34 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පව් අසරණ ඉබ්බා. ඉබ්බට කියන්න ඕනේ කවදාවත් පිණිබිදුගේ වත්තට යන්න එපා කියලා. කෝ දැන් ඒ ඉබ්බා. අපේ පැත්තේ එකාලට එහෙම ඉබ්බෙක් වැරදිලාවත් හම්බ උනොත් අන්තිමේ නතර වෙන්නේ හට්ටියෙන් තමයි. ඒ තරමටම කෑදර මිනිස්සු !!!!
    (මම එහෙම නෑ හරිය)

    (මේක ඊයේ ලියලා ඩ්‍රාෆ්ට් එකට දාපු ලිපියක් නේ. දැන් කරන්න තියෙන්නේ දිනය වෙනස් කරලා ආයේ රී සබ්මිට් කොරන එකයි. නැත්නම් සින්ඩිවල කොහොමෙයි අප්ඩේට් වෙන්නේ)

    ReplyDelete
  3. බොරු කියන්න එපා බං. කට්ටිය එක්ක ඉබ්බව මස් කරලා එනවා මෙතෙන බබා පාට් දාන්න..

    ReplyDelete
  4. පව් ඉබ්බා... අනිත් දවසේ ලඟට ගිහින් අත ගාලා බලන්න ඉබ්බෙක්ද නයෙක්ද කියලා.... :D

    ReplyDelete
  5. හික්...ඉබ්බා කියන්නේ අක්කේ දිග නැට්ටක් තියෙන ඇගේ පුල්ලි පුල්ලි තියෙන සතෙක්...
    නයා කියන්නේ වක් වෙච්ච හොටක් තියෙන කහ පාට සතෙක්...
    දැන් වත් ඒක මතක තියෙගන ඉබ්බා , නයා අදුරගන්න බලන්න

    ReplyDelete
  6. රත්ගමයා මහතා විසින් සත්තුන්ගේ නම් වෙනස් කර ඇත

    ReplyDelete
  7. රත්ගම පැත්තේ හරි අමුතු සත්තු නෙව ඉන්නේ. පිනිබිදු දවසක ඔය පැත්තේ ගියොත් එහෙම ෆොටෝ ටිකක් අරන් එන්න. අපටත් බලන්න.

    ReplyDelete
  8. ඔය ඉබ්බ මලා නං එහෙම ලබන පාර ඉබ්බියෙක් වෙලා තමයි පිණිබිඳු උපදෙන්නෙ. ගල් ඉබ්බො, තාරකා ඉබ්බො, මඩ ඉබ්බො අතරෙ පිණි ඉබ්බි නිකන් අමුතුම සතෙක් වෙයි. :D

    @ මධුරංග,

    ඔව් ඔය රත්ගම දිහාවෙ ඉන්නෙ හරි අමුතු සත්තු තමා, පේන්නෙ නැද්ද?

    ReplyDelete
  9. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් තද ගින්නේ පුළුස්සා ගත් ඉබිමස් කන්න තිබ්බා :D

    ReplyDelete
  10. ibi mas kanna thibuna thawa dingen... :D

    ReplyDelete
  11. හරි හරි පිනි බිඳු හැදුවේ ඉබ්බව පුච්චලා ඉබිමස් කන්න . කොහොමද ඉබිමස් කෑවම ලැබෙන හයිය ඉංජක්ෂන් කටු දෙකට නැවෙනවා ! ! ඔයා ඔය වැඩේ කරේ දැනගෙන නේද ?

    අද ඉඳන් ඔයාගේ සුරතල් කාඩ් එක ඉබ්බි .!

    ReplyDelete
  12. පවු අසරණ ඉබ්බා.........

    ReplyDelete
  13. මෙතන මට මඩ ගසනා බවක් පෙනී යනවා..මේක තනිකරම කුමන්ත්‍රනයක් බවයි මගේ හැගීම

    ReplyDelete
  14. අනේ පව් ඉබි පැටියා ...........

    ReplyDelete
  15. පිණිබිදුට ඉබ්බි කියන කාඩ් එක හොදයි. අකුරුත් ගැලපෙනවා. ඉබ්බි ආහ් නෑ... පිණිබිදු තරහා වෙන එකක් නෑ නේ.... :)

    ReplyDelete
  16. මෙතන මට පේන විදියට වෙලා තියෙන්නෙ සතා හඳුනාගැනීමේ වැ‍රැද්දක් නෙමේ . . . . ඉබ්බෙක් ව බාබකිවු දාන්න ගිහිල්ල වටේ පිටේ මිනිස්සුන්ට නෝන්ඩි වීමක්.
    වඩාත් සරලව කිවුවොත් පිණිබිඳු කොහොමත් ගිනිතියන්න දස්සයි නෙව . . . කලිං පාපොච්චාරනේ කලා නෙ කොන්ඩෙට ගිනි තියාගත්ත කියලත් . . . .

    ReplyDelete
  17. අඩ්ඩඩ්ඩා . . . . මට මේ දැං කල්පනාවට ආවෙ . . . මේ රත්ගමයා කියල තියන නැට්ට දිග , ඇඟේ පුල්ලි තියන එකා "දඟර වලිග ලප වානර" නේද . . . ??

    ReplyDelete
  18. @ මධුරංග - ඉබ්බො නම් සෑහෙන්න අපේ පැත්තෙ ඉන්නවා. ආවොත් එකෙක්ව හොයල දෙන්නම් කන්න නෙමෙයි ඇති කරන්න.

    ReplyDelete
  19. @ prasanna86k - පේනවනෙ ඉතින් මුන්ගෙ කැත හිත්. ඉබ්බා යහතින් ආපහු ගියා හලෝ.

    ReplyDelete
  20. @ කොට ජීවිතේ - ඒක හොඳ අදහසක්. අනිත් දවසෙ එහෙම කරල බලන්නම්කො. මම ආපහු යහතින් ආවොත් ඒ ඉබ්බෙක් හරිද

    ReplyDelete
  21. @ රත්ගමයා - ඔව් ඔව්. එතකොට මේ රත්ගමයා කියන්නෙ තවම හඳුනා නොගත් සත්ව විශේෂයක්.

    ReplyDelete
  22. @ MaRLaN - රත්ගමයා ඉන්නෙ අර අමුතු රටේනෙ.

    ReplyDelete
  23. @ මධුරංග - කොහෙන් ගියත් රත්ගමයාගේ අවසානය මඩ ගොහොරුවකි.

    ReplyDelete
  24. @ nawammawatha - ඔන්න ඉතින් පටන් ගත්තා මඩ ගහන්න. මුන් එක්ක බෑ අප්පා.

    ReplyDelete
  25. @ පූසා - ඉකේ කෙළ බේරෙනවා. තියෙන පෙරේතකම.

    ReplyDelete
  26. @ සෝරෝ - ඉබ්බෙක් කිව්වොත් මුන්ට මරාගෙන කන්නම තමා ඕනෙ. ඉකේ පෙරේත කොල්ලො ටික.

    ReplyDelete
  27. @ හිස් අහස - වෙලාවට අර ඉබ්බා මුන් ටිකට අහු උනේ නැත්තෙ. එහෙනම් උගෙ ඉබි කට්ටත් නෑ මෙලහකට. මාත් ඔය කතාව අහල තියෙනවා ඉබි මස් කෑවම ලැබෙන හයිය ගැන.

    ReplyDelete
  28. @ Dinesh - පව් හන්ද තමා බේරලා යැව්වෙ. උඩ කමෙන්ට් කරපු කට්ටිය ඌව මරාගෙන කාලත් ඉවරයි. හික් හික්.

    ReplyDelete
  29. @ රත්ගමයා - රත්ගමයා කොතැනද මඩ එතැන

    ReplyDelete
  30. @ නිම්ශා - ඔව් අනේ ඒකනෙ ඌව බේරලා යැව්වෙ

    ReplyDelete
  31. @ මධුරංග - පද හදන්න පටන් ගත්තා ඒ පාර. අනේ මට මේ තියෙන නම හොඳා.

    ReplyDelete
  32. @ ඕනයා - ෂටප්. අනේ මුන් ටික අර අසරණ ඉබ්බෙක්ව අල්ලගෙන මරාගෙන කන්න හදන හැටි. ඒ මදිවට බොරු පද හදනවා. මගෙ කොණ්ඩෙට ගිනිතිබ්බා අයියෝ මම ගිනි තියාගත්තෙ නෑ. මුන් ටික මාව පොලීසි යවලයි නවතින්නෙ දැන්.

    ReplyDelete
  33. අනේ පව් ඉබි පෑටියා.

    ReplyDelete
  34. හොඳ වෙලාවට නැත්තම් පණ පිටින් ඉබ්බෝ පුච්චන එක ජාති ජාතිත් පල දෙන කරුම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...