Pages

Sunday, March 27, 2011

දයාබර අක්කාට...


පුංචි තරු නෙත්
කඳුළු තුළ කිමිද
සොයයි නුඹ ගැන
නෙතු මායිමෙන්
එහා නුඹ..

නුඹ උපන් දවස අද

අපි ළඟින් නැති උනත්
ලේ මස් නහර පසා කළ
අපේ සහෝදරකම
නුඹ ලඟින් තනි රකීවි
මං වෙනුවට..

පුංචියට හුරුබුහුටියට
අපේ කොට ඩයල් එක
තරහද මා එක්ක
නැහැ නේද..

හුඟක් දුර ඉඳන් හමන
ඔය සුළඟෙන් අහන්න
නුඹේ උපන්දින සුභපැතුම මම
සුළං රැළක අමුණා
නුඹ ඉසව්වට පා කළ බව
සුළඟම නැවතී
කියාවි නුඹට..

17 comments:

  1. පිනිබිඳු අක්කාගේ අක්කාට සුභ උපන්දිනක් වේවා

    ReplyDelete
  2. සුබ උපන්දිනයක් වේවා ලොකු අක්කේ !!!

    ReplyDelete
  3. පිණි බිඳුගෙ අක්කා, වැහි බිඳුට සුභ උපන්දිනයක් !

    ReplyDelete
  4. අක්කා පිණිබිදුට සුබම සුබ උපන්දිනයක් වේ වා කියලා ඕං මමත් පැතුවා. අක්කගේ ජීවිතය සතුටින් පිරුනු වසනාවන්ත එකක් වේවායි පතමි. !!!!!

    ReplyDelete
  5. පිණිබිදු අක්කාගේ... අක්කාට සුභ උපන්දිනයක්...

    ReplyDelete
  6. අපිත් එකතු වෙනවා සුභ උපන්දියක් කියන්න....

    ReplyDelete
  7. ඇයට සුභ උපන්දිනයක් වේවා!!
    මටත් මගේම කියල අක්ක කෙනෙක් හිටියනම් කියල දැනෙන වාර අනන්තයි...

    ReplyDelete
  8. පිනි බින්දු අක්කාගේ අක්කට සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  9. ලොකු පිණිබිඳු අක්කට හැපී බර්ත් ඩේ වේවා.....!

    ReplyDelete
  10. මෙයා පිණිබිඳු නං අක්ක වතුර බිංඳු වෙන්න ඇති නේද . . . ???
    කොහොම හරි කමක් නෑ . . . මේ උපන්දින ආසිරි . . . ඕනයා ගෙං . . .

    ReplyDelete
  11. කට්ටියටම හුඟක් ස්තූතියි කියන්නලු අක්කා.

    ReplyDelete
  12. @ nawammawatha , @ ඕනයා ,

    අපේ අක්කට නම් හදනවා කියලා අන්න තරහෙන් පුපුර පුපුර ඉන්නවා. මම දන්නෑ ඕන්..

    ReplyDelete
  13. පිණිබිදුගේ අක්කට වැහිබිදු කියන්න එපා නම් කදුලුබිදු කියලවත් කියමු. එහෙමත් නැත්නම් දියබිදු, වැහිබිදු වගේ ඒවත් හොද වෙයි.

    ReplyDelete
  14. @ මධුරංග - මම අක්කට කේලම කියන්නම් පද හදනවා කියලා. ඉන්නවකො

    ReplyDelete
  15. පරක්කු වෙලා හරි කමක් නැහැ, අක්කට මාත් විශ් කලා කියන්න... :)

    ReplyDelete
  16. පරක්කු වුනා කමක් නෑ නෙව අක්කට මමත් සුභ පැතුවා කියන්න.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...