Pages

Wednesday, March 30, 2011

වෙන්ව යන්නේ කොහොම


නෙතු පියලි අග රුවට
කඳුළු මල් පිපුණාට
මුදු ඇඟිලි තුඩු අගින්
අතට ගන්නේ කෝම..

සවන් පෙති අගට කර
විහඟ ගී ගැයුවාට
ඔබෙන් වෙන් වෙලා මා
දුරක යන්නේ කෝම..

ජීවිතය ගෙවෙන වග
දැන දැනම ඉඳුරාම
මල් සුවඳ සේ නොයිඳ
වෙන්ව යන්නේ කෝම..

28 comments:

  1. ලස්සන කවි ටික. ඔයාට මාර දේවල් නේ හිතෙන්නේ.ජීවිතයක් ලස්සන වෙන්න ආදරය තියෙන්න ඕනෙලු. ඔයාගේ ආදරය මෙහෙම ලස්සනයි නම් ජීවිතය කෝම ලස්සන වෙන්ට ඕන ද !!!!

    ReplyDelete
  2. අපි තාම චූටියි,,,

    ReplyDelete
  3. කොහොමද කියලා හිතා ගන්න බැහැ. වෙන් වෙලාම බලන්න වෙයි... :(

    ReplyDelete
  4. බොලේ මෙයාට හිතෙන දේවල්. . . . .
    මටත් ඔහොම හිතපු කාලයක් තිබුන නගේ . . . . . බූට් දෙකයි කෑවෙ . . . මම හැදුන

    ReplyDelete
  5. හරිම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  6. ලස්සන කවි ටික අක්කේ

    ReplyDelete
  7. ඒත් වෙන් වෙන්න වෙනව නම් , වෙන් වෙන්නම වෙනවා. දුකයි තමයි, ඒත් මොනව කියල කරන්නද???


    ජය..

    ReplyDelete
  8. @ මධුරංග - හ්ම්ම් ආදරේ පලුදු නොවී තියෙන තාක් කල් ජීවිතේ ලස්සනයි.

    ReplyDelete
  9. @ MaRLaN - අනේ චූටි පුතා.. ඒ හන්ද වෙන්න ඇති අර කෙල්ලෙක්ට ආදරේ කියාගන්න බැරුව කවි දදා ඉන්නෙ. හික්ස්.

    ReplyDelete
  10. @ කොට ජීවිතේ - හීනෙකින් වත් එහෙම දෙයක් හිතන්න එපා.

    ReplyDelete
  11. @ ඕනයා - හපොයි මෙන්න දාර්ශනිකයෙක් කතා කරනවා. බුදු අම්මෝ ඒ සපත්තු නම් ආයෙ එපා.

    ReplyDelete
  12. @ නිම්ශා - ස්තූතියි නංගෝ..

    ReplyDelete
  13. @ බීටා - තැන්කූ තැන්කූ මලේ..

    ReplyDelete
  14. @ Gayan Rupasinghe - ඒක ඇත්ත හැමදේටම දෛවය තමා

    ReplyDelete
  15. ෆට්ට... උපරිමයි...

    ReplyDelete
  16. වෙන්වෙලා දුරක ගොස්
    විරහ ගී ගැයුවාට
    ආදරේ නොදැනෙයිද
    කියන්නකෝ ඔහොම,,,

    ReplyDelete
  17. දැන් යනවයි අක්කේ...
    කෝම හරි වෙන්ව යන්න එපා හරිය..ඔන්න ඕක ලියපු කොලේ කඩලා විසික් කොරලා ආයේ අලුත් පිට්ටක ලියන්න...ඔබ නැතුව මම ඉන්නේ කෝම කියලා..

    ReplyDelete
  18. @ prasanna86k - තැන්කූ මාළුවෝ..

    ReplyDelete
  19. @ හිරණ්‍ය - වෙන්වෙලා දුරක යන්න බැරි ආදරේ හින්ද තමා යාලු.

    ReplyDelete
  20. @ රත්ගමයා - කොහෙ යන්නද මලේ හදා ගත්තු පැල දාලා...

    ReplyDelete
  21. ඔය නිකමට හිතුන දේවල් වෙන්ඩැ....

    ReplyDelete
  22. ශ්.... ප්‍රසිද්ද මාධ්යවල ඔහොම කියනවද?

    ReplyDelete
  23. වෙන් වීම් ගැන හිතන්න එපා අක්කේ . හෙට මැරුනත් අද ජොලි කරලා සතුටින් ඉන්න . ඒත් ඉතින් පුලුවන් තරම් ලං වෙලා ඉන්න බලන්න.මේ කවියක් විතරයි නේද ? හොඳයි ලස්සනයි ...!

    ReplyDelete
  24. කෙදිනක හෝ වෙන් වන්න සිද්ද වෙනවමය්....

    ReplyDelete
  25. @ nawammawatha - නිකමට හිතිච්ච දේවල් තමා ඉතින්

    ReplyDelete
  26. @ MaRLaN - හා මේ ලෝකෙම දන්න රහසක් අපි කිව්වම තමා වැරදි නේ. හාකො හාකො.

    ReplyDelete
  27. @ හිස් අහස - කවියක් විතරයි සහෝ.

    ReplyDelete
  28. @ Observer - කෙදිනක හෝ වෙන්විය යුතුමයි. ඒත් එය මරණයෙන් වෙන්වී යාම නම් හොදයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...