Pages

Wednesday, April 20, 2011

ටුඩේ ස්පෙෂල් : මල් ගෝවා..


කවුරුත් දන්න මල් ගෝවා හදන වෙනස් ක්‍රමයක් කියල දෙන්නද? මේකත් ඉතින් අපේ තාත්තගෙන් අහගත්තු අලුත් රෙසිපි එකක්.

මේක බත් එක්ක කන්න වගේම නිකන් ඉන්න ගමන් ඔහේ කකා ඉන්නත් පුළුවන් කෑමක්. ඒ විතරක් නෙමෙයි අපේ අයියලාට අනුමත වීම සඳහා බයිට් එකක් විදිහටත් ගන්න පුළුවන්ලු. අපොයි ඒ කතා නම් මම දන්නෙ නෑ.

කට්ටියම බලාගන්නකො එහෙනම් හදන විදිහ.


අවශ්‍ය ද්‍රව්‍ය:-

මල් ගෝවා ගෙඩියක්
බිත්තරයක්
පාන් පිටි මේස හැඳි 2ක්
ලුණු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ඉස්සෙල්ලාම මල් ගෝවා ගෙඩියෙ කොළ නටු අයින් කරගන්න.


ඊට පස්සෙ පොඩිවට මේ වගේ කැබලි කපා ගන්න.



ඊටපස්සෙ මේ පොඩිවට කපාගත්තු මල්ගෝවා කැබලි වලට ලුණු ගම්මිරිස් ඉහලා අතගාගන්න.



දැන් මේ ටික ස්ටීමරයක විනාඩි 10ක් 15ක් විතර තම්බාගන්න.



ඒක තැම්බෙනකල් අපි ඉතුරු ටික ලෑස්ති කරගමු. බිත්තරයක් කඩලා ඒකට ලුණු ස්වල්පයක් දාලා හැන්දකින් හොඳට බීට් කරගන්න.

මේකටම පාන් පිටි මේස හැඳි දෙකත් එකතු කරලා ආයෙමත් හොඳට බීට් කරගන්න. කැට හිටින්න දෙන්න එපා. හොඳට බීට් කරගන්න.



දැන් වාෂ්පයෙන් තැම්බුණු මල්ගෝවා කෑලි ටික අර කලින් හදාගත්තු පාන්පිටි බිත්තර මිශ්‍රණයේ තවරාගන්න.


දැන් තෙල් ටිකක් තාච්චියට දාලා මද ගින්නේ තියෙද්දි මල්ගෝවා ටික ගැඹුරු තෙලේ බැදගන්න. මේ පහලින් තියෙන්නෙ ඒ බැදගත්තු මල් ගෝවා තමා.

දැන් බලන්නකො රස....


ඔහොම තමා අපේ තාත්තා කුස්සියේ තනියෙන් හරඹ කරන්නෙ.



44 comments:

  1. කිව්වත් වගේ නියම කෑමක් නේ. අම්මට කියලා හදවගෙනම බලන්න ඕනේ.ගෝඉවා කොළ මැල්ලුම් කාලා තියෙනවා, ගෝවා උයලා කාලා තියෙනවා. ඒ උනාට මල් ගෝවා කාලා නෑ.

    (පිණිබිදුගේ වෙන්ඩ මහත්තයා මාරම පිනක් කරලා තියෙන්නේ මේවගේ රහට කෑම ටිකක් කන්න.)

    ReplyDelete
  2. සිස් අක්කේ මම නම් කාලා තියනවා මාරම රහය්............
    මේ ඔයා ඇත්තටම උයන්න දනන්ව ද...?] නිකමට ඈ [
    තව තවත් මේ වගේ රසම රස දේවල් ගැන අක්කාට ලියන්න හිතේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  3. මල් ගෝවා හදපු විදිහ නම් මාරම මාරය්..... මම අපෙ අම්මටත් කියනවා !

    ReplyDelete
  4. අනුමත වෙන්න අනුමත කරන්න පුළුවන් කෑමක්.. ;)

    ReplyDelete
  5. කට්ට කෙලත් ඉනුවා. මේ දවස් වල අපි ඉන්නේ අම්මලගේ ගෙදර නිසා, අම්මට වාතයක් වෙලා හදාගන්න ඕනා... :)

    ReplyDelete
  6. අනේ බොහොම ඉස්තූතියි පිණිබිඳු. ඔය මල් ගෝවා දැන් හැම තැනම තියෙනවනේ. නිකම් උයලා කනවට වඩා මෙහෙම රස ඇති. ලබන ඉරිදම හදනවා මේවා.

    ReplyDelete
  7. මල් ගෝවා ඇට දෙක තුනකුත් පැළකරගන්න ඕනෙ...

    ReplyDelete
  8. ඇයි අක්කට විතරද උයන්න පුලුවන් ඔන්න මමත් දැම්මා ගෙදරදි මේක උත්සහ කරලා බලන්න

    http://wenasak.blogspot.com/2011/04/blog-post_21.html

    ReplyDelete
  9. ඔක්කොමත් හරි ඕකට පුංචි කූනිස්සෝ ටිකක් කලවම් කරානම් රස කියල වැඩක් නැහැ... ඒකත් ගෝවා ටික වගේම බැදගන්න වෙනවා...

    ReplyDelete
  10. @ මධුරංග - කාලා බලන්නකො. හැබැයි ඉතින් මේක හදන්න එච්චර අමාරු නැති නිසා ඔයාට උනත් හදාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  11. @ බීටා - අපෝ උයන්න නම් දන්නවා. හොස්ටල් ඉන්න කාලෙත් මම තනියම උයාගත්තා.

    ReplyDelete
  12. @ කුක්කු පැටියා - අම්මට කියලා හදවගෙන බලන්නකො

    ReplyDelete
  13. @ සාතන් - අපේ තාත්තත් ඒක අනුමත කරා.

    ReplyDelete
  14. @ කොට ජීවිතේ - අනේ අනේ මේ කෙල්ල අම්මට කියලද තාම කෑම හදාගන්නෙ. මම අම්මට කියන්නම්කො උයල දෙන්න එපා කියලා.

    ReplyDelete
  15. @ සොබනි - හදලා කාල බලන්නකො.

    ReplyDelete
  16. @ ටී.බී. හේරත් - මල් ගෝවා ඇට තියෙනවා විකුණන්න. අපිත් ගෙදර හදල තියෙන්නෙ. මල් හැදෙන කාලෙට යායට මාර ලස්සනයි.

    ReplyDelete
  17. @ MaRLaN - අනේ මෙයාගෙ ලොකු හාල්මැස්සො. ගුටිකෑවෙ නැද්ද අම්මගෙන්.

    ReplyDelete
  18. @ prasanna86k - කූණිස්සො ඕනෙම කෑමකට දැම්මම මාර රසයි නේද

    ReplyDelete
  19. හප්පා.... මටනං මේව කන්න බෑ. ගෝව මට පෙන්නන්න බෑ. මම ආස නෑ ඒ සුවඳට. හැබැයි සුප් එකකට දැම්මම නම් දීල අරින්න ඇහැකි. හැබැයි බැද්දම ඒ ගතිය නැතුව ඇතිනේද?

    ReplyDelete
  20. මේක නම් මටත් හදන්ට පුලුවන් වගේ අනිවාර්යෙන් හදන්ටයි යන්නේ. හරි ගියොත් පින්තූර. බැදිලා වැඩි උනොත් ඔන්න මම නම් හැදුවේ නෑ. අනේ තව රෙසිපි දාන්නකෝ. පින්සිද්ධවෙනවා.

    ReplyDelete
  21. ඔයාලයි තාත්තත් එක්ක ඔය රෙසපිය ගැන වෙලාවක කතා කරගන්නම වෙනව. මට දෙන්න තාත්තගෙ ටැලිපෝං නොම්මරේ . . . .

    ප.ලි. මොකද්ද දන්නෑ තාත්ත අනුමත වෙන්න පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක ???

    ReplyDelete
  22. ඇත්තටම අක්කෙ ඔය කෑම ගැන මක්ක හරි දාන එක නම් බොහොම පින් සිද්ධ වෙන වැඩ.මොකද අපිත් හොඳට කන බොන මිනිස්සු නොවැ.ඔයාගෙ තාත්තට වැඩි වැඩියෙන් කෑම හදන්න ලැබේවා කියා පතමි....සාධු සාධු සාධු.......!!!!!!!

    ReplyDelete
  23. හරි ශෝක් කෑමක්නේ.... හදලා බලන්න් ඕන... ඔයාලගේ තාත්තට ස්තූති කලා කියන්න..

    ReplyDelete
  24. අනේ මම් හදල නෑ.බලන්න ඕනෙ ට්‍රයි කරල.

    ReplyDelete
  25. elama thama බයිට් ekata try karala balanna one..

    ReplyDelete
  26. අම්මට කියන්න ඕන හදලා දෙන්න කියලා ... අපෝ ඒත් ලෝක වෙලඳපොලේ ගෝවා ගනං

    බිත්තරේ තමයි අවුල මම වෙජ්ජෙක් ! බිත්තරේ වෙනුවට කිරි පිටි හැන්දක් දාමුද ? මල් ගෝවා වෙනුවට කෙහෙල් මුව දාමුද .. බලමු එහෙම හදාගෙන කාලා ..

    ReplyDelete
  27. ස්ටීමරයක් නැත්නම්.......?

    ReplyDelete
  28. @ nawammawatha - මාත් ගෝවා සුවඳට ආස නෑ. ඒත් මෙහෙම බැදල ගත්තම ඒ සුවඳ එන්නෙ නෑ.

    ReplyDelete
  29. @ Podi Kumarihami - හදන්න හරිම ලේසියි. හදල මටත් කියන්නකො හොඳේ. තව රෙසිපි තියෙනවා හිමීට දාන්නම්කෝ.

    ReplyDelete
  30. @ ඕනයා - නොම්බරේ දෙන්නම්. හැබැයි දෙන්නා රෙසිපි එක ගැන කතා කරන්න ගිහින් අනුමත වෙන්න පටන් ගත්තොත් මට බයිට් හදන්න වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  31. @ ගජං මල්ලි - එහෙනම් මම පින් අතේ වැඩක් කරල තියෙන්නෙ.

    ReplyDelete
  32. @ Dinesh - එහෙනම් වෙලාවක හදල බලන්නකෝ.

    ReplyDelete
  33. @ නදී... - හදන්න ලේසියි. හදල මටත් කියන්න හොඳේ.

    ReplyDelete
  34. @ පිස්සු පුසා - අපොයි මම කට වරද්ද ගත්තද මන්දා මුන්ට බයිට් ගැන කියන්න ගිහින්.

    ReplyDelete
  35. @ හිස් අහස - මල් ගෝවා දැන් ගෙවල් වලත් හදනවනෙ. අපේ ගෙදරත් හදල තියෙන්නෙ. බිත්තර නැතුව පාන් පිටි විතරක් දැම්මොත් වටේ කවරේ හයි වෙලා තියෙයිද දන්නෙ නෑ. මල් ගෝවා වෙනුවට කෙහෙල් මුව දැම්මොත් ඒක මල්ගෝවා රෙසිපි එකක් වෙන්නෙ කොහොමද මැට්ටො.

    ReplyDelete
  36. @ සෝරෝ - රයිස් කුකර් එකේ ස්ටීමරයක් නැත්තම් ඉඳි ආප්ප තම්බන්න ගන්න ස්ටීමරේ උනත් ගන්න පුලුවන්. එහෙමත් නැත්තම් අම්මලා අර වතුර මුට්ටියක රෙදි කෑල්ලක් බැඳලා කඩවුනේ තම්බනවා කියල එකක් කරන්නෙ. එහෙමත් තම්බගන්න පුලුවන්.

    ReplyDelete
  37. තාත්තා නියම සූපවේදියෙක් වගේ. එතකොට දුව හොඳ වාර්තාකාරිනියක් විතරද ??

    ReplyDelete
  38. @ Hasitha - අපෝ නෑ. දුවටත් හොඳට උයන්න පුලුවන්. තාත්තගෙන්ම තමා ඉගෙන ගන්නෙ.

    ReplyDelete
  39. මේක නම් රසම රස කෑමක් තමයි........... තවත් රෙසිපි එකක් දාන්න හොදේ..........

    ReplyDelete
  40. සේරම හොඳයි අර ඩීප් ෆ්රයි කරන එක තමයි නරක!

    ReplyDelete
  41. @ chamari - ඉඩ තියෙන වෙලාවට තව දාන්නම්කෝ..

    ReplyDelete
  42. @ Kathandara - ඒක නම් එහෙම තමා ඉතින්. ඒත් ගැඹුරු තෙලේ බඩින්නෙ නැතුව හරි යන්නෙ නෑන.

    ReplyDelete
  43. maru......maath hadala thiyenawa...:)

    ReplyDelete
  44. ඇති යාන්තං ඔන්න යන්තං ඊයෙ හවස මල්ගෝවා ගෙඩියක් අරං ගියා. අද රෑට හදන්න ඕනෙ,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...