Pages

Wednesday, June 1, 2011

මොන දරමිටියක්ද? ඔය හෑෂ් එකනෙ


අපේ අම්මා ඔය හිටියට මොබයිල් ෆෝන් වලට පුදුම බයක් තියෙන්නෙ. ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නයි, ආන්සර් කරන්නයි දැනගත්තම ඇතිලු අම්මට. හදිස්සියකට කෙටි පණිවිඩයක් යවන හැටි කොච්චර කියලා දෙන්න හැදුවත් බෑනෙ. අනේ දරුවො මට ඔව්වා තේරෙන්නෙ නෑ. ඔහොම තමා කියන්නෙ. එස්කිමෝලට පොල්ගස් නගින්න කියලා දෙන්න පුලුවන් මීට වඩා ලේසියෙන්.

එක දවසක් මට අම්මගෙන් කෝල් එකක් එනවා.

අම්මා: දූ... මේ ෆෝන් එකේ සද්දෙ ඇහෙන්නෙ නෑනෙ.
මම: මම කියන එක ඇහෙන්නැද්ද අම්මෙ?
අම්මා: නෑ ළමයෝ, ෆෝන් එක රිං වෙද්දි සද්දෙ ඇහෙන්නෙ නෑ.
මම: ආ අම්මෙ මට අමතක උනානෙ. මම ගෙදරදි ෆෝන් එක සයිලන්ස් කරානෙ.
අම්මා: මොනා කරනවද මන්දා. දැන් මේකෙ සද්දෙ ඇහෙන්න හදාගන්නෙ කොහොමද?

ෆෝන් එක සෝනි එරික්සන් එකක්. ඒ ෆෝන් වල හෑෂ් බොත්තම ඔබාගෙන හිටපුවාම ප්‍රොෆයිල් එක වෙනස් කරන්න පුලුවන්නෙ. ඒත් අම්මා හෑෂ් බොත්තම දන්නවයැ.

මම: අම්මෙ අර කොටුවක් වගේ තියෙන බට්න් එක ඔබාගෙනම ඉන්න
අම්මා: මොන කොටුවක්ද? මට හොයා ගන්න බෑ.
මම: අර ඉරි හතරක් තියෙන්නෙ.
අම්මා: අනේ මම දන්නෑ දරුවො.
මම: අම්මෙ අම්මෙ අර දර මිටියක් වගේ තියෙන්නෙ.
අම්මා: ආ.. හෑෂ් බට්න් එකද?
මම: ඈහ්.. අම්මා ඒක දන්නවද?
අම්මා: හෑෂ් බට්න් එක කවුද දන්නැත්තෙ. ඔය ටීවි එකේ කියන්නෙ හැමතිස්සෙම.

අනේද කියන්නෙ. අන්තිමට මමයි රැග් උනේ අම්මට හෑෂ් විස්තර කරන්න ගිහින්.

82 comments:

  1. අප්පා...... පව් අක්කා........ හික්ස්........

    අපේ අම්මත් දන්නේ ඔය නම්බර්ස් ලිස්ට් එක බලන්නයි කෝල්ස් ගන්නයි කට් කරන්නයි විතරයි. අනික්වා කියලා දීලා මොහොතින් මතක නෑ. මතක තියා ගන්න ඕනත් නෑ.

    ReplyDelete
  2. හිහ්..හිහ්... මරු වැඩේ.... :D

    ReplyDelete
  3. චාටර් හොඳේ!!!! පුදුම සතුටක් දැනෙන්න ඇති...

    ReplyDelete
  4. ඇයි එයාලට බැරි ඉක්මනට ඉගෙන ගන්න ......
    අපේ අම්මත් ඔහොමයි ...... ඔයිට එහා .......

    ඇත්තටම එයාලා අධ්‍යාපනෙන් කොච්චර ඉහළ හිටියත් ඇයි දන්නෙ නැහැ අලුත් ජෙනරේෂන් එතේ තියන ගැජමැටික්ස් වලට සෙට් වෙන්න බැරි ...........

    ReplyDelete
  5. හෙහේ මදැයි හෑෂ් බට්න් එක ගැන කියාදෙන්න ගියා....

    ReplyDelete
  6. @ හා පැටික්කි (MS) - මොන නම්බර්ස් ලිස්ට්ද? අපේ අම්මා ෆෝන් නම්බර්ස් ලියපු පොතක් තියාගෙන ඉන්නවා. ඒකෙන් බලාගෙන තමා කතා කරන්නෙ. ෆෝන් බුක් එකක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ.

    ReplyDelete
  7. @ කොට ජීවිතේ - කියලා වැඩක් නෑ..

    ReplyDelete
  8. @ රවින් - දැනුණු සතුට නම් මෙතෙකැයි කියා නිමකරන්නට බෑ.. හික්ස්.

    ReplyDelete
  9. @ කල්හාර දිසානායක - ඒක නම් ඇත්ත. අර පරම්පරා හිදැස තමා නේද. අපේ අම්මලගෙ ඔෆිස් එක පහුගිය දවසක පරිගනක ගත කරන්න ගිහිල්ලා පුදුම අමාරුවකින් අම්මව කම්පියුටර් ක්ලාස් යවා ගත්තෙ.

    ReplyDelete
  10. @ කිඩෝ - තනියෙන් රැග් උනා.

    ReplyDelete
  11. හූ.. හූ... පිණිබිඳු අකක් බයිට් වුනා නේද?...

    ReplyDelete
  12. හූ හූඌඌ......... ඔයාට වඩා අම්ම දන්නවා...අපේ අම්මත් ඔහොමයි,ෆෝන් එකෙන් කෝල්ස් ගන්න විතරයි ඉස්සර දන්නෙ.දැන්නම් ඔබල ඔබලම ඉගනගන,ඉස්සර මට හිටපුගමන් හෝගාල එම්ප්ටි මැසේජසුත් එවනව :))

    ReplyDelete
  13. "අම්මෙ අර දර මිටියක් වගේ තියෙන්නෙ"
    "ආ.. හෑෂ් බට්න් එකද?"

    හික්! මම නං ගඟේ පනිනව!

    ReplyDelete
  14. මම හිතුවා අපේ අම්මා විතරයි එහෙම කියලා...:)

    ReplyDelete
  15. අපේ ගෙදර මම ඕව කියලා දෙන්න යන්නේ නෑ....මොකද ගෙදර මොබයිල් ෆෝන් එකක් තියෙන්නේ මට විතරයි....අප්පච්චිට ෆෝන් අරහන්(ඔෆිස් එකේ මොබයිල් ෆෝන් එකක් නැති එකම විධායක නිළධාරියා..)....අම්මට මැසේජ් එකක් යවන්න ඕනෙ වු‍නොත් මල්ලිගේ හො ම‍ගේ පිහිට තමා....
    කොහොමවුනත් ඉල්ලන් බයිට් වෙලා වගේ නේද පිණිබිඳු?

    ReplyDelete
  16. අපේ ගෑනිත් ඔය මොඩල් එකම තමය්, මොබයිල් එකෙන් කෝල් ගන්නෙ කන කැස්බෑව, මොකද්ද අස්සෙන්, මොකද්ද එක බලනව වගෙ මහා බද්‍ර කල්පෙකට සැරයය්. කොම්පියුටරේ ඉතාම සීමිත වැඩ ටිකක් විතරය්, පත්තර බලනව වගෙ. අඩු ගානෙ මගෙ ඊමේල් වත් බලන්නෙ නැහැ, බලන්න දන්නෙත් නැහැ. බ්ලොග් එකක හොඳ කතාවක් තියෙන කොට අඬ ගහල පෙන්නන්න ඕනෙ. හැබය් එයය් මමය් ඔයාගේ අම්මගෙ වයසේ හරි සමහර විට ඊටත් ටිකක් වැඩිමලුත් වෙන්නැති.

    ReplyDelete
  17. මොකටද මෙයා ෆෝන් එක සයිලන්ස් කරල තිබ්බේ??

    ReplyDelete
  18. @ සාතන් - ඒක නම් තනි බයිට් වීමක් අප්පා..

    ReplyDelete
  19. @ නදී - හික්ස්. අපේ අම්මත් හිටපු ගමන් එම්ටි මැසේජස් එවනවා. ඒ නම් ෆෝන් එක එබිලා ඉබේ ආපුවා.

    ReplyDelete
  20. @ මුහුදු කොල්ලකාරයා - වහ කෑවා නම් මීට හොඳයි.

    ReplyDelete
  21. @ මන්තරකාරි - හා කට්ටියම එහෙමයි එහෙනම්.

    ReplyDelete
  22. @ ශාන්..... - ඇත්තට මොකද අනේ මේ වැඩිහිටි පරම්පරාව අලුත් තාක්ෂණයට මෙච්චර අකමැති.

    ReplyDelete
  23. @ Observer - හයියෝ එහෙනම් ඔබ්සර්වර් නෝනා මහත්තයත් අපේ අම්මගෙ කපාපු පළුව.

    ReplyDelete
  24. @ තාරක Dilsh@n - ඒකත් දිග කතාවක්. අපි බඩු වගයක් ගන්න කඩේකට ගිහින් ඉන්නකොට අම්මගෙ ෆෝන් එක රිං වෙනවා මහ සද්දෙන්. ඉතින් මම සයිලන්ස් කරා. ඊට පස්සෙ අමතක උනා ප්‍රොෆයිල් එක වෙනස් කරන්න. එම නිසා මේ මහා බයිට් වීම සිදුවිය.

    ReplyDelete
  25. සභාවෙ උඩ පැන පැන සිනා!
    අපේ සිංහබාහුවත් දවසක් ඔහොම කඩේ යෑමක් යැව්ව අල්ලපු ගෙදර නෝනව.

    ReplyDelete
  26. මටත් ඔය වගේ සීන් එකෙක් වුනා එක පාරක්.

    මගේ හොඳ යාලුවෙක්ගේ දෝනි ඉස්සර මම එහේ එන කම් ඉන්නේ සෙල්ලම් කරන්න.

    ආපු ගමන් කතා බතා මොකුත් නෑ ඇඩගෙන යන්නේ කෙල්ලගේ සෙල්ලම්බඩු පෙට්ටිය ලඟට . .

    දවසක් අපි ගමනක් යනන් ලෑස්ති වෙලා මම කෙල්ලට කතා කලා

    "දෝනි එන්න පාත්තු දාන්න . ."

    "පාත්තු . . පාත්තු නෙමෙයි ඒ ශූෂ් . ."

    කාලා වරෙන්කෝ ඉතිං . .

    ReplyDelete
  27. @ ඉන්දික උපශාන්ත - සභාව උඩ පැන්න පාරට පොළවත් ඉරිතලලද කොහෙද

    ReplyDelete
  28. @ දුකා - හික්ස්. දුකා අයියත් පොඩි එකාගෙන් බයිට් උනා නේද? පොඩි උන්ගෙ පණ්ඩිතකම් නම්...

    ReplyDelete
  29. මගේ අම්මට නම් දැන් යාන්තම් නම්බර් එක ගහලා කෝල් එකක් ගන්න පුලුවන් .. හැබැයි තවම රොමෝර්ට් එක මඟින් ටීවී එකේ චැනල් මාරු කරගන්න බෑ ..එයාලෙගේ කාලේ ඔවුවා තිබ්බේ නැතෙයි කියන්නේ !

    ReplyDelete
  30. හිනා වුණා වැඩිද මන්ද.....

    ReplyDelete
  31. අපේ අප්පොච්චියා වගේම තමයි එහෙනම්...අපේ අප්පච්චිටනම් මොකක් නැතත් සතියෙන් සතිය රින්ග් ටෝන් එකයි වෝල් ඉමේජ් එකයි වෙනස් කරලා දෙන්න ඕන..නැත්නං කනක් ඇහිලා ඉදලා ඉවරයි

    ReplyDelete
  32. Hik hik hik....
    hafoi wasanawan.... ape amma oita eha.serama sms balala beluwe ne wage phone eka thiyanawa...

    dawasak amma magen ahanawa " hik meeya " kiyanne kauda kiyala... passei mata wede therune amma " hika " ewapa sms ekak balala...( "hika = my school frnd" )

    Hika ewwa sms eka mokakda kiyala nam kiyanna amarue....

    ReplyDelete
  33. @ හිස් අහස - රිමෝට් එකේ චැනල් මාරු කරන්න නම් පුලුවන්. මේ මොබයිල් ෆෝන් කියපුවාම ඒක ෆෝබියා එකක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  34. @ පිසාචයා - මෙයාලට නම් හිනා.

    ReplyDelete
  35. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - අපේ අම්මට නම් මොන රිං ටෝන් සහ වෝල් ඉමෙජ්ද. ෆෝන් එකේ බට්න් ටික තිබ්බම ඇති කෝල් එකක් ගන්න.
    ඒක නෙමෙයි. ඔයාගෙ නම කියවගන්න ගිහින් මගෙ දිව ටැපලෙනවා.

    ReplyDelete
  36. @ ..::| පොජ්ජේ |::.. - හික්ස්. අම්මා එහෙනම් යමක් කමක් දන්නවනේ..

    ReplyDelete
  37. අපේ අම්මත් ​ෆෝන් එකේ වැඩ ගැන දන්නෑ එච්චර.. ඒත් හෑෂ් එක දන්නවද දන්නෑ... බලන්න ඕන ගෙදර ගියාම... :D

    ReplyDelete
  38. හෆෝයි... මට වුනා නම් ෆෝන් එක කනව.

    මම: අම්මෙ අම්මෙ අර දර මිටියක් වගේ තියෙන්නෙ.
    අම්මා: ආ.. හෑෂ් බට්න් එකද?

    පට්ට කතාව

    ReplyDelete
  39. තාමත් හිනා. පුදුම වැඩක් තමා පිණිබිදු ටත් වෙලා තියෙන්නේ.ඇද්ද අම්මට හෑෂ් බට්න් එක ගැන කියා දෙන්න ගියා......

    ReplyDelete
  40. බලාගෙන යනකොට අම්මා නෙමෙයි දුවයි හෑෂ් බටන් එක දන්නේ නැත්තේ..

    ReplyDelete
  41. අම්මලාට උගන්නන්න බෑ කියන්නෙ ඕකට තමා දරුවෝ...... මරු බයිට නේද ?

    ReplyDelete
  42. අපේ අම්මා වගේම අම්මෙක් ලොල්

    ReplyDelete
  43. @ සෝරෝ - හා හා බලන්නකො දර මිටියක් ඔයාටත් හම්බ වෙයි.

    ReplyDelete
  44. @ karumakkaaraya - ෆෝන් එක කාල මදි අහගත්තු කතාවට.

    ReplyDelete
  45. @ මධුරංග - යනවා යනවා ජීවිතේට චාටර් වෙච්ච නැති මිනිස්සු වගේනෙ මුන් කතා කරන්නෙ. හික්ස්.

    ReplyDelete
  46. @ පූසා - හික්ස්. මරු තමා.

    ReplyDelete
  47. @ Dinesh - ඒ වගේ සිද්දියක් තමා එතන උනේ.

    ReplyDelete
  48. @ දිල් - ඒකනෙ කියන්නෙ දරුවෝ..

    ReplyDelete
  49. @ නිශාන් - ඔක්කොම අම්මලා එකයි බලාගෙන යද්දි.

    ReplyDelete
  50. "කී බෝඩ් එකෙන් 'බුදු අම්මෝ ලකුන' ටයිප් කරන්නෙ කොහොමද?"

    ReplyDelete
  51. නියම බයිට් එක.. මහන්සි වෙලා තිබ්බ හිත නිදහස් ඔන්න මේක කියෙව්වම.. තැන්කූ වේවා අක්කියෝ

    ReplyDelete
  52. ඇත්තමයි අපේ අම්මාට එකක් කියා දේදිදි මට දාහක් දේවල් කියා දෙන්න වෙනවා... පොඩි ලමේක්ට මොන්ටිසොරි දැම්මා වගේ තමයි...

    ReplyDelete
  53. @ ටී.බී. හේරත් - කී බෝඩ් එකෙන් ඔලුවට ගහපුවාම බුදු අම්මෝ කියල ලියවෙනවලු. කරල බලන්නකො.

    ReplyDelete
  54. @ චතූ - මම බයිට් වෙවී මුන්ගෙ හිත නිදහස් කරපල්ලකො ඉතින්. සංසාරේ...

    ReplyDelete
  55. @ නිම්ශා - කියලා වැඩක් නෑ නිම්ශා. බලාගෙන යද්දි කට්ටියම එකම බෝට්ටුවෙ නේද?

    ReplyDelete
  56. අප්පට සිරි ගජ.අම්මත් දන්න දේවල්...........
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    මේක කතාවට අදාල නෑ.ඔයාගේ පෝස්ට් එක කියෙව්වාම මීටර් වෙච්ච දෙයක්.

    ඔය වැඩිහිටි උදවියට යම් දෙයක් කරන්න බය හිතෙන්නේ ඒක කැඩෙයි,වැඩකරන්නේ නැතිවෙයි කියන බයටනේ.ඒත් පොඩි ළමයෙක් ඒ දේ ඉක්මනට අල්ලගන්නේ ඒ අයට ඒ ගැන තියෙන කුතුහලය නිසයි,යමක් ඉගෙනගන්න තියෙන ආසාව නිසා කියලයි මට හිතෙන්නේ.

    මගේ මතය නම් පොඩි ළමයෙක් ඒ වගේ දෙයක් කරන කොට ඒකට එපා කියන්නේ නැතුව ඒ ළමයව උනන්දු කිරීමයි දෙමව්පියන් කරන්න ඕනේ.දෙයක් ඉගෙන ගන්න නම් යමක් කඩලා බිදලා දාන්නම ඕනේ. : )

    මම නම් පොඩිකාලේ ටී.වී එකකට වැඩේ දීලා තියෙනවා.රේඩියෝ එක ගලවලා පොල් තෙල් දාලා තියෙනවා. :).

    ලෑජ්ජයි කියන්න අදකාලේ සමහර පිරිමි ඉන්නවා බල්බ් එකක් පිච්චුනාම දාගන්න බැරි. : (

    ReplyDelete
  57. මට මතක් උනේ අපේ අත්තම්මව. එත් ඔයාගේ අම්මා හරිම දියුනුයි එයාට වඩා.

    ReplyDelete
  58. @පාල,

    දැනුත් රේඩියෝ ගලවලා තෙල් දැම්මාම වැඩ කරනවා. හැබැයි ඔලිව් ඔයිල්. :D

    මට නම් බල්බ් දාන්ට විතරක් නෙමේ ටයර් මාරු කරන්ටත් පුලුවන්.:DD

    ReplyDelete
  59. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... හිකි හිකි..

    ReplyDelete
  60. @ පාල - ඔයා කියල තියෙන කතාව නම් ඇත්තම ඇත්ත. මොකද දරුවෙක්ට දෙයක් පුලුවන් කියන මානසිකත්වය දෙන්න ඕනෙ දෙමව්පියන්ම තමා.

    ReplyDelete
  61. @ Podi Kumarihami - අත්තම්මලා අම්මලා බලාගෙන යද්දි කවුරුත් එක බෝට්ටුවේ තමා.

    ReplyDelete
  62. @ Podi Kumarihami - අපේ අයියා කෙනෙක් හිටියා පොඩි කාලෙ රේඩියෝ එක ගලවනවා. හැබැයි ආපහු හයිත් කරනවා. හැබැයි කෑලි ඉතුරුයි එලියෙ. හැබැයි වැඩත් කරනවා රේඩියෝ එක.

    ReplyDelete
  63. @ ADK කොලුවා - ලැජ්ජාවෙ බැරුවා..

    ReplyDelete
  64. @Podi Kumarihami-අඩේ එතකොට ගෑනු ළමයි බල්බ් දාන්න,ටයර් මාරු කරන්න ගියාම දරුවෝ නලවන්න,කෑම උයන්න වෙන්නේ අපිටද?.

    වලව්වේ තියෙන පරණ මොරිස් මයිනර් එකේ ඇණ ගලවන්න ගියහම අමාරු නැද්ද?.කොහොමෙයි ඕක අර දුම් පරික්සාවෙන් පාස් කොරගත්තේ.:D

    ReplyDelete
  65. හික් හික් අපේ අම්මාත් දන්නේ යන්තම් නම්බර් ටික ගහලා කෝල් එකක් ගන්න තමා.. එයාලාට කියලා දුන්නාට මතක තියාගන්නේ නෑනේ.. :)

    ReplyDelete
  66. @ හසී - ඒකනෙ කියන්නෙ. කොච්චර කියල දුන්නත් මතක තියාගන්නෙ නෑනෙ

    ReplyDelete
  67. @ පාල - ඇයි පිරිමි කමට නින්දාවක්ද ලමයි බලා ගත්තම, කෑම හැදුවම. හැමදාම නෙමෙයි ඉඳල හිටල වත්. ඔන්න මාව අල්ල ගන්න එපා. පොඩ්ඩිගෙ තමා අදහස ඈ..

    ReplyDelete
  68. හපොයි... අම්මා හොදයි දූට වැඩිය... තමන් අම්මලට වඩා දන්නවය කියලා වෙන්නැති හිතාන ඉන්නේ... ඈං...

    ඔහොම තමයි සහෝදරී... තාක්ෂණයේ දියුණුව හා පරම්පරා වෙනස...

    ReplyDelete
  69. @ චතුරංග පෙරේරා | chathuranga Perera - හ්ම්ම් Generation Gap කියන්නෙ ඕකට වෙන්ටැ.

    ReplyDelete
  70. @ පිණිබිඳු,
    එහෙම නෙවේ, SHIFT එකයි එකේ ඉලක්කමයි ඔබල බලන්නකො...

    @ Podi Kumarihami,
    රෝද නට් ගලවන්නෙ හුලං රැචට් එකෙන් වෙන්ඩෑ?

    ReplyDelete
  71. @පිණිබිඳු.-පිණිබිදුටත් ගෙදර පරණ කාර් එකක් තියෙනවැයි ටයර් මාරුකරකර ඉන්න.මම හිතන්නේ දෙන්නා අවබෝධතා ගිවිසුමක් ගහලා ඇති පුරුශ පාර්ශවයෙන් එල්ල වෙන චෝදනා වලට පිලිතුරු දෙන්න.:D

    අපෝ මම ඒක ලැජ්ජාවක් කියලා කිව්වේ නෑ.අපේ තාත්තටත් රසට කෑම උයන්න පුලුවන්.අම්මට අසනීප වෙච්ච වෙලාවේ තාත්තා තමයි මාලුපිනි 2 හෝ 3 හදලා කන්න දුන්නේ.ඒකම ලොකු දෙයක් නේද?.අපේ තාත්තගේ කෑම රහයි.අත්ගුනේ වෙන්න ඕනේ.ඒ අත්ගුනේ මටත් ජාන වලින් ලැබිලා ඇති,තාම නම් පරික්සා කොරලා නෑ.:)

    ReplyDelete
  72. ඔය ගැම්මටම ඔයාගෙ අම්මට බ්ලොග් ලියන්න පුරුදු කලානං . . . මැක්ස මඩ ටිකක් අහගන්න තිබුන . . . . මම කියන්නෙ ඕක ඔයාගෙ පලවෙනි "ඇන ගැනීම" නෙමේ වෙන්න ඇතිනෙ . . . . ????

    ReplyDelete
  73. හයියෝ...පිණිබිඳුටත් වෙලා තියෙන නෝණ්ඩියක්...මකුළු පැංචිගෙ අම්මත් ඉස්සර ඔහොමයි.අන්තිමේ පැංචි වසීලිස්සගෙ රටට එන්ට තීරණය කළාට පස්සෙ තමයි ඕං යාන්තං මැසේජ් ගහන හැටි ඉගෙනගත්තෙ...අර කිව්වත් වගේ අපේ අම්මත් පුංචි ඩයරි කෑල්ලක නම්බර්ස් ඔක්කෝම ලියාගෙන ඉන්නවා....හැබැයි ඒකෙ ඕන නම්බරයක් තියෙනවා..අනිවා..ඩෙෆා... හිකිස්... :D

    ReplyDelete
  74. @ ටී.බී. හේරත් - එතකොට එන්නෙ 'අනේ' මාක් එකනෙ.

    ReplyDelete
  75. @ පාල - අපේ ගෙදරත් තාත්තා තමා රසටම උයන්නෙ. ඔන්න මම සුදු කොඩියක් ඉස්සුවා හොඳේ. වලි නැතෝ..

    ReplyDelete
  76. @ ඕනයා - බුදු අයියේ අපෙ අම්මට නම් කියන්න එපා. අම්මා බ්ලොග් ලියන්න පටන් ගත්තොත් මම ඉඳල හමාරයි. වහ කාල මැරෙන්න වෙන්නෙ.

    ReplyDelete
  77. @ මකුළු පැංචි - ආ එහෙනම් අම්මා ටිකක් දියුණු වෙලා නේද. ඒක නෙමෙයි. බ්ලොග් අවකාශෙ මකුළුවො වැඩියි දැන්. අපෝ මකුළු දැල් හැමතැනම. කොස්සක් අරන් ඇවිත් මකුළු දැල් ටික කඩන්න ඕනෙ.

    ReplyDelete
  78. අනේකාලේ වනේ වාසේ කිව්ව්ලු.... පට්ට කතාව..

    ReplyDelete
  79. @පිණිබිඳු-පිස්සුද මෙයා.මොන වලිද?. .ඔය සුදු කොඩිය දැන්වත් අයින් කරානම්..... : )
    (පාල)

    ReplyDelete
  80. අම්මල තාත්තල දන්නේ නෑ වගේ හිටියට ගොඩක් දේවල් දන්නවා හරිද ? අනේ අනේ මගේ කෙල්ල හිතන්නේ මං මෙච්චර මෝඩයි කියලනේ.. කියල හිතින් හිනාවෙනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...