Pages

Friday, June 3, 2011

නුඹ මගේ ළඟින් නම්..


දඟ කරන ඇස් වලින්
හිත ළඟම දැවටෙමින්
සිත සඳුන් තවරමින්
සෙවණ දෙයි ගසක් මෙන්..

නුඹේ ඔය හිත් අගින්
දෝරෙ යන ආදරෙන්
හිත නිවෙන අපූරුව
සෙනෙහසින් සිහිකරම්..

නො එන මුත් නුඹේ රුව
නෙතේ අභියසට නම්
නුඹ හිඳියි හැමදාම
හිත් අහසෙ ඉඩ අරන්..

කවි මවන හිත දරන්
දඟයො, මේ අහගනින්
නුඹ මගේ ළඟින් නම්
කඳුළු කුමකට ඉතින්..

41 comments:

  1. ලස්සනයි අක්කේ....

    ඊට වඩා දෙයක් කියාගන්න බෑ....

    ReplyDelete
  2. ආදරේ කරන කෙනා ලගින් ඉන්නවා නම් කදුල කුමකට ද ? හරිම ලස්සනට පද ගලපලා ලියලා.ආදරේ කරන කෙනා ලග හිත රදන්න කොයි කෙනාද ඉතින් අකමැති.

    "කදුල ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට"

    ඔහොම කියන්නේ ආදරේ කරන කෙනා ලග කදුලට ඉඩක් නැති හන්දා වෙන්ටැ. එහෙම නේද පිණිබිදු !!!!!

    (අත්දැකීම් තියෙන කට්ටිය කියන්ටකෝ)

    ReplyDelete
  3. අනේ මන්දා..අපිට නම් අත්දැකීම් නෑ ඔන්න...
    ඒ වුණාට ලස්සනට ලියලා තියෙනවා අක්කේ....

    ReplyDelete
  4. ලස්සනට ගලපන්න කවි
    හිත මහ පුදුම විදියට
    පෙලගස්සනවා සිතුවිලි..

    ලස්සනයි පිණිබිඳු...

    ReplyDelete
  5. හරිම ලස්සනයි......

    මා සිත් වටා ආද‍රෙන් ‍
    වෙලී ගිය ලතාවයි ඔබ
    සමන් ‍පෙති විහිඳමින්
    සුවඳ කරවයි මා දිවිය

    උතුරනා දෑසින් ආදරය දැක ගන්න
    සිහින මැවු ආදරය සිත් පුරා විඳගන්න
    ඔ‍බේ සිත් අහසට ‍නොකියාම වඩින මා
    පමා ‍නොව විගසින්ම එමි ඔබව හමුවන්න....

    කා‍ලෙකින් ලිව්‍වේ. ‍චොස් කිරි‍කොස් ව‍ගේ. කමක්නෑ. අක්කට‍නේ.

    ReplyDelete
  6. "දඟයො, මේ අහගනින්" මම නම් කැමතිම ඔය කෑල්ලට... මරු..

    ReplyDelete
  7. මම පොඩි එකා හරිය

    ReplyDelete
  8. ෂා..... මේක නම් හරිම ලස්සනයි...

    ReplyDelete
  9. "නුඹේ ඔය හිත් අගින්
    දෝරෙ යන ආදරෙන්
    හිත නිවෙන අපූරුව
    සෙනෙහසින් සිහිකරම්.."

    හරිම ලස්සනයි පිණිබිදු කවි පෙල...

    ReplyDelete
  10. නියම රිද්මයක් තියන නිසදැසක්...

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පිණිබිඳු අක්කට මල්සරාගේ බුලට් එකක් වැදිලා වගේ.....

    මොනවා වුනත් කවි ටික නම් ලස්සනයි අක්කේ.....

    දඟයා කව්ද දන්නේ නෑ ඕං.... ;) :D

    ReplyDelete
  13. ලස්සන කවිය . පිනි බින්දුට දැන් කවි ලියන්න කෙනෙකුත් ලැබිලා වාගේ . අපිට සතුටුයි .

    ReplyDelete
  14. පිණි බිඳුට ලස්සනට කවි ලියන්ටත් පුලුවන්නේ. කවි ලියැවෙන්නේ ආදර හිත් පහල උනාම ලූ.

    ReplyDelete
  15. ලස්සනයි අක්කා..

    ReplyDelete
  16. ඒකත් ජයසිරි මන්ගලම්............ :D
    (පාල)

    ReplyDelete
  17. නුඹ මගේ ළඟින් නම්
    කඳුළු කුමකට ඉතින්..

    වෙලාවකට ඕක බොරු . . . . .

    ReplyDelete
  18. හරිම ලස්සනයි... මමනම් ඉතින් කවිකාරියක් නැමෙයි... මෙහෙම ලස්සනට ලියන්න බැහැ.... :)

    ReplyDelete
  19. කවි රස විදින්න තරම් හෑකියාවක් මට නෑ. අනේ මාත් ආසයි ලියන්න එකත් බෑ

    ReplyDelete
  20. ලස්සන කවි ටික අක්කියා


    කවි මවන හිත දරන්
    දඟකාරි, මේ අහගනින්
    නුඹ මගේ ළඟින් නම්
    කඳුළු කුමකට ඉතින්..

    ReplyDelete
  21. @ prasanna86k - ස්තූතියි මාලු.

    ReplyDelete
  22. @ මධුරංග - ආදරේදි කඳුළු නෑ කිව්වොත් ඒක බොරු.

    ReplyDelete
  23. @ පිසාචයා - හා හා එහෙනම් කට්ටිය අත්දැකීම් ලැබුනාම ලියන්නකො.

    ReplyDelete
  24. @ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - ස්තූතියි. අනේ අප්පා මේ නම කියන්නෙ කොහොමද. මට දිව පැටලෙනවා.

    ReplyDelete
  25. @ හා පැටික්කි (MS) - මෙන්න හා කවි. ලස්සනයි නංගි.

    ReplyDelete
  26. @ සාතන් - ඒ දඟකාර කමට මම කැමතියි වෙලාවකට.

    ReplyDelete
  27. @ රත්ගමයා - අනේ පව් පොඩි එකා. ඒ හන්ද වෙන්න අති අර පණ දාගෙන මෙගා සීරීස් ලියන්නෙ. ඉකේයියා.

    ReplyDelete
  28. @ StArry aNgeL - ස්තූතියි තරු සුරංගනාවි...

    ReplyDelete
  29. @ Dinesh - ස්තූතියි දිනේශ්.

    ReplyDelete
  30. @ ටී.බී. හේරත් - තැන්කූ තැන්කූ..

    ReplyDelete
  31. @ ශාන්..... - දඟයා අරයා තමා. හික්ස්.

    ReplyDelete
  32. @ හිස් අහස - කාලෙකට කලින් ලැබිච්ච කෙනාම තමා ඉතින්.

    ReplyDelete
  33. @ Podi Kumarihami - ආදරේ දිහා බලාගෙන කවි ලියන්නත් පුලුවන්

    ReplyDelete
  34. @ නිම්ශා - ස්තූතියි නිම්ශා.

    ReplyDelete
  35. @ පාල - හාකො හාකො ඉතින්.

    ReplyDelete
  36. @ ඕනයා - ඔව් වෙලාවකට නම් ඉතින් ළඟින් හිටියත් කඳුළුත් ඕනෙ වෙන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
  37. @ කොට ජීවිතේ - අච්චර ලස්සනට කතා ලියන ඔයාට කවි ලියන්න බෑ කියල නම් මම විශ්වාස කරන්නෙ නෑ.

    ReplyDelete
  38. @ පිස්සු පුසා - වෙලාවක ට්‍රයි එකක් දාල බලන්නකො.

    ReplyDelete
  39. @ බීටා - දඟකාරිටත් ඒක ගැලපෙනවා.

    ReplyDelete
  40. කවි මවන හිත දරන්
    දඟයො, මේ අහගනින්
    නුඹ මගේ ළඟින් නම්
    කඳුළු කුමකට ඉතින්..

    හිතට අල්ලලා ගියා .......
    ලස්සනයි ........

    ReplyDelete
  41. කඳුළු නැති ආදරය පරිප්පු නැති හෝටලයට සමානයි.. මේ බැඳලා ළමයිත් ඉන්න අපිටත් එහෙමමයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...