Pages

Sunday, June 26, 2011

පැඟිරි කුලයේ නොවන නාරං කැවුම්


මාතෘකාව දැක්කම මඤ්ඤං වගේද? මෙදා පාර නාරං කැවුම් හදන හැටි කියල දෙන්නයි යන්නෙ. මේ සැරේ රෙසිපි එක අම්මගෙන්.

ආ එකක්. මේ කෑම නම් පැණි රසට අකමැති අයට සහ පැණි රස අගුණ අයට නම් හරි යන එකක් නෑ. එහෙම අය පැත්තකට උනා නම්. කිව්වම මොකෝ මම නං උපන්ගෙයි පැණි රසට පෙරේතයි.


අවශ්‍ය දේ
:-

පොල් ගෙඩි දෙකක ගා ගත් පොල්
මුං ඇට ටිකක්
සීනි 500g ක්
පාන් පිටි 200gක්
බිත්තර එකක්

වැනිලා ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

කහ ස්වල්පයක්

එනසාල් දෙක තුනක්


ඉස්සෙල්ලම මුං ඇට චුට්ටක් අරන් කබලක බැද ගෙන කුඩු කරගන්න. ගා ගත්තු පොල් ටිකයි, මුං පිටි ටිකයි, පාන් පිටි 100කුයි, ලුණුයි එකට මිශ්‍ර කරගන්න.

දැන් භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාන්න. සීනි දිය වෙලා දුඹුරු පාට වෙද්දි වතුර පොඩ්ඩක් දාන්න. ඒක බුබුළු දාද්දි තලාගත්තු එනසාල් ටිකක් වැනිලා ටිකක් දාලා පොල් මිශ්‍රනයත් එකතු කරලා කූරු ගාන්න. ඊට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තියන්න.


දැන් අපි නාරං කැවුම් වල මැදට එන මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි කවරය හදා ගමු.

ඉතිරි පාන් පිටි ටික අරගෙන ඒකට කහ චුට්ටක් දාන්න. ලුණු ටිකකුත් දාන්න. බිත්තරයකුත් කඩලා දාන්න. ඒක මිශ්‍ර කරලා වතුර ටික ටික වත් කරමින් දියාරු මිශ්‍රණයක් හදා ගන්න මෙන්න මේ වගේ.




මේ වෙද්දි අපි ලිපෙන් බාපු පැණි පොල් ටික නිවිලයි තියෙන්නෙ. දැන් පොඩි පොඩි බෝල පැණි පොල් වලින් හදාගන්න ඕනෙ. හරියට මේ වගේ.



ඊළඟට ඒ බෝල පිටි මිශ්‍රණයේ ගිල්වලා ගැඹුරු තෙලේ බැද ගන්න ඕනෙ.



දැන් ඉතින් අමාරු හරිය ඉවරයි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ලිපෙන් බාන බාන නාරං කැවුම් එක එක බඩට යවා ගන්න එක තමා. කොහොමද රස...

ඔන්න අපෙ අම්මා කුස්සියෙ හරඹ කරන හැටි.


47 comments:

  1. මේකනම් අපේ අම්මට තමයි පෙන්නන්න ඕනේ

    ReplyDelete
  2. ආහ් මෙව්ව අපේ අම්මත් හදනවා...මාර රහයි....දියවැඩියා කාරයෙක් කෑවොත් ඔන් ද ස්පොට් දිව්‍යලෝකෙට ටිකට් හම්බුවෙනවා....ඒ තරමට පැණි රහයි....හික්ස්...

    ReplyDelete
  3. අඩේ කෙල ගිලෙනවා...මේ අර මුන් හැපෙනවට මම නම් ආසා නෑ.තනිකරම පැණි පොල් දැම්ම නම් මරුනේ.හ්ම්ම්ම්....යමී යමී...හිටුකෝ මමත් අම්මට කියල හදාගන්න ඕනෙ :)

    ReplyDelete
  4. “උඩබැලුම්“ කියන්නෙත් ඔවටම නේද? උඩ බලාගෙන නොකෑවොත් ඇතුළෙ තියෙන ඒවා බිම.... හි හි

    මඤ්ඤං උනේ නම් නෑ හොඳට කියල දීල තියේනෙ ඔය ඇත්තී....

    ReplyDelete
  5. මාත් හරිම ආස කෑම ජාතියක් තමයි නාරං කැවුම් කියලා කියන්නේ. අම්මෝ කටට කෙලත් උනනවා. පිණිබිදු අපිට ගමේගිහින් නාරං කැවුම් ගෙනල්ලා. හිටින් මම් අම්මට කියලා මේවා හදෝගෙන කනවා.

    ඉස්සර අපේ පැත්තෙත් හිටියා නරං කැවුම් විකුනන මනුස්සයෙක්. ඒ මනුස්සයාගෙන් තමා අපි කැවුම් ගන්නේ.

    @තනෝජා රාජපක්‍ෂ :
    ඔව් ඔව් ඔව්වට තමා. උඩ බලාගෙන කනකොට තමා උඩ බැලුම් කියලා කියන්නේ.

    ReplyDelete
  6. මගෙ ආසම කෑමක් නාරං කැවුම්. පැණි ගතිය පොඩ්ඩක් විතර වැඩිපුර හිටින්න අපේ ආච්චි හදනව ඉස්සර.... තවම රහ මතකයි. ඒත් කොළඹට ආවට පස්සෙ එකම අවුරුද්දකවත් නාරං කැවුම් කන්න බැරි උනා. ගෙදරදි දාගෙන ආපුව වැඩිපුර නැද්ද පිණි?

    ReplyDelete
  7. ඕං නවම් අයියට දෙනවා නම් මටත් ඕනා හයිද ?? මාත් ඕවට ආසයි හරිය.

    ReplyDelete
  8. @ පූසා - අම්මට කියලා හදවගෙන කන්නකෝ එහෙනම්..

    ReplyDelete
  9. @ pissi - එහෙනම් හදාගෙන කන්ඩෝ...

    ReplyDelete
  10. @ මකුළුවා..... - පැණි රස නම් උපරිමයි. ආයෙ දෙකක් නෑ දියවැඩියාව හදාගන්න කියාපු බෙහෙත.

    ReplyDelete
  11. @ නදී - මාත් පොඩ්ඩක්වත් ආස නෑ මුං හැපෙනවට. ඒ හන්දා තමා චූට්ටක් දාන්නෙ.

    ReplyDelete
  12. @ තනෝජා රාජපක්‍ෂ - උඩබැලුම් නම නං මම ඔය ඇහුවමයි. බලාගෙන යනකොට ඒ කතාවත් ඇත්ත තමයි.

    ReplyDelete
  13. @ මධුරංග - හික්ස්. කාලා කාලා අන්තිමට පැණි රස වැඩි වෙලා මත් වෙනවා. ඔන්න ගමේ ගිහින් ගෙනාවයි කියපුවා.

    ReplyDelete
  14. @ nawammawatha - අයියෝ අයියෙ අපේ බෝඩිමේ පෙරේත සෙට් එකත් එක්ක බෑ. උන් එක දවසින් කාලා ඉවර කරනවා. සිංහල බ්ලොග් කරුවො ටික ආයෙ එකතු උනු දවසකට මම ගෙදර ඉඳන් ආපු දවසක් තිබ්බොත් හදාගෙන එන්නම්කො. ඇත්තටම.

    ReplyDelete
  15. @ මධුරංග - දෙනවා දෙනවා කට්ටියටම දෙනවා.

    ReplyDelete
  16. හික්ස්.. ආය දෙකක් නෑ..මාත් අම්මට කියලා හදා ගන්නව...:) එත් ගෙදර යන්න නිවාඩුවක් නැ නේ.:( ඔන්න හැදුව එකෙක් මටත් ටිකක් එවන්න. මතක ඇතුව මගේ මෙල් එකට සෙන්ඩ් කරන්න..නැත්තම් අනිත් ඌන් කයි.:/ ඔයා මේ පොස්ට් එක දැම්ම එක ගැන නෙවයි මට දුක පොටොස් දැම්ම එක ගැන.. කෙසේ නම් මා හිත හදා ගන්නද???

    ReplyDelete
  17. මොනවා මතක් කරනවද මන්දා . දැන් හදලම තමයි පස්ස බලන්නේ. ඕක පළාතෙන් පළාතට වෙනස් වෙනවද කොහෙද . අපේ අම්ම හදන්නේ පිට්ටු තම්බලා පැණි පොල් කලවම් කරලා. මුන් ඇට දාන්නේ නැහැ. තව මගේ යාලුවෙක් හදනවා ,පැණි පොල් වලට යන්තම් කබලේ රත් කල සව් එකතු කරලා . එතකොට ගුලි කරන්න ලේසියි.
    කොයික වුනත් කැවුම් නම් මන් එතන .ඔන්න කුස්සියේ අපිට තියන වාසි . ඔය පොඩි කොල්ලන්ට වගේ අම්මම හදල දෙනකම් කෙලගිල් ගිල ඉන්න ඕන නැහැ.

    ReplyDelete
  18. හ්ම්ම් මෙහම කැවුමක් තියෙනෙවද කියලා ඔයා මතක් කලාම තමා මතක් උනේ. ට්‍රයි එකක් දෙන්න ඕන බලන්න.
    ස්තූති

    ReplyDelete
  19. ඇයි අක්කේ අපිව මෙහෙම අමාරුවේ දාන්නේ...?

    මේ කට දෙපැත්තෙන් කෙල බේරෙනවා. මං මේක PDF කර​ගෙන අරගෙන ගිහිං අම්මට කියලා හදාගන්නවා.

    ReplyDelete
  20. මම ඕකෙ පිට කට්ට කන්න තමා වැඩිපුර කැමති, පැණි පොල් හරයට එච්චර කැමති නෑ. ඕවට මුං ගුලි කියලත් කියනවනෙ...

    ReplyDelete
  21. අක්කා දාපු කැම වට්ටොරු දෙක තුනක්ම මම ලියාගෙන ඉන්නේ මේ පාර ලංකාවට ගියාම අපේ අක්කට කියලා හදා ගන්න... දැන් මේකත් ඒ ලිස්ට් එකට දාගන්නවා..

    ReplyDelete
  22. බුක් මාර්ක් එකක් දාලා තියා ගන්නම්කෝ මේ පිටුව ........

    ReplyDelete
  23. සිරා . . . සිරා . . . මගෙත් ආසම කැවිලි ජාතියක් තමා ඕක. අනේ ඇත්තට අපේ කටේ ඛේඨ ග්‍රන්ථි වලට නිවාඩුවක් දෙන්න බොලාට අදහසක් ඇත්තෙම නැද්ද ???

    ReplyDelete
  24. නවම් අයි​යා පිනිබිඳු අක්කට "පිනි" ගාලා පැනි පාරක් ගාලා ඕං නාරං කැවුම් හදාගෙන එන්න පොරොන්දු කරගෙන. අනේ කාලිංග අයියේ මේ පාර SBU ගෙට් එක ලබන මාසේ දිහාවේ තියමුකෝ....

    අක්කේ ඕකා බැඳලා.... බබෙකුත් ඉන්නෝ....

    ReplyDelete
  25. දැන් ඉතින් හදන විදිය දාල බඩ ඇවිස්සුවනම් ගෙවල් තියන පැත්තත් කියන්න වෙයි. වැඩිය එපා බෝල 4-5ක් තිබුනොත් ඇති...

    ReplyDelete
  26. අපේ අම්මා කීවා මෙවුවා හදන්න එයා ඉගන ගත්තේ පොඩිකාලේ කියලා ..ඒත් තවම එකපාරක්වත් මට මෙවුවා හදලා දිලා නෑ ..

    ReplyDelete
  27. අම්මෝ මගෙ ආසම කෑමක් තමා.දැක්කහම කටට කෙලත් ඉනුව....

    ReplyDelete
  28. @ තනෝජා රාජපක්‍ෂ

    උඩ බැලුම් කියන්නෙ නාරං කැවුම් වලට නෙමේ. නාරන් කැවුම් වල ඇතුල පැණි පොල් තියෙන නිසා විසිරෙන ගතිය අඩුයි. ඒත් උඩ බැලුම් කියන්නෙ හාල් පිටි වලින් විතරක් බොහෝම සීරු මාරුවට හදන්න ඕනෑ කෑමක්. ඒක හරියට පැණිරස පපඩමක් ඇතුලට පැණිරස කරපු බැදපු හාල් පිටි පුරවල වගේ. පොඩ්ඩ එහේ මෙහේ උනොත් සේරම කුඩු වෙලා බිම. උඩ බලං කනකොටත් පරිස්සමින් කන්න ඕනෙ. නැත්නං මූන පුරාම.

    ඕකත් අපේ ආච්චි ඉන්න කාලෙ හදාපු කෑමක් තමයි. ඒත් මෑත අවුරුදු දහයෙ නම් කාපු බවක් මතකයේ නෑ.

    ReplyDelete
  29. @prasanna86k :
    අක්කා ඕක දන්නවා මයේ හිතේ. :)

    පැණි හැලුවට අපේ අක්කා රැවටෙන්නේ නෑලු. නේද නාමලියෝ ? :)

    ReplyDelete
  30. ඔව් නවම්... අපේ අම්මත් අර Bindi ගෙ අම්මා වගේ පිට්ටු හදලා ඒකෙන් සව් දොදොල් හදලා... ඒව තමා ඔය ගුලි කරලා මැදට දාන්නෙ... කාලෙන් කාලෙට යොදාගන්න දේ අළුත් වෙනවා... ලේසියට සමහර දේ අඩු කරගන්නවා.. එහෙම නේ...

    හැබැයි මටනම් පැණ් රස වැඩියි ඕවයෙ... අර කව්ද කිව්වේ... ටී.බී. හේරත් ඔව් එයා වගේ පොත්තට තමා මම ආසත්... මුං කැවුමෙත් පොත්තට තමා මම ආස... ඇතුලෙ ටික මට අප්පිරියයි පැණි රස වැඩි නිසා.. හැබැයි අහක යන්නෙ නෑ... මොකද මයෙ මහත්තැන් කැමති ඒ පැණි රස ටිකට... :)

    ReplyDelete
  31. @ චතුමිතු - එහෙනම් ඉතින් පව් වැඩේ. ගෙදර ගියපු වෙලාවක අම්මට කියලා හදවගන්නකො.

    ReplyDelete
  32. @ Bindi - ඒකනෙ කියන්නෙ. ආයෙ මොකෝ. තනියෙන්ම හදාගෙන තනියෙන්ම ගිල දාන එක තමා ජොලි වැඩේ.

    ReplyDelete
  33. @ Gimhani - ට්‍රයි එකක් දීලා බලන්නකො.

    ReplyDelete
  34. @ prasanna86k - ඊයෙ කෙල පෙර පෙර ඉන්නෙ මොකෝ බන්. බෝඩ් වෙලා ඉන්නව කියලැයි. ගෙදරනෙ ඉන්නෙ. අම්මට කියලා හදාගනින්.

    ReplyDelete
  35. @ ටී.බී. හේරත් - මම නම් පැණෛ රසට කැමතියි. ඒ හන්ද මද හරය අහක දාන්නෙ නෑ. මුං ගුලි කියන්නෙ මුං ඇට වැඩිපුර දාලා හදන එකකට. මේකට වැඩිය මුං ඇට දාන්නෙ නෑ.

    ReplyDelete
  36. @ Dinesh - තව ලිස්ට් එක දික් වෙයි. තව ඉස්සරහටත් රෙසිපි ටිකක් දාන්නම්කො.

    ReplyDelete
  37. @ පන්සල් හංදිය - බුක් මාක් කරලා තියාගන්න එපා. රෙසිපි එක හදලා බලන්න.

    ReplyDelete
  38. @ ඕනයා - නෑ නෑ. ඉදිරියටත් මම මේ ලෙසටම බොලාගෙ ඛේට ග්‍රන්ථි අවුස්සන්න බලාපොරොත්තු වෙනවා. හූ....

    ReplyDelete
  39. @ prasanna86k - මම ඒක දන්නවා බොල. අපේ සහෝදර ප්‍රේමයට ඉරිසියා කරන්නැතුව හිටු.

    ReplyDelete
  40. @ ADK කොලුවා - හික්ස්. ඒ ඇතිද. ෂුවර්ද?

    ReplyDelete
  41. @ හිස් අහස - මෙව්වා ඉතින් හර්තාල් කරලා හරි හදවගන්න වටින කෑම.

    ReplyDelete
  42. @ කස්සා - පැණි රසට ආස කට්ටියට කියාපු කෑමක්.

    ReplyDelete
  43. @ nawammawatha - ඔන්න යන්තම් උඩ බැලුම් සහ නාරං කැවුම් වල වෙනස දැනගත්තෙ අද තමා.

    ReplyDelete
  44. @ මධුරංග - හෙහ්.. අපි සැලෙයි ඔව්වට...

    ReplyDelete
  45. @ තනෝජා රාජපක්‍ෂ - දෙන්නා දෙමාල්ලො එකතු උනාම සෑහෙන්න අරපිරිමැස්ම නේද?

    ReplyDelete
  46. ඔයාට බොහොම ස්තුතියි. ඔන්න මමත් හැදුවා, රසට ආව කැවුම් ටික

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...