Pages

Thursday, August 25, 2011

නිවෙන්න හිත


නුඹ ඇවිත්
හිතේ දුක
මට කිවුවොතින්

කැළණි විහාරය වගේ

හිත නිවන්න නම්

බැරි වේවි

ඒත්
රිදෙන හිත

සැනසෙනකල්ම

ළඟට වී

ඉන්න හැකි වේවි


කොයි තරම්
හැංගුවත්

ඔය හිත ඇතුලෙ තියන්

විඳවන දුක
ඔය ඇස් වලින්

මම දකින වග

අමතකද
නුඹට


29 comments:

  1. හ්ම්......................ඒපාර මොකද???

    ReplyDelete
  2. බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....... ටික්.

    ReplyDelete
  3. කාගෙවත් දුකක් කාටවත් පේන්න නම් අවංකවම ලොකු බැඳීමක් තියෙන්න ඕන මම හිතන්නෙ .......

    ReplyDelete
  4. ඒ ගමන මක්කැයි මේ...?

    ReplyDelete
  5. ඇස් කියවන්න පුළුවන් අය හරි අඩුයි... :((

    ReplyDelete
  6. දුක නිවන්න බැරි වුනත්...හිත් පුරා පෙම් පිරුණු ආදරයක් ලග තියේනම්..ඒකත් සැනසිල්ලක්නේ යාලු..

    ReplyDelete
  7. ඇත්ත වෙන කෙනෙක්ගේ දුකක් තව කෙනෙක් ගේ ඇස් දෙකෙන් දකිනවා කියන්නේ දැඩි බැදිමක්...

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්.......................

    ReplyDelete
  9. ඉතින් ඒ දුකෙන් පොඩ්ඩක් අරං ඔයත් බෙදාගන්න ..

    සමහරු ඉන්නවා තමන්ගේ දුක කවදාවත් ලෝකෙට පෙන්වන්නේ නෑ සතුට විතරයි පෙන්වන්නේ .. එහෙම අය අඩුයි ..!

    ReplyDelete
  10. ඇස් දෙකෙන් කියවෙනා,
    දුක ඔබට දැනෙන බව,
    දනිමි මම මගේ සඳ,
    එපමණක් ඇතිය මට,
    පහව යනු පිණිස මගෙ,
    හද පෙලන මහා දුක,

    ReplyDelete
  11. ඔව ඇතින් හිටියත් මටනම් ඒ දුක දැනෙනවා.

    ReplyDelete
  12. මේකි හැමදාම අපිව අන්දනවා... භය කරනවා.. රවට්ටනවා...

    මරු ඈ....

    ReplyDelete
  13. හ්ම් හ්ම්....
    වචනවලින් විස්තරකළ නොහැක..

    ReplyDelete
  14. කියන්නෙ නැත්තන් දෙකක් කියල හරි අහගන්න අක්කෙ. එහෙම කොහොමද තනියම හිතේ තියන් ඉන්නෙ. :)

    ReplyDelete
  15. හරිම ලස්සනයි. මට දුක ඇතිවුන දවසට ශුවර් එකටම මම එනවා ඔයාව හොයාගෙන. :D

    ReplyDelete
  16. @ නිසුපා - මොකද්දෝ දුකක් හිතේ තියාගෙන ඉන්නවා. කියන්නෙත් නෑ. දැන්නම් හරි වගේ

    @ සාතන් - ඔයා කොකාකෝලා බිව්වද

    @ පන්සල් හංදිය - ඒ අවංක බැඳීම තියෙන කෙනා හිතේ දුක හංගනකොට හරි දුකක් හිතට දැනෙනවා.

    ReplyDelete
  17. @ MaRLaN - නෑ නෑ බං නිකන් ලිව්වෙ

    @ මකුළු පැංචි - අපි නම් ඒ භාෂාවෙ කෙළ පැමිණිලා ඉන්නෙ. හික්ස්.

    @ අසනි - ඒක ඇත්ත

    ReplyDelete
  18. @ නිම්ශා - ඔව් නිම්ශා ඒක ඇත්ත.

    @ හා පැටික්කි (MS)- හ්ම්ම්ම්ම්ම්ම්ම්....

    @ හිස් අහස - කොච්චර ඉල්ලුවත් එයා දුකෙන් භාගයක් දෙන්නෙම නෑ.

    ReplyDelete
  19. @ Ravi - ඒ කවිය නම් මාර ලස්සනයි අයියෙ.

    @ Gimhani - එහෙනම් හදවතේ කෑල්ලක් වෙන්නම ඇති එයා.

    @ prasanna86k - අනේ පල පල. මම විතරද එහෙම කරන්නෙ. උඹලා හොඳ ළමයි නේ එතකොට.

    ReplyDelete
  20. @ සීතල අයියා - ඒ හැඟීම නම් විස්තර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    @ Kasun - අන්න හොඳ අදහස.

    @ නදුන් උයන - ස්තූතියි අයියෙ.

    ReplyDelete
  21. @ කොට ජීවිතේ - අම්මෝ කොජී දැක්ක කල්. අනිවා එන්න එන්න. දැන් එග්සෑම් එක ඉවරද

    ReplyDelete
  22. @ පැණි දොඩම් - [නුවන් කුමාරනායක] - නැත නැත ඒ පොට ඉවරය.

    ReplyDelete
  23. ඔව් නේ. හිතේ දුක නිවන්න බැරි උනත් අඩුම තරමේ දුක නිවෙනකන් හරි ඉන්න බැරි යෑ. දුක ඉවර උනාට පස්සේ මට උනා වගේ අමතක කරලා දාලා යයි කියලා බයයි අප්පා !!!
    මොකෝ අක්කා එකපාරට මෙහෙම හිතුනේ ?
    අක්කට නම් මොකෝ. ඔය ඉන්නේ නා මලක් !!!!! හිතේ දුක නිවන්න. අපට වගේ යෑ

    ප.ලි. - මම පරක්කු උන නිසා මට රිප්ලයි නැති වෙයිද මන්දා !!!! විභාගෙට පාඩම් කරන ගමන් බ්ලොග් කියවන්න ආවේ. බනිනවා එහෙම නෙමෙයි හරිද !!!

    ReplyDelete
  24. ආ අපි එනකොට ගින්න නිවිලාද කොහේද..නැත්තං පිදුරු ටිකක්වත් දාලා යන්න තිබුනා...:D අපරාදේ..හික්

    ReplyDelete
  25. @ මධුරංග - මේ පොඩි සිද්දියක් වෙලා ඉවරත් උනා අප්පා. මේ විභාගෙ ඉවරද මලේ දැන්

    ReplyDelete
  26. @ මාරයාගේ හෝරාව -පේනවද මුන්ගෙ තරම ඈ...

    ReplyDelete
  27. "සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගේ කඳුළු නැගේ එයයි ජීවිතේ..."

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...