Pages

Monday, September 12, 2011

වසන්තය දුර ගියත්..


වසත් ඍතුව අහවරය

එහෙත් මම නුඹව සිප ගනිමි

මගේ ලෙංගතු අහස නුඹ

මන්දස්මිත් වැගිරෙන

වසන්තය දුර ගියත්

අපිට අපි

ලෙංගතුද මොනතරම්

47 comments:

  1. මැරෙනකන්ම මෙහෙම ආදරයෙන් ඉන්න තියෙනවනම් ආයේ වෙන මොනවැයි ඕනේ.

    ඒක වෙන්ටෑ විජය කුමාරතුංග මහත්තයා කියලා තියෙන්නේ

    "සැරයැටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු"

    ReplyDelete
  2. හොඳා හොඳා... දැන් එතකොට පින්තූරෙ තරමටම දෙන්න වයසයිද?.. :)

    ReplyDelete
  3. හ්ම්ම්.. ලස්සන කවි සිතුවිල්ලක් ,.. :)

    ReplyDelete
  4. මම් මේ පින්තූරේ සේව් කරලා තියාගන්නම්. අනාගතේ පිණිබිඳුයි සජිතුයි මෙහෙම ඉදීවි. හික්ස් :)
    එතකොට මට මේ ෆොටෝපෙන්නලා කියන්න පුලුවන් නේ. ආයේ පාරක් හික්ස් :)

    ReplyDelete
  5. @ මධුරංග - කොහොමත් වයසට ගියාම දෙන්නට දෙන්නගෙ වාරුව තමා ඉතින්..

    ReplyDelete
  6. @ සාතන් - අපෝ සාතන් සීයෙ මේ තව අවුරුදු පනහකින් විතර අපි සීයගෙ වයසට ආපුවාම පින්තූරයක්.

    ReplyDelete
  7. @ ප්‍රාර්ථනා - ස්තූතියි ප්‍රාර්ථනා...

    ReplyDelete
  8. @ මධුරංග - අපෝ වයසට ගිහිල්ලත් පාඩුවෙ මුන්ගෙන් බේරිලා ඉන්න බැරි වෙයි. හික්ස්.

    ReplyDelete
  9. @පිණිබිඳු... :
    හික් හික්. අක්කට කාගෙන් ගැල උනත් මගෙන් නම් ගැලවෙන්න බැරි වෙයි. දැන් ඉතින් විභාගෙත් ඉවරයි නේ. ඇති වෙන්න බ්ලොග් කියවන්න පුලුවන්.

    ReplyDelete
  10. මටත් එකපාරටම මතක් වුණේ "සැරයටයෙන් අපි යනෙන තුරා.." සිංදුව.
    ලස්සනයි අක්කේ.

    ReplyDelete
  11. සැබෑම ආදරය ...මේක නේද ? මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ මගේ ආදරය හැමදාම මේ වගේම පවතින්න කියලා විතරමයි....

    ReplyDelete
  12. කොච්චර පිවිතුරු ආදරයක්ද....පින්තූරයත් හොදට හිතට වදිනවා ලකියො...ඒ ආච්චිගෙ මූනෙ තියෙන හිනාවෙන් හුගක් දේවල් තේරෙනවා.

    ReplyDelete
  13. මේක හරිම ලස්සන අදහ්සක් අක්කි... පුදුම ලස්සනයි.. ආදරේ කාලයත් එක්ක, වයසත් එක්ක අඩුවෙන්නෙ නැතිව.. සදාකාලිකවම පවතින පිවිතුරු බැදීමක් ව්එනවනම්.....

    ලස්සනයි..!!!!!

    ReplyDelete
  14. @ මධුරංග - අප්පේ අපේ පින තමා. හික්ස්.

    ReplyDelete
  15. @ පිසාචයා - ඒ සින්දුව ගැලපෙනව නේ. ස්තූතියි පිසා..

    ReplyDelete
  16. @ දිල් - ඔයාගෙ ආදරෙත් හැමදාම මේ වගේ තියේවි දිල්

    ReplyDelete
  17. @ නිසුපා - වයසට ගිහිනුත් අපේ ආදරේ නොවෙනස්ව තියෙනවනම් කොච්චර දෙයක්ද

    ReplyDelete
  18. @ හිතුවක්කාරි - ස්තූතියි නඟේ. ආදරේ අමරණීය නම්..

    ReplyDelete
  19. නොමැරෙන ගතියට කියන තවත් එක නමක්ලුනේ...

    ReplyDelete
  20. ලෙන්ගතුයි මෙතරම්
    කෙතරම්ද කිව නොහැක
    වසන්තය නිම නොමැත
    අපි අපිට, මම ඔබට
    ඉතින් ඔබ හිනැහෙන්න
    තවත් කාලයක්
    අපි අපේ වන වගට...

    ReplyDelete
  21. අනේ මට තේරෙන්නෙ නෑ බං මේවගේ එවුවට වැදගත්පහේ කොමෙන්ට් දාන්න

    ReplyDelete
  22. @ හිරණ්‍ය - ලස්සනයි සහෝ..

    ReplyDelete
  23. @ ඕනයා - ඈ බං අයියෙ වෙන ඒවට දාන්නෙ එතකොට වැදගත් කමෙන්ට්ද. හික්ස්.

    ReplyDelete
  24. සීදේවි හිනාව .. සීයට පුළුවන් කාලේ හොඳට ආදරෙන් සලකන්න ඇති..

    ReplyDelete
  25. මෙන්න හුග කාලෙකට පස්සේ මෙවුව එකක් ලියලා ලස්සනයි ආ.... වෙන නම මුකුත් කියන්න යන්නේ නෑ..

    ReplyDelete
  26. වසත් කළ ගෙවී ගොස්,
    බොහෝ කලක් ඉක්ම ගිය,
    එතෙකුදු නුඹ මා අසල කල,
    වසන්තය හැමදාම මාළඟ,

    ReplyDelete
  27. ගෙවී ගිය වසන්තයන්
    කොයිතරම් සොදුරුයිද
    ඒ මතක අතර රැදුන
    අපේ පෙම පිවිතුරුය තවම...

    ReplyDelete
  28. ලස්සන කවි සිතුවිල්ලක් අක්කා.....:)

    ReplyDelete
  29. ලස්සනයි තමා කියන්න තියෙන්නේ .

    "මන්දස්මිත් වැගිරෙන " ඒකේ තේරුම මොකක්ද ?

    ReplyDelete
  30. ඔයගොල්ලො හිතන්නෙ
    වසන්තය දුර ගියා කියලද?
    නෑ වසන්තය මං ළඟ
    හැමදාම මං ළඟ
    ඔයගොල්ලන්ට පෙනෙන්නෙ
    වසන්තය දුරයි කියලා
    වසන්තය කවදාවත්
    වියපත් වන්නෙ නැ
    එයාව කවදාවත්
    වියපත් කරන්නත් බෑ

    ReplyDelete
  31. ලස්සන සිතිවිල්ල, අගෙයි

    ReplyDelete
  32. @ සරත් ලංකාප්‍රිය - හී හී අත්දැකීම් වෙන්ටැ

    ReplyDelete
  33. @ MaRLaN - කාලෙකින් මෙව්ව එකක් ලිය උනේ මලේ. තැන්කූ ඈ..

    ReplyDelete
  34. @ Ravi - අරේ වා ක්‍යා බාත් හේ..

    ReplyDelete
  35. @ Dinesh - ඒ කවිය ලස්සනයි සහෝ..

    ReplyDelete
  36. @ සුදු මැණිකේ(මැණික්) - ස්තූතියි නඟේ..

    ReplyDelete
  37. @ හිස් අහස - මන්දස්මිතය - සිනහව, මද සිනහව

    ReplyDelete
  38. @ ලොකු ඡෝන් - ඔව් වියපත් වෙන්නෙ අපි වසන්තය නෙමෙයි.

    ReplyDelete
  39. @ හරී - පිණිපළස - ස්තූතියි අක්කා..

    ReplyDelete
  40. මේ වයසට එනකොට දෙන්නම ජීවත් වෙලා ඉන්නෙත් කීයෙන් කී දෙනාද. අපේ සිංහල වයසක ජොඩු මේ වගේ සිප ගන්නව මම කවදාවත් දැකල නෑ...

    ReplyDelete
  41. අපේ වයසක ජෝඩු මෙහෙම සිපගන්නවා දැක්කොත් අනික් එවුවන්ට විලි රුදාව හැදේවි.....ඒත්.....වසන්තය කවදාවත් වියපත් වෙන්නේ නැහැ.

    ReplyDelete
  42. @ Gimhani - එහෙම සිප ගත්තොත් කියයි නාකි විසේ කියලා.

    ReplyDelete
  43. @ malmi - ඔව් ගල් ගහලා එලවයි. එහෙම මිනිස්සු අපේ උන්.

    ReplyDelete
  44. ලස්සනයි අක්කේ....
    අලුත් වචනෙකුත් ඉගෙන ගත්තා....

    ReplyDelete
  45. @ පූසා - ස්තූතියි මලේ.. ලස්සන වචනෙ නේ

    ReplyDelete
  46. "බලන් කැඩපත සොඳුරියේ..."

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...