Pages

Friday, September 16, 2011

තරු මල්


නෙතු අතර දඟ කරන
හීන හොරකම් කරන

මල් පියල්ලක නමුදු
මහ මෙරක බර දැනෙන

කලාවෙන් කලාවට
පිරෙන පුන්සඳ සේම

තත්පරෙන් තත්පරේ
සෙනෙහෙ දිය හද පුරන

හිනා මල් දෝතක්ම
හිත පුරාවට පිපෙන

සහස් ගව් ගෙවන් ආ
තරු මලයි නුඹ මෙමට

41 comments:

  1. හීනත් එක්කම හිතත් හොරකම් කළා නේද ?
    හොරා අහු උනාද ඉතින්. දන්නේ නැති නිසයි අහන්නේ. හික්ස් :)

    ReplyDelete
  2. ප්‍රේමණීය කවියක් නේ....

    ReplyDelete
  3. බලාගෙන ඈ වෙන මුකුත් හොරකම් කරන්න දෙන්න එපා.

    ReplyDelete
  4. ලස්සනයි අක්කේ, හරිම ලස්සනයි

    ReplyDelete
  5. ඔව් ඈ....... වෙන මුකුත් හොරකම් කරන්න දෙන්න එපා.

    ReplyDelete
  6. හරිම ලස්සනයි....!!! ආදරේ දැනෙන කවියක්..

    ReplyDelete
  7. හරේ දැන් දවස් ලංවී ගෙන එන්නේ...!

    අක්කේ කියනවකෝ ඕයි කවද්ද අරක තියෙන්නේ කියලා... අපිත් ආසා නැතුවයි අමාරුවේ වැටෙන අයියගෙ මූන බලාගන්න.

    ReplyDelete
  8. අගේ කරන්න වටින සිතුවිල්ලක්නේ.....

    ඒත් හත්වලාමේ ඔයි එක එක එව්වා දෙනවා හෙම නෙමෙයි හොරකම් කරන්න.

    ReplyDelete
  9. "කලාවෙන් කලාවට
    පිරෙන පුන්සඳ සේම

    තත්පරෙන් තත්පරේ
    සෙනෙහෙ දිය හද පුරන"

    මෙන්න මේ ටික නම් මාර ලස්සනයි අක්කෙ.....
    ඒ කිව්වට කවියම ලස්සනයි.....

    ReplyDelete
  10. "කලාවෙන් කලාවට
    පිරෙන පුන්සඳ සේම"

    නඟේ,

    බැන්දයි පස්සෙ ඔය පුර අවට යන්න නොදී තියා ගැනීම කාගෙ කාගෙත් වගකීමයි කියල මතක තියා ගෙන් හිටින්.

    ReplyDelete
  11. ඔය කවි ටික දාල තියන ෆිල්ම් ඒකට සම්භන්ධ නෑනෙ? ෆිල්ම් ඒකනම් පට්ට

    ReplyDelete
  12. ලස්සනයි තමා ඉතින් ආයේ මොනාද

    ReplyDelete
  13. නරක සොරා . . . . සැප කියල දුකමයි දෙන්නෙ . . . .

    ReplyDelete
  14. හිතට දැනෙන ලස්සන කවි සිතුවිල්ලක්.......:)

    ReplyDelete
  15. දැන් අක්කේ සිරාවටම මේ කවිය හිනා මල් ගැනද, තරු මල් ගැනද, වෙන මලක් ගැනද??? ;)

    ReplyDelete
  16. අද මෙවුවා එකනම් ලස්සනයි ආ... හදිස්සි අවශ්‍යතාවයක් උද්ගත උනොත් ඉස්සීමට අවසර දෙනවද?

    ReplyDelete
  17. හරිම ලස්සනයි අක්කේ කවි පෙල... කවුද අපේ පිණිබිදු අක්කගේ හීන හොරකම් කලේ??

    ReplyDelete
  18. හැබෑට මාළුවා අයියත් කීවා වගේ දවස කීවනම්. නෙක්ස්ට් ඉයර් කේක් ෂුවර් වගේ......

    දැන් හැබෑටම අයියා පවුනේ ඔහොම ප්‍රසිද්ධියේ අන්සතුදේ ගැනීම පිළිබඳ චෝදනා එල්ල කලාම...... හික්ස්......

    මොනවා උනත් කවිමුතු වැල නම් අපූ...රුයි......

    ReplyDelete
  19. සොරාගත් නුඹ,
    මගේ සිහිනයෙ,
    සිටියෙ කවුරුද?
    ඒ නුඹම මිස,

    ලස්සනම ලස්සනයි පිණිබිඳු, ආදරණීයම පද වැලක් ඇත්තෙන්ම,

    ReplyDelete
  20. @ මධුරංග - හොරා අහු උනා මල්ලි. අද ඇවිත් හිටියෙ.

    ReplyDelete
  21. @ නදුන් උයන - ස්තූතියි අයියා.

    ReplyDelete
  22. @ Gimhani - හොරා කවුද කියල දන්න නිසා දැන් පරිස්සමින් ඉන්නෙ.

    ReplyDelete
  23. @ ප්‍රාර්ථනා - තැන්කූ තැන්කූ...

    ReplyDelete
  24. @ ශානු - හී හී විමසිල්ලෙන් ඉන්නෙ දැන්

    ReplyDelete
  25. @ හිතුවක්කාරි - ස්තූතියි හිතුවක්කාරී...

    ReplyDelete
  26. @ prasanna86k - ඇයි බං ඔය දැකගත්තෙ එයාව අද.

    ReplyDelete
  27. @ malmi - ස්තූතියි මල්මී..

    ReplyDelete
  28. @ පිසාචයා - තැන්කූ මලේ..

    ReplyDelete
  29. @ ඉන්දික උපශාන්ත - හම්මෝ බය හිතෙනව අයියෙ ඕවා අහපුවාම.

    ReplyDelete
  30. @ චතුරංග ජයවර්ධන - ෆිල්ම් එකට සම්බන්ධ නෑ. ඒත් ඒ ෆිල්ම් එකට මම පුදුම විදිහට ආසයි. ආදරේ ගැන කියද්දි මතක් වෙන ෆිල්ම් එකක්. ඒකෙ ඒ කොල්ලගෙ දඩබ්බරකම මගේ ජීවිතේ ඉන්න කෙනාගෙත් අඩු නැතුව තියෙනවා.

    ReplyDelete
  31. @ හිස් අහස - ස්තූතියි සඳරූ...

    ReplyDelete
  32. @ ඕනයා - හික්ස්. කියල වැඩක් නෑ.

    ReplyDelete
  33. @ සුදු මැණිකේ(මැණික්) - ස්තූතියි නංගී..

    ReplyDelete
  34. @ මන්තරකාරි - මේක ඇවිල්ලා නංගි නාමලක් ගැන.

    ReplyDelete
  35. @ MaRLaN - අවසරයි අවසරයි. දැන් ඔය හදිසි අවශ්‍යතාව ගැන අපිවත් දැනුවත් කරොත් නරකද.

    ReplyDelete
  36. @ Dinesh - වෙන කවුද ඉතින්.

    ReplyDelete
  37. @ හා පැටික්කි (MS) - බොහෝ විට නෙක්ස්ට් ඉයර් හරි වගේ. තාම දවසක් නෑ හයියෝ..

    ReplyDelete
  38. @ Ravi - ඔයාගෙ මේ පුංචි පද වැලත් හරිම ලස්සනයි අයියා.

    ReplyDelete
  39. හරියට හොරු නේ . කවිටික ලස්සනයි ..

    ReplyDelete
  40. @ Bindi - සුන්දර හොරු අක්කා.

    ReplyDelete
  41. "නැත ලොවේ අන් කිසි තැනා - ආදරේ මෙන් සුවදෙනා" කියනව නෙ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...