Pages

Sunday, September 18, 2011

පොත් සැණකෙලිය සහ බ්ලොග් අවකාශයේ මිතුරෝ


"ළමා...යි... BMICH එකේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්නෙ කවුද.... කවද්ද.... "
බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් එකේ දාපු මේ ස්ටේටස් එක මතකයි නේද. එදා මෙදාතුර ගෲප් එකේ වැඩිම කමෙන්ට් තිබ්බ ත්‍රෙඩ් එකත් ඒක උනා. බුදු අම්මෝ හයදාස් ගානක් කමෙන්ට්. තවත් ඒ ත්‍රෙඩ් එක දුවනවද කොහෙද.

ඉතිං කොහොම කොහොම හරි කට්ටිය ගහ මරාගෙන 18 වෙනිදා යමු කියලා තීරණයකට ආවනෙ.

කොහොම හරි 18 උදේ නිසූපා කෝල් කරලා උඹ කොහෙද බං කියනකොටත් මම බෝඩිමේ.

ඉක්මනට ලෑස්ති වෙලා කටුබැද්දට ගියා. සජිත් බම්බලපිටියට එනවා කියපු නිසා මොරටු පිටකොටුව බස් එකක යන්න මම හැදුවෙ. කොහොම හරි කලින් ආපු බස් එක පානදුරේ එකක්. බලපු හැටියට නම් හිස් සීට් තිබ්බෙ නෑ. මොකට හිටගෙන යනවද කියලා පිටිපස්සෙන් ආපු බස් එකට නැග්ගා.

ඇත්තටම හදිස්සියට බෝඩ් එක බැලුවෙ නෑ. 'ම'යන්නක් තිබ්බ වගේ මතකයි. මොරටුව කියලා මම හිතුවෙ.නැගලා වාඩිවෙලා ටිකට් ගත්තා බම්බලපිටියට.

හපෝ කොන්දොස්තර මහ කින්ඩිම කින්ඩි හිනාවක් දාලා කිව්වෙ නැතෑ මේක බම්බලපිටි යන්නෙ නෑ මහරගමට යන්නෙ කියලා. ඉතින් කාලා වරෙන්කො. මොරටු කියල හිතාගෙන මහරගම බස් එකකට නැගල තියෙන්නෙ.

දඩි බිඩි ගාලා අඟුලානෙන් බැහැලා වෙන බස් එකක ගිහින් බම්බලපිටියෙන් බැස්සා. සජිතුත් එක්ක එතනින් BMICH ආවා.


ආපු ගමන් නිසූපට කෝල් කරාම මේකි ඉන්න ඉසව්ව කිව්වා. යන්තම් ගේට්ටුවෙන් හම්බෙච්ච මැප් එකට පින්සිද්ධ වෙන්න එතෙන්ට ගියා. හප්පොච්චියේ ගියාට පස්සෙ කොහෙ හොයන්නද. සූ ගාලා සෙනඟ.

කොහොම කොහොම හරි මිනිස්සුන්ගෙ අස්සෙන් රිංගලා නිසූපව අල්ල ගත්තා. අනේ මේකි අර අහිංසක නංගිවත් රවට්ටගෙන එක්කන් ඇවිත් ලොකු බෑග් එකකුත් දීලා. ඇයි ඉතින් පොත් ටික කරගහගෙන යන්න කවුරුහරි එපැයි.

ඔන්න ටිකක් වෙලා කයියක් ගහගෙන ඉඳලා මායි සජිතුයි සන්හිඳ එකට ගියා.


මෙන්න නිසූපා කෝල් කරනවා ගොල්ඩ් ෆිෂ් උඹව හොයාගෙන එනවා සුදු ටී ෂර්ට් එකක් ඇඳලා කැප් එකකුයි දාලා ඉන්නෙ කියලා. සෙනඟ පීරලා බලද්දි මෙන්න මාළුවා පීනගෙන එනවා.

ඒ අස්සෙ සජිත් අහනවා ඔය මාළු විතරද ඉන්නෙ ඉස්සො දැල්ලො නැද්ද කියලා.

මාළුවත් එක්කත් එහෙ මෙහෙ පීනලා පොත් හෙවුවා. ඒ ඔක්කොමත් හරි මෙන්න මේකා යශෝධරාවත පොත බදාගෙන ඉන්නවා. දාලා යන්න බෑ කියලා. මොකද මන්දා.


ඊට පස්සෙ තමා ඉතුරු සෙට් එක හම්බ උනේ. ඉස්සෙල්ලාම මධුරංග හම්බ උනා. මධුරංග ස්ව කැමැත්තෙන්ම සජිත්ගෙ බයික් එකේ ටයර් එකක් වෙන්න ඉදිරිපත් වෙලා. බලන්ඩ ඉතින් අපේ දියුණුව පතන මිනිස්සු.

පස්සෙ චාපා නංගි, ශිරෝශි, මාධව, හිරු එළිය ලියන මල්ලි, සිරී කොළුවා කට්ටියත් හම්බුනා. අනේ කට්ටිය තව හිටියා. කතා කරන්න බැරි උනා.

ටික වෙලාවක් කට්ටිය එක්ක වල්පල් දොඩව දොඩව හිටියා. අපි කොයි තරම් අනිත් උන්ට ඇණයක් උනාද කිව්වොත් එතන බුක් ස්ටෝල් එකෙන් අපිව එලෙව්වත් එක්ක.

ටික වෙලාවකින් මායි සජිතුයි ගොඩගේ එකට ගියා.


ඒකෙන් එළියට එනකොට මිනිස්සු යන පාරෙ පඩිපෙලක පුරුදු මූණු ටිකක්. හපොයි මුන් ටික මොක්කුද වගේ එතන ලැගගෙන. අපිටත් මොකෝ. අපිත් ලැග්ගා එතනින්ම. පොටෝ ෂූට් එකකටත් මූණ දුන්නා ඉතින්.

තව පොත් ලිස්ට් එකේ ගත්තෙ නැති පොත් ගොඩක් තිබ්බ නිසාත් තව වැඩ වගයක් දාගත්තු නිසාත් ඉක්මනට උඹලගෙන් සමුගන්න උනා. මාළුවාගේ නිමක් නැති මඩ ප්‍රහාර වලින් බේරිලා ආයෙත් පොත් හොයන්න ගියා.

විජේසූරිය එකේ මහා සෙනඟ ගොඩ අස්සෙ මෙන්න දැකලා පුරුදු මූණක්. ජීවිතේ මල් ලියන දිල් අක්කා. එයාව ඇත්තටම දැකලා නොතිබ්බත් මූණු පොත නිසා දැක්ක ගමන් අඳුර ගත්තා.


දිල් අක්කා සෝරෝ, ජේඩී සහ වැප් ආවා කියල කිව්වට මම දැක්කෙ නම් නෑ. 26 යනවා කියලා පෙරලි පෙරලි අඬපු සෝරෝ මොකට 18 ආවද මන්දා.

අම්මෝ උස්සගන්නත් බැරි තරම් පොත් කන්දකුත් එකතු කරගෙන අපි එන්න පිටත් උනා. ඔය උඩ පින්තූරෙ දාලා තියෙන්නෙ මම ගත්තු පොත් තමා. තව පොත් දෙකක් අඩුයි. සජිත් අරන් ගියා.


ඉතින් වචන වලින් අඳුන ගත්තු පිරිසක් හැබෑවටම දකින එකත් හරිම සුන්දර අත්දැකීමක්. ඒ අත්දැකීම උඹලා නිසා මම වින්දා. කවදාවත් මේ දවස නම් මතකයෙන් මැකෙන එකක් නෑ.

75 comments:

  1. පොත් ප්‍රදර්ශනේ ගැනමයි ලියන්නේ,, ඉරිසියාවෙ බෑ අප්පා, ලබන පාර යන්න පුළුවන් වෙන්න කියලා භාරයක් වත් වෙන්න ඕනෙ :(

    ReplyDelete
  2. කෝ අර පොටෑපෝටෙලෝ කතාව... මම මේ ඒක බලන්න ආවෙ...

    මධුරංග මලය ටයර් එකක් එතකොට... ‍එල එල

    ReplyDelete
  3. මම තමයි ඉස්සෙල්ලම කමෙන්ට් කරේ. අනිත් කට්ටියවත් ඉක්මනටම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ජය..

    ReplyDelete
  4. අවංක ඉරිසියාව මෙයින් පිරිනැමේ

    ReplyDelete
  5. මං ගන්න හිතාගෙන පොත ගන්න පුළුවන් වුනේ අක්කා නිසානේ... එහෙව් එකේ මං මඩ ගහයිද?

    ඒක නෙමේ අර සැවෝයි එකේ මොකද්ද සාරි තෝරන්න යනවා කිව්වේ ගියාද?

    ReplyDelete
  6. මාව ටයර් එකට දාන්න එපා කියලා මං සජිත් අයියට කිව්වත් එක්ක. කොයි මේ කට්ටිය අහන එකක් යෑ. අක්කා මදුරංග මල්ලි කියාගෙන ආවම මට මාර හැපි අක්කේ !!!!

    ReplyDelete
  7. මෙන්න මගෙනුත් අවංකවම ඉරිසියා මල් පොකුරක්

    ReplyDelete
  8. හික්ස්....මෙන්න කස්ටිය මගෙ පොටෑපෝටෙලෝ කතාව හොයනවා. ඔයා ගිහින් එතකොට වෙලාවට...:)))

    යකෝ ඔය වගේද බං අපි ගත්ත පොත්. එතන පොත් 30ක් තිබුනානෙ. O_o. ගෙදර ඇවිත් බැලුවාමයි දැක්කෙ.

    ReplyDelete
  9. සන්තෝෂයි කට්ටිය අඳුනගෙන තියෙන එකට...

    ReplyDelete
  10. අෆ්ෆා..... අක්කා කටුබැද්දේ ඉඳන්ද ආවේ දන්නවා නම් මමත් අක්කා එක්ක එනවා

    ReplyDelete
  11. අයියො අපි දන්නේ නෑ නේ ඔයාලා අවා කියලා....

    ReplyDelete
  12. @ හරී - පිණිපළස - ඒකනෙ අක්කා. ඊළඟ පාර කට්ටියම එකට යමු.

    ReplyDelete
  13. @ සාතන් - ඒ කතාව නම් නොදනී. මේ ඔයත් ආවද ඊයෙ. දැක්කෙ නෑනෙ.

    ReplyDelete
  14. Bindi malmi සමගින් මගෙනුත් අවංක ඉරිසියාව...

    ReplyDelete
  15. @ cjgayan - නෑනෙ සහෝ.. ඔයා තුන් වෙනියට කමෙන්ට් කරල තියෙන්නෙ

    ReplyDelete
  16. @ Bindi - ඉරිසියාව උනත් අවංකයිනෙ අක්කා. ඒක කොච්චර දෙයක්ද.

    ReplyDelete
  17. @ prasanna86k - ඔය එතකොට මඩ නෙමෙයි නේ. සැවොයි ගියේ නෑ බොල මාලුවෝ...

    ReplyDelete
  18. @ මධුරංග - මම නම් ඔයාව දුරදිම අඳුරගත්තා. සතුටුයි මල්ලි ඇත්තටම උඹලව හම්බෙච්ච එක නම්.

    ReplyDelete
  19. @ malmi - හොඳ වැඩේ ආවෙ නැති උනාට.

    ReplyDelete
  20. @ නිසුපා - ඒ බං ඇත්තට මොකද්ද ඒ කතාව.

    ReplyDelete
  21. @ තනෝජා රාජපක්‍ෂ - අක්කා ආවෙ නැද්ද ඊයෙ

    ReplyDelete
  22. @ ශානු - ඔයත් මෙහෙද. හානේ අපි අසල්වැසියො වෙන්න ඇති එහෙනම්.

    ReplyDelete
  23. @ තරිඳු - අපිත් දන්නෑනෙ ඔයාල ආවා කියලා.

    ReplyDelete
  24. පොත් ගොඩා....ක් අරන් ඔයා.ඊරිසියාවේ බෑ...

    ReplyDelete
  25. නැනෙ පිණිබිඳු.. ඊයෙ දහම් පාසල් තරඟනෙ...

    ReplyDelete
  26. මමත් ඇවිත් කතා කරල ටක් ගාලා ගියා නොවැ. කෝ අක්කා හිටියේ නෑ නොවැ. අනික් එකාලයි එකියලයි නම් හිටියා..

    ජය...

    ReplyDelete
  27. අපිට ඉරිසියාවේ බෑ...
    1. අපි ඉතින් ආයේ කවදා පොත් ප්‍රදර්ශන බලන්නද..
    2. ආවනම් මටත් කට්ටිය මුණ ගැහෙන්න තිබුනනනේ...

    ReplyDelete
  28. කරුමේ කරුමේ, නැන්දම්මයි මාමණ්ඩියි කඩං පාහත් උණේ නැද්ද හරියටම එදාම. අනේ ඉතිං අපේ ගෙදර උන්දෑ මාව පු‍ටු කකුලකට තියල ගැටහහල නෙව තිබුනෙ. බොලා එකෙක්වත් පණ පිටිං දැක බලාගන්න බැරි උණානෙව.

    ReplyDelete
  29. මම සුවාරපොල අක්කා

    ReplyDelete
  30. @ නදී - ඉරිසියා නොකර හොඳ ලමයා වගේ පොත් ප්‍රදර්ශනේට ඇවිත් පොත් ගත්ත නම්..

    ReplyDelete
  31. @ තනෝජා රාජපක්‍ෂ - අයියෝ අපරාදෙ අක්කා. ඒත් ඔයාව හම්බවෙන්න ඕනෙ නම් මට කැම්පස් එකේදිත් පුලුවන් නේ..

    ReplyDelete
  32. @ Gayan Rupasinghe - අපරාදෙ අපිට ඉක්මනට යන්න උනානෙ.

    ReplyDelete
  33. @ Dinesh - එහෙනම් ඉතින් ඉරිසියාකරනවා හැර කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  34. @ nawammawatha - අප්පා පොත් වගේද නැන්දම්මයි මාමණ්ඩියි. සේප් එකේ තියාගන්න එපැයි. මොනා කරන්නද අයියා. ඊළඟ ගෙට්ටුවේදි වත් හම්බවෙමු.

    ReplyDelete
  35. @ ශානු - අඩේ මරු නෙ. හදිස්සියක් උනොත් බයවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  36. @ Tanikada - ඔයාව මඟ ඇරුනනෙ කමෙන්ට් කරන්න. මොකට ඉරිසියා කරනවද හයියෝ එන්න තිබ්බනෙ.

    ReplyDelete
  37. අක්කටවත් මාව මතක් උනේ නෑනෙ... :(

    ReplyDelete
  38. ඊරිසියාවෙ බැරුවා...

    ReplyDelete
  39. එතකොට බොලාලට අපි එනකං තව පැයක් ඉන්න බැරි ගානටම කඩි කුලප්පුව හැදුනා නේද . . . .????

    ReplyDelete
  40. ඊරිසියාවයි, දුකයි හිතේ තරඟ කරනවා...:(

    ReplyDelete
  41. ඊරිසියාවෙ බැරුවා...
    එන්න බැරු වුනානේ මේ වැඩ කන්ද එක්ක :(

    ReplyDelete
  42. ආසාවේ පන යන්න හදනව්වා අක්කේ . ඇයි ඔයා ගත්තු එවුවා අපිට පෙන්නලා අපිට දුක් දෙන්නේ ?

    ලඟපතාක ඕක තිබුණා නම් ඉඩ කඩම් හරි උකස් කරලා මමත් එනවා පොත් ගන්න

    ReplyDelete
  43. අපිත් යන්ට තමයි හිතං ඉන්නේ... පොත් ගැනිල්ල කෙසේ වෙතත් බලලා පෙරලලාවත් එන්ට

    ReplyDelete
  44. ඊ..................................................................රිසියා......................................................යි........

    කමක් නෑ අපි ලබන පාර යනෝ........

    ආහ් අමතක උනා. දෙන්නා හැඩයි ඈ.......

    ReplyDelete
  45. දුකේ බැරුවාය,,,, ඊරිසියාව ඊටත් වඩා වැඩිය.... දැන් ඉතින් හොඳ නංගි වගේ සතියට එක ගානෙවත් ඔය පොත් ගැන විචාරය ගානේ ලියන්නකෝ,...

    ReplyDelete
  46. දුකක් දැනේ,......
    හිත වාවනු බැරුවා...

    කොහොමහරි කට්ටියම සෙට් වෙන්න දවසක් ඒවිනේ

    ReplyDelete
  47. @ මන්තරකාරි - ඔයත් ආවද නංගි

    ReplyDelete
  48. @ Observer - මොකට ඉරිසියා කරනවද. ලබන පාරවත් නිවාඩුවක් හොයාගන්න බලමු.

    ReplyDelete
  49. @ ඕනයා - හා එතකොට බොලාලට පැයක් කලින් එන්න බැරි තරම් මහ ලොකු වැඩ නේ..

    ReplyDelete
  50. @ Podi Kumarihami - මොනා කරන්නද ඉතින්. ලබන පාරවත් බලමුකො නේ.

    ReplyDelete
  51. @ bckurera - දෙසැම්බර්ද කොහෙද තියෙන ගෙට්ටුවේදිවත් එන්න.

    ReplyDelete
  52. @ හිස් අහස - ආ සඳරු කියන්න අමතක උනා බං. මම විදර්ශන එකෙන් අහල බැලුවා. එයාලගෙ මෙම්බර්ශිප් එක තාම ගන්න පුලුවන්. එච්චර ලොකු ගානක් ගෙවන්න නෑ බං. පොඩ්ඩක් හොයල බලපන්. ලේසියෙන්ම ගෙදරටම පොත් ටික ගෙන්න ගන්න පුලුවන්.

    ReplyDelete
  53. @ මාරයාගේ හෝරාව - ආයෙ හිත හිතා හිටියෙ මොකෝ එන්න තිබ්බනෙ ඉතින්.

    ReplyDelete
  54. @ හා පැටික්කි (MS)- ලබන පාර දැකබලාගමුකො එහෙනම් කට්ටිය.

    ReplyDelete
  55. @ නදුන් උයන - පොත් ටික කියවන්න ගත්තා. ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ. සයුරී (Memories of geisha). ඒක නම් පට්ට කතාව අයියේ. මම පෝස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  56. @ දේවා ගේ අඩවිය - දෙසැම්බර් වලදි බලමු.

    ReplyDelete
  57. @ පැණි දොඩම් - ඒකනෙ අපරාදෙ.

    ReplyDelete
  58. අයියයියෝ මට කවුරුත් කිව්වෙ නෑ නේ එක ලඟටම ඇවිත් මිස් වුනා......

    ReplyDelete
  59. @ pissi - ඇයි හත්දෙයියනේ අර මෙගා ත්‍රෙඩ් එකක් ගියෙ. දැක්කෙ නැද්ද මූණු පොතේ

    ReplyDelete
  60. කට්ටියම ගැන සැරේට ලියන්නෙම පොත් ප්‍රදර්ශනේ ගැන. කොහෙද අප්පා අපිට ඔව්වට එන්න චාන්ස්? නපුරු කලට වට් ටු ඩූ ?

    ReplyDelete
  61. බලන්නකෝ,,, සිකේ,.. ඉරිසියාවේ බෑ. මේ ගොල්ලෝ අපිට හොරෙන් ගිහින් කාලා බීලා ජොලි කරලා ඇවිත්... :P
    :D :D :D :D

    ReplyDelete
  62. එතකොට පිණියෝ අර අපේ සජිත් මහත්තයා ආස කරපු පොත් ටික එහෙම ගත්තේ නැතැයි. එදා පැනලා දුව්වට පොත් ගත්තේ නැද්ද මන්දා. හික්ස් :)

    ReplyDelete
  63. අඩෝ පිණිස්..ඔන්න අපිත් නිකං ඉන්නවට ගෙහුන් ආවා...

    ReplyDelete
  64. @ ක්සැන්ඩර් | Xander - වට් ටු ඩූ සහෝ. ලබන පාරවත් එන්න බලමු.

    ReplyDelete
  65. @ ප්‍රාර්ථනා - ඇයි බොලේ අර මූණු පොතේ ගිය ත්‍රෙඩ් එක දැක්කෙ නැද්ද. කට්ටිය ගහ මරාගෙන 18 යන්න කැමති උනේ.

    ReplyDelete
  66. @ මධුරංග - ගත්තා ගත්තා. ටාර්සන් පොතුයි ෂර්ලොක් හෝම්ස් පොතුයි තමා එයාට ඕනෙ උනේ. තව බාගේන් ශොප් එකෙන් ටෙක්නිකල් පොත් වගේකුත් ගත්තා.

    ReplyDelete
  67. @ මාරයාගේ හෝරාව - එහෙනම් අයියෙ බලමුකො මාර පොත් කොහොමද කියලා.

    ReplyDelete
  68. හික්ස්. මමත් ඔයාව දැක්කලුනෙ. අපේ කැම්පස් එකේ කිව්වට මම නම් දැකල නෑ මම හිතන්නෙ මීට ඉස්සෙල්ල. :(
    කෝ ඉතින් අච්චර අපි අර මෙගා ත්‍රෙඩ් එකේ කතා බහ කරල දාගත්තු ගෙට් ටුගෙදර් එක. මේ එක එකා දන්නෙ නෑ කිය කියා කෙඳිරි ගානව. :(

    ReplyDelete
  69. මම "පිපි පියුම්" හෙවුවා හම්බ උනේ නැහැනෙ... මොහොකද තිබුනෙ? කවුද ප්‍රකාශකයා

    ReplyDelete
  70. @ Madhawa Habarakada - ඒකනෙ කියන්නෙ. මෙච්චර ඉඳලා මාත් දැකල තිබුනෙ නෑනෙ.

    ReplyDelete
  71. @ සරුංගලේ - මම ගත්තෙ සරසවි එකෙන්.

    ReplyDelete
  72. thanks අක්කේ...... මම නුගේගොඩ බලන්නම්කො.... තව දවසක් කලින් කිව්වනම්.........

    ReplyDelete
  73. අපි ඉතින් පොත් කියවන අය නෙවේ නෙ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...