Pages

Wednesday, December 21, 2011

නත්තල සහ වයින්


නත්තල ටිකෙන් ටික ළං වෙනවාය. මට නං සම්පූර්ණයෙන්ම නැතත් බාගෙට නත්තල් ඇත්තේය. ඒ මක් නිසාද යත් සජිත්ට නත්තල් ඇති නිසාය.

පහුණු දවස් ටිකේ නත්තල් ගහේ එල්ලන්නට පාට පාට බඩු ගන්නට කකුල් කැඩෙනකල් ඇවිද්දෙමු. ලස්සන බව ඇත්තය. නමුත් ගණන් ඇසූ කල පාට ඇඳුමක් ඇඳගෙන නත්තල් ගහේ එල්ලී ඉන්නට ඇත්නම් ඊට වඩා අගනේ යැයි සිතෙන්නේය. ඒ තරමට ඒවා අස්ප ගණන්ය.


අවුරුදු ගාණක් හිතාගෙන හිටියාට හදන්නට බැරි වූ නත්තල් කේක් එකේ නම් මෙදා පොටේ රෙසිපි එක අහු විය. දෙන්නම් බැටේ කියාගෙන නත්තල් කේක් එකට බඩු ගන්නට ගිය විටද ඒවායේ ගණං වලට සිහි මූර්ජා තත්වයට තව පොඩ්ඩෙන් පත් වන්නේය.

ඒත් කෙසේ හෝ ග්‍රෑම් 250 ගන්නට ඕනෑ ඒවාට ග්‍රෑම් 100 බැගින් හෝ අරගෙන කේක් හදන පරම අදිටනින් සිටින්නෙමි. වැඩේ හරි ගියොත් පොටෝ කෑලි සමඟ පෝස්ට් එකක් බලාපොරොත්තු විය හැක. මේ දිනවල දිගට හරහට කෑම ගැන පෝස්ට් දාන උන්ට රිටන් එක දෙන්නේ එසේය. හදිස්සියේ වත් කේක් එක හදාගන්නට බැරි උනොත් මේ කියූ එක උඹලාට අමතක වේවා යැයි පතන්නේය. මන්ද මම බොලාගේ හැටි දන්න නිසාය.


නත්තලට මට නම් දැම්මම තෑගි හම්බ වෙලාය. මෙවර නම් ඉල්ලන්නටත් කලියෙන් වයින් බෝතලයක් අතටම පත් වූයේය. වයිට් වයින් ගැන හීන මවාගෙන හිටි මට ආයෙත් ලැබුණේ රෙඩ් වයින් එකක්මය. කමක් නැත. අලියෙක් ඉල්ලූ අපිට හෙණ්ඩුවක් ලැබුණත් කම් නැතිය.

මෙවර නම් වැදගත් විදිහට බොන්නට තරයේම අදිටන් කර ගෙන සිටිමි. වයින් යනු බඩජාරී කමට බොන දෙයක් නොවන වග පහුගිය පෝස්ට් එකේදී බොහෝ දෙනා පැවසූ වග මතකය. පළවෙනි උගුර බොනතෙක් එය මතකයේ තිබුණත් ඉන්පසු එය අමතක වී යන හැටි නම් පුදුමය. මෙවර ලැබුණේ Cinzano - Rosso වයින්ය. බොන්නත් කලින් ඇල්කොහොල් ප්‍රතිශතය දැක මට වෙරිය.




නත්තල් නිවාඩුව මම නම් අලුත් අවුරුද්ද වෙන තෙක් එක්ස්ටෙන්ඩ් කර ගත්තෙමි. ගමේ ගිහින් එනකල් බ්ලොග් එක පැත්තේ එන්නට වෙන්නේ නැත. මක් නිසාද යත් ගෙදර තිබූ කොම්පියුටරය ජාල සබඳතාවත් සමගම අක්කා දෑවැද්දට ගෙන ගොස් ඇති බැවිණි.

මගේ ලැප් ටොප් එක ටොපේ ටොප් විදිහට බිම වැටී කෑලි දෙකකට වෙන් විය. ලැපේ කෑලි දෙක දිහා බලාගෙන හූල්ල හූල්ලා ඉඳිමි. ස්ක්‍රීන් එක පලු දෙකකට ගැලවී ඇති සැටි නම් බලා ඉන්නට දුකය.

අලුතෙන් ස්ක්‍රීන් එකක් දාන්නට මුං ඒවා ලංකාවට ගෙන්නන කල් බලා ඉන්නට සිදු වේය.
එතකල් මට සොරිය. ස්ක්‍රීන් එකම අලුතෙන් දැමීමද ලේසි නැත. ඕවා ගැන දිගින් දිගටම කල්පනා කරන්නට ගියොත් ඔලුවට ගොංකවඩි කෙටීමට ඉඩ ඇත. ඒ නිසා නිවාඩුවට ගෙදර ගොස් ටීවි එකේ යන නත්තල් පිච්චර් බලන්නට මම හිත හදාගෙන ඉඳිමි.

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවාය. මට අලුත් අවුරුද්දට වෙනම සුභ පතන්නට වෙන්නේ නැති නිසා කලින් සුභ පැතුම දිගු කර ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවායිද පතන්නෙමි.

54 comments:

  1. සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා !...

    පිනිබිඳු කියන නම වෙනුවට වයින්බිඳු කියල නම දාමුද?...

    ReplyDelete
  2. අක්කාටත් සුභ නත්තලක් සුභ අලුත් අවුරුද්දක් වේවා!
    ඒ වගේම වෙරි වේවා! චියර්ස්!

    ReplyDelete
  3. එලය සුබ අලුත් අවුරුද්දක් ම වේවා ය , හැබැයි පරිස්සමින්ය වයින් (ඕනෑම මත් පැන් වර්ගයක් ) බීවාම කාන්තා රත්නයට තැපෑලෙන් වැදීමට තිබෙන ඉඩකඩ වැඩිය ...........
    කේක එකේ පොටෝ එක කෙසේ වෙත්තත් බීලා වැටී සිටින පොටෝ එකක් වැටීමට ඉඩකඩ වැඩිය .................

    ReplyDelete
  4. ඕක Vermouth. ඕක වයින් නොවෙයි. නමුත් අපිට නං කියාපු ජාතිය

    ReplyDelete
  5. ඕක ඉක්මනට බීලා රස ගුණ කියන්කෝ :-D

    ReplyDelete
  6. @ සාතන් - එපා එපා මේ තියෙන නම හොඳා..

    ReplyDelete
  7. @ පූසා - එසේම එසේම. චියර්ස් පූස්..

    ReplyDelete
  8. @ sameera - නැත නැත. මෙවර පෙරේතකම පසෙක තබා වැදගත් ලෙස සිටිමි.

    ReplyDelete
  9. @ ඊ මේල් කවිකාරි - ඔය Vermouth කියන්නෙ මොකද්ද කොරාපු වයින් ජාතියක් නේද.

    ReplyDelete
  10. @ ම - ඔව් ඉතින් මෙහෙම පෝස්ට් එකක් දැම්මොත් නම් එයි මේ පැත්තෙ. අම්මපා මුන් හැදෙන හැටිද.

    ReplyDelete
  11. මේකිට දැම්ම වෙරි වගේ. නත්තල් ජය උනාට නත්තල් ගස් නං කොල්ලොන්ට පේන්න බෑලු.

    සුභ නත්තලක්!

    ReplyDelete
  12. අයියෝ ඕක එච්චර සැර නෑ.. අක්කට 95% vol තියෙන එකක් ඕනෙයි..

    නත්තක් කේක් මටනම් අමතක වෙන්නේ නෑ.. හැම පෝස්ට් එකකම කමෙන්ට් එකේදි මම මතක් කරනවා..

    ReplyDelete
  13. Vermouth is a fortified wine (meaning additional alcohol is added to it) flavored with herbs and spices. The combination of a higher alcohol content - typically 17 to 18 percent - and the herbs and spices have the effect of extending vermouth's shelf life. An open bottle will easily keep for a couple of months in the refrigerator so there's no need to drink it quickly.

    පාටියට අපිටත් අඬගහන්න. ඇදුරුත් එක්කම එන්නං

    ReplyDelete
  14. අඩේ...සුභ නත්තලක් වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා ලකියෝ...

    කේක් වැඩේනම් කාට නැතිවුනත් මටනම් අමතක වෙන්නෙ නෑ පුතෝ.වයින් බීලා කියපන්කො කොහොමද කියලා...

    ReplyDelete
  15. හයියෝ ........චුට්ටක් පරක්කු වුනා සිංහලෙන් ලියන්න හිටපු ටික 'කවි කාරි ' කඩ්ඩෙන් කොටල ගිහිල්ලනෙ.
    කෝම වුනත් කමක් නෑ...'මේරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපි නිව් ඉයර් '

    ReplyDelete
  16. අම්මියාව්.. නත්තල් එනවා නේද? අනේ අපොයි මෙහෙ අපිට හාන්කවිසියක් මතක නැති උනා නේ.

    ReplyDelete
  17. වෙරිවුනාට කමක් නැත. නමුත් හීනෙන්වත් නත්තල් ගහේ පාට ඇදුමක් ඇදගෙන එල්ලෙන්නටනම් හිතන්නවත් එපාය. මක් නිසාදයත් ඒ නත්තල් ගස දකින් අනිත් උදවියද එය අනුකරණය කරන්නට ගොස් නත්තල් ගස් හදන අයට බඩේ පාර වදින නිසාය.
    ඕන් බීලා වැටිලා ඉදලා බල්ලෝ එහෙම ලෙවකෑවා කියලා ලියන්න එපා ඊලග පෝස්ට් එකේ.
    සුභ අලුත් අවුරැද්දක් වේවා.

    ReplyDelete
  18. සුභ නත්තලක් ,සුභ අලුත් අවුරුද්දක් වේවා!!! සියලු යහපත් සිතුම් , පැතුම් එලෙසින්ම ඉටුවේවා !!!!!

    ReplyDelete
  19. තාම බීලා වැටිලා නැහැ නේද ???

    ReplyDelete
  20. පොලොන්නරුවේ ගල් කාස්ටකේට වී හොඳවැයිං හොඳ වයින් නැහැමින් බී වෙරි වී වැටී බොලාටත් සුභම සුභ නත්තල් බෑයක් වේවා යැයි පතන්නේ නවම්හු යැ.

    ReplyDelete
  21. සුබ නව වසරක් එක්කම සුබ නත්තලක් වේවා ඔයාටත්!!!

    ReplyDelete
  22. අම්මප තොපිලට කොච්චර දේවල් කියල දුන්නත් බීමේ ආදීනව කියල දෙන්න බැරි උනානෙව... අර අහිංසක මනුස්සයගේ නමත් මෙන්න මේ වගේ තියෙයි ලඟදිම දවසක...

    http://data.gossip9.com/2011/12/blog-post_15.html

    [ ඕනෙනම් කියන්න හොඳම දකුණු අප්‍රිකාණු ඒවයින් අරන් එන්නම් ... ]

    සුභ නත්තලක් වේවා.. සහ සුභ නව වසරක් වේවා......!!!

    ReplyDelete
  23. චියර්ස් රත්තරන්...! :D

    සුභ නත්තලක් සහ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  24. පිණිබිඳුට සුබම සුබ නත්තලක් වේවා !!!
    ඒ වගේම සජිත් අයියටත් සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමි.

    ReplyDelete
  25. @ ඉන්දික උපශාන්ත - ඉන්දික අයියෙ මම ඒ පෝස්ට් එක කියෙව්වා. හික්ස්. කියන්නට දෙයක් නැත.

    ReplyDelete
  26. @ Dinesh - කේක් එකේ බඩු ටික ගත්තා. හිටපන්කො දානකල් පෝස්ට් එක.

    ReplyDelete
  27. @ ඊ මේල් කවිකාරි - ඒ සටහනට ස්තූතියි. නොදන්න දේවල් හුඟක් දැන ගත්තා.

    ReplyDelete
  28. @ නිසුපා - උඹලත් එක්ක බෑනෙ ඉතින්. කොහොම හරි හදන්න වෙයි වගේ..

    ReplyDelete
  29. @ Observer - සේම් ටු යූ ඔබා මාමේ..

    ReplyDelete
  30. @ ක්සැන්ඩර් | Xander - නත්තල් අත ළඟටම එනකල් මොකෝ කරේ. දැන් දුවන්න වෙයි ශොපින්.

    ReplyDelete
  31. @ බට්ටි - හම්මෝ නත්තල් ගස් වලද අස්ප ගණන්ය.

    ReplyDelete
  32. @ හරී - පිණිපළස - එසේම වේවා අක්කේ. දැන් ලංකාවෙද. තාම එහෙද.

    ReplyDelete
  33. @ Hasitha - තාම නෑ තාම නෑ.

    ReplyDelete
  34. @ nawammawatha - බොලා දන්නෑ අපේ පැත්තට මොර සූරන වැහිලු. එක දිගට දවස් ගාණක් තාම පායලා නෑ. නවම්හුට චූටි මැණිකේ අක්කාට සහ පුතු පැටියාටද එසේම වේවා.

    ReplyDelete
  35. @ න දී - නිවාඩුවට අනුරාධපුරේ යන්නෙ නැතැයි

    ReplyDelete
  36. @ නදුන් උයන - අපෝ එහෙම වෙන්නෙ නෑ. නිවාඩුවට ලංකාවට එන්නෙ නැතුවා වගේ.

    ReplyDelete
  37. @ සීතල අයියා - එසේම එසේම.

    ReplyDelete
  38. @ Miyuru - එසේම වේවා කිව්වා එහෙනම්.

    ReplyDelete
  39. @ මධුරංග - ඔයාටත් එසේම වේවා මධුරංග..

    ReplyDelete
  40. මේක නම් මාර කොයින්සිඩන්ස් එකකක්මය.....මොහොතකට කලින් Carlo Rossi රෙඩ් වයින් එකක රසවින්දා පමණි...

    ReplyDelete
  41. සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා. සුභ නව වසරක් වේවා! හොඳට වෙරි වේවා!

    ReplyDelete
  42. "ගණන් ඇසූ කල පාට ඇඳුමක් ඇඳගෙන නත්තල් ගහේ එල්ලී ඉන්නට ඇත්නම් ඊට වඩා අගනේ යැයි සිතෙන්නේය."

    මේක තමයි නියම කතාව...

    සුභ නත්තලක් වේවා.. සහ සුභ නව වසරක් වේවා......!!!

    ReplyDelete
  43. අපිටත් ටිකක් තියන්නෝ.....

    ReplyDelete
  44. අපිටත් ටිකක් තියන්නෝ.....

    ReplyDelete
  45. වයින් වලින් පිරී ඉතිරෙන සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා. කේක් කෑල්ලක් නම් කැම්පස් එන වෙලාවක මටත් ඉල්ලගන්න පුළුවන් නේ.:)

    ReplyDelete
  46. සින්සානෝ නරකම නෑ . . . . කනේ මයිල් කෙලිං වෙන ගානට වදිනව . .

    සුභ නත්තලක් සහ පොස්පරස් අලුත් අවුරුද්දක් වේවා . . . .!!!!

    ReplyDelete
  47. ඔයත් ටිටට මටා ද? :)

    ReplyDelete
  48. pini bindu....mathakaneeeeeeeeeeeeeee.............mama kiya deepu widihata bonna honde.......... :D

    ReplyDelete
  49. සුභ නත්තලක් වේවා අක්කේ...

    ReplyDelete
  50. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...