Pages

Sunday, January 8, 2012

අනේ කොල්ලනේ උඹලගෙ ලෝකය


වැඩ ඇරිලා පාරට බහිද්දිත් යන්තම් වැහි පොද දෙක තුනක් වැටි වැටි තිබ්බෙ. වැස්ස වැඩි කරන එකක් නෑ කියල හිතුවත් ටික දුරක් ඇවිදන් යද්දි ඇඟට දැනෙන ගානට වැස්සක් පටන් ගත්තා.

පුංචි කාලෙ ඉඳන්ම මම වැස්සෙ තෙමෙන්න ආස නෑ. මම අවුව වැස්ස අඳුරන්නෙ නැති පොෂ් කෙල්ලෙක් නෙමෙයි. ගමේ ඉපදිලා ගමේම හැදුණු වැඩුණු කෙනෙක් උනත් වැස්සෙ තෙත බරියන් වෙන එක මගෙ හිතට ගෙනාවෙ හැමදාම කියාගන්න බැරි අපුල හැඟීමක්.

ඉතින් මම ඉක්මනට කුඩේ ඉහල ගත්තෙ තව ටිකක් මේ විදිහට ගියොත් හොඳටම තෙමෙන්න වෙන නිසා.

ඒ වෙලාවට පාරෙ හුඟක් අය යනවා. මේ වෙලාවට පාර ජනාකීර්ණ වෙන එක අරුමයක් නෙමෙයි. ඒත් මේ වැස්ස අස්සෙ වෙනද නොපෙනිච්ච විශේෂයක් මම පහුවෙන මිනිස්සු අතරෙ දැක්කා.

මේ තරම් වහිද්දිත් ගැහැණු අය විතරයි කුඩ ඉහළගෙන යන්නෙ. මට මූණට හම්බවෙන කොල්ලොත් මාව පහුකරගෙන යන කොල්ලොත් වැස්ස වැටෙනවා කියලා හැඟීමක් වත් නැතුව ඔහේ යනවා. මෙච්චර වහිද්දිත් මේ එක කොල්ලෙක්ටවත් තෙමෙනවා කියලා දැනෙන්නෙ නැද්ද ඇත්තට.


මම දන්න හුඟක් පිරිමි ගෙදරින් එලියට බහිද්දි කුඩයක් අරන් යන්න වෙනවා කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම ලැජ්ජාව විදිහට සලකන්නෙ. වදෙන් පොරෙන් හරි කුඩයක් ඇඟේ ගැහුවොත් යන තැන ඒක දාලා එනවා. ඊට පස්සෙ ඔහේ තෙමි තෙමි පාරෙ යනවා. මොර සූරන වැස්සක් වැස්සොත් විතරක් වැස්ස අඩු වෙනකල් හෙවණකට වෙලා ඉන්නවා. ඒත් යන ගමනට ඇඳුම තෙත බරියන් වෙන එක අවුලක් නැත්තන් අර නා කපන වැස්සෙ උනත් ඔහේ ඇවිදගෙන යනවා. මම බොරුද කියන්නෙ.

අනේ කොල්ලනේ, උඹලගෙ ලෝකෙ කොච්චර සැහැල්ලුද..

105 comments:

  1. ඉතින් ගෑල්ලමයිටත් එහෙම යන්න පුලුවනිනේ..අපි එපෑ කිව්වයි..ඔන් නම් රේන් කෝට් එකක් හෑන් බෑග් එකේ දාන් යන්න..වැස්සෙ කුඩ දාන් යනකොට පොෂ් මදි රේන් කෝට් එකනම් මාර පොෂ්..ඉංගිරිස් ෆිල්ම් වලත් රේන් කෝට් තමා දාන් යන්නෙ..ලස්සන සුදු ඇන්ටිල....

    ReplyDelete
  2. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං.අහිංසක අපි...

    ReplyDelete
  3. මමත් කුඩා නොගෙනියන ක්ලබ් එකේ තමයි.. දන්නවද තෙමෙන එකේ තියෙන ජොලිය ? වැස්සට පැනල නාලා තියෙනවාද ? අන්න නියම නෑම..

    ReplyDelete
  4. අනේද කියන්නෙ කොල්ලො ඔහොම්මයි.කුඩයක් අරන් ගියාම ඒක හරියට මදි කමක් වගේ හිතන්නෙ එයාල.

    ReplyDelete
  5. @ amila chathuranga - ඔව් ඉතින් බස් එකක එහෙම යන්නෙ නැත්තන් පුලුවන්. රේන් කෝට් එක ගලවලා ඔතද්දි බස් එක යයි.

    ReplyDelete
  6. @ නිසුපා - ඒකනෙ කියන්නෙ.

    ReplyDelete
  7. @ සරත් ලංකාප්‍රිය - මම කිව්වෙ බොරුද ඉතින්

    ReplyDelete
  8. මමත් කුඩ ගෙනියන්නෙ නෑ. ලජ්ජාවක් නිසා නෙමෙයි.කුඩ ගෙනියන්න ලජ්ජා වෙන්නෙ මොකටද?කොල්ලො කුඩ ගෙනියන්නෙ නෑත්තෙ ඕක මහ කරදරයක් නිසා.ගිය ගිය තෑන ඕක අමතක වෙන නිසා.හෑබෑයි සමහර කොල්ලො ඉන්නවා තඩි ලොකු කුඩයක් නෑතුව එලියට බහින්නෙ නෑ.

    ReplyDelete
  9. මම නම් හරිම ආසයි වැස්සේ තෙමෙන්න. එත් නගරේ දුවිලි පිහගෙන එන වැහි පොදට තෙමෙන්න නෙවෙයි. හොඳ සීතල වැහි පොදට තෙමෙන්න..

    ReplyDelete
  10. මමත් වැස්සේ තෙමෙන්න මාරම ආසයි. එත් වැස්සේ තෙමි තෙමි යනකොට මිනිස්සු කන්න වගේ බලාගෙන ඉන්න නිසා වැඩේ ටිකක් සීමා වෙලා තියෙන්නේ. මටනම් හරිම පුදුමයි
    දිය ඇලි හොයාගෙන යන මිනිස්සු ,
    ගෙවල් වල වතුර මල් හදාගෙන ඉන්න මිනිස්සු ,
    ඇයි අහසින් එක දිගට වැටෙන ලොකුම ලොකු වතුර මලේ තෙමෙන්න කැමති නැත්තේ ඇයි කියල

    ReplyDelete
  11. කවුද යකෝ කොල්ලෝ එහෙමයි කියන්නෙ... මම දැකලා තියෙන උන් ප‍්‍රසිද්ධියේ කොරන ඒවා අනි අම්මියේ..... උඹ දැකලා නැ... පුහ්

    ReplyDelete
  12. වැරදි කොමෙන්ට් එක වැරදි තැන් පේස්ට් උණා.... මළකෙලියයි....

    මෙකට කියන්න ඔනෙ උණෙ...
    "අපිටනං මලපනිනවා කුඩ ඉහලන් යන කෙල්ලෝ.. ඇගෙත් වද්ද වද්ද මගුල... හැබැයි කුඩනැති අපිට වැස්ස වෙලාවට හිතෙන්නෙ මෙහෙමයි http://arunadeepa.blogspot.com/2011/05/blog-post_25.html"

    ReplyDelete
  13. කුඩ දාගන්න අපිට කොහෙද අලි මළු? අනික තෙමෙද්දි දුවන්න බැරි විශාඛාවො කුඩේ යටින් ලතාවට ගියාට අපි ඔය කොහෙට හරි දුවල පැනල බේරෙන නිසා මොන කුඩද? ඔක්කොටමත් වඩා වහිනකොට කුඩයක් තිබ්බොත් කොහොමද තෙමීගෙන ඇවිත් කෙල්ලෙක්ගෙ කුඩයක් යටට රිංගල හිනාවක් දාල ෂේපෙ එකේ ටිකදුරක් යන්නෙ?

    ReplyDelete
  14. සිරාවට සහතික ඇත්ත කුඩ අරන් යනවා කියන එක මල ඇණයක් යන තැන අමතක වෙලා අහගන්නවට වඩා තෙමෙන එක සැපයි

    ReplyDelete
  15. මමත් බැග් එකක් නැත්තන් කුඩ අරන් යන්නෑ. මොකද යන යන තැන දාල එන නිසා

    ReplyDelete
  16. අදයි ගොඩ උණේ මේ දිහාවට !
    බලන යනකොට අපේ අම්මත් ලේසි පහසු පිනක් නෙමෙයි කරලා තියෙන්නේ කොල්ලෙක් ලබන්න !:ඩී

    ReplyDelete
  17. ඇත්තටම කුඩේ අරන් ගෙදරින් යනවා කියන්නේ යකාගේ පරිප්පුවක් තමයි. අමතක උනොත් අම්මා බනිනවා. ඒ නැතත් වැස්සේ තෙමෙන එක මාර ආතල්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ දවසේ අම්බානකට සෙම.

    ReplyDelete
  18. "නාරි රූපා පාන ශෝභා,
    වහින වැස්සේ සැඟව සිතුසේ,
    නුඹත් හරි වැඩ කරන්නේ..."

    ReplyDelete
  19. මම හිතුවේ කුඩ අමතක වෙන්නේ මට විතරයි කියල... බලපුවහම මේ කොල්ලො ඔක්කොටම අමතක වෙනවනේ... මම නැති කරපු කුඩ ගාන ගනින්න නම් අතේ ඇඟිලි මදි වෙයි...

    වැස්සේ තෙමිල්ලත් හරි, කුඩේ නැති කරන් ආවට පස්සේ අහ ගන්න බැනුම් ටිකත් හරි :(

    ReplyDelete
  20. මමත් වැස්සට නම් හරිම කැමතියි.. හැබැයි කුඩ ගෙනියන්න කැමති නෑ. කුඩ විතරක් නෙමේ .. ඕනමදෙයක් ගෙනියන්න කැමති නෑ. මං කැමති අත් දෙක හිස්ව තියාගෙන යන්න. අතේ මොනවහරි අරං යනව කියන්නෙ මල කරදරයක්.
    එදා ගාල්ලෙ යත්දි .. හැමෝම එක එක ජාතියෙ බෑග් අරගෙන ආව. මම විතරයි අත් දෙක වන වනා සැහැල්ලුවෙන් ගිහින් ආවෙ.

    ReplyDelete
  21. ඒ වුනාට මම දැකල තියෙනව සමහර කෙල්ලො .. කුඩේ අතේ අරගෙන වැස්සෙ යනව. පිළිගන්න අකමැති වුනාට ඒක ඇත්තක්. [ඔයගොල්ලො ඉතින් කියාවි උන්ට පිස්සු කියල]

    ReplyDelete
  22. @ න දී - කොල්ලො ඔහොමමයි

    ReplyDelete
  23. @ Cheena - චීනෙක් මේ පැත්තෙ ආවමයි. හික්ස්.

    ReplyDelete
  24. @ StArry aNgeL - මෙහෙ ඉතින් පොඩ්ඩ වැස්ස ගමන් කාණු උතුරන්න පටන් ගන්නවනෙ

    ReplyDelete
  25. @ Anonymous - තෙමෙන්න බැරියැ තෙමීගෙන යන්නනෙ බැරි

    ReplyDelete
  26. @ නරකයා....!! - මම ඒත් බැලුවා බනින්න තරම් මම මොනාද ලියල තියෙන්නෙ කියලා. පස්සෙ බැලින්නම් මේ රොන්ග් නම්බර් එකක්නෙ. කුඩ ඉහලන් යන කෙල්ලොන්ගෙ ඇඟේ වැදෙන්න එනකොට තමා ඔහොම වෙන්නෙ

    ReplyDelete
  27. @ ඉන්දික උපශාන්ත - අන්න මට නොපෙනිච්ච කෝණය. ඒ කතාවත් ඇත්තනේ..

    ReplyDelete
  28. @ ගැමියාගේ පත් ඉරුව - මෙයාලා කුඩ හදන කම්පැණි පෝසත් කරනවා.

    ReplyDelete
  29. @ මුහුදු කොල්ලකාරයා - වෙන එකක් නැතුව ඔය කුඩේම අමතක වෙන එක තමා පුදුම

    ReplyDelete
  30. @ Nuwan Tharaka - සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට. අනේ අසරණ අම්මා

    ReplyDelete
  31. @ බිම්සර - ඊට පස්සෙ සෙම හදාගත්තම අම්මලටමයි වදේ.

    ReplyDelete
  32. @ ටී.බී. හේරත් - මම ඒ සින්දුවට මාර ආසයි අප්පා.

    ReplyDelete
  33. @ නදුන් උයන - හොඳ වැඩේ. කොල්ලො ඔක්කොම එක වගේ

    ReplyDelete
  34. @ kumaraya - ඔය බෑග් එකක් වත් ගෙනියන්නෙ නැත්තෙ කපටිකමට. ගෑණු ළමයගෙ බෑග් එකට ඔක්කොම ඔබන්න පුලුවන්නෙ.

    ReplyDelete
  35. මං කොල්ලෙක් නං නෙමේ, ඒ වුනාට කුඩ නං අරහං

    ReplyDelete
  36. කුඩේ පාඩුවෙ තියන්න ඕනෙ . .. .

    ReplyDelete
  37. @ Observer - සියලු පිරිමි ජාතියටම පොදුයි

    ReplyDelete
  38. @ ඕනයා - අම්මපා අයියෙ උඹේ කට තමා දවසකටවත් කට.

    ReplyDelete
  39. "මට මූණට හම්බවෙන කොල්ලොත් මාව පහුකරගෙන යන කොල්ලොත් වැස්ස වැටෙනවා කියලා හැඟීමක් වත් නැතුව ඔහේ යනවා."

    ඒවා දකින කෙල්ලොත් උන්ට නිකමටවත් කුඩයක් අල්ලන් නැතුව ඉඳලා..ඒ මදිවට බ්ලොග් වලත් ඒ ගැන ලියනවා.. අනේ සංසාරෙ හැටි...

    ReplyDelete
  40. ඕනයා අයියගෙ කමෙන්ට් එක දැක්කෙ ඉස්සෙල්ලා කමෙන්ට් එක පබ්ලිස් කොලාට පස්සෙ...ඒක දැකලා මතක් වුනා කතාවක්..

    ඉස්සර අපි ඉස්කෝලෙ යනකොට හම්බුනා ගමක්..ඒ ගමේ වුන් අපේ ඉස්කෝලෙටත් ආවා.. හැබැයි උන්ට වැරදිලාවත් 'පරණ කුඩේ' කිව්වොත් වසලා හමාරයි..

    ReplyDelete
  41. කුඩ මටත් අරහං..... අනික හැමදාම වහින්නැනේ....ඒ හින්දා වහින දවස් ටිකේ තෙමෙන්ඩ ඕනැ හිතේ හැටියට:D

    එක දවසක් හෙන වැස්සෙ අපි ආවා පැයකට වැඩිය. එක බයික් කාරයෙක් නෑ පාරේ. ගෙඩි පිටිං කිලෝමීටර් 46 කට වැඩී. කිසිම ලෙඩක් නැ.

    හැබැයි බයික් එකේ පිටිපස්සෙ ආවේ කව්ද කියලා හිතාගන්න පුලුවන්නෙ. එයා නං ඒ දවස් වල වැස්සකට තෙනෙමනවා තියා හිතලවත් නෑ. ඒ උනාට හරි ආසාවෙන් හිටියෙ. ඒත් ලෙඩ හැදෙයි කියලා බයට ටිකක් අදි මදි කලා. මම කිව්වා වැහි වතුරෙ තියෙන්නෙ පිරිසිදු වතුර ඒකෙන් ලෙඩ හැදෙන්නැ, වැස්සට ලෙඩ හැදෙන එක මානසික මේවවා එකක් ය කියලා. (ඒක මගේ අදහසක් නෙමේ. ටීවී එකේ කව්දෝ කියපු එකක්. ඒ උනාට මටම කියලා හැදෙව්වා වගේ වාක්‍යය.)කියලා වැස්සෙම දෙන්නා රවුම් ගැහැව්වා.

    ඔයත් දවසක වැස්සෙ තෙමි තෙමි ගිහිල්ලා බලන්ඩකො පිණිබිඳු. හැමදාම දකින ලොකේ තෙතට පේන්නෙ කොහොමද කියලා. බලලා අපිටත් කියන්ඩකො....:D අනික මම බය නැතුව කියන්නෙ වැහි වතුරෙ තියෙන්නෙ පිරිසිදු වතුර ඒකෙන් ලෙඩ හැදෙන්නැ...:P

    ReplyDelete
  42. ඔබා, කොල්ලෙක් නෙමේ කියන්නෙ කොහොමද ඔයා, කොලු කම මයින්නෙ මොකෙන් කියලද ඔයා හිතාගෙන ඉන්නෙ. ඔබී නැන්දගෙන් බැනුම් ඇහැව්වයි කියලා කොලු කම නැති වෙනවැයි...:D

    ReplyDelete
  43. අනේ අපි නං එපා කියන්නෙ නෑ ඔය ගෑණු ළමයින්ට වැස්සෙ තෙමීගෙන තතබරියං වෙන්න. එතකොට නෙව කඳු, සානු, සමෝච්ච රේඛා එහම අපූරුවට පේන්නෙ. උඹ තෙමීගෙන පලයන් න‍ඟේ කවුරුවත් මොකවත් කියයිද බලන්න.

    හැබැයි අපිනං වැඩිය ගෙනියන්නෙ නැත්තෙ "කුඩේ පල්ලට" හරි "කුඩේට පාරක්" හරි ගහන්න වෙයි කියල.

    ReplyDelete
    Replies
    1. මචං . . . උඹේ තියෙන්නෙ මොනජාතියෙ කුඩයක්ද ??? පිණිබිඳු ගාව තියෙන්න පාං කුඩයක් මයෙ හිතේ. කීයක් ගියත් කමක් නෑ ගන්නවනං ගන්න ඕනෙ "පාට කුඩයක්"

      Delete
    2. අම්මපා අයියෙ බොලා දෙන්නම එකයි.

      Delete
  44. වැස්සේ තෙමෙන එකේ හරි අපූරුවක් තියෙනවා.. ඒක ඉතින් ඔයාලා අපේ සැහැල්ලු කම කියලා හිතනවද කියලානම් මම දන්නේ නෑ.. ඒත් මමත් කුඩයට අකමැතියි.. වැස්සේ තෙමෙන්න තමයි වැඩි කැමැත්ත...

    ReplyDelete
  45. මහලොකුවට නම පිණිබිඳු.. වැස්සක තෙමෙන්න බැරිද බන්..

    මම නම් කුඩයක් ඉහලගන්නෙ ලැපා බෑග් එකේ තියෙනව නම් විතරයි.. වැස්සෙ තෙමෙන ෆන් එක ගන්න පු‍ළුවන් වහිනකොට විත‍රනෙ ;)

    ReplyDelete
  46. කතාව නම් සම්පූර්ණ ඇත්ත...මමත් ගොඩක් වෙලාවට ඔහොම තමා.. :D

    ReplyDelete
  47. මමත් මේ ඊයේ පෙරේද දවසක තෙමි තෙමි ටවුමේ ඉඳං ගෙදර ආවා. මරු අක්කේ... :) හැබැයි ලොකූවට වැස්සෙ නෑ. හෙමීට වැස්සෙ.

    ReplyDelete
  48. "අනේ කොල්ලනේ, උඹලගෙ ලෝකෙ කොච්චර සැහැල්ලුද.."
    …මේ වචන ටිකට මම හරි ආසයි..........

    ReplyDelete
  49. අපි කුඩයක් අරං එලිය බැස්සොත් එදාට වහින්නේ නෑ ..

    මම කොල්ලෙක් වුණ එකට මම නම් දෙවියන්ට පින් දෙනවා . කන බොන නාන එකේ ඉඳලා අනික් වැඩත් කොල්ලන්ට නම් හරිම සරලව කරගත හැකියි ..

    ඔය වහින වෙලාවට කොල්ලෙක්ව කුඩේ යටින් අරං යන එක කෙල්ලන්ගේ යුතුකමක් නේද

    ReplyDelete
  50. යුරෝපා රටවල නම් ඕනා තරම් කුඩ ගෙනියන පිරිමි ඉන්නවා,මමත් වැස්සක් තියනවා නම් කුඩේ අරන් එලියට බහින්නේ, අද 0 පහල ශීතලේ වැස්සේ පොඩ්ඩක් තෙමි තෙමි ආවා,අනේ වැස්සට ආසාවෙන් තෙමෙන්න පුලුවන්ද එහෙම තියෙද්දී

    ReplyDelete
  51. @ හරී - මේ පාරෙ යන උන්ව කුඩේ දාගෙන යන්න මට පිස්සුයැ. ඔයත් ඔය මීගමු සයිඩ් එකේ වෙන්න ඇති නේ

    ReplyDelete
  52. @ බුද්ධි - මම එක දවසක් සජිත් එක්ක බයික් එකේ ඔහොම තෙමීගෙන ගියා මීගමු පාරෙ. වාහන අඩුයි. පාරත් හොඳයි. විදලා ගියා වැස්සෙ. එතකොට ඇඟට ඉදිකටු අනිනවා වගේ වැස්ස දැනෙන්නෙ. මම නම් වැඩිය තෙමුනෙ නෑ ඉස්සරහ හිටපු කෙනා තමා ඉතින් නෑවෙ.

    ReplyDelete
  53. @ බුද්ධි - හයියෝ මේ ඔබා මාමට වෙච්ච දෙයක්

    ReplyDelete
  54. @ nawammawatha - ඔයා ඕනයාගෙ නැති වෙලා හිටපු නිවුන් සහෝදරයද අයියෙ. තොපි දෙන්නම එකයි.

    ReplyDelete
  55. @ Dinesh - වැස්සෙ තෙමිල හදාගන්නවකො හෙම්බිරිසාව

    ReplyDelete
  56. @ සාතන් - එහෙනම් මම වැහිබිඳු කියල දාගන්නවනෙ බං.

    ReplyDelete
  57. @ Pavithra - මේ ඉන්නෙ තව කට්ටිය

    ReplyDelete
  58. @ Shani - ගෙදර යනව නම් ඇඳුම තෙමුනට අවුලක් නෑනෙ ඉතින්

    ReplyDelete
  59. @ බීටා - ඕක තමා මට ඉස්සෙල්ලම මතක් වෙච්ච වචන ටික මෙහෙම තෙමි තෙමි යන උන්ව දැක්කම

    ReplyDelete
  60. @ හිස් අහස - ඒකනෙ සඳරුවෝ මට ඒ යුතුකම අමතක වෙලා ගියා නෙව

    ReplyDelete
  61. @ ItalyDilan - අම්මෝ ටික දුරක් යද්දි අයිස් වෙලා තියෙයි

    ReplyDelete
  62. "ඔබ තෙමෙයි කියා බයයි
    වැසි වසියි සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි...

    මුහුණට හිරිකඩ වැදෙයි
    සුදු මුදු මඳහස මැකෙයි
    මිරිවැඩි තුළ දිය පිරෙයි
    පය ලිස්සා බිම වැටෙයි...

    සළු පිළි සිරුරට ඇලෙයි
    පිට මිනිස්සුන්ට පෙනෙයි
    සඟවන්නෙමි ඔබ මගෙයි
    දිව එන්නට මට හිතෙයි..."

    ReplyDelete
  63. @පිණිබිඳු : ඇයි? චීන්නුන්ට මේ බ්ලොග් එක තහනම්ද? 贼德艾克斯诶西艾丝豆贝尔维 @#$&*%$.....!!!

    ReplyDelete
  64. ගෙට්ටුවට ගිහිල්ලා ගෙදර එද්දිත් හොදටම තෙමුනා, කොල්ලෝ සෙට් එක ඇහුවා අනේ ගෑනු ළමයිනේ උබලා ගාව ගනු ළමයි වෙලාත් කුඩයක් නැති හැටි කියලා. අයි ඉතින් බොලේ ගෑනු ළමයි ගාව විතරද කුඩයක් තියෙන්න ඕනා..? :/

    ReplyDelete
  65. http://lakmisher.blogspot.com/2010/12/blog-post_07.html

    මං දන්න දවසෙ ඉඳන්ම වැස්සට ආසයි. ඒත් මං ආස වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න නෙමෙයි, වැස්සට තෙමෙන්න,

    ඒත් නුඹට ඒක තේරෙන්නෙ නැති හැටි. නුඹට ඕනෙ උනේ හැමදාම ඒ ඇදහැලෙන වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න .

    ලොකුම ලොකු වැහි බිංදු කොණ්ඩෙ අස්සෙන් සීතලම සීතලට ගලාගෙන යනකොට මට දැනෙන්නෙ ආශ්වාදයක් .

    මං පුදුම තරම් ආසයි නා කපන වැස්සෙ තෙත බරියන් වෙන්න.

    ඇද හැලෙන මුරුගසන් වැස්ස හරි සුන්දරයි . ඒ වැස්ස මගෙ හිතට ගේන්නෙ සතුටු හැඟීමක්.

    වැස්සත් එක්ක එන ලා අඳුර දත් පූට්ටු කරන සීතලට මට තෙත බරියං වෙන්න හිතෙනවා මිසක,මාව නුඹට වගේ පොරෝණෙ අස්සට ගුලි වෙන්න මට හිත හදා ගන්න බෑ.

    ReplyDelete
  66. සහතික ඇත්ත.. මටත් එපාම කරපු දෙයක් තමයි කුඩ ගෙනියන එක...

    ඉස්සර බයික් එකේ වැඩට යද්දිත්, ඔෆිස් යනකොට වැස්සොත් කොහේ හරි නවත්තන් ඉන්නවා.. ගෙදර එනකොට වැස්සොත් නාගන එනවා..

    වැස්සේ තෙමෙන එක ලෝකෙ තියන ජොලිම වැඩ වලින් එකක්...

    ReplyDelete
  67. කොල්ලන් වීමේ දහසකුත් එකක් වාසි වලින් එකක්.. ලොල්..

    ReplyDelete
  68. කුඩයක් උස්සන් යනව කියන එක මටත් එපාම කරපු දෙයක්...
    පිටේ බෑග් එකක් දාන් යනවනම් සමහර වෙලාවට ඒකට කුඩයක් ඔබා ගන්නවා...

    වැස්සේ තෙමෙන එක නම් ෆන්. ඒත් ඊට පස්සේ තෙතබරියන් වෙච්ච ඇදුන් ඇදන් ඉන්න ගියාම තමයි එපා වෙන්නේ....

    අන්තිම වාක්‍යයට මමත් කැමතිය්...

    ReplyDelete
  69. මං ආසම දේ ගැන අක්කා ලියලා තියෙනවා දැක්කම මට පට්ටම හැපි. මගේ බෑග් එකේ නම් කුඩයක් නිතරම තිබුනට ඒක එලියට එ​න්නේ බොහොම කලාතුරකින්....

    තරහ නැතුව මේක බලන්න... http://prasanna86k.wordpress.com/2011/04/22/%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%92-%e0%b6%85%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%94-%e0%b6%91%e0%b6%9a/

    ReplyDelete
  70. කෙල්ලො අව්වටයි වැස්සටයි දෙකටම කුඩ ඉහලනවනෙ..ඒත් ඉතින් කොල්ලන්ට කුඩයක් ඕන වුනොත් ඕන වෙන්නෙ වැස්සට විතරයි..කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට නම් ඒ ඕනත් නැහැ..ඒ නිසා කොල්ලන්ට කුඩ ගෙනිහින් පුරුද්දකුත් නෑ...
    ඔය මොනව කිව්වත් කුඩයක් නැතිකමට වැස්සට තෙමිලා කොල්ලො කන කට්ට ඔයා දන්නෙ නැහැනෙ..:D

    ReplyDelete
  71. මේකනං තනිකරම අර කොළුවා කුඩයක් රං නොගිහිං වෙන කෙල්ලෙකිගේ කුඩේ යටින් ගිය කතාවක් කිව්වම තද වෙලා ලිව්ව එකක් බව පැහැදිලියි...හැක් හැක්...
    (දැන් මරාගනින්..මාව නෙවෙයි බොල...අර කෙල්ලෙක්ගේ කුඩේ යටින් ගිය හාදයව..)

    ReplyDelete
  72. අතේ කුඩයක් එල්ලන් යන එක මොන තරම් වදයක් ද ? ඊට වඩා අත් දෙක නිදහස්ව තියෙනවා නම් කොච්චර හොදයි ද ?

    අනිත් එක තමා කුඩයක් හෙවිල්ලගෙන පාරේ යන්නත් කරදරයි නේ. අහල පහල එවුන්ට නණ ඇනෙනවා කියලා අවලාද අහන්න ඕන යෑ.

    ReplyDelete
  73. @ ටී.බී. හේරත් - ඔයා ගීතයෙන් ගීතය වගේ ටීබී

    ReplyDelete
  74. @ Cheena - අපෝඉ තහනම් නෑ. ලංකාවෙ වැඩි හරියක් ඉතින් චයිනීස් නේ..

    ReplyDelete
  75. @ වර්ණා - හොඳ පොයින්ට් එකක්

    ReplyDelete
  76. @ අසේල - හප්පේ මගෙ පරණ පෝස්ට් එකක් කණපිට ගහලනෙ ඔයා

    ReplyDelete
  77. @ Senna - ඔය ඉන්නෙ ටිපිකල් කොල්ලො

    ReplyDelete
  78. @ පැණි දොඩම් - මේක මහ අසාධාරණ ලෝකයක් අප්පා.

    ReplyDelete
  79. @ තාරක Dilsh@n - ඊට පස්සෙ ඒ සී එකක් යට ඉඳගෙන ඇඳුම් වේලගන්න එක තමා කරන්න ඕනෙ

    ReplyDelete
  80. @ prasanna86k - වැස්සට පෙම් බැඳි අමුතු එකෝ මගේ එකාත් ඔහොම්මම තමා

    ReplyDelete
  81. මේ ඇමතුම ටී.බී. හේරත් මහතාටයි,

    වාහන ගැටලුවක් ඇවිදිං ඔබගේ බ්ලොගේට ගොඩවදින්ඩ යද්දි ඒක ගලෝගෙන කියලා පණිවිඩයක් ආවා. ඒ කතාව ඇත්තද? එහෙමනං ඔබව සම්බන්ධ කරගන්න ක්‍රමයක් ඔබ කැමතිනම් කියන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. @බුද්ධි:
      ටී.බී. හේරත් බ්ලොග් එක ගලෝගෙන නැත. මෙතනින් යන්න

      Delete
    2. බොහොම ස්තූතියි ඔබතුමාට :)

      Delete
  82. @ ලකී - එහෙම කට්ටකුත් තියෙනවද. මම හිතන් හිටියෙ තනිකටම ආතල් එක විතරයි කියලා

    ReplyDelete
  83. @ මාරයාගේ හෝරාව - එහෙම උනා නම් මාරයියේ මම මේකෙ මාතෘකාව දාන්නෙ "අනේ කොල්ලනේ තොපේ ලෝකෙ. හිටු මම එනකල්" කියලා.

    ReplyDelete
  84. පිණිබිඳු ටීබීගෙ පණිඩිඩේ දාන්ඩ තරහා නැතුව.

    ReplyDelete
  85. @ මධුරංග - කුඩයක් හෙවිල්ලගෙන? අනේ බං අපි නම් වහලෙට උලු තමා හෙවිල්ලන්නෙ. මේක දාන්න තිබ්බෙ කොම්බුට්ටාගේ සීනි පොල් කොහු පෝස්ට් එකේ.

    ReplyDelete
  86. @ jacksonlibrary - හෑ.. හාකො හාකො

    ReplyDelete
  87. ආ.... මේ දාලා තියෙන්නෙ නිල් කැටේට ස්තුතියා ස්තුතියි!

    ReplyDelete
  88. අනිවා.. ඩෙෆා.. මං නම් තෙමිලා ඇති ලොවෙත් නැතුව.. දවසක් තෙමීගෙන එනවා ඉස්කෝලේ ඇරිලා නා කපන වැස්සේ. මොකද කුඩ තියනව එකක් කියල යෑ.. කැප් එක දාගෙන හැටේ ස්පීඩ් එද්දී කෙල්ලක් අහනවා මේ.. මොකද ඔයාට වහින්නේ නැද්ද කියල... අනේ ඉතින් මං කිව්වා මටනම් නෑ එත් ඔයාට වහිනවා වගේ හිතෙනවද කියල...

    ReplyDelete
  89. @ බුද්ධි - ඔන්න දැන්වීම පළ කරා..

    ReplyDelete
  90. @ ක්සැන්ඩර් | Xander - අනේ පව් අසරණ කෙල්ල

    ReplyDelete
  91. අදයි මේ පැත්තේ ආවේ අපූ දහවසෙම මෙහෙම දෙයක් දැම්මට ඔන්න තරහ අවසරයි

    මමනම් කියන්නේ වැස්සේ තියන ආතල් එක කොල්ලෝ දනී කියලා.. (හැබයි ඕන තරම් හින්දි ෆිල්ම වලනම් තෙමෙන්නෙම කෙල්ලො)

    ReplyDelete
    Replies
    1. ඒවා බොරු වැස්සවල්නේ.. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  92. දෙයියනේ මෙච්චර කල් කුඩ නැති කරලා බැනුම් ඇහුවෙ වයිෆ්ගෙන් විතරයි. මෙන්න යකෝ මේකි මුලු පිරිමි සංහතියටම බනිනවා.
    මේ පොඩි සංශෝධනයක්නම් තියෙනවා. මට නම් කුඩේ අමතක වෙන්නෙ ආපහු එද්දී වැස්ස පායලා තිබ්බොත් විතරයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හැමදාම වැස්ස දවසට අරන් යන කුඩේ යන තැනක අමතක කරල එනකොට වයිෆ්ගෙන් බැනුම් අහල බේරිච්ච එක ඇති ගුටි නොකා.

      Delete
  93. කුඩේ උස්සන් යන එකට වැඩිය සැපයි වැස්සේ තෙමෙලා ජල සන්නිය හදා ගන්න එක.. කොහෙද මේ කාන්තා උදවියට අගයක් නෑනේ ඒකේ...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හදාගත්තම ගෙදර මිනිස්සුන්ටනෙ එකෙත් වදේ

      Delete
  94. කුඩයක් නම් ගෙනියන්න බැරියෑ. හැබැයි ඉතින් බැරිවෙලාවත් ඕක අමතක වෙලා කුඩේ නැතුව ගෙදර ගි‍යොත් මව් තුමීගෙන් ගුණ සංගායනාව මතක් වෙන කොට, වැස්සෙ තෙමෙන එක හොඳයි කියලා හිතෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. ඔහොම නැති කරන නැති කරන ගානට කුඩ දෙන්න පුලුවන් කාටද

      Delete
  95. ජීව්තේ සැහැල්ලුව ඔය පිට පෙනුමෙන් මනින්ට බෑ අක්කියො....ඔය වැස්සෙ තෙමි තෙමි යන සමහර කොල්ලො ඇත්තටම කුඩයක් නැතිකමටම එහෙම යන අය.....එහෙම අයත් ඉන්නව.... සමහර අය මම වගේ සිලිකවරයක් අරන් ෆෝන් එකයි පර්ස් එකයි ලේන්සු දෙකයි ඒකෙ දාගෙන තෙමි තෙමි යන්නෙ ඇත්තටම වැස්සෙ තෙමෙන්ට ආස වෙච්ච අය.... ඔය යන කොල්ලො සමහරු තාත්තල... අද කෝමද මගෙ චූටි දුවට/පුතාට මොනව හරි අරන් යන්නෙ මේ වැස්සෙ කියල කල්පනා කර කර වැස්සෙ තෙමන තාත්තලත් ඔතන ඉන්නව අක්කියො... කොල්ලොන්ගෙ ජීවිත සැහැල්ලුයි තමයි.. ඒත් හැම වෙලාවෙම එහෙම නෑ අක්කෙ...

    ReplyDelete
  96. කුඩ විරෝදී සංගමයක් හදන්න ඕනි

    ReplyDelete
  97. කුඩ විරෝදී සංගමයක් හදන්න ඕනි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...