Pages

Sunday, January 29, 2012

අසීමිත ආදරයෙ උල්පත


කප්පරක් දුක හිත දරාගෙන
මහ මෙරක් බර හිස තබාගෙන
සප්ත මහ සාගරේ ගැඹුරට
කඳුළු බිඳු වැල් නෙත රඳාගෙන..

අනන්තය ඉම තෙක් පැතිර ගිය
සෙනෙහසින් හද ගැබ තෙමාගෙන
විඩාබර වූ මියෙන ලෝකය
සදා පණ දෙන ජීවනාලිය..

සදාකාලිකවම මෙලොව තුළ
අසීමිත ආදරයෙ උල්පත
ගොතා නිම කළ නොහැකි ගුණ කඳ
මවුනි, ඔබෙ පා වඳින්නෙමි මම..

මගේ ලොව ගණඳුර නසන්නට
පුරාසඳ වන සදා කල්හිම
ඔබෙ නමට සුපිපෙන කුසුම් ගෙන
බැතින් පා යුග වඳින්නෙමි මම..

28 comments:

  1. මොකෝ පිණි.... හිටපු ගමං....අම්මගෙ ගුණ ගායනා කරන්න හිතුනෙ?....හෙහ්, හෙහ්,

    ලස්සනයි නංගි....

    ReplyDelete
    Replies
    1. විශේෂ හේතුවක් නෑ අයියෙ. නිකන් හිතුනා ලියන්න. ස්තූතියි කාලෙකින් මේ පැත්තෙ

      Delete
  2. ලස්සන කවි පංතියක් !
    රවි අයියට හිතුන දේම මටත් හිතුනා. මොකෝ එකපාරටම මවු ගුණ මතක් උනේ ?

    ReplyDelete
  3. ලිව්ව හේතුව මොකක් උනත් පැදි පෙළ නම් ලස්සනට ලියැවිලා.... ඒත් ඉතින් එක හේතුවක්යැ මව් ගුණ වනන්න.... නේද....

    ReplyDelete
  4. හැමදා උදේ ඔබේ දෑතින් බැඳෙනා රස බර මගේ බත,
    රසවින්දෙමි, මා පාසැල් සමයේ සිට...
    ඒ රස ලබන්නට පින්මඳ වූ දිනෙක ..
    හැබැහින් දැනුනි ඔබ මා ලඟ නැති වෙනස.....

    ReplyDelete
    Replies
    1. අම්ම හදන පොල් සම්බෝලෙ රස දැනුත් දැනෙනවා.

      Delete
  5. ලස්සනයි අක්කේ.. මවු ගුණ ගැන කොච්චර ලිවුවත් මදි අක්කේ...

    ReplyDelete
  6. කොච්චර ගැයුවත් එපා වෙන්නේ නැහැ නේද .

    ReplyDelete
    Replies
    1. මැරෙනකල් එපා වෙන්නෙ නෑ අක්කෙ.

      Delete
  7. මොකද අප්පේ මේ හදිසියෙ අම්ම මතක් උනේ ???? අම්මගෙ උපන් දිනේවත් ලගද ???

    ReplyDelete
    Replies
    1. නෑ අයියෙ එහෙම විශේෂයක් නෑ. නිකමට හිතිච්ච දෙයක්

      Delete
  8. අක්කේ මල් හතයි....අම්මා ගැන කියන්න අපිට වචන නෑ......

    ReplyDelete
  9. අම්මලගේ ගුණ කියලා නිම කරන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ගොතා නිමකළ නොහැකි ගුණ කඳ

      Delete
  10. ආමගේ සෙනේ උල්පත ගලනවා වගේ
    අප්පගේ සෙනේ දිවිරකිනා හුස්ම වගේ

    ReplyDelete
  11. මරේ මරු...තාත්ත ගැනත් වෙලාවක ලියන්න අක්කෙ...

    ReplyDelete
    Replies
    1. තාත්තා ගැන ලියපු කවියක් තියෙනවා. වෙලාවක දාන්නම්.

      Delete
  12. කියන්න වචන නෑ... ජයවේවා අක්කේ!!!

    ReplyDelete
  13. අම්මෙක් දරුවන්ට කොච්චර ආදරේද කියල පේනව, ඔබී දරුවන්ට ආදරේ තරම දැක්කම.

    ReplyDelete
  14. "පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදි..."

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...