Pages

Friday, January 20, 2012

මායාව - The Deception


ලංකා ඉතිහාසයේ එතරම් ප්‍රචලිත නොවූ, එනමුත් උත්කෘෂ්ටවත් මාතෘකාවක් වටා ගෙතුණු කුතුහලයෙන් පිරි කතා පුවතක් 'මායාව' නවකතාවෙන් පාඨකයා හමුවට ගෙන එයි. මෙය ආනන්ද ලියනගේ කතුවරයාගේ 'The Deception' නම් ඉංග්‍රීසි නවකතාවේ සිංහල පරිවර්තනයයි. සිංහලයට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ අනුල ද සිල්වා ලේඛිකාවයි.

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිගාවේ තැන්පත් කර ඇති ගෞතම බුදුන්ගේ දන්ත ධාතුව, ඇත්තම දන්ත ධාතුව නොවේ යැයි කිසිවෙකු හෝ පැවසුවොත් ඔබට කුමක් හැඟෙයිද? 'මායාව' ගෙතෙන්නේ එම පදනම මත සිටය.

ගෞතම බුදුන්ගේ සිට මෛත්‍රී බුදුන් දක්වා දිව යන මේ කතාවේ දන්ත ධාතුව මායාවක් සේ කතුවරයා දකියි. දළදා වහන්සේ එක් තැනක රැඳී නොසිටින බවත් තම ඍධි බලයෙන් එය ඒ ඒ තැන් වලට වඩින බවත් ජනප්‍රවාදයේ ඇති නොලියවුණු රහසකි. මේ රහස පසුපස හඹායන කතුවරයා මෙම නවකතාව ලියා ඇති රසවත් ආකාරයට මෙය සත්‍යක්මදෝයි යන සැකය පාඨකයාට නවකතාව පුරාවට දනවයි.

සීතාවක රාජධානියේ බිඳවැටීම ආරම්භ වූයේ පෘතුගීසි ආක්‍රමණයත් සමඟය. ඉවක් බවක් නැතිව බුදු දහම විනාශ කරමින් ගිය ඒ අවධියේ සංඝයා වහන්සේලා එකතු වී දළදා වහන්සේ ආරක්ෂා කළේ බුද්ධාගමේ පැවැත්මත්, දියුණුවත් මෙය වටා බැඳී ඇති බැවිණි. පහතින් දැක්වෙන්නේ නවකතාවෙන් උපුටා ගත් කොටසකි.

"දන්ත ධාතුව තමන් භාරයේ තිබූ භික්ෂූන් 1594 වර්ෂයේදී එය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් වැඩ පිළිවෙලක් යෙදූ බව දැනගනිත්වා.

දන්ත ධාතුව තම භාරයට ගත හැක්කේ සීතාවක රාජධානියේ ප්‍රභූ පවුල් හතරක් සාමූහිකව ක්‍රියා කළ කල්හි බවට කරුණු යෙදෙන පරිදි එම වැඩ පිළිවෙල යොදා ඇත. ඉර හරියටම අහසේ මුදුන් වන දිනක තැන්පත් කුටිය මතට පැමිණෙන යෝධ කුරුල්ලෙක් කුටිය දක්වනු ඇත. ගෞතම බුදුන් වහන්සේගේ අන්තිම ධාතු දැක්වීම සඳහා එම පවුල් හතරට අයත් හක්ගෙඩි එකට නාද විය යුතුය. මෛත්‍රී බුදු වන දවස දක්වා මෙය මෙසේම පවතී. බුදුන්ගේ දන්ත ධාතුව නියම ස්වභාවයට පත් වන්නේ එදාය.


මෙම සිදුවීම තවත් බුදු කෙනෙකු පහළ වූ බවට සාක්ෂියක් වෙයි."

පුරාවිද්‍යා විෂය පථයට දැඩි ලෙස ඇලුම් කරන අමල් වෙත්තසිංහ නම් වූ අයෙක් මෙම පුරාවෘතයට අනුව යමින් අදාළ ප්‍රභූ පවුල් හතර සතු හක්ගෙඩි හතර සොයාගෙන, අදාළ පුස්කොළ පොත් කියවා කෙසේ හෝ සත්‍ය දළදා වහන්සේ සොයාගන්නා අපූර්ව කථාව මෙම නවකතාවේ මුල සිට අග දක්වා එක සීරුවට කුතුහලය දනවන ආකාරයට දක්වා ඇත. එපමණක් නොව යන්තමින් අසා තිබූ අතීත සිද්ධි කතුවරයා ඉතා තියුණු අන්දමට විස්තර කර ඇති අයුරු නම් විස්මයජනකය.

'මායාව' මා කාලෙකින් කියවූ වෙනස්ම ආකාරයේ නවකතාවකි. 'මායාව' ඔබව මායාවකට ඇද නොදමා අපූරු තෘප්තියකින් හදවත පුරවන බව නම් මට සහතික කොට කිව හැක.

32 comments:

  1. කුතුහලයක් ආව ඒක ගැන කියවන්න...හොයාගෙන බලන්න ඕන...ඔන්න එහෙනම් මාත් ආව මේ පැත්තට...ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා එහෙනම්. ආයෙත් එන්නකො.

      Delete
  2. හොයාගෙන කියවන්න වටිනවා..........

    ReplyDelete
    Replies
    1. හොයාගෙන කියවලා විස්තරේ කියන්නකො

      Delete
  3. ඔය කතාව විස්තර කරලා තියන විදියට ඇත්තටම හිතට කුහුලක් දැනුන.. කොහොම හරි ලංකාවට ඇවිත් ඕක හොයාගෙන කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පොතේ තියෙන කුතුහලය නිසාම අන්තිම දක්වාම එක සීරුවට කියවන්න පුලුවන්

      Delete
  4. හොද නම් කියවන්න ඕන බලන්න!
    මොකක්ද ප්‍රකාශනය??ගොඩගේ ද??

    ReplyDelete
    Replies
    1. නෑ. Foremost Books කියලා කට්ටියක්

      Delete
  5. මම ආවමද කොහෙද, වැදගත් ලිපියක්..

    ජය පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සාදරෙන් පිළිගන්නවා..

      Delete
  6. කොහෙද ඉතිං පොත් කියවන්න වෙලාවක්....

    ReplyDelete
    Replies
    1. හොඳ පොතක් හම්බුනොත් කොහොම හරි වෙලාව මම නම් හොයාගන්නවා

      Delete
  7. මේ කෙටි විස්තරෙන් මටත් " මායාව" ගැන කිතුහලයක් ආවා.. ඒත් කරුමෙට මෙහේ කොහෙන් හොයන්නද ඔය පොත...

    ReplyDelete
    Replies
    1. බලන්න ඉංග්‍රීසි පොත වත් ඇතිද කියලා

      Delete
  8. හොයලා බැලීම වටී !!

    ReplyDelete
    Replies
    1. හොයලා බැලීම විතරක් නොව කියවලා බැලීමද වටී

      Delete
  9. ස්තූතියි පිණි......ආරංචියට.....මුල් පොත හොයාගන්න බලන්න ඕන....

    ReplyDelete
    Replies
    1. රවී අයියට නම් ඕක හොයාගන්න බැරි වෙන්නෙ නෑ

      Delete
  10. හ්ම්ම් කියවලා බලන්නම්කෝ අක්කේ

    ReplyDelete
  11. ලංකාවට ආපුවාම කරන්න තියන වැඩ ලිස්ට් එකට ඔය පොත මිලදීගැනීමත් එකතු කරන්න පුලුවං වගේ

    ReplyDelete
    Replies
    1. ඕනයියා කොයි කාලෙද ලංකාවට එන්නෙ

      Delete
    2. අප්‍රේල් එනව නඟේ . . . කෙල්ලගෙ උපන්දිනේ 21වෙනිදනෙ . . .

      Delete
  12. පිනි බිඳු ඔන්න මටත් කියවන්න හිතුනා...මායාව...ඔයා කොහෙන්ද පොත ගත්තෙ?

    ReplyDelete
    Replies
    1. මම නම් ලයිබ්‍රියෙන් ගත්තෙ. පොත් කඩවල් වල හොයා ගන්න බැරි වෙන එකක් නෑ

      Delete
  13. පොත ගැන ඇහුවෙත් අදයි... සිංහල බ්ලොග් වලම ඉතිහාස කතා අලුත් විදිහට අහලම මේ කතාව ගැනත් කියවීමේ උනන්දුවක් ආවා.. ස්තූතියි විස්තරයට..

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් කැමති අහල තියෙන සත්‍යයෙන් බැහැර දේවල් වලටනෙ.

      Delete
  14. නුගේගොඩ සරසවියේ නැත ! තව පොත් කඩවල් දෙක තුනක බැලිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එහෙම ගන්න තැනක් ගැන නම් මටත් අදහසක් නෑ. මොකද මටත් මේක හම්බ උනේ ලයිබ්‍රි එකේ තිබිලා

      Delete
  15. කියවන්න තියෙන පොත් ලිස්ට් එකට ඕකත් ලියා ගත්තා....

    ReplyDelete
    Replies
    1. හම්බ වෙච්ච දවසක අරන් බලන්නකො.

      Delete
  16. මෙහි කතෘ උත්සාහ කරන්නේ දන්ත ධාතූන් වහන්සේ මායාවක් බව ශපත කිරීමට ද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...