Pages

Sunday, March 18, 2012

වැඩි තක්කාලි විසි නොකර ජෑම් හදමු


මේ දවස් වල හැම තැනම තක්කාලි පලදාව හොඳයි. පහුගිය දවස් වල තක්කාලි මිල අඩු වෙලා කිලෝ ගණන් විනාස කරලත් තිබුණනෙ. අපේ ගෙදර එළවළු කොටුවෙත් බල්බ් දැම්මා වගේ තක්කාලි හැදිලා.

ගෙදර ගියපු දවස් වල හැම වෑංජනේකටම තක්කාලි. පොල් සම්බෝලෙටත් තක්කාලි. තක්කාලි සම්බෝල, තක්කාලි හොදි විතරක් නෙමෙයි තක්කාලි තෙල් දාලත් කන්න ලැබුණා. අම්මපා මට ඒ දවස් ටිකේ තක්කාලි එක්ක තිබ්බ තරහක් නම්..


තක්කාලි වලින් හදන්න පුලුවන් හැම කෑමක්ම හැදුවට පස්සෙ තමයි අපෙ අම්මට මතක් උනේ තක්කාලි ජෑම් හැදුවෙ නෑනෙ කියලා. ඔයාලට උනත් ප්‍රයෝජන වෙන්න පුලුවන් මේ රෙසිපි එක මේ කාලෙ. හදලා බලමුද තක්කාලි ජෑම්.

අවශ්‍ය දේවල් නම් ඉතාම සීමිතයි. හොඳින් ඉදුණු තක්කාලි, සීනි සහ වැනිලා චුට්ටක් විතරයි ඕනෙ වෙන්නෙ.


මුලින්ම හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි ටිකක් අරගෙන (අපි නම් කිලෝ එක හමාරක් විතර ගත්තා) හොඳට සෝදගන්න. දැන් පැහෙන උණු වතුර තක්කාලි මතට වත් කරලා විනාඩි පහලවක් විතර තියන්න. ඊට පස්සෙ තක්කාලි ගෙඩි වල පොත්ත අයින් කරගන්න. යන්තමට තැම්බිලා නිසා පොතු අයින් කරගන්න ලේසියි.

ඊට පස්සෙ තක්කාලි ටික බ්ලෙන්ඩර් කරගන්න. ඕනෙ නම් ඊට පස්සෙ තක්කාලි ඇට ටික අයින් කරගන්නත් පුලුවන්. ඒත් අපි නම් එහෙම්මම තියෙන්න ඇරියා. කන වෙලාවට තක්කාලි ඇට තිබ්බා කියලා වෙනසක් දැනෙන්නෙ නෑ.

ඊට පස්සෙ බ්ලෙන්ඩර් කර ගත්තු තක්කාලි පේස්ට් එක භාජනේකට දාලා සීනි ග්‍රෑම් 500ක් විතර දාලා ලිපේ තියලා රත් කරන්න. මතක තියාගන්න මේ එක වෙලාවකදිවත් වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. එහෙම උනොත් කල් තියාගන්න බැරි වෙයි.

ලිපේ තියෙන මිශ්‍රණය නිතරම හැඳි ගාමින් ඉන්න. විනාඩි දහයකින් පහළොවකින් උකු ගතියට එනකොට වැනිලා බිංදු කීපයක් දාලා ලිපෙන් බාගන්න. දැන් නිවුණට පස්සෙ බෝතල් වල අසුරගන්න.




රස ගැන කියනවා නම් තක්කාලි රසක් නම් එන්නෙ නෑ අමුතුවෙන්. මට නම් සාමාන්‍ය ජෑම් රසම තමා එන්නෙ. තක්කාලි කිලෝ එක හමාරකින් මධ්‍යම ප්‍රමාණයේ ජෑම් බෝතල් තුනක් පුරවගන්න පුලුවන් ප්‍රමාණෙට ජෑම් හදාගන්න පුලුවන්.

මේ දවස් වල සුපුරුදු තක්කාලි සහිත කෑම වලට අමතරව තක්කාලි ජෑම් සමඟ පාන්, තක්කාලි ජෑම් සමඟ රොටී, තක්කාලි ජෑම් සමඟ ක්‍රීම් ක්‍රැකර් විතරක් නෙමෙයි තක්කාලි ජෑම් සමඟ බටර් කේකුත් කැවෙනවා. දැන් ඉතින් තක්කාලි වාරෙ ඉවර වෙනකල් තක්කාලි වලින් නම් ගැලවීමක් නෑ.

55 comments:

  1. තක්කාලි වලින් පාන් හදන්න බැරි වෙයිද දන්නේ නෑ ජෑම් ගාගන කන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙම තක්කාලි විසි කරන්න ගත්තොත් කට්ටිය ඒකත් කරයි

      Delete
  2. මං පොඩි කාලේ අම්මා දවසක් තක්කාලි සෝස් හැදුවා...ඒ කාලේ දැං වගේ සෝස් බෝතල් තිබුනද දන්නෑ..අම්මලට ට්‍රේනින් කොලේජ් එකේදි හදන්න උගන්නපු එකක් කිව්වා..ඒක මතක් උනා..ඒ රස දැනුත් දැනෙනවා...දිවත් පිච්චුනා උනුවෙන් කන්න ගිහිල්ලා...මතකය අවුරුදු 25ක් විතර ඈතට ගියා මේ පෝස්ට් එක නිසා...

    ReplyDelete
    Replies
    1. කඩෙන් නොගෙන ගෙදරම හදන්න තියෙනවා නම් කොච්චර හොඳද

      Delete
  3. අනේ උඹත් පටන්ගත්තද කෑම හදන්න... හොඳයි හොඳයි දැම්ම තියා පටන්ගත්තු එක... අර කොළුවට රහට කෑම ටිකක් ලැබෙයිනෙ...

    ReplyDelete
    Replies
    1. ඒ කොළුවා කොච්චර වාසනාවන්තද බලන්ඩ.. :P

      Delete
  4. මං කැමති ජාතියේ ලිපියක් ඈ...

    මේ ඒක නෙවෙයි පිණී බිංදුවෝ..පුළුවන්නං තාත්තගෙන් අහලා කරලා ඔය තක්කාලි වගා කර ගන්න හැටිත් ටිකක් ලියකෝ නිවාඩු පාඩුවේ... පොත පතේ විස්තර තිබුනට හිටවන මනුස්සයොම තමා ඕවයේ හුගක් ක්‍රම සහ විදි දන්නේ... ඒ හින්දා ටිකක් ඒ ගැන දන්න කියන කරුණු කාරණා එක්ක ලිව්වනං ඒක හුග දෙනෙකුට පොච්චිවල හරි තක්කාලි හිටවන්න උදව් වෙයි...

    තක්කාලි විතරක් නෙවෙයි අනිකුත් ගෙදර දොරේ වගා කරන දේවල් උනත් අතරින් පතර දැම්මනං හොදයි...

    ReplyDelete
    Replies
    1. ගෙදර දොරේ නං ඉතිං හැදෙන්නෙ පුස් තාමා. ඒකත් ඉතිං තෙමුනොත් තමයි

      Delete
    2. කේන්දර ඔෆිස් එකේ පෝච්චි වලද තක්කාලි හිටවන්න හිතා ඉන්නෙ ?

      Delete
    3. මාරයියෙ, මම ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් ආයෙ ගෙදර ගියාම ෆොටෝ ටිකකුත් එක්ක.

      Delete
    4. අම්මපා නවම් අයියටත් හිතෙන එවුවා

      Delete
  5. සරල , ලෙහෙසි ක්‍රමයක් වගේ. මිරිස්, ලුණු, ටිකක් දැම්මෝ තව රස වෙයි මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් සීනි නොදා හදන්න වෙයි

      Delete
  6. ජූස් එකක් විදිහට හදල ,දෙහි ටිකක් සීනි ටිකක් දාල බොන්නත් පුළුවන්....මේකත් ලියල තියාගන්න. ලබන තක්කාලි වාරෙදි පරෝයෝජනයට...

    ReplyDelete
  7. අර වගේ උණු වතුර දාල තම්බන එකට කියන්නෙ බ්ලාන්ච් කරනවා කියලා. සෝස් හදන හැටිත් කියන්නකෝ.

    අපිට නම් වවලා බේරෙන්න බෑ වදුරන්ගෙන්. ඔහේ දැන් නැද්ද??

    ReplyDelete
    Replies
    1. අහල පහල කොල්ලන්ට වදුරෝ කියන එක හරි නෑ නේද අක්කේ?

      Delete
    2. @ නිසුපා - වඳුරො තමා පරම හතුරො. උන් තක්කාලි වලින් බෝල ගහන්නැති ටික විතරයි

      Delete
  8. අයියෝ තක්කාලි මට සැරයි... කන්න විදියක් නෑ...

    ReplyDelete
    Replies
    1. අපෙත් මල්ලි කෙනෙක් ඉන්නවා පොර තක්කාලි කෑවොත් පහුවදා ඉස්පිරිතාලෙ ඉන්නෙ.

      Delete
  9. අක්ක කෑම ගැන දාන ඒව එකක් නෑර බලනව....මගේ බණ්ඩිය චණ්ඩි නිසා........

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉස්සරහටත් බලන්නකො. තව පෙන්ඩින් පෝස්ට් තියෙනවා

      Delete
  10. හනේ ඉතිං කවදහරි මේ අත්හදාබැලීම් වල සාම්පල් ටෙස්ට් කරන්න වෙන්නෙ අර අහිංසකයට නෙ . . .පවු

    ReplyDelete
    Replies
    1. බලන්ඩ ඉතින් කොච්චර වාසනාවක්ද නේ

      Delete
  11. තක්කාලි නෙමෙයි පරිප්පුවත් එකදිගට කන්න පුලුවන්ද පිණිබිඳුවෝ

    ReplyDelete
    Replies
    1. ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නැත කියන්නෙ ඒකනෙ

      Delete
  12. අදමයි මේ පැත්තේ ආවේ "BLog ගඩොල්" එකේදි දැක්කා තක්කාලි සෝස් හදන හැටි කියනවා කියලා ඇවිත් පරන ලිපිත් කිහිපයක් බැලුවා( රැග් එක ගැන හෙම )සොස් හදල බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. එහෙනම් දිගටම එන්නකො මේ පැත්තෙ

      Delete
  13. මේක දැක්කම මට හෙන දුකයි අප්පා.. ඔයාට තක්කලි වැඩි වෙලා මේ දවස් වල අපිට තක්කලි කිලෝවක් යූරෝ හතරක් වගේ.
    මගේ හැම කෑම වේලක් එක්කම තක්කලි ඉන්නවා. කොටින්ම තක්කලි මගේ ජීවිතය වගේ.
    ඔච්චර ම තියෙනවා නම් ඇපටයිසර් එකක් විදියට ජූස් කරලා බොන්නකෝ. මට නම් ඊට පස්සේ අලියෙක් කන්න වගේ බඩගිනි වෙනවා.
    තව ඉතින් අමුවෙන් ඔලිව් ඔයිල් ටිකක් දාලා ලුනු පොඩ්ඩක් දාලා කන එකත් ඉතින් මගේ ප්‍රියතම ස්ටයිල් එකක්. රශ්නේ කාලෙට හමට කියාපු බෙහෙත. ඔයාල ලංකාවෙ රශ්නෙන් ඉන්න නිසා මේක නියම ප්‍රථිකාරයක් වෙයි.
    අනික තමයි තක්කලි සෝස්. මේ සෝස් කියන්නේ අර ඔයාල හදන කෙච් අප් නෙමෙයි. මෙන්න මෙතනත් ඔය කෙචප් නම් ලියලා තියෙනවා.(http://living.hartstuff.com/search/label/food) ඒත් ඉටෑලියන් කෑම කන්න කැමති නම් ඉතින් මම තව ක්‍රමයක් කියන්නම්. ඔය කඩේ තියෙන තක්කලි ටින් වලට වඩා මේක පට්ට රසයි. කොටින්ම වෙලා තියෙන හැම වෙලාකම මම නම් කඩෙන් ටින් අර ගන්නේ නැතිව මේ වගේ කරගන්න උත්සාහ කරනවා.
    මේක දිග වැඩියි ඉන්න මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. යූරො හතරක්. අනෙ අම්මෝ එච්චර ගණන්ද අප්පා.

      Delete
  14. http://burubabe.blogspot.it/2012/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඒ පැත්තෙ ගිහින් ආවෙ

      Delete
  15. තක්කාලි ජෑම්! වැඩි මහන්සියක් නැතිව කරගන්න පුළුවන් නේද... මුලින්ම ටිකක් අරගෙන කරල බැලුවනම් හොඳයි වගේ... තැංකිව් මචං මේ ගැන ලිව්වට!

    ReplyDelete
    Replies
    1. ඔව් සාම්පල් එකක් හදල බලන්න මුලින්

      Delete
  16. ඔය විදිහටම සීනි වැනිලා නොදා හදාගන්නවා ඉතාලියේ අය පාස්තා කන්න.. ඒ විදිහටනම් අපිත් හදලා තියේ...

    ReplyDelete
  17. මම් සෝස් එකක් හැදුවා තක්කලි වලින්.මේකත් හදල බලන්නම්කො.

    ReplyDelete
  18. ආහ් කියන්ඩ සතුටුයි. අක්කා කියපු ගෝවා මල් වෑංජනය අපේ අම්මට කියලා හදව ගත්තා. මේකත් අපේ අම්මට කියලා හදෝගන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. අහන්ඩත් සන්තෝසයි. මල්ගෝවා එක හොඳට ආවද

      Delete
  19. පෙනුමට නම් රසයි වගේ හදලම බලන්නෝනැ..

    ReplyDelete
    Replies
    1. රසත් මරු කියල වැඩක් නෑ

      Delete
  20. මෙහෙත් මේ දවස් වල තක්කාලි ගණන් අඩු වෙලා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබීට කියලා හදවගන්නකො

      Delete
  21. අයියෝ පහුගිය කාලේ දඹුල්ලේ ජෑම් ෆැක්ටරියක් දාන්න තිබ්බානේ ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ විසි කරපු තක්කාලි කන්දරාව.

      Delete
  22. ඊලග සැරේවත් හදන්න බලන්න ඕන ........ ස්තුතියි විස්තරේට

    ReplyDelete
  23. ලංකාවට එන්නම්කෝ.. අවාම දෙන්නම් තක්කාලි..

    ReplyDelete
    Replies
    1. අනේ අපිට නම් තක්කාලි එපා. මේ වැඩි වෙලා ඉන්නෙ

      Delete
  24. ඔයාගේ පෝස්ට් එක බලාගෙන මාත් අද හැදුවා.. නියමෙට ආවා.. තැන්ක් යූ...!!!!
    http://www.facebook.com/media/set/?set=a.393992247295377.104324.100000538167670&type=3

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...