ගෙදර දොරේ වැඩ වලදි කොයි තරම් නම් අපි අනාගන්න සිද්ධි වෙනවද. ඒ වගේ පොඩි පොඩි අන්ජබජල් වැඩ වලට විසඳුම් වගයක් මට හම්බුණා. මේල් එකකින් මේක ඇවිත් තිබුණෙ. කාට උනත් ප්‍රජෝජනයක් වෙන දෙයක් නිසා මම බ්ලොග් එකේ දාන්න හිතුවෙ.
හිටපු ගමන් නොසන්ඩාල කොල්ලො උන් කකා ඉන්න චුයින්ගම් එක කාගෙ හරි ඇඳුමක අලවන්න පුලුවන්. එහෙම නැත්තන් ඒ නොසන්ඩාල කොල්ලෙක් කාපු චුයින්ගම් එකක් පුටුවක අලවලා ගිහින් ඒක ඔයාලගෙ ඇඳුමෙ ගෑවෙන්න පුලුවන්. චුයින්ගම් රෙදි වලින් අයින් කරගන්න ලේසි නෑ. එහෙම උනාම කරන්න ඕනෙ ඇඳුම අධිශීතකරණයේ පැයක් විතර තියන්න. දැන් චුයින්ගම් එක අයින් කරගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWSqo_2cbHCvXTbqkN8Asvbts8QrC3Hy4Y0wBrSl2lKyy-F-7uN3fK6i6dQoWOmQiMF8P9x-KlTS3nIOrQrmZAroou5wGElNYrSBB5HlnYRkPvV-d1i8xJgXhJEleU2wCv34ig25E9trSs/s320/chewing-gum.jpg)
ගෙදර පැනි රස දෙයක් තිබ්බොත් බේරගන්න අමාරුම කාගෙන්ද. පොඩි ළමයින්ගෙන් නෙමෙයි කූඹින්ගෙන්. කූඹි හැටට හැටේ දුවගෙන එන්නෙ පැණි රසට. මේ වගේ වෙලාවට කරන්න තියෙන්නෙ පිපිඤ්ඤා පොත්තක් කූඹි ගුල ගාවින් තියන එකලු. මොකද කූඹින්ට පිපිඤ්ඤා පෙන්නන්න බැරි නිසා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsCDDfXbxevY6mMf8qP3swv_0x151u_ebPWZskWAAVvLnSWFWfrYm7F2nGAwjoRTQzqOic_CPZXtv0b4QK3dtqxew-ca-IRdp1-3iKCXosG4mrrdWpTmLFQKraZrM_XwgkThU4a6j0-8Ll/s320/ants.jpg)
දෙහි මිරිකනකොට වැඩි දෙහි ප්‍රමාණයක් ගන්න ඕනෙ නම් දෙහි උණු වතුරේ පැයක් පමණ දාලා තියලා මිරිකන්න ගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq9uq9V2RTZklILOW69TBmsNPzgtuaK0hyadSH9vr238wNCmjdLNMqbCOd0gsIsPXb9X42IhqphO6lbLZzLmJCOo31dttf1l7q9ySdrho44Tv-kSU6vWT5jGEmHCXRTuWaLE-M8APx0hLl/s320/Lemon.jpg)
ලූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. අපි නම් අඬා වැලපි වැලපි තමා ලූණු කපන්නෙ. කඳුළු එන එක නවත්ත ගන්න චුයින්ගම් හපන්න කියලා තමා කියන්නෙ.
අල ඉක්මනට තම්බා ගන්න ඕනෙ නම් එක අල ගෙඩියක තම්බන්න කලින් පොත්ත ටිකක් අයින් කරගන්න. එතකොට අල ඉක්මනට තැම්බෙනවලු. ඒ වගේම අල බතල වගේ දේවල් තැම්බුවාම සමහර වෙලාවට පොතු ගහන්න අමාරුයි. එතකොට ලිපෙන් බාපු ගමන්ම සීතල වතුරට දැම්මා නම් පොත්ත ලේසියෙන් ගැලවෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE95bazdt-ycKAi123nRudMq0junLozlhtWDy4bT-yQ2oS7zX5zU6TU96l_Bu4M1EYidO-Ucl3lH632l7NIXurpEV_hGuc88bncSedCQwAzBT8awLG6GR7l5LoQ5lItfhj2X5jAwY7aGRj/s320/potato.jpg)
තමන්ගෙ ඇඳුමට තින්ත පෑනෙ තින්ත හලා නොගත් කෙනෙක් ඉන්නවද. ඉස්කෝලෙ කාලෙ නම් තින්ත පෑන් වලින් ලියන්න ගත්ත අලුත සුදු ඇඳුමේ නිල් මෝස්තර කරගෙනනෙ ගෙදර එන්නෙ. මෙහෙම වැටුණු තින්ත අයින් කරගන්න නම් දත් බෙහෙත් ටිකක් තින්ත පැල්ලම උඩ අතුරලා සම්පූර්ණයෙන් වේලෙන්න තියන්න. ඊට පස්සෙ හෝදලා දාන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmguCwtfSxTwMmgLBCaGO3OdHlD6locfM96EoHSGrT7VBekem8ygZHi_E3d1kTLa5QLVhI3efFm7lC_S7k9fKpDTlPtbmF0GUe6k-MWn1HndGYeqrsV35q6uuVhUlas6H4MjxD_jHjuMCI/s320/ink.jpg)
හිටපු ගමන් නොසන්ඩාල කොල්ලො උන් කකා ඉන්න චුයින්ගම් එක කාගෙ හරි ඇඳුමක අලවන්න පුලුවන්. එහෙම නැත්තන් ඒ නොසන්ඩාල කොල්ලෙක් කාපු චුයින්ගම් එකක් පුටුවක අලවලා ගිහින් ඒක ඔයාලගෙ ඇඳුමෙ ගෑවෙන්න පුලුවන්. චුයින්ගම් රෙදි වලින් අයින් කරගන්න ලේසි නෑ. එහෙම උනාම කරන්න ඕනෙ ඇඳුම අධිශීතකරණයේ පැයක් විතර තියන්න. දැන් චුයින්ගම් එක අයින් කරගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWSqo_2cbHCvXTbqkN8Asvbts8QrC3Hy4Y0wBrSl2lKyy-F-7uN3fK6i6dQoWOmQiMF8P9x-KlTS3nIOrQrmZAroou5wGElNYrSBB5HlnYRkPvV-d1i8xJgXhJEleU2wCv34ig25E9trSs/s320/chewing-gum.jpg)
ගෙදර පැනි රස දෙයක් තිබ්බොත් බේරගන්න අමාරුම කාගෙන්ද. පොඩි ළමයින්ගෙන් නෙමෙයි කූඹින්ගෙන්. කූඹි හැටට හැටේ දුවගෙන එන්නෙ පැණි රසට. මේ වගේ වෙලාවට කරන්න තියෙන්නෙ පිපිඤ්ඤා පොත්තක් කූඹි ගුල ගාවින් තියන එකලු. මොකද කූඹින්ට පිපිඤ්ඤා පෙන්නන්න බැරි නිසා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsCDDfXbxevY6mMf8qP3swv_0x151u_ebPWZskWAAVvLnSWFWfrYm7F2nGAwjoRTQzqOic_CPZXtv0b4QK3dtqxew-ca-IRdp1-3iKCXosG4mrrdWpTmLFQKraZrM_XwgkThU4a6j0-8Ll/s320/ants.jpg)
දෙහි මිරිකනකොට වැඩි දෙහි ප්‍රමාණයක් ගන්න ඕනෙ නම් දෙහි උණු වතුරේ පැයක් පමණ දාලා තියලා මිරිකන්න ගන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq9uq9V2RTZklILOW69TBmsNPzgtuaK0hyadSH9vr238wNCmjdLNMqbCOd0gsIsPXb9X42IhqphO6lbLZzLmJCOo31dttf1l7q9ySdrho44Tv-kSU6vWT5jGEmHCXRTuWaLE-M8APx0hLl/s320/Lemon.jpg)
ලූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. අපි නම් අඬා වැලපි වැලපි තමා ලූණු කපන්නෙ. කඳුළු එන එක නවත්ත ගන්න චුයින්ගම් හපන්න කියලා තමා කියන්නෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbdIPUg27NEr7QdrGbB2qCkORWlrOV2MFoKPEfnAVPIAjEMapAMQPfRrbkDiQFPIcm1W_ecWAdaunFmuNoW4BoK1PE758ZIZRNe_fX76Bv83TkHCIgdkYdADrZGMPInMURNkI4v686xydV/s320/Onion_Freeze_Dried_Powder.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE95bazdt-ycKAi123nRudMq0junLozlhtWDy4bT-yQ2oS7zX5zU6TU96l_Bu4M1EYidO-Ucl3lH632l7NIXurpEV_hGuc88bncSedCQwAzBT8awLG6GR7l5LoQ5lItfhj2X5jAwY7aGRj/s320/potato.jpg)
තමන්ගෙ ඇඳුමට තින්ත පෑනෙ තින්ත හලා නොගත් කෙනෙක් ඉන්නවද. ඉස්කෝලෙ කාලෙ නම් තින්ත පෑන් වලින් ලියන්න ගත්ත අලුත සුදු ඇඳුමේ නිල් මෝස්තර කරගෙනනෙ ගෙදර එන්නෙ. මෙහෙම වැටුණු තින්ත අයින් කරගන්න නම් දත් බෙහෙත් ටිකක් තින්ත පැල්ලම උඩ අතුරලා සම්පූර්ණයෙන් වේලෙන්න තියන්න. ඊට පස්සෙ හෝදලා දාන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmguCwtfSxTwMmgLBCaGO3OdHlD6locfM96EoHSGrT7VBekem8ygZHi_E3d1kTLa5QLVhI3efFm7lC_S7k9fKpDTlPtbmF0GUe6k-MWn1HndGYeqrsV35q6uuVhUlas6H4MjxD_jHjuMCI/s320/ink.jpg)
එදිනෙදා ජීවිතයට මේ දේවල් ටිකක් හරි වැදගත් වෙයි. ඉතින් යාන්තමට හරි මතකයේ තියාගත්තොත් වැඩක් අනාගත්තු වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.
හොඳ විස්තර ටිකක් තමයි නගෝ.... හැබැයි අර "නොසණ්ඩාල කොල්ලෝ" ගැන විතරක් කියලා, "නොසණ්ඩල කෙල්ලෝ" ගැන සඳහනක් නොකර සිටීමේ අධික ස්ත්‍රීවාදයට මගේ බලවත් විරෝධය....!
ReplyDeleteඅර ලූණු කපනකොට චිවින්ගම් කන කෙල්ලෝ කොහේද එතකොට ඒ චුවින්ගම් එක අලවන්නෙ ? ලූණු ගෙඩියෙද ?
හෙහ් හෙහ්.. මාත් මේ පෝස්ට් එක කියවාගෙන එනකොටම කෙමෙන්ට් එක ලෑස්තිකරං උන්නෙ. මට කලින් දුමී අයිය කියලනෙ..
Delete@ දුමී- හෙහ් හෙහ් අන්න පොයින්ට් එක. දුමී අයියට කියන්ඩ අයියෙ ඔය නොසන්ඩාල කොල්ලෙක් පොඩි කාලෙ ඌ කකා හිටපු චුයින්ගම් එක මගෙ ඔලුවෙ ඇලෙව්වනෙ ගෝරියක් ගිහිල්ලා. ආයෙ මම ඩීෆ්‍රීසර් එකේ ඉන්ඩද. කොණ්ඩෙ ඒ ටික කපන්නත් උනා.
Delete@ නවම් - උඹලගෙ කට කහනවා නේ අයියෙ
Deleteමේ ටික නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි
ReplyDeleteහැමෝම අනාගන්න වෙලාවල් තියෙනවනෙ
Deleteඅනාගතේදි වැඩක් වෙයිද බලමුකො... :)
ReplyDeleteඅනිවා ඕනෙ වෙනවා
Deleteබොහොම ස්තුතියි!
ReplyDeleteවෙල්කම් වෙල්කම්
Deleteමට මතක් උනේ ඉස්සර ගුවන්විදුලියේ හවස 1ට නිතර යන පසන් නිවස කියන වැඩසටහන. ඒකෙත් හැමදාම කියනව ඔයවගේ පොඩිපොඩි ට්‍රික්ස්. ළූණු කැපිල්ල ටෙස්ට් කරල බැලුවද? මට නං ඒක සෑහෙන්න වැදගත්.
ReplyDeleteකාන්තා අධිපත්‍යය ද ? නැතිනම්, යහපත් ස්වාමි යෙක්ද ?
Deleteදෙකම නෙවේ බං බඩගින්න! අම්මයි නෝනයි දෙන්නම නැති දවස් තියනවනෙ මට! එදාට කුස්සියෙ රජා මම.
Deleteටෙස්ට් කරලා නම් බැලුවෙ නෑ. ඒත් ඒක හරියනවා කියලා මම අහලා තියෙනවා.
Delete@දුමී:
ReplyDeleteහොඳ විස්තර ටිකක් තමයි නගෝ.... හැබැයි අර "නොසණ්ඩාල කොල්ලෝ" ගැන විතරක් කියලා, "නොසණ්ඩල කෙල්ලෝ" ගැන සඳහනක් නොකර සිටීමේ අධික ස්ත්‍රීවාදයට මගේ බලවත් විරෝධය....!
100% එකගයි !!!!!!!!!
LA
හෙහ් හෙහ්. හරි හරි නොසන්ඩාල කොල්ලෝ සහ කෙල්ලෝ දෙගොල්ලොන්ම. හරිනෙ.
Deleteමේක නම් සෑහෙන ප්‍රයෝජනවත්. ඒත් මට තියෙන ප්‍රශ්නේ පාසලුයි මමයි සෑහෙන්න ට්‍රයි කලා අපේ ගෙදර කූඹි නැවතිලා ඉන්නෙ කොහෙද කියලා හොයන්න. තාම හොයා ගන්න බැරි උනා :(
ReplyDeleteමේක ට්‍රයි කරල බලන්නකො
Deleteමොකක් නැතත් අන්තිම එකනම් මට සෑහෙන ප්‍රයෝයනයි :D
ReplyDeleteඅනිත් ඒවත් ප්‍රයෝජන වෙයි
Deleteසීනි බෝතලේ ඇතුලට කරාබු නැටි දාලා තිබ්බමත් කූඹි එන්නේ නෑලු නේද??
ReplyDeleteමේවා නම් තව ගොඩාරියක් තියෙනවා හරි වැදගත්.. පුළුවන්නම් හොයලා දාන්න.. වටිනවා හරියට..
මාත් අහලා තියෙනවා
Deleteකූඹි ගුල ළඟ කැකිරි පෙත්තක් තිබ්බමත් උන් එන්නෙ නැහැල්ලු.
ReplyDeleteකැකිරි මොකෝ පිපිඤ්ඤා මොකෝ
Deleteඅක්කා එහෙනම් දැන් ගෙදර වැඩ ලේසියෙන් හරියට කරන විදිහ ගැන උනන්දු වෙනවා නේ?? :)
ReplyDeleteනැතුව නැතුව. තව අවුරුද්දක් වත් නෑනෙ.
Deleteෆස්ට ලිපිය ට්‍රයි කොරන්ට ඕනේ ඒ ඒ වෙලාවට..
ReplyDeleteජය !
තැන්කූ තැන්කූ
Deleteපෝස්‍ටුව කියවන කොට මට ඇතිඋන ප්‍රශ්නේ දුමී අහලා තිබුනා.හැබැයි ඔයා උත්තරේ දීල නෑ.ප්ලීස් කොහෙද කියන්නකෝ.
ReplyDeleteඔන්න උත්තර දීලා ඇති. බලාගන්නකෝ
Deleteලූණු තමා වැදගත් මටත්.......... ඒකත් සමහර ලූණු වලට විතරයි ඇඟෙන්නේ. ඇයිද මංදා......
ReplyDeleteටැංකි අක්කා.................
හා පැටික්කි කාලෙකින්
Deleteමේ කියපු එක දෙයක් වත් මීට කලින් අහල නෑ ඉදිරියේදි ප්‍රයෝජනවත් වේවි......
ReplyDeleteඅනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි
Deleteමේක නම් හොඳට ම වැදගත් පෝස්ට් එකක්.... තැන්කූ අක්කා........
ReplyDelete~~~**දඟ මල්ල**~~~
අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි
Deleteෂා... මේ ටික වටිනවා.... මාත් මතක තියාගන්න ඕනේ...
ReplyDeleteමතක තියාගෙන ක්‍රියාත්මක කරන්නකෝ
Deleteවැඩේ නම් හොඳයි...එත් මේ අනාගැනීම්
ReplyDeleteවෙනකොට ලැප් එකයි ඩොන්ගල් එකයි හොයා ගන්න එක තමයි ප්‍රස්නෙ...
ප්‍රින්ට් අවුට් එකක් අරන් කුස්සියෙ අලවගෙන ඉන්නකො හරිනෙ එතකොට
Deleteචුයින්ගම් සීන් එක නං සෑහෙන්න වැදගත්. මුල් කාලෙ නං අඬා වැලපී වැලපී තමයි අපිත් ළුණු කැපුවෙ. දැන් නං පුරුදුයි :D
ReplyDeleteඅපිත් එසේමයැ. විලාප තිය තිය ලූණු කපන්නෙ
Deleteඵෑනු කැපිල්ල තමයි මටත් අමාරුම කේස් එක.
ReplyDeleteබලමු මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලා.... :)
හා හොඳයි.. මගේ සුදු කමිසයක් තියෙනවා තීන්ත පැල්ලමක් එක්ක.. දෙන්නම්කෝ ට්‍රයි එකක්..
ReplyDeleteලූනු 250ක් වෙනාපු වෙලාවක චුයින්ගම් තුනක්වත් ගේන්ඩ වෙයි වගේ.
ReplyDeleteඔය කාන්තා පත්තර ඉදලා හිටලා කියවන්න සෙට් වුණාම ඒවයෙත් මේ වගේ ක්‍රම තියෙනවා. දැන් එහෙම පත්තර බලන්න ඕනේ නැහැනේ පිණිබිඳු අක්කා ඉන්නවා නොවැ
ReplyDeleteඑදා කියවලා කොමෙන්ට් කරන්නේ නැතුව ගියා හදිස්සියට. අද තමයි ඕනේ උනේ ඔන්න.
ReplyDelete