Pages

Tuesday, June 26, 2012

ගේෂාවකගේ කතාව


ගේෂාවක් යනු ගණිකාවක් නොවේ. ඈ අලෙවි කරන්නේ ස්ත්‍රී ලාලිත්‍යයයි. ජපන් වදනක් වූ "ගේෂා"හි "ගේ" යන්නෙහි අරුත "කලාවන්" යන්නයි. "ගේෂා" යන්නෙහි අර්ථය වන්නේ කලාකාරිය යන්නයි. ගේෂාවකගේ කාර්යය වන්නේ තම ගණුදෙනුකරුවන් ලිංගිකව පිනවීම නොව, තමා පුහුණු වූ කලාවන්ගෙන් ඔවුන් පිනවීමය. තේ පානෝත්සව, නර්ථනය, ෂමිසෙන් වාදනය ඇය දැනගෙන සිටිය යුතු කලාවන්ගෙන් බිඳකි.

කලෙකට ඉහත ජපානයේ සිය සංස්කෘතියේ විශිෂ්ඨතම සංකේතයක් ලෙස ගේෂාවට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. ඈ සාමාන්‍ය ගෘහණියක් නොවේ. කෙලිලොල් යෞවනියක් නොවේ. නිරූපිකාවක්, නිළියක්, ගායිකාවක් නොවේ. ඇය ඒ සියල්ලේම එකතුවයි. ඇවිදීම, කතාකිරීම, බැල්ම පවා ඈ කරන්නේ දැඩි සංයමයකිනි. සමස්ථයක් වශයෙන් ගත් කල ගේෂාවන් සිය ලාලිත්‍යවත් පෞරුෂයෙන් පිරිමින් සතුටුකළහ.

ආතර් ගොල්ඩන් නමැති ඇමරිකානු ජාතික ලේඛකයාගේ 'Memories of a Geisha' නමැති නවකතාවෙන් පැවසෙන්නේ දෙවැනි ලෝක මහා යුද්ධයට පෙර හා පසු කාලයන්හි ජපානයේ කියොතෝ ප්‍රදේශයේ විසූ සයුරී නිත්තා නමැති ගේෂාවක පිළිබඳ කතා පුවතය. එය "සයුරී හෙවත් ගේෂාවකගේ කතාව" ලෙස සිංහලට පරිවර්ථනය කොට ඇත.

යුවතියක් ගේෂාවකගේ ලොවට ඇතුල් වූ පසු ඇය තව දුරටත් තමා වෙනුවෙන් තම සිත වෙනුවෙන් නොවෙහෙසිය යුතුය. ඈ ජීවත් විය යුත්තේ අනුන් උදෙසාය. ඉතා තදට දැමූ කොණ්ඩා මෝස්තරය අවුල් වන බැවින් ඈට වෙනත් අයෙකුට මෙන් සුව පහසු කොට්ටයක හිස තබා නිදන්නට වරම් නැත. ඈ හිස තැබිය යුත්තේ කොණ්ඩා මෝස්තරය අවකාශයේ රැඳෙන පරිදි බෙල්ලට තබා ගන්නා ලද සිලින්ඩරාකාර කොට්ටයකය. ඇයට දඟකාර ගමන් ඔල්වරසන් සිනා තහනම්ය. නෙතු අගින් හෙලන බැල්මක වුවද දැඩි සංයමයක් තිබිය යුතුය. 

ඈ පිරිමින්ව පිනවිය යුතු බව ඇත්තය. එහෙත් ආදරය කිරීම නොකළ යුතුය. "ගේෂාවකට ආදරය කළ නොහැක" යන්න එකල ගේෂා ජීවිත වල අලිඛිත නීතියක් බඳු වූවේය. අනේ අතට සියළු දෙනා පිනවූවත් සමාජයට පෙනෙන්නට මහත් සතුටින් පසු වූවත් බහුතරයක් ගේෂාවන්ගේ ජීවිත ඛේදවාචක බව ඔබට මෙම කෘතිය කියවූ පසු වැටහී යනු ඇත.

ගේෂාවක් බිරිඳක් වන්නේ නැත. එහෙත් ධනවත් පිරිමියෙකුට අවශ්‍ය නම් ගේෂාවක් සිය අනියම් බිරිඳ වශයෙන් තබාගත හැක. එසේ කිරීමට නම් ඉතා විශාල මුදලක් ඇය වෙනුවෙන් සහ ඇය අයත් වන නිවාසයට ගෙවිය යුතුය. එසේ ගේෂාවක් සිය සංතර්පණයට තබා ගන්නා පුද්ගලයා "ධනා" ලෙස හැඳින්වේ. ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ ධනාය. ගේෂාවක් පමණක් නොව, ගේෂාව සිටින ඔකියාවේ අයිතිකාරිය, කිමෝනා සපයන්නන්, කොණ්ඩා මොස්තරකරුවන්, ඇඳුම් අන්දවන්නන් ආදී බොහෝ දෙනා මේ ආදයම් මාර්ගය භුක්ති විඳිති. ධනාට අවශ්‍ය ඕනෑම මොහොතක අදාල ගෙවීම් අවසන් කර ගේෂාව අතහැර දැමිය හැක.

බොහෝ විට ගේෂාවන් බවට පත් කරවීම සඳහා දැරියන් කුඩා අවධියේම ඔවුන්ගේ මවුපියන් හා හැදුණු වැඩුණු පරිසරයෙන් ගෙන එන්නේ බලහත්කාරකමිනි. ඒ පසුපස ළමයින් වෙළඳාමක්ද සිදුවේ. ගේෂාවකගේ 'මිසු ආගෙ' හෙවත් කන්‍යා භාවය ඉහලම ලංසුවකට වෙන්දේසි වෙයි. ගේෂාවක් යනු වෙළඳ භාණ්ඩයක් පමණි. ඇගේ වටිනාකම රඳා පවතින්නේ සුන්දරත්වය හා දක්ෂකම මතය.

පසු කලෙක බිරිඳන් වූ ගේෂාවන් නැතිවා නොවේ. එසේ වන්නේ ඉතාමත් අල්පයකටය. එසේ විවාහ ජීවිතයට ඇතුළත් වූ පසු තවදුරටත් ඇයට ගේෂාවක ලෙස කටයුතු කිරීම තහනම්ය.

ගේෂාවද ගැහැණියකි. ඇයද දුක, වේදනාව, විඩාව අත්විඳියි. එහෙත් ඇය ඒ කම්කටොළු සුදෝ සුදු ආලේප තට්ටුවකින් වසාගෙන ඒ මත කෝමල රේඛා ඇඳගෙන සිටියි. ඉතාමත් සුන්දර කතාවක් වුවද පොත කියවද්දී නම් මේ ජපන් බෝනික්කියන් වෙනුවෙන් හදවතේ වේදනාවක් පැන නගිනු වළක්වන්නට නොහැකි විය.

43 comments:

  1. නියම ලිපියක්....නොදන්නා ගොඩක් දේවල් දැන ගත්ත.කලින් මෙහෙම දෙයක් අහල තිබුනෙවත් නෑ....
    බොහොම ස්තුතියි දැනුවත් කලාට ....දිගටම ලියන්න අවශ්‍ය ශක්තිය ලැබේව!!!ජයම වේවා !!!

    ReplyDelete
  2. අදමයි මේ ගේෂාවෝ ගැන ඇහුවේ. බලාගෙන ගියහම මාර ජාතීන් නේ ඉදලා තියෙන්නේ.

    මම එකද කොහෙද ??? හුරේ !!!

    ReplyDelete
    Replies
    1. මොන එකද. ඔයා පරක්කුයි.

      Delete
  3. ශෙහ්... මාර කතාවක්නේ...
    දැනං හිටියෙම නෑ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මටත් ගොඩක් හිතට අල්ලපු පොතක්
    ෆිල්ම් එකකුත් තියෙනවා මේකේ

    ReplyDelete
    Replies
    1. ඔව් මරණේ. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න දැම්මා.

      Delete
  5. අමාරුවෙන් ඇවිදගෙන කොම්පැනි වල වැඩට යන මොස්තර කරත්ත දකින කොට මට හිතෙන්නෙ මෙයාල ගේෂ්‍යාවන් වෙන්න ට්‍රයි කරනවද කියන කාරණාව...

    ReplyDelete
  6. අද වෙනකොටනම් ඔයතත්වෙ වෙනස්නේද?මටමතක්උනේ සුමිත්‍රාරාහුබද්දගේ,කන්දක්සේමා,
    "බොහෝ විට ගේෂාවන් බවට පත් කරවීම සඳහා දැරියන් කුඩා අවධියේම ඔවුන්ගේ මවුපියන් හා හැදුණු වැඩුණු පරිසරයෙන් ගෙන එන්නේ බලහත්කාරකමිනි"මේකනම් අදටවලංගුයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් වර්තමානයේ ගේෂාවන් ඇත්තෙම නැති තරම්ලු.

      Delete
  7. හරිම අමානුෂිකයි නේද . මන් ඔය ෆිල්ම් එක බලල තියෙනව .

    ReplyDelete
    Replies
    1. ඔන්න අදයි ෆිල්ම් එක බැලුවෙ අක්කා. පොතේ රසය මකන්නෙ නැතුව හදපු ෆිල්ම් එකක්. හරිම ලස්සනයි.

      Delete
  8. "ගේෂාවකට ආදරය කළ නොහැක"

    ඒක කොච්චර වැරදි දෙයක්ද... වැදගත් තොරතුරු ටිකක්...

    ReplyDelete
    Replies
    1. ගේෂාවක් ආදරය කළොත් එයාගෙ ගේශා ජීවිතයට නැවතීම තියන්න වෙනවා.

      Delete
  9. ගේෂා කෙනෙකු බවට පත්වෙන්න යන වියදම් වලදී ඔවුන්ව බලාගන්න කෙනා තමයි බොහෝ විටම මිසු ආගේ ගේෂා කෙනෙක් ගේ ඔකියා වෙන්නේ. ඒ නිසයි ඔවුන් තමන්ගේ ආදායම ඔකියා සමග බෙදා ගන්නේ. (ණය ගෙවීමක් විදියට)

    බොහොම ලස්සන විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද. මේකෙ ඉන්න සයුරිගෙ මිසු ආගේ එකට තමයි ඒ වනවිට ලැබුණු වැඩිම ලංසුව ලැබුණෙ

      Delete
  10. ෆට්ට අනේ මන්දා? ඒ ගැන නම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ඒ ජීවිත දුකයි තමයි.

      Delete
  11. අදමයි ඒ නමත් ඇහුවේ :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් තව විස්තර හොයාගන්න පුලුවන්නෙ.

      Delete
  12. ගේෂාවන් හිටිය ගෙවල්වලට නිල් පාට ආලේප කරලා තිබුණු නිසාලු නේද ලිංගික දර්ශන වැඩියෙන් අඩංගු චිත්‍රපටිවලට "නිල්" චිත්‍රපටි" කියන නම ආවා කියන්නේ ???

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නෙ නෑ. ඒත් ගේෂා නිවාස වල එහෙම විශෙෂ පාටක් නම් නෑ. ලී ගෙවල් තමයි.

      Delete
  13. "ගේෂාව" අදමයි ඇහුනෙත් ඒ නම...

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.

      Delete
  14. නොදැන හිටි දෙයක්.අදමයි ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.

      Delete
  15. Replies
    1. සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.

      Delete
  16. අදයි දැනගත්තේ අක්කේ..

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න ලැබීමට පුලුවන් වීම ගැන.

      Delete
  17. ගේශාවන් ගැන මුලින්ම දැනගත්තෙ මට මතක විදියට මළවුන්ගේ අවුරුදු දා පොතෙන්. ඒත් අද තමයි මේ තරම් විස්තරයක් දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඒ පොතෙත් තිබුණා. ඒත් ඒකෙ ගේෂා කියලා සඳහන් කරලා තිබ්බට වැඩි විස්තරයක් නෑනෙ.

      Delete
  18. මමත් දන්න කරුණු ටිකක් තියෙනවා. ලිපිය දැක්කම මටත් හිතුනා ඒ ගැනත් ලියන්න ඕන කියලා. මම දන්න විදියට ගේෂාවක් මුළු වරුවක් පුරාම කෙනෙක් පිනවීම සදහා සූදානම් විය යුතුයිලු. ඇයගේ ඇදුම් ආයිත්තම් දමා ගැනීමටම දවසෙන් සැලකිය යුතු කාලයක් ගතවෙනවාලු. හොද ලිපියක්නේ මේක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔවුන් තමන්ගෙ සාමාන්‍ය ජීවිතය මේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප කරනවා

      Delete
  19. හොයගෙන කියවන්න වෙනවා. මම ජපන් කතාවක් කියවලම නෑ...

    ReplyDelete
  20. මම මේ අදමයි පිණිබිදු ඔයාගේ Post දැක්කේ.ඒත් එක හුස්මට සේ‍රම post කියෙව්වා.ඇත්තමයි ඔයාගෙ හැකියාව උපරිමයි.සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට

      Delete
  21. එක දවසක් ගේෂා කෙනෙක්ව හම්බවුනා පාර්ටි එකකදි. එයාගෙ කොන්ඩෙ තිබ්බ සැරසිල්ලෙන් වී කරලක් මට තෑගි දුන්නා මතක් වෙන්ඩ තියාගන්ඩ කියල. තවම ඒක මා ගාව තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ නියම ගේෂාවන් තාම ඉන්නවද

      Delete
  22. නියමයි..මමත් චිත්තරපටියක් බලලා තිබේ.මාහිතේ මේ පොතෙන්ම හදාපු එකක් වෙන්ඩැ.?
    ගැටයා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...