Pages

Sunday, July 8, 2012

කෑම ප්‍රදර්ශනේ

ජූලි 6,7,8 දිනවල BMICH එකේ Profood Propack 2012 ප්‍රදර්ශනය පැවැත්වුණා. මෙයටම සමගාමීව Ag.Biz 2012 කියන කෘෂිකාර්මික ප්‍රදර්ශනයද පැවැත්වුණා. 

කෑම කොතැනද අපි එතන. දවස් ගාණකට කලින් ලැබුණු තොරතුරකට අනුව මායි සජිතුයි ප්‍රදර්ශනේ බලන්න ගියා. ගිය අවුරුද්දෙත් ප්‍රදර්ශනේ ගැන ආරංචි උනාට යන්න උනේ නෑ. ගියපු උන් රස කර කර කාපු කෑම ගැන විස්තර කරද්දි නොගිය අපි උන්ට ඉරිසියා කර කර දුක් වින්ද නිසා මේ පාර නම් කොහොම හරි යමු කියලමයි අපි කතා වෙලා හිටියෙ. 

ඇතුළු වීමේ ටිකට් පත රුපියල් 50යි. යන තැනම තිබුණෙ කෘෂිකාර්මික ප්‍රදර්ශනය. 

දෙමුහුන් කරපු භෝග විශේෂ කීපයක්ම තිබුණා. පොල් ගෙඩි වලට වැඩිය ලොකු අඹ තිබුණා. රස නම් කොහොමද දන්නෙ නෑ. බීජ වර්ග, පැළ වර්ග, ගෙවතු අලංකරණ උපාංග, කෘෂිකාර්මික උපාංග ආදී විවිධ දේ තිබුණා. අපේ තාත්තා එහෙම ආවා නම් මෙතනින් හෙලවෙන්නෙ නෑ. 

කීල්ස් එකේ හොට් ඩෝග් එකක් එහෙම ගිල දාලා හිමීට කෑම ප්‍රදර්ශනේ පැත්තටත් ගියා. අන්න ඒවනෙ ප්‍රදර්ශන. සල්ලි වලට ගන්න විතරක් නෙමෙයි සාම්පල් කාලා බලන්නත් දෙනවා. ටික දුරක් යනකොට ලංකා සෝයි එකෙන් ලූණු බැදපුවා වගේ ජාතියක් බෙදනවා. අපිත් ඔලුව දාලා එයින් පිඟානක් අරගෙන කකා ඇවිද්දා. ඒ අස්සෙ මැග්නා එකෙන් ජෙලි පුඩිං බෙදනවා. (මතකනෙ ඇඩ් එක. ම්.. මැග්නා පුඩිං......ම්....මැග්නා පුඩිං......)ඒකත් බුග් ගාලා කටේ දාගෙන එතනම තිබ්බ ස්නැක්ස් වගේකුත් කාලා හිමීට එතනින් ගියා. 

මෙන්න ජුජුබ්ස් වගේකුත් බෙදනවා. කෑවොත් බඩේනෙ කියලා එයිනුත් කෑලි ටිකක් අරගෙන කෑවා. සමහරු නම් අපි සාම්පල් කාලා හරි ප්‍රඩක්ට් එක දිහා ඇහැක් වත් ඇරලා බලන්නැතුව එනකොට නම් මුන්ට දුන්නු අපරාදෙ වගේ මූණ බලාගෙන ඉන්නවා. 

එඩ්නා එකෙන් චොක්ලට් ස්ටෝල් එකක් දාලා තිබ්බා. 10%ක වට්ටමකුත් ලැබෙනවා. මෙතනින් නම් ලේසියෙන් මාව හොලවන්න ලැබෙන්නෑ කියලා දන්න සජිතුත් කිව්වා ඕනෙ නම් චොක්ලට් එකක් ගන්න කියලා. මාත් පැනපු ගමන් ඩාක් චොක්ලට් එකක් බදාගත්තා.


ඒ පාර එතන හිටපු ගෑණු ළමයෙක් කිව්වා රුපියල් 300කට වඩා වැඩියෙන් චොක්ලට් ගත්තොත් තෑග්ගක් හම්බවෙනවා කියලා. ඩාක් චොක්ලට් එක 200යි. 300ට හරි යන්න කැෂූ නට් චොක්ලට් එකකුත් ගත්තා. නොමිලේ තව මිල්ක් චොක්ලට් එකකුත් හම්බුණා. තුණ්ඩු දාපු පෙට්ටියක් දික් කරලා තුණ්ඩුවක් ගන්න කිව්වා. ටිෂූ පැකට්, මග්, කැප්, ටී ෂර්ට්, බෑග් අතරින් මගෙ තුණ්ඩුවට තිබ්බෙ තඩි කුඩයක්. ඒකට නම් සතුටුයි. තෑග්ග නම් සජිත් එයා සතු කරගත්තා. මට චොක්ලට් ටික මදෑ.

තව තැනක ගෑණු ළමයෙක් කෝපි කුඩු එකක් විකුණනවා. සාම්පල් කෝපි තිබුණා. ඒක නම් රසයි. යමින් එමින් ගමන් තුනක්ම බිවුවා. අන්තිමට මුකුත් නොගත්තොත් ලැජ්ජාව නිසා සල්ලි දීලා පැකට් දෙකක් ගත්තා. 

වේලපු එළවලු පළතුරු වර්ග ස්ටෝල් එකක් තිබ්බා. ඒවා නම් අපනයන තත්වයේ හොඳ නිෂ්පාදන. වරකා, අන්නාසි කොමඩු ඉඳන් වේලලා. 

තව ස්ටෝල් එකක මොනාද බදිනවා. දික් කරාට අපිත් ගත්තා. ඇති රසකුත් නෑ. නමක් දන්නෙත් නෑ. බඩටනෙ කියලා ඒකත් ගිල දැම්මා.

මෙන්න ටික දුරක් යද්දි වටිනා කියන ස්ටෝල් එකක් හම්බුණා. වයින් ස්ටෝල් එකක්. 

මර්ලොට් වර්ග, වයින් වර්ග ලස්සන බෝතල් වල දාලා අපි දිහා බලලා අත වනනවා. මේ දවස් වල බජට් ප්ලෑන් අනුව වැඩ කරන නිසා දුකෙන් නමුත් අහක බලාගෙන ආවා. 

තව තැනක දොන් ශර්මන් චිකන් කරියක් හදන හැටි උගන්නනවා. එතනත් චුට්ටක් කැරකිලා යනකොට පැස්ටා වගයක් තව තැනකින් හම්බුණා. අලිගැටපේර එකකුත් බීලා අපි දෙන්නා එලියට බැස්සා. කොච්චර උනත් මැගී ලොරියෙන් නූඩ්ල්ස් එකක් නොකා කොහොමද. ඒකත් දෙසාබාලා අපි දෙන්නා ප්‍රදර්ශනයෙන් පිට උනේ බඩත් පුරෝගෙන, හිතත් පුරෝගෙන.

කාලෙකින් තෘප්තිමත් සෙනසුරාදාවක් ලැබුණා. හවස් වෙද්දි කාපු බීපුවට බඩේ අමාරුවක්වත් හැදෙයිදෝ කියලා හිතුනට කිසි ආපදාවක් නැතුව කෙලින් කටින් හිටියා.

53 comments:

  1. මම අද එක !!! හුරේ..

    ReplyDelete
  2. අම්බෝ සෑහෙන්ඩ කාලා... මගදි රටකජු ටිකකුත් අරන් කකා යන්ඩ නෙව තිබ්බේ. රටකජු නැත්නම් අඩු ගානේ දෙකයි පනහේ උම්බලකඩ වඩේ ටිකක් මිරිස් කෑලි ටිහිකුත් එක්ක කන්න තිබ්බේ. ලූනු කෑල්ලත් බඩට නෙව !!!

    ReplyDelete
  3. වයින් ස්ටෝල් එක ගාවින් අක්කා හෙල්ලුනේ නෑ කියන්නේ ඇත්තද? :)

    ReplyDelete
    Replies
    1. අපි කොස්ට් කටින් මේ දවස් වල

      Delete
  4. අපරාදේ මිස් උනානේ. නරකද ඔය වගේ දේවල් දැන ගත්තහම කලින් අපිව දැනුවත් කලොත් එහෙම. අපරාදේ නිකන් කන්න තිබුන සාම්පල් ටික මිස් උනානේ :(

    ReplyDelete
    Replies
    1. කලින් දැනුවත් කරන්න බැරි උනා. සොරි ඈ. ලබන අවුරුද්දෙ කට්ටියම යමු.

      Delete
  5. අඩේ රුපියල් 50ට පාඩු නැහැ නෙව... ෂික් කලින් කිව්වේ නැහැනේ... පිණි බිංදුවා බේරිලා තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි අර කෝපි 3ක් කෙලිය එකෙන්...

    ReplyDelete
    Replies
    1. අම්මපා අයියෙ ඇත්තට ඒක හන්දම වෙන්න ඇති බේරෙන්න ඇත්තෙ. ඇයි අර වෙනි අයියත් ෆේස් බුක් එකේ කලින් දාලා තිබ්බනෙ මේක ගැන.

      Delete
  6. ඔන්න මමත් ගියා අද. මමත් කළේ කෑව එක තමයි. මොකුත් ඉගෙන ගත්තෙ නම් නෑ. ඒකට මොකද food science and technology කරන අපේ නංගිත් කළේ කෑව එක විතරයි.
    EX TEA එස් එම් එස් ගහලා තේ බොන මැෂින් එක නම් නියමයි.ඒත් ඉතින් ඒ වගේ ඒවා ලංකාවෙ නම් හදලා තියන්න බැරි වෙයි පොදු ස්ථාන වල.
    ලස්සන මල් පැළ විකුනන්න තියනව දැක්කා. ගන්න වගේ ඒවා බලද්දි තමයි එයාලා කිවුවෙ "ඕවා විකුනන්නෙ නෑ මිස්, පෝර ප්‍රමෝට් කරන්න තියලා තියෙන්නෙ කියල" අපි ඉතින් අපි නෙමේ වගේ ආවා.
    පොල් ගෙඩි වගේ අඹ නම් නියමයි. ඔයා කිවුවත් වගේ රස නම් කොහොමද දන්නෙ නෑ.
    ඔයා දැක්කද කජු වලින් හදලා තිබුන ස්ටෝල් එක? මම නම් ඒවා මගෙ කජු වගේ ඒ කජු කණු බදාගෙන ෆොටෝ එකකුත් ගත්තා

    ReplyDelete
    Replies
    1. කජු ස්ටෝල් එක අමතක උනානෙ. මොන අපරාදයක්ද අර කරලා තියෙන්නෙ කජු වලින් කණු හදලා.

      Delete
  7. අප්පද බොල රුපියල් පනහක් දිලා ඇතුලට ගිහින් ඔහොම කාලා එන එකම මරුනේ..ශැහ් ශැ නැ නේ මේ ටිකේ ලංකාවේ...

    ReplyDelete
  8. මමත් දැක්ක දෙයක් තමයි ඔය ප්‍රදර්ශන වලට ගියාම මිනිස්සු කන කෑම. වෙලාවකට මට හිතෙනවා කොහොමද ඔය තරම් දේවල් බඩ අස්සට දාගන්නේ කියලා. ඊයෙත් මම මගේ යාළුවෙක් එක්ක රවුමක් ගිහින් ඔය දේම වුනාම කන පුරාම මගෙන් බැනුම් අහගත්තු මගේ යාළුවා කීවේ ආයේ නම් එහෙම කරන්නේ නෑ කියලා තමයි. ඒත් ඊලඟ පාරත් ඔය සෙල්ලම ඔහොම මයි.

    ටේස්ටින් එකක් මෙහෙම කෑම ගිලා දාන එක එකක් නංගි.
    මම දන්නවා ඔයා මම මෙහෙම කීවට තරහ වෙන්නෙත් නෑ කියලා.
    බලන්න ඔයා ඔය ඔක්කොම කෑවත් කීයක් ගැනද ඔයාට ඒ ප්‍රොඩක්ට් එකේ තත්වේ කියන්න පුළුවන්....

    මට මතකයි මම ආහාර හා බීම ගැන ඉගෙන ගන්නකොට මුල්ම දවස් වල ලොකු සංයමයකට යන්න වුනා. අපේ ගුරුවරු අපි ලොකු එවුන් කියලා බලලා නෙමෙයි කතා කලේ. කනට ගහනවා වගේ දෙනොඅදාහක් මැද්දේ අපිට බැන්නේ රෙදි ගැලවෙන්න.
    ඒත් අන්තිමට අපි හොඳ කෑමා හා ආහාර සම්බන්ද විශේෂඥ්යෝ වුනා.
    අදටත් කොයි තරම් ඇඟේ සීනි අඩු වුනත් සීනි නැති කිරි නැති තේ එකක් වුනත් ඉල්ලන්නේ තේ එකේ රස ගන්න මිසක් අනේ ඔයාට සීනිද කියලා අහන මිනිසුන්ට හිනා වෙන්න නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ තරහ වෙන්නෙ මොකටද අක්කා ඔයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත. අපි රසයට ඇලෙනවා වැඩියි. මට කෙනෙක් කතාවක් කිව්වා. අපි රසම රස කෑමක් මිලදී ගත්තත් ඒක අතට ගත්තට අපිට රස දැනෙන්නෙ නෑ. කට ගාවට ගත්තට රස දැනෙන්නෙත් නෑ. කටට දාගන්න තත්පරේ ඛේඨටත් එක්ක මිශ්‍ර වෙන මොහොතෙ විතරයි රසක් දැනෙන්නෙ. ආයෙ උගුරෙන් පල්ලෙහාට ගියාට රස දැනෙන්නෙත් නෑ. කට ඇතුලෙ තියෙන තත්පර ගාන වෙනුවෙන් අපි මොන තරම් වියදම් කරනවද. ඒ තත්පර ගාන නොසලකා හරිනවා නම් අපිට රසට තියෙන ආශාව අත ඇරගන්න පුලුවන්. ඕක හැමතිස්සෙම අමතක වෙන එක තමා වැඩේ.

      Delete
  9. හරහට උස යන එක අහන්නත් දෙයක්යැ! :D

    ReplyDelete
    Replies
    1. මට හැමෝගෙන්ම තර්ජන එල්ල වෙමින් පවතින්නෙ කෙට්ටු වෙයන් කියලා. මම ඉතින් හැමදාම වගේ ට්‍රයි කරනවා.

      Delete
  10. අයියෝ කෝ අපිට? :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාගෙ කොටහ වෙන් නොකරම අපි කෑවා.

      Delete
  11. 50ට ටිකට් එක වටිනවා නේ :)
    බලන්න යන්න වෙන්නේ නෑ :///

    ReplyDelete
    Replies
    1. 50ට ගත්තු අත්දැකීම සෑහෙන්න වටිනවා

      Delete
  12. සිරා දවසක් වගේ...(තරහ නැතුව අමධ්‍යප වෙන්නකෝ)

    ReplyDelete
    Replies
    1. හපොයි සහෝ ඉඳලා හිටලා වයින් එකක් ටේස්ට් කරනවා විතරයි. දැන් නම් ඒකත් සෑහෙන අඩු වෙලා.

      Delete
  13. නෑ නෑ එහෙම වෙන්නෙ නෑ... පහු ගිය අවුරුදු ගානටම බඩේ අමාරුවක් හැදුනේ නෑ, මෙදා සැරේ වයින් සාම්පල් දුන්නෙ නෑ නෙ, පහුගිය සැරේක අපි ස්ටෝල් එක ලඟට එනකොට එතන ඉන්න උන්ට හිනා යන තරමට අපි සාම්පල් ටෙස්ට් කලා... මැජික් කෝන් එහෙම කෑවෙ නැතෙයි....

    ReplyDelete
    Replies
    1. ඒ ස්ටෝල් එක මම දැක්කෙ නෑනෙ

      Delete
  14. කොලුවාට කුඩයක් අරන් දුන්නද ?

    සතුටුදායක දවසක් වෙන්න ඇති. ජය හොදේ ///

    ReplyDelete
    Replies
    1. මට එච්චර තඩි කුඩේකින් වැඩක් නැති නිසා කොලුවටම ඒක තියාගන්න දුන්නා.

      Delete
  15. බඩේ පණුවෝ කෑ ගහන්න පටන් ගත්තා :D

    ReplyDelete
    Replies
    1. උන්ට කියන්න ලබන අවුරුද්ද වෙනකල් ඉවසන්න කියලා

      Delete
  16. අපිට මිස් වෙන්නේ ඔය වගේ එව්වා තමා... බලමු ඊළඟ එකටවත්...

    ReplyDelete
    Replies
    1. නෙක්ස්ට් ඉයර් කට්ටියම යමු

      Delete
  17. අර කුඩේ කෙල්ලෝ ගෙනියන පාටක එකක්නේ..!

    ReplyDelete
    Replies
    1. ඉතින් දෙයියනේ ඒ එඩ්නා එකේ පාටනෙ.

      Delete
  18. අඩ් ඩඩ් ඩා... ආසාවේ බෑ පිණිබිදුවෝ...අනේ අපි‍ටත් යන්න චෑන්ස් 1ක් තිබුනනම්....

    ReplyDelete
    Replies
    1. ඊළඟ අවුරුද්දෙ වත් යන්න බලන්න

      Delete
  19. යකාගෙ කෑමක්නෙ කාලා තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. යකාගෙ කෑම නෙමෙයි මේවා මිනිස්සු කන කෑම :P

      Delete
  20. අම්මේ කනව කියල ඔහොමත් කනවද(ඊරිසියාව).. ලංකාවෙ හිටියනම් ගිහින් බලන්න වටින ප්‍රදර්ශනයක්...මොනා කරන්නද අපිට කොඉනද ඉතින් ඕව.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා ලබන පාරවත් හිටියොත් යන්න

      Delete
  21. හොට් ඩෝග්
    ළූණු බැදපුවා [පොඩ්ඩක් එහෙම නෙමෙයි පිඟානක්ම]
    ජෙලි පුඩිං
    ස්නැක්ස් වගයකුත් [නමක් දන්නෙත් නැතුව කාල]
    ජුජුබ්ස් [එකක් එහෙම නෙමෙයි ටිකක්]
    චොක්ලට් [රුපියල්ම තුන්සීයක. සුළු ප‍ටු නෑ]
    කොපි [කීයක් කියලද හිතන්නෙ. තුනක් බොලව් තුනක්]
    බැදපු මොනවද ජාතියක් [නමක් ගමක් දන්නෙ නෑ, ඒත් හපන්න පුළුවන් නම් ඒව බඩේ]
    වයින් [හොඳ වෙලාවට මුන් කොස්ට් කටින් මේ දවස් වල, අර ඉවෙන්ට් එකට සූජානං වෙනව වෙන්ඩැ]
    චිකන් කරිය [උයල අහවර වෙලා නොතිබුන හන්ද ඒක බේරුනා]
    පැස්ටා [නොකිව්වට මේකෙනුත් පිඟානකට වැඩේ දෙන්න ඇති]
    අලිගැට පේර බීම
    මැගී නූඩ්ල්ස් [ඔය එකයි කිව්වට ලොරියෙන් බාගෙකට වගකියන්න ඇති]

    හොඳම හරිය අන්තිමට නෙව කියල තියෙන්නෙ

    ""කාලෙකින් තෘප්තිමත් සෙනසුරාදාවක් ලැබුණා."" [තෘප්තිය = බුරිය උල් වෙනකල් කෑම]

    හෙහ් කොහොමද වැඩේ. ලබන අවුරුද්ද වෙද්දි සේරෝමල එක පැත්තකට දාල තනියම මේකි කඹේ නො ඇද්දොත් මී කන්දකෙම කපනව මං.

    ReplyDelete
    Replies
    1. නවම් අයිය නෙව යන්න තිබ්බෙ එහෙ. ගියා නම් ගේට්ටුවෙන් එලියට යන්න බැරි සයිස් එකට මහත් වෙනවා. කඹ ඇදිල්ල කෙසේ වෙතත් එහා පැත්තෙ උන් බය කරන්න හරි බැරියැ නේද.

      Delete
  22. හයියෝ, කලින් කියන්න එපායෑ මේ වගේ වැදගත් සිද්ධි ගැන... හොඳ කෑමක් කාලා තියෙන හැඩයි...!

    ReplyDelete
    Replies
    1. මම දැනන් හිටියෙ කට්ටිය දන්නව ඇති කියලනෙ. නැත්තන් පොත් ප්‍රදර්ශනේට වගේ ත්‍රෙඩ් එකක් දුවවන්න තිබ්බා.

      Delete
  23. මේ වගේ දෙයක් තියන්න කලියෙන්නේ දරුවෝ දාන්ට ඕනි. මෙච්චර අමාරුවෙන් ජිවත්වෙන කාලේ අපරාදේ හොද කෑමක් මිස් වුනා :( චෑහ් !!!

    චොකලට් කිවොත් මාත් පණ ඇරලා පුතේ...

    ReplyDelete
    Replies
    1. හා හා ඔය වයසට චොක්ලට් හොඳද. කලින් කියන්න බැරි වීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා.

      Delete
  24. මේ අක්කෙ මෙහෙම ප්‍රදර්ශන හැමදාම තියෙනවානම්, බන්දුලයා කිව්ව විදියට 2500 කාලා හොදට ඉන්න පුළුවන් නේ.. කොහොම වුනත් රජ කෑමක් කාලා තියෙන්නේ.

    ReplyDelete
  25. මාතෘකාව දැක්ක ගමන් මගෙ ඔලුවට ආවෙ කෑම කොතනද පිණිබිඳු එතන කියන සිතුවිල්ල. හිතට එන හැමදේම කියලා තරහ කාගෙවත් හිතරිද්දන්නෙ මොකටද කියලා පෝස්ට් එක කියවනකොට මෙන්න පෝස්ට් එකෙත් තියෙනව ඒකම. කෑම කොතනද අපි එතන කියලා. මට බකස් ගාලා හිනා ගියා.
    henryblogwalker the Dude

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...