Pages

Tuesday, July 31, 2012

සුදු ලූණු ගෙම්බා

සුදු ලූණු. එක එක අය අඩු වැඩි වශයෙන් කැමති කෑමක්. මගෙ නම් ප්‍රියතම කෑමක්. පුච්චපු සුදු ලූණු තමා මගෙ ෆේවරිට්. සුදු ලූණු තනිකර වෑංජනයක් විදිහට හදලත් ආසයි. බයිට් පැකට් එකක් කන්න ගත්තත් සේරටම කලියෙන් අර බැදලා දාපු සුදු ලූණු කෑල්ල ගන්නයි ට්‍රයි එක. අපේ ගෙදර කට්ටිය ගත්තත් හැමෝම සුදු ලූණු පෙරේතයො. අපේ ප්‍රධාන කෝකියා හෙවත් තාත්තා මොනා හරි කෑමක් හදන්න ගත්තොත් සුදු ලූණු ගෙඩි බාගයක්වත් දානවා. මම තනියම බෝඩිමේ උයන්න ගත්තත් නූඩ්ල්ස් එකක් හැදුවත් සුදු ලූණු ටිකක් පොඩියට කපලා දාන්නෙ ගෙදර පුරුද්දට.

පොඩි කාලෙ හෙම්බිරිස්සාව හැදුණාම බොන්න දෙන කොත්තමල්ලි එකටත් අපෙ අම්මා සුදු ලූණු බික් දෙකක් තුනක් දානවා. කෝප්පෙ අඩියෙ තියෙන තැම්බිච්ච සුදු ලූණු බික් දෙක තුන කන්න ඕනෙ කම නිසා කොත්තමල්ලි එක නහය වහගෙන උගුරට දෙකට ඇදලා දාන්නෙ. පොඩි කාලෙ මොකෝ දැන් උනත් සුදු ලූණු ට්‍රික් එක දාලා තමයි අම්මා කොත්තමල්ලි අපිට පොවන්නෙ. 

මගේ ඔය සුදු ලූණු පෙරේතකම ඉස්සර අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකත් දන්නවා. උන් එක්ක පොර කාලා බත් කනකොටත් වෑංජන වලට දාලා තියෙන සුදු ලූණු ටික උන් එකතු කරල මට දෙනවා ඉඳා කාපන් කියලා. හැබැයි මම ඒ ටික කාලා ඉවර වෙද්දි මේ යක්කු බත් එකටත් වැඩේ දීලා ඉවරයි. 

හැබෑටම එහෙමත් කාලයක්. ඉස්කෝලෙ ආපු වෙලේ ඉඳලා ඇරෙනකල් හරියට දෙයක් කරා නම් ඒ කාපු එකම විතරයි. පලවෙනි පීරියඩ් එකේ ඉඳන්ම කනවා. කකා ඉද්දි ගුරුවරයෙක් ආවොත් මොන අත හේදිලිද එහෙම්මම කොලේකින් අත පිහිදගෙන පාඩම අහගන්නවා. පීරියඩ් එක ඉවර උනාම ආයෙත් නතර කරපු තැනින් කෑම පටන් ගන්නවා. කොල්ලොත් එක්ක අපිට හැරෙන්නවත් පුලුවන්ද කන්න ගියාම. උන්ගෙ බත් කටක් අපේ බත් කටවල් පහක් විතර. ඒ මදිවට පොර කකා කනකොට ඔලුවෙත් එක්ක බත්. සුදු ලූණු බිකක් අරන් ගියපු දුරක්. 

ඉතින් සුදු ලූණු ගැන කිව්වොත් මම උපන්ගෙයි පෙරේතයෙක්. ඒකට අපේ සජිත්. සුදු ලූණු සුවඳක්වත් ආවොත් එතනින් එහාට කන එකත් නවත්තනවා. පුදුම අප්පිරියාවක් තියෙන්නෙ. මෙයා ගෙදර එන දවසට අපේ ගෙදර සුදු ලූණු බොතලේ පියනවත් අරින්නෙ නෑ. මේ තරම් සුදු ලූණු අප්පිරියාකාරයෙක් දැක්කමයි. 

මේ අප්පිරියාවටත් ලොකු හේතුවක් තියෙනවා. සජිත් පොඩි කාලෙ ඉස්කෝලෙන් එයාලට කෑම දෙනවලු. එක දවසක් හරි රසට පරිප්පුවක් හදලා තිබ්බලු. හැමෝම රස කර කර කෑවලු. ඒකෙන් සුදු ලූණු රසක් ඇවිත් තියෙන්නෙ. කාලා ඉවර වෙලා කැන්ටින් එක පැත්තෙ හරි කලබලයක්ලු. පොඩිකමට මෙයාලත් ගිහින් ඔලුව දාන්න. හපොයි බැලින්නම් පරිප්පු හැලියට ගෙම්බෙක් වැටිලා. ගෙම්බගෙ කෑලිත් පාවෙනවලු. ගෙම්බගෙ රස තමයි සුදු ලූණු වගේ මෙයාට දැනිලා තියෙන්නෙ. එදා ඉඳන් තමයි සජිත්ට මේ තරම් සුදු ලූණු අප්පිරියාව. 'සුදු ලූණු' කිව්වොත් 'බුදු අම්මෝ ගෙම්බා..' කියාගෙනයි දුවන්නෙ.

66 comments:

  1. ඉක්කේයියා මටත් ඔය සුදුලූනු ඇලජික් හැබැයි ගෙම්බෙක් හින්දනම් නෙවේ

    ReplyDelete
    Replies
    1. ඇලජික් එකට මොකද්ද හේතුව.

      Delete
  2. මම නම සුදුලුණු වලට ගොඩක් කැමතියි ...

    ReplyDelete
  3. එහෙම දෙයක් වුනාම ජීවිතකාලෙටම ඇති....

    කොළ පොඩි කළාම සුදුලූනු සුවද එන ගොඩක් මල් පිපෙන (දම්පාට) මල් වර්ගයකුත් තිබුණා, නම දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සුදු ලූණු මල් :D

      Delete
    2. ඇනෝ හරි. සුදු ලූණු මල් තමයි. අපේ ගෙදරත් තිබ්බා.

      Delete
  4. ඇත්තටම" සුදු ලූණු " හොද බෙහෙතක් නම් තමා ,මමත් ඔය යාළුවො එක්ක සෙට් වෙනවෙලවට "සුදු ලූණු " කනවා සෑහෙන ..

    ReplyDelete
    Replies
    1. ඔව් කවුද කියලා තිබ්බනෙ බයිට් වල වැඩි හරියක් තියෙන්නෙ සුදුලූණු කියලා

      Delete
  5. මමත් උයන හැම කෑමකටම සුදුළුණු දානව නම් තමයි.. ඒත් පොඩි කෑල්ලක්වත් කැවුනොත් එතනින් එහාට කෑමත් ඉවරයි!!
    සුදුළුණු ගෙඩිය පිටින ගැඹුරු තෙලේ බැදල බයිට් එකට සුපර් ;)

    ReplyDelete
    Replies
    1. මම ඒක කාලා තියෙනවා. කරත්ත වල තියාගෙන විකුණන්නෙ නේද

      Delete
  6. මම හිතුවේ අලුත් ජාතියේ ගෙම්බෙක් කියලා.:D

    කෑමකට සුදු ලූණු දැම්මට කමක් නෑ. නිකංනම් කන්ට බෑ. ඒ සුවඳ යන්නේ නෑනේ ගොඩක් වෙලා යනකල්.:)

    හැබැයි ඇඟට ගුණයිලු. මීපැණිවලට දාලා තියාගෙන දවස ගානේ කන එක හොඳයි කියලා අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මී පැණි එකකට සුදු ළුණු දාලා තියලා කන්නේ කෙට්ටු වෙන්නළු කියලා තමයි මම නම් දන්නේ..

      Delete
    2. පොඩ්ඩිටත් ඉතින් ගෙම්බෙක් කිව්වොත් ඇති පැනගෙන එනවා.

      Delete
    3. නාකියා- මාත් එහෙම තමයි අහලා තියෙන්නෙ

      Delete
  7. හා එහෙනම් එල.... සුදු ලුණු ඉවර උනාම ගෙම්බෝ දාත ඈකි.. මට නම් පෙන්නන්නම බැරි ජාතියක් තමා සුදු ලුණු... ඊට වඩා ගෙම්බෝ හොඳයි හික්ස්...

    ReplyDelete
    Replies
    1. ඔයා උයන්න ගන්න දවසට ගෙදර මිනිස්සුන්ට ටිකක් විපරමෙන් ඉන්න වෙයි.

      Delete
  8. ඒ කියන්නේ ගෙඹි රස= සුදු ළූණු රස කියන එකනේ..
    අපේ මලයට නම් සුදු ළූණු පෙන්නන්න බෑ.. ඒක ගඳයිලු.. මට නම් ඉතින් අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. පරීක්ෂණ නිරීක්ෂණ සහ නිගමන

      Delete
  9. හපොයි ගෙඹි පරිප්පු!

    ReplyDelete
  10. මටත් පරිප්පු කන්ඩ එපා උනා. මොනවද අප්පා මේ කියන එවුවා. යූක්... ඩිස්ගස්ටින් !!!!

    ReplyDelete
    Replies
    1. දැන් පරිප්පු කද්දි සුදුලූණු රහක් ආවොත් දන්නවනෙ..

      Delete
  11. වැම්පයර්වරුන්ටත් සුදු ලූණු පෙන්නන්න බෑලු :D

    ReplyDelete
  12. පෝස්ට් ටයිට්ල් එක දැක්ක ගමන් මතක් උනේ "ගෙඹි කුමාරයා" කතාවෙ මෙන්න මේ කෑල්ල...

    "සුදු ළූණු වලට මම කැමති නෑ...
    ඒත්...
    රජ ගෙදර පිළිවෙලට ඕනෑ..." :)

    ReplyDelete
  13. ඉස්සර නම් සුදුළුනු මටත් පෙන්න බැහැ ඒත් දැන් බයිට් එකට කාලම කන්න කැමතියි
    බයිට් එකට ඩෙවල් එකක් ගත්තත් බාගයක් විතර සුදු ළුනු තියෙනෙන. ඒ ඇරෙන්න බැදපු සුදුළුනු වලට මිරිසි කුඩු ලුණු කුඩු දාලා කළවම් කරලා දෙන බයිට් එකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අර සුදු ලූණු ගෙඩිය පිටින් බැදලා ලුණු මිරිස් දාලා දෙන එක. ඒකටනම් මම මාර ආසයි.

      Delete
  14. ඔන්න මගෙ යාලුවෙක් ඔයා. පිණිබිඳු මමත් සුදුලූණු රසිකයෙක්. පුදුම වෙන්න එපා ලෝක ජනගහනයෙන් වැඩිදෙනෙක් සුදුලූණු අප්‍රිය කරනවා. සුදුලූණු මල් වලට ඩ්‍රැක්‍යුලාත් බයයිලු. හෙහ් හෙහ්.
    මගෙ සුදුලූණු කතාව. මමත් සම්බලේට සුදුලූණු පොඩ්ඩක් දාලා කන්න ආසයි, නමුත් බෑ. මොකද ගෙදර අනිත් තුන් දෙනාම සුදුලූණු විරෝධියෝ. මම හරි ආසයි සුදුලූණු කරි එකට. නමුත් වැඩිය කන්න ලැබෙන්නෙ නෑ. අර හේතුවම නිසා. අර තැම්බුම් හොද්ද කියන එක පිණිබිඳු බීලා, කාලා තියෙනවද? අර අසනීපෙන් ඉඳලා සනීපවුනාම ඉස්සෙල්ලම දෙන්නෙ? අන්න මගෙ ප්‍රියතම බීමක්. අපේ අම්ම නම් දැනගෙන හිටියා ඒක රසට හදන්න. අන්තිමට සුදුලූණු හපලා කන්න පුලුවන්.
    මම මෙහෙම වැඩක් කරනවා පිණිබිඳු.මම හදනවා garlic in bee honey කාලා තියෙනවද? මෙහෙමයි කරන්නෙ. ඔය මීපැණි බෝතලයක් ගේනවා. ඔය සුපර්මාකට් වල තියෙන්නෙ ජෑම් බෝතල් සයිස් එක. ඔවු හුඟක් වෙලවට වෙලාවට තමයි. අපිට කොයින්ද වැද්දො හදන මී පැණි!! හෙහ් හෙහ්. ඊට පස්සෙ මේකෙන් බාගයක් අයින් කරනවා කලින් ඉවරවෙච්ච ඒ වගෙම බෝතලේකට. ඊට පස්සෙ සුදුලූණු පොතු ඇරලා අර බෝතල් දෙකටම පුරවනවා කට ලඟට එනකල්. මුලදි සුදුලූනු පාවෙනවා. ගිලෙන්න කම්මැලියි. මාසයක් විතර මෙහෙම තියන්න ඕනෙ පදම් වෙන්න. හැබැයි වරින් වර අර පියන අරින්න ඕනෙ ඇතුලෙ හැදෙන ගෑස් එක පිටවෙන්න. ඔන්න ඊට පස්සෙ දවසකට බිකක් විතර දවස ගානෙ කෑවෑකි. මේක හරිම ගුනයිලු. ඒවගේම රසයි. හැබැයි උදේට කාලා වැඩට යන්න එපා. අනිත් උන් බනී.
    ඔයා දැනටමත් මේක දන්නවා නම් අපරාදෙ.
    හම්බවෙච්ච දවසක අපි කමු සුදුලූණු! :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සුදු ලූණු කන්න ආසා අය කළුයි කියන කතාව ඇත්තද?

      Delete
    2. ඉස්සර අපේ ගෙදරත් ඔය සුදුලූණු පැණිය හදලා තියනවා.තැම්බුම් හොද්ද මගෙත් ෆේවරිට්. ඒත් සුදුලූණු වලටනම් වැඩි කැමත්තක් නෑ.

      Delete
    3. හෙහ් හෙහ් සුදු ළූණු ගෙඩි තුනක් විතර පුච්චල එක පාරට කාල දැම්මම ඉහ මොළ පිච්චිලා යන අත්දැකීම තියනවද ? පැය දෙකක් තුනක් විතර යනකල් ඔළුවත් කැරකෙනව.

      Delete
    4. ෂා නියමයි නේ.. මමත් සැහෙන සුදුළුනු ලෝලියෙක්. අපේ ගෙදර අය නම් දන්නවා ඒ ගැන ලෙසටම. ඔය සුදුළුනු මී පැණි එක්ක කන වැඩේ මගෙත් ප්‍රියතම දෙයක්. :D

      Delete
    5. හෙන්රි සුදු ලූනු කන්න මෙච්චර ආසයි කියද්දි මට කින්ඩියට වගේ හිනායන්නෙ ඇයි ???

      Delete
    6. ඩූඩ්, දාන්න පහක්. තැම්බුම් හොද්ද මට අමතක වෙලා හිටියෙ. ඒකෙ රස හොඳටම දැනෙන්නෙ උණ හැදුණම තමයි. ඔය සුදු ලූණු මී පැනි එක අහල තිබ්බට හදන විදිහ දැනගෙන හිටියෙ නෑ. මේක මම අනිවාර්යයෙන්ම කරලා බලනවා. ස්තූතියි විස්තරේට.

      Delete
  15. //ඒකට අපේ සජිත්.//

    අපේ සජිත් කීවෙ ??? දැං බුවාව බෙදාහදාගන්නවද ??? අනේ වාසනාවන් !

    ReplyDelete
    Replies
    1. අපොයි ඕනේ අයියේ.. ඔෆිස් එක මැද්දේ බකස් ගාල හිනා ගියා මේක දැක්කම..

      Delete
    2. අන්න මචෝ පිං කරපු කොල්ලො.

      Delete
    3. අපොයි නෑ නෑ. මගේ මගේ අපේ නෙමෙයි. මුන්ටත් ඉතින් වචනයක් වරදින්න බෑ.

      Delete
  16. අපි ගෙඹි මසුත් කාලා තියෙනවා කිව්වැකි.. දැන් දන්නවනෙ රහ..

    දැන් මොකද අක්කෙ කරන්නෙ.. අයියව සුදුලූණුවලට පුරුදු කරනවද? අක්කා කන එක නවත්තනවද?

    අපේ ගෙදරත් අම්මා වැව් මාළු වලට ආසයි.. තාත්තා පැත්තවත් බලන්නෙ නෑ.. මාළු උයපු වළඳකවත් කන්නෙ නෑ.. ඉතින් ඒකෙන් මේකෙන් අපිත් වැව්මාළු කාලා නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අයියව නම් සුදුලූණු වලට පුරුදු කරන්න කොහොමටත් බෑ. මට සුදුලූණු කන එක අත අරින්නයි වෙන්නෙ.

      Delete
  17. මමත් කැමතියි සුදු ලූණු වලට.
    ඒකෙ හොඳ විෂ බීජ නාශක ගුණයක් තියනවලු.
    එක්තරා කාලෙක කොහෙද රටක (මගෙ මතකෙ හොඳ කම තමයි) මහාමාරිය පැතිරිලා ගියාලු දරුණු විදියට. ඒකෙන් මැරුණ මිනිස්සුන්ව අයින් කරන්න යොදාගත්තෙ හිර කාරයො තූන් දෙනෙක්වලු.
    ඒ තරම් රෝගීන් සහ මිය ගිය අයත් එක්ක ගැවසිලාත් මේ තුන් දෙනාට ඇයි මහාමාරිය නොවැළඳුනේ කියලා හොයද්දි තමයි දැනගෙන තියෙන්නෙ, එයාලා හැමදාම උදේ හවස සුදු ළූණු කෑවා කියලා.
    (control,studies ,research papers නැතුවට ඒ කතාවෙ යම් සත්‍යතාවයක් ඇති)

    ReplyDelete
    Replies
    1. සුදුලූණු වල සෑහෙන ගුණ තියෙනවා කියලා මාත් අහලා තියෙනවා.

      Delete
  18. උම්බලකඩ ඉවර වෙලා ළඟ පාඨක හිටපු ගෙම්බෙක් අල්ලලා කඩලා දැම්මද දන්නේ නෑ !!!. මටත් ඔය සන්තෑසියම උනා යාලුවෙක්ගෙ දිහයින් සමපෝෂ ගුලියක් කාල. බාගයක් කෑවට පස්සේ ගුලියේ පොඩි පණුවෙක් නලියනවා දැක්කා. එදා ඉඳන් මට සමපෝෂ අරහං

    ReplyDelete
    Replies
    1. මට උණ හැදිච්ච වෙලාවක හොර්ලික්ස් බිස්කට් කන්න දීලා මට ඒ සුවඳ එද්දිත් දැන් වමනෙ යන්න එනවා.

      Delete
  19. සුදු ළූණු මමත් හොදට කනවා..

    ගෙමි පරිප්පුව නියෙමෙට ඇති නේ.. ආ අක්කේ.. කෑම වට්ටෝරු ලියන එකේ නරකෙයි අයියගෙන් ඕක අහන් මේකේ ලිවුවනම් මම අහන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ආයෙ අමුතුවෙන් වට්ටෝරු මොකෝ. පරිප්පු අහ්දන්න ගෙම්බෙක් අල්ලලා දාන්න. ඔන්න ගෙඹි පරිප්පු සූදානම්

      Delete
  20. මාත් ඒ තරං ආස කෑමක් නෙමෙයි. හැබැයි බයිට් පැකට්වල කරවෙන්න බැදිලා තියෙන ඒවනං අහුවෙච්ච ගමං කටේ දාගන්නවා! :D

    ReplyDelete
    Replies
    1. ඔව් පැකට් එකටම එකයි දෙකයිනෙ තියෙන්නෙ.

      Delete
  21. අච්චෝ...................:)

    ReplyDelete
  22. මම නම් සුදු ළුෞනු කන්නේ නෑ....

    උයන කොට ගෙඩි පිටින් දාල පස්සේ අයින් කරනවා. කොහෙද ඉතින් ලස්සන කොල්ලෙක් දැක්කත් කතා කරන්නවත් හම්බෙනවයැ ඕවා කෑවම. හික්ස්.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න රංගි අක්කා දුරදිග බලා වැඩකරන හැටි.

      Delete
  23. මම බැදපු සුදු ලූණූ නම් කනවා. හැබැයි මොන විදියකට හරි තැම්බුනු ඒවානම් කන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අනිත් දවසෙ ඔයාගෙ පිඟානෙ සුදුලූණු ටික මට ඈ..

      Delete
  24. බලාගෙන සජිත් වැම්පයර් කෙනෙක්ද දන්නෙ නෑ සුදු ළූණු ඔච්චරටම අප්පිරියා. ගෙම්බා කතාව කවර් ස්ටෝරියක් වෙන්න පුළුවන්. කෝකටත් කියල ලී උලක් එහෙම පෙන්නල බලන්න. එකටත් බයයි නං ඔන්න වැඩේ හරි.

    සුදු ළූණු හරි රස කෑමක්නෙ. මම නම් හරිම ආසයි. වැඩිය ඕනෙ නෑ අවුරුදු දෙකක්වත් නැති මගෙ පොඩි එකාත් හරි හරියට සුදුළූණු කන්නෙ.

    කොල්ලුයි සුදුළූණුයි තම්බල මරු. ඊලඟා පොල් කිරි කැඳවලට දාන සුදුළූණුත් ජාති පහයි !!!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ නවම් අයියෙ දැන් ඉන්න මොඩ් වැම්පයර්ලා සුදු ලූණු වලට බය නෑ. වැම්පයර් ඩයරීස් බැලුවෙ නැද්ද.

      Delete
  25. මටත් සුදුලූණු එක එක වෙලාවට අරහං. තැම්බුන් හොද්දෙ ඒවා කනවා,හාල්මැස්සො වලට දාලා කනවා.ඕවට දැම්මාම වැඩිය රස නෑ නෙ.අමුවෙන් වගේ කන්න නම් ආසම නෑ.

    මං මේ කල්පනා කලේ බැන්දට පස්සෙ මොකෝ වෙන්නෙ කියලා.සජිත් ගෙදර නැති දවසට තමා උඹට සුදුලූණු කන්න වෙන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මම මගෙ විවාහ ජීවිතය වෙනුවෙන් සුදුලූණු පෙරේතකම කැප කරනවා. මොන තරම් අසාධාරණද නේ..

      Delete
  26. උදේ පාන්දර ගෙම්බෙක් කන එක හොඳ දෙයක් ලු. සජිත් ට කියන්ඩ. බොරු නෙමේ, මේ තියෙන්නෙ සාක්කි!

    http://kollakaraya.blogspot.co.uk/2012/07/blog-post.html

    :D :D

    ReplyDelete
    Replies
    1. ආ.. මම ඒ පෝස්ට් එක කියෙව්වා. වැඩේ කියන්නෙ මම නම් ඔෆිස් එකේ උදේ ඉඳන් හවස් වෙනකල්ම ගෙම්බො තමා කන්නෙ.

      Delete
  27. පිරිමින්ට අධික සුදු ළුණු කෑම නිසා දරු ඵල අහිම වන බවක් සිංහල වෙද කමේ ඇති බවට අසා ඇත. ඇත්ත නැත්ත නොදනී. චෙක් කරලා බලන්නත් කාලයක් යයි මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. අපොයි. එහෙනම් නොකාම ඉන්න එක හොඳයි.

      Delete
  28. ඕවා ඇරිලා යයි අක්කේ.... අපෙත් ප්‍රියතම බයිට් එකක් ... නෑ නෑ... කෑමක් තමා සුදුළුනු....

    වර්ඩ් ප්‍රෙස් වල වගේ බ්ලොගර් වල ටෙක්ස්ට් එකක් තනි ඉරකින් කපන්න බෑ වගේ නේද...

    ReplyDelete
    Replies
    1. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑනේ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...