Pages

Tuesday, August 14, 2012

ප්‍රී වෙඩිං නාඩගං 3 - නිශ්ශබ්ද වචන


නිමිත්ත :- අපගේ විවාහය ද්වී ආගමික විවාහයක් වුවත් විවාහ ලියාපදිංචිය පල්ලියේදී කළ යුතු බව පල්ලියේ පියතුමා පවසයි.

තාත්තා - ඕකනෙ මම මුලින්ම කිව්වෙ. මේවා මහ කරදර වැඩ.

මම -

තාත්තා - පෝරුවෙ විතරක් ගත්තා නම් නෑනෙ මේ වදයක්.

මම -

තාත්තා - රෙජිස්ට්‍රේෂන් එකට නැකතක් හැදුවා නම් ඒ නැකතට ඒ කටයුතු කරන එකයි කළ යුත්තෙ.

මම -

තාත්තා - නැකැත් නොසලකා මේවා කරන්න පුලුවන්ද හිතිච්චි හිතිච්චි වෙලාවට.

මම -

තාත්තා - අපි හොඳ සිංහල බෞද්ධ මිනිස්සු.

මම -

තාත්තා - අපේ පරම්පරා වල කවුරුත් නොකරපු වැඩ මේවා.

මම -

තාත්තා - නෑයො හිනා වෙයි අපිට.

මම -

තාත්තා - එක්කො රෙජිස්ට්‍රේෂන් එක නැකතට ගන්නවා. නැත්තන් උඹලා පල්ලියේ කටයුතු මම නැතුව කරගනිල්ලා.

මම- ---------------------------------------------------------------------------------------------------

පසුව,
තාත්තා - මොකද සද්ද නැත්තෙ?

මම -

තාත්තා - මොකද වෙලා තියෙන්නෙ?

මම -

---------------------------------------------------------------------------------------------------

ඊටත් පසුව,

තාත්තා - කමක් නෑ. අපි පල්ලියෙ රෙජිස්ට්‍රේෂන් ගන්න කැමතියි කියන්න.

නිශ්ශබ්දතාවයටද වචන ඇති බව අවසන මම පසක් කර ගතිමි.

78 comments:

  1. ඒක ඇත්ත.ඔය වැඩේ වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඕනෙ වැඩේ නම් උනා. ඒත් තාත්තගෙ හිත?

      Delete
  2. හපොයි.. හාෆ් මාස් ෆුල් මාස් දැනුයි මතක් වුනේ..

    පල්ලියෙ රෙජිස්ටාර් වීමේත් රෙජිස්ටාර් කෙනෙක් ඉස්සරහා රෙජිස්ටාර් වීමේත් වෙනසක් නෑනෙ.. පල්ලියේ පියතුමාට සාමාන්‍යය රෙජිස්ටාර් කෙනෙකුගේ බලතල ආණ්ඩුවෙන් පවරලා තියෙන්නෙ.. හැබැයි පල්ලියෙදි නැකතට අත්සන් කරන්න නම් වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇයි හරී අයියේ එහෙම බැරි..?? ඉතින් පල්ලියට ගිහින් නැකතට අත්සන් කරන්න පුළුවන් නේද??

      Delete
    2. පල්ලියේ ජෝතිශ්‍ය විශ්වාස කිරීමක් නෑනෙ නංගී. ඒක නිසා නැකතට වැඩ කිරීම අනුමත කරන්නේ නෑ. හොරාට හොරාට කරන අය ඉන්නවා.. :)

      අනික් කාරණාව ඔය අත්සන් කිරීම පූජාව මැද්දෙදි එනකොට මේ වෙලාවමයි කියලා කියන්න බෑනෙ. ඉතින් ඒක නැකතට කරන්න කොහොමටත් බෑ..

      Delete
    3. @ පිණිබිඳු...

      ඕං වැඩේ හරි.. පොටෝ හොරකං කරගත්තු එකාගේ අනුමැතිය එනතුරු සිටිමි...

      Delete
    4. ගොඩක් ස්තූතියි මල්ලි ඉල්ලීම ඉටු කරාට. දැන් ඒ පැත්තෙ ගිහින් ආවෙ.

      Delete
  3. එල එල...
    ඒත් ඉතිං හැම තැනටම ඕක හරියන්නේ නැතෝ...
    නොටියාට ඔය නිශ්ශබ්බ්ද තාවය නිසා එක අවස්ථාවකදී මහා ගහෙන්ම කෙල විය.
    දැන් ඉතිං කවද්ද වෙඩිම...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. හැම වෙලාවෙම ඒක හරියන්නෙ නෑ. වෙඩින් එකට නම් තව මාස හතරක් පහක් තිබේ. අවසර අරන් ඉන්න එපැයි ඔක්කොටම කලින්.

      Delete
  4. ශබ්ද වලින් හොඳම ශබ්දය නිශ්ශබ්දය කියන්නේ නිකමට නෙමේනේ... කෑ ගහනවට වඩා සාමකාමී වීම තුලින් දිනා ගත හැකි දේ බොහෝමය... ඊට අමතරව ලැබෙන ප්‍රතිපලද ඉහල අගයකින් යුක්තය.

    ReplyDelete
  5. අපරාදෙ කෙරුනෙ..මගුල කතා කරගන්න බෑ කියල ඇරුනනං පැනලා යන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. එහෙම කරා නම් කොයි තරම් සල්ලියක් ඉතුරු කරගන්න තිබ්බද.

      Delete
  6. ඇත්තටම නිශ්ශබ්දතාවයට හුඟාක් දේවල් කරන්න පුළුවන්. මමත් ඕක ඇත්දැකීමෙන් දන්නවා. කොතන කොහොම බැන්දත් මොකද විවාහ ජීවිතය හරියට ගෙනියන එකනෙ වටින්නේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි. මොන තරම් සල්ලි වියදම් කරලා ෆැන්සි විදිහට වෙඩින් එක ගත්තත් එදායින් පස්සෙ හරියට ජීවත් වෙන එකයි වටින්නෙ.

      Delete
  7. අක්කා දිනලා..... සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. දිනලා? මොන පිස්සුද. හරියට දිනුවා වෙන්නෙ එදාට අපේ ගෙදර කට්ටිය රැවුම් ගෙරවුම් නැතුව හිනා මූණින් පල්ලියෙන් එලියට ආවොත් තමයි.

      Delete
  8. නැකැත් වැඩක් නැහැ කියමු.

    හැබැයි මට ෂුවර්, ඔය ගොල්ලන්ට හම්බෙන ලමයි Atheist! නේ??

    ReplyDelete
    Replies
    1. ඒක නම් කීයටවත් වෙන්න ඉඩ තියන්නෙ නෑ. එහෙම උනොත් උන් අතරමං වෙනවා. මොකක් පිළිගන්නද කියලා.

      Delete
  9. කපටි කම........................... :-D

    ReplyDelete
    Replies
    1. කට වහගෙන හිටියෙ වැඩේ කරගන්න තමා. කපටිකම? ඔව් එහෙම කියන්න පුලුවන්. :P

      Delete
  10. you say it best when you say nothing at all... කියලා තමා කියන්න වෙන්නේ.. හිහි.. සුභ පැතුම්..
    ජය වේවා!!!

    ReplyDelete
  11. දරු සෙනෙහස නිසා දෙමාපියන්ට මොනවද නොකරන්න බැරි....

    ReplyDelete
  12. කෙහෙල්මල, තාත්තට අත දිග ඇරලා ගහන්න බැරි නිසා නිකන් හිටියා. නැත්තං............. වෙඩින් එකගන්න වෙන්නේ හොස්පිටල් එකේ

    ReplyDelete
    Replies
    1. එච්චර දරුණු වෙන එකක් නෑ.

      Delete
  13. මේක කියෝපු මම- ...................................

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මමත් ---------------

      Delete
  14. මගේ අනාගතය මට පැහැදිලි..... හිකිස්‌ ;)

    ReplyDelete
    Replies
    1. උඹ බය නැතිව හිටිං නගා අර පේන්නේ නැද්ද කොලුවා මැද මාවතේ ගමන් ගන්නා ආකාරය...

      Delete
    2. වෙල්කම් ටු ද ක්ලබ් එහෙනම්

      Delete
  15. දැන් පිනිබිදු පෝරුවේ වැඩෙත් කරනවද පල්ලියට අමතරව, පල්ලියෙයි,පෝරුවෙයි චාරිත්‍ර දෙකම අරගෙන වෙඩින්ග් එක කර ගන්න එක නේ වැදගත් කොහොම හරි

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි පැනපන් ඉතින් මැදට

      Delete
    2. මැදට නෙවෙයි යකෝ..යටින් එල්ලුනේ.. ඕං බලමු ඉතිං තොපි දැන් අපිට කියන කතා...

      Delete
    3. පෝරුවෙ චාරිත්‍රත් කරනවා අනිවාර්යයෙන්ම. ඒක අත අරින්න පුලුවන්ද.

      Delete
  16. ඔන්න ඔය වෙලාවට තමයි, හදපානේ ඩෙඩිං හොදයි කියලා හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. වියදම් අඩුම ක්‍රමය නේ.

      Delete
  17. අදමයි මේ පැත්තේ ආවේ.
    ඕකනේ කියන්නේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියල :)

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  18. හැබැයි ඔය නිශ්ශබ්දතාවය කියන්නෙ අද ජයක් වෙන්න පුලුවන් ඒත් පස්සෙ කාලෙක හැරිලා බැලුවම තාත්තගෙ ඒ වචන වල කොච්චර ඇත්තක් තිබුනද කියාලා දුක් වෙන්න වෙයි. දෙමවුපියො කවදාවත් පරාජය වෙන්නෙ නෑ. ඒ ගොල්ලො අත් දැකීම් ජයගෙන ඉවරයි දරුවො අත්දැකීම් ජය ගන්නකොට අද දිනන අපි එදාට හිතෙයි අපි එදා පැරදුනා නේද කියලා.
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ++++

      මට නම් මේ වෙද්දි ඕක සෑහෙන්න තේරිලා තියෙන්නෙ...

      Delete
    2. දිනනකොට පැරදුනේ කවුද..? ආන්න ඒක හිතන්න ඕන දෙයක්...

      Delete
    3. මේකට නම් මමත් කැමති ඕන්..:)

      Delete
    4. මගේ ජීවිතෙත් හුඟක් දේවල් වලට ඕක අදාල උනා

      Delete
  19. ඔය තියෙන්නේ.. ඔනම ප්‍රශ්ණේකට නිහඩව ඉදීමෙන් හොද විසදුම් ලැබෙනවා.. නේද අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. ඒත් හිත රිද්දුවාදෝ කියන දුක තියෙනවා

      Delete
  20. හ්ම්ම්..ඒක නම් ඇත්ත තමා යාලු :)

    ReplyDelete
  21. කොහොමහරි වැඩේ දිනලා. මරු මරු !!!
    සීදූවේ පල්ලියේ නේ වෙඩින් එක තියෙන්නේ.. මරු ! :)

    @හරී :
    හරී අපිට වෙඩිමක් වදින්ඩ යන්නේ. යන්ද මචං සීදූව පැත්තේ.. බඩ කට පිරෙන්ඩ කාලා එතෑකි... :)

    ReplyDelete
    Replies
    1. නෑ බං අපේ පැත්තෙ පල්ලියක වෙඩින් එක ගන්නෙ. පෝරුවෙ චාරිත්‍රත් කරන්නෙ ඒ දවසෙමයි.

      Delete
  22. හැම තාත්තලාම ඔහොම වෙන එකක් නැහැ !!

    ReplyDelete
  23. කොහොම හරි ජය ගත්තනෙ කාගෙවත් හිත රිදෙන්නෙ නැතිවම....ඒ උනාට ඔහොම වෙලාවක මගේ කට නම් පියාගෙන ඉන්න මට බෑ අප්පා... ඒ අතින් ඔයා කොච්චර හොඳද....

    ReplyDelete
    Replies
    1. මම කට ගහගෙන ගියානම් ඕක නොවෙන පැත්තටම තමා තිබුණෙ.

      Delete
  24. අනිවා ඉවසීම හා නිහඬවීම ලොකු ප්‍රශ්නවල උත්තර සපයනවා :)

    ReplyDelete
  25. මොකුත් නොකියමි...

    ReplyDelete
  26. මේ කොමෙන්ට් එක ඔයා කැමතිනම් අයින් කරන්න.
    ඇයි ආගමේ පූජකවරු මෙච්චර තද? මගෙ මල්ලි කෙනෙක් බැන්දා ආගමෙ එක්කෙනෙක්ව, පල්ලියෙන් කිව්වෙ පල්ලියෙ වෙඩින් එක ගත්තෙ නැත්නම් එයාලට පල්ලියෙ සම්බන්දය නවත්තන්න වෙනවා කියලා. එතකොට කෙල්ලද කොල්ලද වැඩක් නෑ බුද්දාගමේ අය අනිවාර්යෙන් තමන්ගෙ චාරිත්‍ර පස්සට දාලා ආගමෙ ඒව කරන්න ඕනේ. ඇත්තටම මේ පුජකතුමන්ලගෙ වැඩවලින් තැලෙන්නෙ ඒ ආගමෙ මිනිස්සුමයි.

    මම මහ පොරක් නෙවේ මේවා කියන්න, ඒත් මම අත්දැකල තියන හින්දා කියන්නෙ, අපෙ ජීවිත වලිදි අපි සමහර විට ලඟට ගන්නෙ නැති සමහර දේවල් අපේ ලේවල හැංගිලා තියනවා, තමන්ගෙ ආගම ජාතිය ඒවාගෙ දේවල්. දෙමවුපියෝ මොනවිදියට හිටියත් අන්තිමේ තමන්ගෙ දරුවෝ දෙමවුපියෝ කැමති විදියට ජිවිතෙ වදගත් තීරන ගන්නවාට කැමතියි. ඒත් අනිතිමේ ඒ දෙමවුපියෝම තමන්ගෙ දරුවගෙ සංතෝසෙට දරුවට කැමති විදියට කරන්න ඉඩදෙනවා.
    මට හොඳට මතකයි, අපෙ මාම, යකෙක් වගෙ මිනිහෙක්, ඒත් මල්ලිගෙ වෙඩින් එක දවසෙ ශොට් එක දාගෙන හිත අමාරුවෙන් කියෙව්වා.

    ඔයාගෙ වෙන්ඩ හස්බන්ඩ්ටත් එයාගෙ පවුලෙ අයටත් කරන්න දෙයක් නෑ, එයාලත් මේ ප්‍රශ්නෙන් පීඩාවිදිනවා ඇති. පූජකවරු මීට වඩා හිතන්න ඕනේ.

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ ජීවිතයක් ඔබ දෙන්නට.

    -ප්‍රසා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රසා මම බඳින්න යන්නෙ කතෝලික පවුලක එකම දරුවා. ඒ නිසා මට ඒ අම්මලා තාත්තලගෙ කැමැත්තටත් ඉඩ නොදී බෑ. එයාලට ඒ චාරිත්‍ර කරන්න වෙන දරුවෙක් නැති නිසා. එහෙමයි කියලා අපේ අම්මලගෙ කැමැත්ත විනාස කරන්නත් බෑ. පෝරුව චාරිත්‍රත් ගන්නෙ ඒ නිසා. පූජකවරුන්ට ඇත්තටම පොඩ්ඩක් ලිහිල් ප්‍රතිපත්ති තියෙන්න ඕනෙ කියලා මටත් එදා හිතුනා

      Delete
  27. මසුරං වටින කතාවක්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අත්දැකීමක් තියෙනවද දන්නෙ නෑ.

      Delete
  28. නිහඬතාවය තේරුම් ගන්න තරම් සංවේදී හිතක් තියෙන තාත්ත කෙනෙක් ලැබුනු එක ගැන පිණිබිඳු සතුටු වෙන්න...

    ReplyDelete
  29. මම හිටිය නං තොගෙ කටේ පිට්ටුද කියලා පිට පැලෙන්න එකක් දෙනවා
    :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ මගෙ කොන්දත් හිරිවැටිල ගියා ඒ කතාව අහපුවම.

      Delete
  30. පිනි බිඳු අක්ක ඔය දාල තියෙන්නෙ අපටත් ආව ප්‍රශ්නයක් ගැන. අක්ක කොමෙන්ට්ස් ගැනත් නිශ්ශබ්දව ඉන්නෙ නැතුව ඔයාගෙ වෙඩින් එක ගැන විස්තර දාන්නකෝ. වෙඩින් එකේ පොරුවෙ වැඩත් තියෙද? පල්ලියෙ wedding එක පොරුවෙ වැඩ වලට පස්සෙද තියෙන්නෙ. පෝරුවෙ වැඩ කලින් තියෙනම් register කරල තියෙන්න ඕන නේද? ( හප්පා ලොකු මස්සිනාගෙ තාත්තා මතක් වෙනකොටත් wedding එක නොකිය ඉන්න හිතෙනවා මෑන්ට )

    ReplyDelete
    Replies
    1. සේරටම කලින් මෙකට උත්තර දීලා ඉන්නම්කො. වෙඩින් එකේ පල්ලියෙ සෙරමනි එක වගේම පෝරුවෙ සෙරමනි එකත් තියෙනවා. දෙපැත්තෙම දෙමාපියන්ගෙ හිත් කඩන්න නරකයිනෙ. පල්ලියෙ වැඩ සේරටම කලින් දාගත්තා. පල්ලියෙදි තමයි දැන් රෙජිස්ට්‍රේෂන් එකත් වෙන්නෙ. ඊට පස්සෙ හෝටලේට ගිහින් පෝරුව සෙරමනි. එහෙමයි කරන්න ඉන්නෙ. නෑයො හිතවත්තු සෑහෙන කතා කියනවා. එක එක විදිහට කරන්න කියනවා. ඒත් අම්මල තාත්තලාගෙ හිත් නොරිදෙන විදිහට දෙපැත්තෙම චාරිත්‍ර පුලුවන් විදිහට ඉටු කරන්නයි හිතාගෙන ඉන්නෙ. මේ සිද්ධියෙන් අපෙ තාත්තගෙ හිත රිදුණා මුලින්. ඒක මම දන්නවා. ඒත් ඒකට විරුද්දව එකට එක කියල එයාගෙ හිත කඩන්න ඕනෙ උනේ නෑ. දැන් නම් තාත්තා ගොඩක් සහයෝගය දෙනවා.

      Delete
  31. අපේ යාළුවෙකුටත් ඔක වුනා. වෙඩින් එක දවසෙ යාළුවාගේ පැත්තෙන් හිටියෙ අම්මයි තාත්තයි නංගියි විතරයි. ඔක්කොම වැඩ කෙරුනෙ පල්ලියට ඔන විදියට.....

    මමනම් කිසිම ආගමකට නෑ. ඒත් ආගම් දෙකක අයගෙ ඔය වැනි අවස්ථාවකදි දෙපැත්තෙන්ම කිසියම් බුරුලක් දෙනවනම් හොදයි.
    ම්නිස් ජීවිත ඉදිරියේ දි ආගමයි කියන්නෙ තුට්ටුවක් වටින්නෙ නැති දෙයක්....

    ඔබ දෙපලට සුබ මංගල්ලයක්ම වේවා.......!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සීයට පන්සීයක් හරි.

      Delete
  32. ඉහත කමෙන්ට් එකට නම් මම සම්පූර්ණයෙන්ම එකගයි.මොකද ආගම් අදහන්න ඔනි තමයි ඒත් ආගම් ගැන මගේ කිසිම විස්වාසයක් නෑ.

    අදයි ආවේ මේ බ්ලොග් එතට.අනිත් ලිපි ටික කියවන්නත් එනවා පුළුවන් හැමවෙලාවකම යාළුවා.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  33. හයියෝ පිණිබිඳු මටමේ පෝස්ට් එක කොහොම හරි මග හැරිලනෙ. දැන් කොහොම හරි වැඩේ හරී. එහෙම්නම් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.
    අර සුදුලූණු වැඩේ නම් අල්ලලා දාන්න වෙයි වගේ නේ? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...