ෆෝන් එකට කතා බෑ. ඒත් ෆෝන් හරහා කතා පුලුවන්. ඒත් හදිස්සියෙන්වත් ෆෝන් එකට කතා කරන්න පුලුවන් නම් උන් කෑ ගහලා කියාවි අපිට ඕෆ් වෙලාම ඉන්න දීපල්ලා. ඔන් කරපු ගමන් උඹලා මානුෂීය සබඳතා අවුල් ජාලයක් කරගන්නවා කියලා. මේ ෆෝන් එක තරම් මගේ හිනාව කඳුළ දැකපු කෙනෙක් නැතුව ඇති. අපි ඒ තරම් මානුෂීය සබඳතා තරංග ආයාම බවට පත් කරගෙනයි ඉන්නෙ.
මම හොඳටම තරහ වෙලයි ආවෙ. ආයෙ නම් කතා කරන්නෙවත් නෑ. එහෙම හිතලා තත්පරයක් යන්න උනේ නෑ ෆෝන් එක ඇස් දල්වගෙන කෑ ගහනවා උඹට එහෙම මානුෂීය සබඳකම් ඉවරකරන්න බෑ කියලා. ඔහෙ කෑ ගහපුදෙන්. මම තව කල්පනා කරලා ඉවර නෑ.
ෆෝන් එක කට් නොකර මම කෑ ගැහිල්ල විතරක් ගොලු කරලා දැම්මා. හොඳ වැඩේ ගොලුවා. ගොලු භාෂාවෙන් කෑ ගහන ෆෝන් එක මේසය උඩ කම්පනය වෙලා බකමූණෙක් වගේ හ්ම් හ්ම් ගානවා. ගොලුවන්ටත් කතා පුලුවන්. ටිකකින් ෆෝන් එක ගොලු භාෂාවත් අත ඇරලා ඇස් පියාගත්තා. ඇද්ද උඹට. ආවා මෙතන මානුෂීය සබඳතා අලුත්වැඩියා කරන්න.
රාජකාරිය පැහැර හරින්නෙ නැති නිළධාරියෙක් වගේ පියාගත්තු ඇස් ආයෙමත් දල්වගෙන කෑ ගහනවා කැඩිලා බිඳිලා ගිය සබඳතා අලුත්වැඩියා කරදෙනු ලැබේ කියලා. ඒ පාර නම් මට තරහ ගියේ එහා පැත්තෙ තරංගයේ අයිතිකාරයා එක්ක නෙමෙයි. සබඳතා අලුත්වැඩියා කරන්න දඟලන තෝල්ක මුදලිත් එක්ක. කට වහගෙන ඉන්න නේද කිව්වෙ. මම අල්ල ගත්තා බෙල්ලෙන් තෝල්ක මුදලිගෙ. තාමත් ඇස් දල්වගෙන කෑ ගහනවා. පලයං යන්න මගෙ දෑහැට නොපෙනී. ෆෝන් එක මං ගැහුවා පොලවෙ. ඇද්ද තෝල්ක මුදලියට.
විසි වෙලා ගියපු ෆෝන් එක දුවලා ගිහින් ඇඳ අස්සට රිංග ගත්තෙ ආයෙත් මගෙ කේන්තියෙ ගොදුරක් වෙන්න බැරුව. දැන් වත් කටවහගෙන ඉන්නෙ නැතෑ. මොන පිස්සුද. මෙන්න ඇඳ අස්සෙන් කෑ ගහනවා පණ ඇති ජීවීන් එක්ක තියෙන තරහව පණ නැති මා මතින් යවන්නෙ ඇයි කියලා.
අනේ පවු. මෙච්චර අවුරුදු ගානක් තිස්සෙ මම හිනා උනේ උඹ එක්ක. ඇඬුවෙ උඹ එක්ක. මගෙ කේන්තියත් ඇති පමණ උඹ විඳලා තියෙනවා. උඹේ ඇඟේ පාට ගිහිල්ලා හීරිලා තියෙන්නෙ මගෙ කේන්තියේ ප්‍රතිඵල තමා. ඒත් පොලවෙ ගැහුවත් කැඩිලා බිඳිලා යන්නෙ නැති තරමට උඹ පදම් වෙලා තියෙන්නෙ. අසරණ ෆෝන් එක. අපි විහින් අවුල් කරගන්න මානුෂීය සබඳතා වලට උඹ මක් කරන්නද.
ෆෝන් එක ගැන අනුකම්පාවක් එනකොට මේ තරංගයේ අයිතිකාරයා එක්ක තිබ්බ තරහත් හේදිලා ගියා. දූවිලි පිරිච්ච ඇඳ අස්සෙන් මම ෆෝන් එක ගනිද්දිත් ඇහේ කඳුළු පුරෝගෙන ෆෝන් එක තාමත් අඬනවා. නාඬා ඉඳින්. දූවිලි පිහදාලා මම ෆෝන් එක කණේ තියාගත්තා.
"හෙලෝ"
"තරහද?"
"නෑ මැණික."
appe.... matanam phone polawe gahanna tharam nam kawadhawath thada wela ne... :D
ReplyDeleteNisupa
මේක මේ ඇත්තම නෙමෙයි. බොරුවකුත් නෙමෙයි
Delete:) ෆෝන් හින්දා දුර තියන සම්බන්ධ කෙටි වෙනවා වගේම අවුල් නැති සම්බන්ධ අවුල් වෙන්නත් බලනවා..
ReplyDeleteමෙන්න මෙයා මූණ දාගෙන.
Deleteපුදුම කේන්තියක් නේ.
ReplyDeleteඑච්චරම තරහ යන්නෙ නෑ මට.
Deleteඅර ත්‍රී වීල් එක වගේ ඕක හොයාගත්ත කෙනාවත් දන්නේ නැතුව ඇති මිනිස්සු ගන්න වැඩ..
ReplyDeleteඅප්පා. ඒක නම් ඇත්ත. එලාම් එක. ටෝච් එක. රේඩියෝ එක. කැමරාව. කොච්චර බහු කාර්ය මෙවලමක්ද
Deleteෆෝන් එකක් නැති ජීවිතේ කොච්චර ඒකාකාරී වෙයිද මන්දා?
ReplyDeleteඅපි ඒ තරමටම ෆෝන් වලට හුරුවෙලා
Deleteමේ වගේද වසර 15ක් පැරණි පෙම් හසුනක් ?
ReplyDeletehttp://samindikasrimantha.blogspot.com/2012/11/15.html
ඒක හම්බ උනේ කොහොමද කියලත් දැම්මා නම් සෑහෙන වටිනවා.
Deleteහ්ම්ම්ම්ම්ම් කල්පනවට පවිච්චි කරන්න ඔනා 4න් එක නම් :D
ReplyDeleteඒක ඇත්ත
Delete
ReplyDeleteවෙන මොකක් නැතත් රෑට කනේ ගහගෙන රේඩියො අහන්නවත් ඉතුරැ වේනනේ ඕක විතරයි නෙව..
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴.චිරං ජයතු!!!
ෆෝන් එකෙන් කොච්චර ප්‍රයෝජන තියෙනවද
Deleteහික්ස් :)
ReplyDeleteමොනවා උනත් ලස්සනට ලියලා තියෙනවා. වෙලාවකට මටත් ෆෝන්නෙකත්තෙක්ක මාර යස්සයෙක් ආවේශ වෙන්නේ !
ඒත් ඉතින් ෆෝන් එක පව් නේ
Deleteඅර ඉස්සර ආපු 1100 ෆෝන් එක නම් මේවගේ වෙලාවට නියමයි... කළුගලක ගැහුවත් ලේසියෙන් කැඩෙන්නේ නෑ
ReplyDeleteමගෙ යාලුවෙක්ගෙ ඔය ෆෝන් එකක් තට්ටු හතරකින් බිමට වැටුනා. කිව්වට විශ්වාස කරන්න සිරීම් හැරුනාම මුකුත් වෙලා නෑ.
Deleteහි..:) හි..:) අපිට නම් ඔය පුරශ්න නැත..
ReplyDeleteමගේ ෆෝන් එක නම් කොයි වෙලෙත් ඉන්නෙ ගොළු වෙලා. ඉතින් ඒකට කවුරු කෝල් කලත් මම දන්නේ මම දකින වෙලාවට තමයි. හැබැයි අපරාදේ ෆෝන් පොලේ ගහන එක නම් නේද..?
විසි කරාට කැඩෙන්නෙ නැති තැනකට විසි කරන්නෙ ඒකනෙ :P
Deleteදැනෙන්න ලියල තියෙනවා.. ලිවිල්ල නම් මරේ මාරු.. හැබැයි මං බොහොම අමාරුවෙන් ගත්ත ෆෝන් එක නම් මං හීනෙන්වත් පොලවේ ගහන්නේ නෑ..
ReplyDeleteඔව් ඔව් ඒ අපරාදය නම් කරන්න එපා
Deleteසෑහෙන කේන්තියෙන් වගේ... :)
ReplyDeleteදැන් ඉවරයි ඉතින්
Deleteපරක්කුවෙලා තමයි බ්ලොග් එක දැක්කෙ.. ඔන්න දැක්ක වෙලාවෙ ආව..
ReplyDeleteමේ අර ෆෝන් එක 1100 වර්ගෙ වෙන්ට ඇති.. වෙන ජාති නෑ ඔහොම ඔරොත්තු දෙන..
කලු ගලේ ගැහුවත් කැඩෙන්නෙ නෑ ඒවා නම්
Deleteෆූ... කෙල්ලන් නම් එසේමය... එමමය...
ReplyDeleteඑසේය එසේය
Deleteෆෝන් එකක් කල හදියක් කියල හිතෙනව අප්ප ගෙදර මතක් වෙද්දි. ඔය උලවු ෆෝන් නොතිබ්බනං අදත් මම නිදහස් ගොවියෙක්නෙ
ReplyDelete