"අනන්‍යා ස්වාමිනාතන්. අලුත් බැච් එකේ පට්ටම කෑල්ල."ජ්‍යේෂ්ඨ උත්තමයො එයාව ඒ වෙද්දිත් බවුතීස්ම කරල තිබ්බෙ ඒ විදිහට. අපේ බැච් එකේ හිටිය දෙසීයෙන් කෙල්ලො හිටියෙ විස්සයි. එයිනුත් තෙල් ඉහිරෙන රූමතියො - ටොයියො හිටියෙ අතලොස්සයි. එයාලව තේරෙන්නෙ ඉන්දියාවෙ ජනගහනයෙන් 99.9%ට වඩා ඉක්මනට ගණිත ගැටලු විසඳන්න එයාලට තියෙන හැකියාව නිසා. IIM එකේ ඉන්න ගොඩක් කෙල්ලො මේක් අප්, ඇඟට ගැලපෙන ඇඳුම්, කන්ටෑක්ට් ලෙන්සස්, ඇඟේ මූණෙ තියෙන මවිල්, ඇඟෙන් හමන දාඩිය ගඳ... කොටින්ම කෙල්ලෙක්ව ඔප මට්ටම් වෙලා දිස්නෙ විහිදුවන ඒ වගේ පොඩි පොඩි කාරණා සැලකුවෙ එයාලට තරම් නොවෙන විදිහට. එහෙව් එකේ දෙයියො දුන්නා වගේ, අනන්‍යා වගේ පරිපූර්ණ කෙල්ලෙක් මෙහෙට කඩා පාත් වුණහම අපේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝන මට්ටම බලාගෙන ඉන්දැද්දි නගිනවා. ඊස්ට්‍රජන් හෝමෝන දුර්ලභ මේ වගේ තැනක ඒක කොයි තරම් වටිනවද.
මම මේ උපුටා ගත්තෙ චේතන් බගට් නම් ඉන්දියානු ලේඛකයා ලියපු "2 States - The story of my marriage" පොතේ සිංහල පරිවර්තනයෙන් කොටසක්. සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ දිලීප ජයකොඩි. එතකොට පොතේ නම "මොන මගුලක්ද මන්දා".
ඉතින් ඔය උඩින්ම දැම්මෙ ක්‍රිෂ් මල්හෝත්‍රා, අනන්‍යා ගැන හිතපු විදිහ. මිනිහට අනන්‍යාව ඇහැ ගැටෙන්නෙ කැන්ටින් එකේ කෑම පෝලිමේ ඉද්දි. සාම්බාර් වලට චොරොප්පෙ කියලා කැන්ටින් එකේ කෝකියා එක්ක වලියක් දාගෙනයි අනන්‍යා හිටියෙ. ක්‍රිෂ් හිටියෙ පෝලිමේ අනන්‍යාට පිටිපස්සෙන්. ඉතින් කැම්පස් එකේ පට්ටම කෑල්ලට උදව් කරන්න අභීතව නැගී හිටින්නෙ ක්‍රිෂ්. කොහොම හරි තමන්ගෙ ඩෙසර්ට් එකත් කෙල්ලට පරිත්‍යාග කරලා කොල්ලා ලකුණක් දා ගන්නවා.
ඔයින් මෙයින් අනන්‍යා විසින් ක්‍රිෂ්ව තමන්ගේ "යාලුවෙක් විතරයි" ගානට පත් කරගන්නවා. ක්‍රිෂ්ට නම් ඒත් මදෑ. පස්සෙ පස්සෙ එකට පාඩම් කරලා කාලා බීලා ඉන්නකොට ක්‍රිෂ්ගෙ හිතේ තියෙන අදහසත් හිමීට දාලා බලනවා. පලවෙනි පාර හරි නොගියට කෙල්ලත් පස්සෙ කැමති වෙනවා.
ඔහොම ඉඳලා කැම්පස් එකෙනුත් අවුට් වුණා කියමුකො. කසාද බැඳීම ගැන හිතද්දි තමයි දෙන්නට තරු පේන්නෙ. මොකද ක්‍රිෂ් දිල්ලියෙ පන්ජාබ් කොල්ලෙක්. අනන්‍යා චෙන්නායි වල දෙමළ කෙල්ලෙක්. තමන්ගෙ සංස්කෘතිය, ආගම, ජාතිය, නම්බුව ගැන මහ ඉහලින් හිතන එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කොට්ඨාශ දෙකක් කොහොමද එකට පාස්සන්නෙ.
ඕක තමයි යුද්ධයේ ආරම්භය. පසුවදනෙ ඔය යුද්ධය සාරාංශ ගත කරලා තියෙනෙ මෙහෙමයි.
ලෝකෙ වටේම ඉන්න කෙල්ලො කොල්ලො ආදරේ කරනවා. ආදරේ කරලා බඳිනවා. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල. ඉන්දියාවෙදි ඒ සෙල්ලම් බෑ. ඉන්දියාවෙ ආදරේ කරන කොල්ලෙකුයි කෙල්ලෙකුයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෙ.
1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම.
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම.
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම.
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම.
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ලා කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම.
මේ පොත ලියලා තියෙන්නෙ චේතන් බගට්ගෙම ජීවිත කතාව ඇසුරින්. ඔහු ගැන කිව්වොත් ත්‍රී ඉඩියට් ෆිල්ම් එකට පාදක වුණු Five point someone පොත ලිව්වෙ ඔහු. ඒ වගේම One night @ call center (සිංහල පරිවර්තනය - 'හලෝ හලෝ') සහ 3 Mistakes in my life (සිංහල පරිවර්තනය - 'තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං') පොත් ලියලා තියෙන්නෙත් චේතන් බගට්මයි.
පොත නම් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් ජාතියෙ පොතක්. කියවනවා නම් කියවන්න ඕනෙ පිදුමේ ඉඳන්මයි. මොකද පිදුම පෙරවදන ස්තූතිය මේවත් හරිම වෙනස් විදිහට ලියලා තියෙන්නෙ. ඉතින් කුතුහලය ඇවිස්සුවා ඇති නේ. එහෙනම් කොහොම හරි පොත හොයාගෙන කියවන්න.
ඔය වෙනස් සංස්කෘතීන් වෙනස් ආගම් දෙකක් එකට පාස්සවන්න කන්න වෙන කට්ට මම නම් හොඳට දන්නවා. පහුගිය කාලෙ පුරාවට ඔය වගේ යුද්ධයක අපිත් පැටලිලා හිටියෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය විඳින්න තව සති තුනයි. :D
One night at call center කියවලා තියනවා.. අනිත් පොත් හොයාගන්න ලැබුනේ නෑ. අතිශය සරල, එහෙත් රසවත් හාස්‍යජනක කතාවක්. ඒ සරල හාස්‍ය තුල, ඒ චරිත මහපොලොව මත සැබෑ ජීවිත මතුකරන එක තමයි චේතන් භගත් ගේ දක්ෂතාවය. සමහර සමාජ සම්මතයන්ද ඔහු හීනියට කොනිත්තනවා.
ReplyDeleteඅනිත් පොත් ටික මමත් හොයාගන්න ඕනෙ
Deleteහොයල කියවන්න ඕනා හොද පොතක් වගේ.....
ReplyDeleteරසවත් පොතක්
Deleteමම මේකේ ඉංග්‍රීසි පොත බැලුවා මුලදි නම් නැගලා ගියා පස්සේ හිංදි ෆිල්ම් වගේ ගතිය නිසා එපා උනා. හැබැයි කම්මැලි නැතුව බලන්න පුළුවන් පොතක්. මේකේ ෆිල්ම් එකත් ඉස්සරහට එනවා.
ReplyDelete2013 2 States: The Story of My Marriage 2 States Hindi Arjun Kapoor , Alia Bhatt Karan Johar Karan Johar
http://en.wikipedia.org/wiki/Chetan_Bhagat#Movie_adaptions
ෆිල්ම් එක නම් කොහොමහරි බලන්න ඕනෙ
Deleteඔය පොත මගේ කියවන්න ලිස්ට් එකේ තියෙනව. නිවාඩු පාඩුවෙ හොයාගෙන කියවන්න ඕනි. ත්‍රී ඉඩියට්ස් කියන්නෙනං මගේ ඕල් ටයිම් ෆේවරිට් එකක්. මං ඕක විසි පාරක්වත් බලල ඇති.
ReplyDeleteඒ වගේ තමා මේ පොතත්
Deleteම්ම්ම්....ලස්සන පොතක් වගේ... හොයාගන්න බලන්න ඕන.....
ReplyDeleteහොයාගෙන බලන්න. මම නම් ගත්තෙ ගුනසේන එකෙන්
Deleteනියමෙට ලියල තියනවා.http://sinhapedia.blogspot.com/
ReplyDeleteස්තූතියි..
Deletehttps://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=2&ved=0CEAQFjAB&url=http%3A%2F%2Faitsce.hpage.in%2Fget_file.php%3Fid%3D1970594%26vnr%3D479314&ei=8BTUUIX_IMjqrAeHhIGQDA&usg=AFQjCNF4tQwqfuuGsiguMfJ5tfPcbHyc7g&sig2=bVG2x42VlknFpK0nckmWHw&bvm=bv.1355534169,d.bmk&cad=rja
ReplyDeleteඔන්න pdf එක ඕනෙ කට්ටියට උදව්වක්. ස්තූතියි හොඳේ
Deleteවිස්තරේ විදිහට ලක්ෂණ පොතක් වෙන්න ඕනි.. ස්තූතියි දැනුවත් කලාට.. කියවලාම බලන්නම් කෝ..
ReplyDeleteමුල් පොතේ ඊ බුක් එක උඩින් තියෙනවා. ඩවුන්ලෝඩ් කරන් බලන්න
Deleteමම මේක කියවල තියෙන්වා. (සිංහල පරිවර්ථනය) කම්මැලි නැතිව කියවන්න පුළුවන් පොතක්. ඒ වගේම ඉන්දියාවේ තියෙන සංස්කෘතිකමය වෙනස්කම්, සිතුම් පැතුම් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් පට්ටම පොතක්
ReplyDeleteරසවත් පොතක් තමා
Deleteමේ පොත කියවලා නම් නෑ. ළඟදී බැලුවා ගිනි සුළගේ සිරකාරි. මේ හා සමානව ලස්සනයි. ස්තූතියි! මේ සටහනට . පිණිබිඳුවක සිසිල විඳින්නට ආවේ අදයි. පියුම් විල පැත්තෙත් එන්න .
ReplyDeleteඑන්නම්කො ඒ පැත්තෙ ඇවිත් යන්න
Deleteහොද පොතක සුබ ලකුණක් වගේ.. ස්තූතියි පිනි අක්කෙ මේ දැනුවත් කිරීමට.. ඒවගේම අර යුද්ධයේ ජයග්‍රහණයට හදවතින්ම සුබ පැතුම්..! :)
ReplyDeleteතැන්කූ තැන්කූ..
Deleteමමත් කියෙව්වා.නියම පොත් ටිකක්.
ReplyDeleteඔයාගේ 2 States ගැනත් පෝස්ට් එකක් දාන්නකෝ අපිට දැනගන්න ;)
බ්ලොග් එකේ මුල ඉඳන් ගත්තොත් ඒක ගැන ටික ටික තියෙනවා. ප්‍රී වෙඩින් නාඩගං කියලා සීරීස් එකක් දැම්මෙ ඒකත් බලන්නකො.
Deleteහ්ම්ම්ම්ම් අසා හිතුනා එ ටික කියවලා පොත අරන් බලන්න ඔනි..
ReplyDeleteඅරන් කියවලා බලන්නකො
Deleteමාතෘකාව ගැන නම් හිතුනෙ අකගෙ මඟුල ගැන කියනවා කියලා.. ඊටපස්සෙ බැච් එකේ දෙසීයයි කිව්වම ආයෙ හොල්මන් උනා..
ReplyDeleteකතාව නම් රසවත්..
දැන් ඉන්න බැච් නම් දෙසීයයි. මේ පාර එනවා තුන්සීයක බැච් එකක්.
Deleteමම නං ඔය පොත කියවලා නැහැ.
ReplyDelete1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම.
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම.
ඔය දෙක තියනවා නං තමන්ට තමන් ගැන විශ්වාසයක් තියනවා නං මොන බම්බුවද. ඒ කියන්නෙ පිණි බිඳු අමු අඹේක රස බලන්න හදන්නෙ. (“අමු අඹයක් කෙනෙකු බුදිනා විට අනෙකාට කෙල උනයි, ඒත් අඹේ බුදින එකා විඳිනා අපහසුතාවය නොතේරෙයි“, ඔය කතන්දරේ සමානයි කසාදෙට කියලා දන්න කියන උදවිය මූණු පොතේ පින්තූර කෑල්ලක් අමුණලා තියනවා මම දැක්කා)
ඉන්දියාවෙ එහෙමලුනෙ ඉතින්. ඔව් ඔව් අමු අඹේ සීන් එක තමා
Delete// 1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම.
ReplyDelete2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම.
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම.
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම.
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම.
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ලා කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම.//
** මමත් බඳින්නෙ මේව සම්පූර්ණ නම් විතරයි.
ඔයාටත් එහෙනම් පොතක් ලියන්න පුලුවන් වෙයි
Delete@යසිත්, මේ ආත්මෙද බඳින්න හිතාන ඉන්නෙ?
Deleteඑතකොට මගේ බ්ලොගේ කවුද මන්ද කමෙන්ට් එකක් විදියට මේ පොසෙට් එකේ කෑල්ලක් කපල දාල තිබ්බෙ එහෙනං! අදයි දැක්කෙ බං. කතාව ඇත්ත. අල්ලපු රටේ උන් බඳින්නෙ පොරොන්දන් ගලම ගලපල.
ReplyDeleteමේ පෝස්ට් එකෙන් කෑල්ලක් කපලා නෙමෙයි මන් ඒක දැම්මේ
Deleteචේතන්ගේ පොතෙන් කොපි කරලා අරගෙන
දෙන්නා බේරගන්න මම නම් නෙවෙයි
Deleteආහ්, ඉන්දියානුවො!!!!!!
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඉන්දියානුවන් ගැන මිහිරි අත්දැකීම් තියෙනවා නේ..
Deleteමම මේක දකිද්දිම හිතුව මෙකෙ පොරගෙ පොතක් කියල...තුන් තක තීරු කම් කරපු කෙනෙක් පොත කියවපු මට දැන් ඒ සෛලිය බොක්කටම වැදිල තියෙන්නෙ..
ReplyDeleteහොයගන්න ඕනි වහාම
ඉතුරු පොත් ටික මමත් හොයාගන්න ඕනෙ
Deleteකියවා නැත.
ReplyDeleteඑහෙනම් වහාම කියවපන්
Deleteසුභ පැතුම් පිණි බිඳු..
ReplyDeleteස්තූතියි රූ..
Deleteමට නම් තේරුනේ මෙන්න මේක විතරමයිනෙ "ඒකෙ අවසන් ප්‍රතිඵලය විඳින්න තව සති තුනයි." හෙහ් හෙහ්
ReplyDeleteඑම්බල නවමා !@#$%%^^&&*Z**(
Deleteවහාම මේක ගන්න තැනක් කියපියෝ.............
ReplyDeleteගුණසේන.....
Deleteපොත ගත්තු තැනත් දැම්මනම් ඉතාමත්ම වටිනවා...
ReplyDeleteගුණසේන....
Deleteචේතන්ගේ පොත් set එක මේ පාර බුක් ෆෙයාර් එකෙන් ගන්නවා කියලා හිතාගෙන ගියත් වැඩේ කොට උඩ ගියානේ. ලබන පාරවත් බලන්න ඕනේ
ReplyDeleteඑකෙන් මේකෙන් කමක් නැහැ . ඔබ දෙපලට සිරි සුබ මංගලම් .......
ReplyDeleteපොත පස්සේ කියවන්න ඕන .