මේක ළඟදි ඉගෙන ගත්තු වට්ටෝරුවක්. රසට ආවා. හැමදාම අපි කුකුල් මස් කරිය හරි ඩෙවල් හරිනෙ කන්නෙ. වෙනසකටත් එක්ක කුකුල් මස් ඉස්ටුවක් හදලා බලමුද. වැඩි වැඩ නෑ. හරිම ලේසියි හදන්නත්.
අවශ්‍ය ද්‍රව්‍ය මෙහෙමයි.
- කුඩා කැබලි වලට කැපූ කුකුල් මස් 250g
- අල ගෙඩියක්
- ලොකු ලූණු ගෙඩියක්
- අමු මිරිස්
- කරපිංචා
- රම්පෙ කෑල්ලක්
- විනාකිරි මේස හැඳි 2ක්
- කුරුදු පොත්තක්
- එනසාල් 3ක් 4ක්
- කරාඹු නැටි 3ක් 4ක්
- සුදු ලූණු බික් දෙකක්
- අමු ඉඟුරු පොඩි කෑල්ලක්
- ලුණු රස අනුව
- ගම්මිරිස් රස අනුව
මුලින්ම කුකුල් මස් කැබලි ටික හොඳට හෝදගෙන භාජනයකට දාන්න. මේකට ලුණු ගම්මිරිස් විනාකිරි ටික දාලා අනාගන්න.
අල ගෙඩිය සුද්ද කරලා පොඩි කොටු කපාගෙන් එකතු කරගන්න. ලූණු ගෙඩියත් ලොකු කැබලි වලට කපාගෙන මේකට දාගන්න. රම්පෙ කරපිංචා, කැපූ අමුමිරිස්, කුරුඳුත් එකතු කරගන්න. එනසාල් සහ කරාඹු නැටි පොඩ්ඩක් තලලා මේකට දාන්න. සුදු ලූණු සහ අමු ඉඟුරුත් අඹරලා දාන්න. දැන් මේකට කුකුල් මස් ටික වැහෙන ගාණට වතුර පොඩ්ඩක් දාලා ලිපේ තියන්න.
ටික වෙලාවකින් අල ටික තැම්බුනාට පස්සෙ අල කෑලි වලින් ටිකක් වෙනම භාජනයකට බේරලා අරගෙන හැන්දකින් හොඳට පොඩි කරලා ආයෙත් මේ මස් මිශ්‍රණයට එකතු කරලා හොඳින් හැඳි ගාන්න. මස් ටික හොඳට තැම්බුණාම ලිපෙන් බාගන්න.
විනාකිරි දාන නිසා හොඳ සුවඳක් එනවා. සුවඳ වගේම තමයි රසත්. හදල බලන්නකො වෙලාවක.
අපි නං නිර්මාංශිකයිනෙ..
ReplyDeleteඑලවලු තම්බලා ඉස්ටු හදන්නත් පුලුවන්.
Deleteහදන්න ඕනි හෙට දිහාට.
ReplyDeleteකෝ ඉතින් හැදුවද. අපිටත් කියන්න රස ගුණ
Deleteමේ බත් කන වෙලාවට ඕක දැම්මම මට කලින්ම කන්න හිතෙනවනේ අප්පා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මව් රැජිනට කියලා හදාගෙන කන්නකො රජෝ
Deleteනරක නෑ වගේ.
ReplyDeleteකන්නද බොන්නද ?
Deleteනරකම නෑ. කාල බලන්නකො.
Deleteසෑමා, කුකුල් මස් දියකරල බොන්නද හදන්නෙ?
කටේ තිබුනු කෙල ටික හිදුනා... දැන් කාපන්කො කෙල නැතුව බත්,...
ReplyDeleteපව් වැඩේ
Deleteබඩගිනි වෙන වෙලාවට මෙව්ව දාන එක හෙළාමදකිනව.
ReplyDelete(බන්ඩි උව වීම් වලට වගකියනු නොලැබේ)
ආයෙ බඩගිනි වෙච්ච වෙලාවට හදාගන්න එකයි කරන්න ඕනෙ
Delete" මොකක්ද බොල..උඹ දන්නෙ කුකුලෙක් ගෙනාහම තෙල් බෝතලයක් විතර ඉවර කරල කරවෙනකල් බදින්ටයි නැත්තං පහේ කැටියක් දාල තම්බන්ටයි විතරද? හුහ්, මදැයි මාත් ඉඳල ඉඳල එකක් කරගත්ත...අපෙ අම්ම නම් දන්නව තව එක එක විදි......"
ReplyDeleteපෙරුං පුරාගෙන පොතේ අස්සං කරල යාන්තං මාස දෙකක් යන්ටත් කලියෙං ඔහොම කතාවක් ඇහෙනකොට හිත කීරි ගැහිල නොයන්නෙ කොයි බබලතීගෙද?
හොඳ හුස්මක් ඉහලට ගත්තු ඈ මෙහෙම තමන්ටම කියාගත්ත.
" හොඳයි, ඉඳපංකො බොට කන්ට බැරි තම්බලයි බැදලයිනෙ...දෙන්නං අද ඉස්ටුවක්..කාල වරෙංකො "
ප. ලි. - හෙට සිකුරාද අපිට නිවාඩුයි නෙව. ලැප් එකත් අරගෙන කුස්සියට ගිහිල්ල හදල බලන්ටෝන උඹේ මේ ඉස්ටුව...:) :)
කියලා වැඩක් නැ මචං. ඔහොම මිනිස්සු නං ඕනෙම නෑ. උඹ අහලා තියෙනවද අර හැම දේම වැරදි දකින අනිත් හස්බන්ඩාගේ කතා වස්තුව?
Deleteපොරටත් වයිෆ් කොහොම ඉව්වත් වැරදිලු.
බිත්තරේ තම්බලා තිබ්බොත් අහනවලු, "ඇයි ගෑණියේ මේක තැම්බුවේ, බදින්නෙ නැතුව?" කියලා..
බිත්තරේ බැදලා තිබ්බොත් අහනවලු, "ඇයි ගෑණියේ මේක බැද්දේ, තම්බන්නෙ නැතුව?" කියලා.
මේ මල යක්සයගෙන් බේරෙන්නම බැරි තැන මේ මනුස්සයා දවසක් එක බිත්තරයක් තම්බලා, අනික බැදලා මේසෙට තිබ්බලු.
මෙන්න මූ කියනවලු, "නෙද්දකිං මෙහෙම ගෑණු! මේ ගෑණි තම්බන්න ඕනෙ බිත්තරේ බැදලා. බදින්න ඕනෙ බිත්තරේ තම්බලා!" කියලා. :(
රවී අයියා - මේ දවස් වල එක එක විදිහට කෑම හදන එක තමා රාජකාරිය.
Deleteඩූඩ් - මගෙන් නම් තාම ඇහුවෙ නෑ ඩෙවල් කරන්න ඔනෙ කුකුලා ඉස්ටු කරලා ඉස්ටු කරන්න ඔනෙ එකා ඩෙවල් කරලා කියලා. ඒක අහපු දවසට උන්දැට මම...........
Deleteඅපේ ගෙදර කට්ටියත් බොහොම මනාපයි ඔය විදිහට කන්ඩ.. ඒත් මට නම් අල්ලල්න්නේ නෑ..
ReplyDeleteමගෙත් වැඩි මනාපෙ මිරිසට උයන එක තමා
Deleteහෙට හදල බලල රස ගුණ කියන්නම්කො
ReplyDeleteහදලා බලන්නකො එහෙනම්
Deleteදැන් ඉතිං කෑම හදල කවපං අර යෝදයට !
ReplyDeleteනැතුව නැතුව ඒකා හන්දනෙ මම මෙච්චර මහන්සි වෙලා උයන්නෙ
Deleteආ ඔය ගොල්ලො හදන්නෙත් මෙහෙමද ?
ReplyDeleteමෙහෙම තමා. ඕනෙ නම් ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නත් පුලුවන්
Deleteහ්ම්ම්ම්ම් හදලා බලන්න ඕනේ ..පව් නම් තමයි
ReplyDeleteඉතින්...මේ අර පරණ පොතේද තිබ්බේ ඕක ගැන ?
ඒ පොතේ තියෙන වට්ටෝරු ටිකක් දාන්නකෝ අනේ...
ඒවා දාන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න එපැයි. ඒකයි මේ පරක්කුව
Deleteඅර කළුපාටට තියෙන්නේ ගම්මිරිස් නේද?
ReplyDeleteඅම්මෝ මට නම් එපෝ...
ඔයිට හොඳයිනේ එහෙනම් හැමදා පුරුදු කුකුළයි අලයි පෑන් එකේ දාල කන එක.
එහෙනම් ඉතින් මේක කන්න වෙන්නෙ නෑ. ගම්මිරිස් නැතුව හදන්න බෑනෙ
Deleteඒ මේකනම් අපේ අක්කගෙන් මාත් ඉගෙන ගෙන තිනවා..
ReplyDeleteඑහෙනම් දිනේශ් හදනව ඇති එහෙට වෙලා
Deleteඋදේ පාන්දර මේක දැක්ක හැටියේ තද බඩගින්නක් ආවා.:)
ReplyDeleteමේකට තෙල් පොඩ්ඩක් දාන්නේ නැද්ද? අපේ අම්මා නම් තම්බලා පස්සේ තෙල් චුට්ටක් දානවා දැකලා තියනවා.
තෙම්පරාදු කරා නම් තවත් හොඳයි තමයි.
Deleteමේක නම් හදල බලන්නම ඕනේ.
ReplyDeleteහදලා බලලා කියන්නකො
Deleteහදලා බලලම එපැයි ගුණ දොස් කියන්න. (දැක්කම නම් කටට කෙළත් උනනවා)
ReplyDeleteහදලා බලලා කියන්නකො
Deleteඔයිට චුට්ටක් වෙනස් ක්‍රමයකට මාත් හදනවා. ඒක නෙමේ. වෙඩින් එකේ විස්තර හරියට ෆිල්ම් එකක වගේ.මට හිතාගත්තැහැකි ඔබේ නුහුරු බව පල්ලියෙදි. කපල් එක නලු නිලි ජෝඩුවක් වගේ. අලුත් ජීවිතයට සුබ පැතුම්. නමුත් ජීවිතය රෝස මල් යහනක් නොවේ.
ReplyDeleteගොඩක් ස්තූතියි...
Deleteමම හදල බැලුව මේක. රසට ආවා. හැමෝම රසයි කිවුවා. බොහෝම ස්තූතියි පිණිබිඳු!
ReplyDeleteස්තූතියි මේක අත්හදා බැලුවට
Deleteහපෝ මේවා රස නෑ..... :D
ReplyDeleteඅන්න ඉරිසියාකාරයෝ.. පල පල සෝරෝ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ අල දාන වැඩේට මාත් හරි මනාපයි කොහෙද අපේ හාමිනේ එහෙම හදපුවහම කන්නේ නැනේ
ReplyDeleteමම නම් පරිප්පු වලට අල දාලා හදන්න පුලුවන්නම් ඒකටත් දානවා.
Deleteඑසේම වේවා. දැන් නම් අවුරුදු පහු වෙලා මාස තුනකුත් ගිහින් මම රිප්ලයි කරද්දි
ReplyDeleteකෝ මේ පිනිබිඳු. දාන් නැද්ද අලුත් පෝස්ටුවක්.
ReplyDeleteකාලෙකින් මුකුත් නොලිවෙ ඇයි?ඉස්සර ඉඳන්ම කියෙවුවා ලියූ දේවල්. ආපහු ලියන්න
ReplyDelete