පෙරුම් පුරලා පෙරුම් පුරලා යන්තම් පොසොන් පෝයට ගෙදර ගියා. පෝය දවසෙ උදෙන්ම කොටුවෙන් බස් එකට නැග්ගෙ කලින් ගෙදර යා ගන්න. මොන? ලංකාවෙ මිනිස්සුන්ගෙ දන්දීමේ ආනිශංසයක් විදිහට මට පැය තුනක් වැඩිපුර පාරෙ ඉන්නත් උනා. බස් එකේ වේගය පැයට මීටරයයි.
ඇත්තටම ලංකාව තරම් දන්දෙන රටක් තවත් නැතුව ඇති. බස් එකේ ඉඳගෙන මට මොන දන්සැල්ද? පාර දෙපැත්තෙ තියෙන දන්සැල් දිහා බල බල කෙළ ගිල ගිල මම පැය ගානක් බස් එකේ ලැග්ගා.
අවුරුදු ගානකට පස්සෙ මේ පාර යන්තම් අපේ පොසොන් පෙරහැර බලාගන්න පුලුවන් උනා. පොළොන්නරුවෙ හැම පන්සලක්ම වගේ මේ පෙරහැරට දායක වෙනවා. ඒ හින්දා පැය තුනක් විතර තිස්සෙ බලන්න පුලුවන් තරමට පෙරහැර දිගයි.
සාමාන්‍යයෙන් ගල් විහාරය ළඟින් නැකතකට පටන් ගන්න පෙරහැර නගරය වටා ගිහින් ගල් විහාරය ළඟින්ම අවසන් කරනවා.
ඔය ඔක්කොමත් හරි පෙරහැර බලන්න තැනක් අල්ලගන්න තියෙන අමාරුව. අපිත් රෑ නමයට විතර කාලා බීලා ඉටි රෙද්දකුත් අරගෙන පාර අයිනට ගියා. සූ ගාලා සෙනඟ. මිනිස්සුන්ගෙ කකුලුත් පාග පාග යන්තම් පිටිපස්සට ගිහින් අපි වාඩි උනා. රෑ නවයෙ ඉඳන් එකොළහ විතර වෙනකල් හිටියා පෙරහැර පටන් ගන්න කල් මදුරුවො තල තල. මොනා උනත් පෙරහැර බැලුවට පස්සෙ නම් ඒ ගෙවිච්ච වෙලාව අපරාදෙ කියල නම් හිතුනෙ නෑ.
මෙන්න පෙරහැර පටන් ගන්නකොටම පෙරහැරේ සන්නස් පත්‍රය අරගෙන යනවා.

ගිනි බෝල කරකවපු කට්ටිය තමා මේ.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය පෙන්නුම් කරල තිබුනෙ මෙහෙමයි.

ඔන්න මහ බඹා...

වෙස් නැටුම් කණ්ඩායම් කීපයක්ම තිබුණා.

පෙරහැර අස්සෙ කොඩි පෙරහැර.

පෙරහැරේ සංකේතය අලියා. අලි නම් දහ දොලොස් දෙනෙක්ම ගියා. හරියට ෆොටෝ එකක් ගහ ගන්න පුලුවන් උනේ මුගේ විතරයි. කොහෙද අලි එක විදිහකට ඉන්න එකක්යැ.

අපේ ගමේ කට්ටිය එකතු වෙලා මේ පාර දන්සැලක් දුන්නා. ලොකු දෙයක් නෙමෙයි. මේ සරුවත් දන්සැලක්. හික්ස්. අපේ අම්මලා එහෙම පැය තුන හතරක් සරුවත් හදලා ලෑස්ති කරලා දන්සැල පැය කාලෙන් ඉවර කරලත් ආවා. වන්දනා නඩ සෑහෙන්න. කොහොමත් පොසොන් කිව්වම අනුරාධපුර පොළොන්නරු මතක් වෙනවමනෙ නේද?
ඔහොම ඔහොම නොදැනිම නිවාඩු දවස් ටිකත් ඉවර වෙලා ගියා. ඉතින් ගෙදරින් එලවන්න කලින් අකුලගෙන බොඩිමට ආවා.
ආ කියන්න අමතක උනානෙ. මෙදා පාර තාත්තගෙ එළවළු කොරටුවෙ මල්ගෝවා හැදිලා යායට. ඔය තියෙන්නෙ උජාරුවට.