ගෙදර දොරේ වැඩ වලදි කොයි තරම් නම් අපි අනාගන්න සිද්ධි වෙනවද. ඒ වගේ පොඩි පොඩි අන්ජබජල් වැඩ වලට විසඳුම් වගයක් මට හම්බුණා. මේල් එකකින් මේක ඇවිත් තිබුණෙ. කාට උනත් ප්‍රජෝජනයක් වෙන දෙයක් නිසා මම බ්ලොග් එකේ දාන්න හිතුවෙ.
හිටපු ගමන් නොසන්ඩාල කොල්ලො උන් කකා ඉන්න චුයින්ගම් එක කාගෙ හරි ඇඳුමක අලවන්න පුලුවන්. එහෙම නැත්තන් ඒ නොසන්ඩාල කොල්ලෙක් කාපු චුයින්ගම් එකක් පුටුවක අලවලා ගිහින් ඒක ඔයාලගෙ ඇඳුමෙ ගෑවෙන්න පුලුවන්. චුයින්ගම් රෙදි වලින් අයින් කරගන්න ලේසි නෑ. එහෙම උනාම කරන්න ඕනෙ ඇඳුම අධිශීතකරණයේ පැයක් විතර තියන්න. දැන් චුයින්ගම් එක අයින් කරගන්න.

ගෙදර පැනි රස දෙයක් තිබ්බොත් බේරගන්න අමාරුම කාගෙන්ද. පොඩි ළමයින්ගෙන් නෙමෙයි කූඹින්ගෙන්. කූඹි හැටට හැටේ දුවගෙන එන්නෙ පැණි රසට. මේ වගේ වෙලාවට කරන්න තියෙන්නෙ පිපිඤ්ඤා පොත්තක් කූඹි ගුල ගාවින් තියන එකලු. මොකද කූඹින්ට පිපිඤ්ඤා පෙන්නන්න බැරි නිසා.

දෙහි මිරිකනකොට වැඩි දෙහි ප්‍රමාණයක් ගන්න ඕනෙ නම් දෙහි උණු වතුරේ පැයක් පමණ දාලා තියලා මිරිකන්න ගන්න.

ලූණු කපනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද. අපි නම් අඬා වැලපි වැලපි තමා ලූණු කපන්නෙ. කඳුළු එන එක නවත්ත ගන්න චුයින්ගම් හපන්න කියලා තමා කියන්නෙ.
අල ඉක්මනට තම්බා ගන්න ඕනෙ නම් එක අල ගෙඩියක තම්බන්න කලින් පොත්ත ටිකක් අයින් කරගන්න. එතකොට අල ඉක්මනට තැම්බෙනවලු. ඒ වගේම අල බතල වගේ දේවල් තැම්බුවාම සමහර වෙලාවට පොතු ගහන්න අමාරුයි. එතකොට ලිපෙන් බාපු ගමන්ම සීතල වතුරට දැම්මා නම් පොත්ත ලේසියෙන් ගැලවෙනවා.

තමන්ගෙ ඇඳුමට තින්ත පෑනෙ තින්ත හලා නොගත් කෙනෙක් ඉන්නවද. ඉස්කෝලෙ කාලෙ නම් තින්ත පෑන් වලින් ලියන්න ගත්ත අලුත සුදු ඇඳුමේ නිල් මෝස්තර කරගෙනනෙ ගෙදර එන්නෙ. මෙහෙම වැටුණු තින්ත අයින් කරගන්න නම් දත් බෙහෙත් ටිකක් තින්ත පැල්ලම උඩ අතුරලා සම්පූර්ණයෙන් වේලෙන්න තියන්න. ඊට පස්සෙ හෝදලා දාන්න.

එදිනෙදා ජීවිතයට මේ දේවල් ටිකක් හරි වැදගත් වෙයි. ඉතින් යාන්තමට හරි මතකයේ තියාගත්තොත් වැඩක් අනාගත්තු වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.