Pages

Tuesday, November 30, 2010

පිස්සුද


වැස්ස...,
දඩස් ගාල
කඩන් වැටිල
එසැනින් පායලා ඉන්නෙ
උඹ
පසුතැවෙන හන්ද නේද..
පසුතැවෙනව නං
ඇයි
අනෝරාවට වැහි වස්සන්නෙ?
උඹ හින්ද
පොළොව දුක් විඳින හැටි..
අනේ මන්ද
පිස්සු උඹටද මටද..
නැත්තම්
අපි දෙන්නටමද..

Sunday, November 28, 2010

අකැප ආදරය


අහපන් ආදරය
එන්න එපා
නුඹ හිතට
හිත අකැපයි
උඹට

Monday, November 22, 2010

මල්පෙති හිත්


වහින්න වහින්න
අහස කෙතරම්
රළු වෙනවද..
ඒත්
තෙමෙන්න තෙමෙන්න
පොළොව කෙතරම්
මෘදු වෙනවද..
මල්පෙති හිත උඩ
මහමෙර තැබුවත්
වැහි බිඳුවක සිසිලස මිස
වේදනාවක් දැනෙන්නෙ නෑ මට
හිත මෘදු නිසා නම් නෙමෙයි
වේදනාවෙන්
හිත හිරිවැටිල නිසා...

Monday, November 1, 2010

අරුත් සුන් දිවිය


හිරි වැටුණු හිත් පොඩිය
දුක දන්නෙ නෑ දැන්
මිදුණු නෙතු කෙවෙණි වල
කඳුළු හොලවන්න බෑ දැන්
හිනාවක් අඳුරන්නෙ නැති මුව
සතුට අමතක කරල දැන්
අරුත් සුන් ජීවිතය
පරිස්සම් කරගෙන
කුමකටද දැන්

Tuesday, October 26, 2010

සෙනෙහස


සමන් මලක සුවඳ අරන්
ඒ සුවඳින් පාට අරන්
පිණි බිඳුවෙන් සිසිල අරන්
ගෙත්තම් කරනට ඔය සිත
මම එන්නම් අරුණ මැදින්

සාපය


වියැකෙමින්
මතුවෙමින්
දුකම මා
වැනසූ කල
මරණයට හඬ ගසා
දෙනෙත් පියා ගන්නවා හැර
මන්දස්මිත් වැගිරෙන
දෑසකට
කුමට නම් තව
කවි ගොතන්නද.....

Wednesday, October 20, 2010

කඳුළ සහ නුඹ


නෙතු කෙමි
බොඳ කරන
උණු කඳුළ නොවී

ඒ කඳුළ
නිවාදමන

ඇහිපියක් වෙයන්

සබඳ...
Related Posts Plugin for WordPress, Blogger...