Pages

Sunday, December 5, 2010

රොබරෝසියා මල් යාය


නුඹ දැක්කෙ නැහැ නේද
ලස්සනම ලස්සන
රොබරෝසියා මල්
එකින් එක
පොළොව සිපගත්තු හැටි..
නුඹ දැක්කෙ නැහැ නේද
මල් වැස්සක් වැටිලා
රොබරෝසියා යායක් හැදුණු හැටි..
ඒත් මම දැක්කා
මං තනියම වින්දා
මල් පාගන්නෙ නැතුව
මල් පොළොවෙ මං ඇවිද්දා
හිත එපාම කියද්දි
මං ආපහු හැරිල බැලුවා
මේ සතුට විඳින්න
නුඹවත් එනවද කියලා
ඒත් තට්ට තනියම
මමම විඳෙව්වා මිසක
මේ රොබරෝසියා යායට
නුඹේ සුවඳ කොයින්ද..
හිස්කම පාලුව මිසක
නුඹ කොයින්ද..

1 comment:

  1. අලුත් ජීවිතයක්,අලුත් බලාපොරොත්තු එක්ක ආයෙත් ඒ රොබරෝසියා යායෙ මල් පෙති මත ඇවිදින්න පුලුවන් වේවි.ඒත් එදා තරම් සැහැල්ලුවක් හිතට දැනෙයිද??
    ම්ම්.....අද එකත් ලස්සනයි...........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...