Pages

Wednesday, December 22, 2010

මෙන්ඩලීය ප්‍රවේණියේ අපගමනය


සහ ප්‍රමුඛතාවය අකැප සඳ
අභිබවනයට ඉඩදී
නුඹ සමඟ මා
ප්‍රතිබද්ධ විණි..

ස්වාධීනව වියුක්ත වීමට
නුඹට අවැසි කල
සම යුග්මක තබා
විෂම යුග්මක වත් හිතක්
නුඹට නැති වග
වටහා ගතිමි..

හැරපියා යන
අවසන් නිමේෂයේදී
අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්
උදෙසා වත්
ආපසු හැරෙතැයි සිතීමි..

එහෙත්
දෑස් මායිමෙන්
නුඹ තිතක් වී
නොපෙනී යන සඳ
පසක් විය
සියල්ල අවසන
මාරක ජානයක්
ඉස්මතු වූ වග..

3 comments:

  1. සිතේ තබාගන්න මෙන්ඩලීය නොවන ප්‍රවේණියක්ද මෙලොව ඇති බ‍ව
    හොද ප්‍රකාශක දෛශිකයක් ඔබ සතුව ඇත්නම්
    ප්‍රතිබද්ධයද කර ක්ලෝන කර
    ඔබට අවැසි ප්‍රෝටීනය වෙන් කර ගත හැක
    ගේමක් නැතුව

    :)

    ReplyDelete
  2. පෙර කල පවට,
    නොතේරුන කව,
    උත්සහ නොකලෙමි
    තවත්.......
    වටහා ගන්නට.

    ReplyDelete
  3. blog gadol,
    ප්‍රොටීනයක් මට එපා. ඒ තරම් බලාපොරොත්තු තිබුනෙ නෑ. ඕනෙ කරේ අසම්පූර්ණ හරි ප්‍රතිබද්ධයක් පමණමයි. කවුද හිතුවෙ මාරක ජානයකට ඔච්චර හරියක් කරන්න පුලුවන් කියලා.

    dinesh,
    ඔන්න ඉතින් චාටර් කරන්න එපා අනේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...