Pages

Sunday, December 26, 2010

අහංකාර කඳුළු


දෙකම්මුල් දිගේ බේරිලා
ගලන්න බැරි තරමට
ඇයිද ඔතරම්
කඳුළු වල ඇති
අහංකාරකම..
ඇස් පුංචි කරගෙන
හිනාවීගෙන
ඒ හිනාව තුළ
ඔය කඳුළුත් හංගනා විට,
දන්නවද
නුඹටත් නොදැනීම
හිනාවෙන්
කඳුළු උතුරනා වග..

5 comments:

  1. ලොවටම හොරෙන්
    සිනහවක් යටින්
    හෙලනා කදුලැලි
    කෙතරම් ඇත්ද...?

    ReplyDelete
  2. ..::| පොජ්ජේ |::.. ,

    මේ ලෝකෙ වැඩියෙන්ම හිනා වෙන්නෙ හිත යටින් හොඳටම අඬන අය කියනවනෙ.

    ReplyDelete
  3. නියමයි.. ආ... මැක්සා... මුළු හිතේම තියෙන දුක හංගන් හිනාවෙන එක ලේසි නෑ.

    ReplyDelete
  4. දුක සඟවන් හිනාවෙනකොට ඒ දුක තවත් වැඩි වෙනවා.

    ReplyDelete
  5. @ prasanna86k, dinesh,

    ඇත්ත. ජීවිතය ගෙවෙනකොට දුක හංගගෙන හිනාවෙනව ඇර වෙන මොනා කරන්නද නේද? ස්තූතියි යාලු මේ පැත්තෙ ආවට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...