Pages

Wednesday, March 23, 2011

දොයි.. බබා.. දොයි..



අපේ පුන්නි ගැන මම කලින් දාපු පෝස්ට් එක ඔයාලා කියවන්න ඇති. පුන්නි කියන්නෙ අපි පුංචි අම්මට ආදරේට කියපු නම. අම්මයි තාත්තයි වැඩට ගියාම පුන්චි කාලෙ අපිව බලාගෙන තියෙන්නෙ අපේ පුන්නි තමයි.

මායි අක්කයි අතර වයස පරතරය අවුරුද්දයි. දෙන්නම එක වයසෙ වගේ හින්දා ටිකක් අමාරුයිලු බලාගන්න. ඒත් පුන්නි අපිව බලාගන්න එක කැමැත්තෙන්ම බාර අරගෙන තිබුණා.

ඒ කාලෙ මට අවුරුද්දක් වගේ වයසලු. ඉතින් අපේ අක්කට අවුරුදු දෙකක් ඇති. අම්මා වැඩට යන්න කලින් කිරි එහෙම හදල තියලලු යන්නෙ.

ම්මල ගියපු ගමන් අපේ පුන්නි කරන්නෙ අපි දෙන්නටම හදල ගියපු කිරි පොවන එක. බංඩි ගෙඩිය ලොකු වෙනකල්ම කිරි පෙව්වට පස්සෙ දෙන්නව දෙපාරකට කකුලෙ දාලා නලවලා නිදි කරනවාලු. ඔන්න නිදාගෙන චුට්ටක් ඇහැරීගෙන එද්දි ආයෙත් නලවලා නිදි කරනවා. දවල් වෙනකල් නිදාගෙන ආයෙ ඇහැරෙද්දි අයෙමත් කිරි පොවලා අර වගේම නිදි කරවනවා.

කොහොම හරි මායි අක්කයි අම්මලා වැඩ ඇරිලා එනකල්ම නිදිලු හොඳටම. ඇහැරුණත් මත් වෙලා වගේ එහෙට මෙහෙට වැටෙනවලු. ඇස් දෙක ඇරෙන්නෙත් බාගෙට.

ඒ මදිවට රෑට අපි දෙන්නම ඇහැරගෙන මරහඬ දෙනවාලු. ඇයි ඉතින් දවල් දවසෙ නිදාගෙන හොඳටම රෑට මොන නින්දක්ද?

අන්තිමට අම්මා පුන්නිට කිව්වලු මුන්ව මෙහෙම නිදි කරවන්න එපා බං මුන්ට වෙනම ලෙඩක් හැදෙයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පුන්නි අපිව දොයි කරේ.

22 comments:

  1. ඉකේයියා...නිදි කරවන්න තියෙන අමාරුව....

    ReplyDelete
  2. ඒක තමා තාමත් නිකං තෝන්තු වෙලා වගේ ඉන්නේ...

    ReplyDelete
  3. චූටි මැණිකෙ ඩියුටි ගිය දවස් වලට මාත් කොරන්නෙ ඕකම තමයි. බඩ පැලෙන්න කවල පොවල නිදි කරවනව. ආයෙ නෑ එක දිගට පැය තුනක් විතර දොයි. එහෙම කලා කියල පොඩ්ඩ රෑට ඇහැරෙන්න නෑ දෙපාරකට වැඩිය. :D

    ReplyDelete
  4. @ රත්ගමයා - ඉකේයියා මෙන්න හුඟ කාලෙකින් මෙයා ඇවිල්ලා..

    ReplyDelete
  5. @ prasanna86k - මටත් වෙලාවකට එහෙම හිතෙනවා

    ReplyDelete
  6. @ පූසා - මොකෝ පූසො..

    ReplyDelete
  7. @ nawammawatha - හප්පේ එහෙනම් හොඳයි.

    ReplyDelete
  8. සුවල්ප නින්දක් ද බොලේ නිදියල තියෙන්නෙ දෙන්න . . . .????

    ReplyDelete
  9. දැං උන් නම් එහෙම නිදි කරනවා බොරු..

    ReplyDelete
  10. හපොයි මෙහෙමත් නින්දක්? :O

    ReplyDelete
  11. පුංචිල ගෑන කියද්දි මටත් කියන්න ගොඩක් දේවල් තියනවා,දෑන් මමත් පුංචි කෙනෙක් නිසා.හපොයි දවල්ට නිදියන්න දුන්නොත් ඉතින් රෑ 12 -2 අනිවා ඈහෑරෙනවා.එතකොට ඉතින් අපිට නිදාගන්න කියලෑයි.එයා නිදියගත්තමත් පාලුයි.ගෙදර සද්දයක් නෑතිනිසා.

    ReplyDelete
  12. දවල් දවසම පොඩි ළමයි ඔහොම නිදා ගන්නවා කියලා ඇහුවමයි....

    ReplyDelete
  13. ඒ කියන්නෙ කසාදයක් බදින්න කලින් බලන්න ඕනේ බදින්න යන එක්කෙනාට කසාද නොබැදපු නoගි කෙනෙක් ඉන්නවද කියලා.:D

    ReplyDelete
  14. දරුවෝ හදන්න අම්මලා පුදුම දුකක් විදිනවා. ඒක කවදාහරි පිණිබිදු ටත් තේරේවි. පුන්නි ඔයාලට අම්මෙක් වගේ සලකලා තියෙනවා. ඇත්තටම ඔයාලා මාරම පිනක් කරලා තියෙන්නේ ඒ වගේ ආදරයක් ලබන්න.

    ReplyDelete
  15. @ ඕනයා - බලෙන් නිදි කෙරෙව්වාම මෙහෙම තමා

    ReplyDelete
  16. @ MaRLaN - කියලා වැඩක් නෑ

    ReplyDelete
  17. @ නදී... - මාත් ඉස්සරහ කාලෙදි පුංචි කෙනෙක් වෙයි අපේ අක්කා නිසා. එතකොට බලාගන්ට බැරියැ

    ReplyDelete
  18. @ Dinesh - නිදි කරවලා බලන්නකො නිදාගන්නෙ නැද්ද කියලා

    ReplyDelete
  19. @ rajith - අපොයි එහෙනම් අපේ අක්කට ජීවිතේට බඳින්න හම්බවෙන්නෙ නෑ

    ReplyDelete
  20. @ මධුරංග - ඔව් සහෝ. මම කලින් පුන්නි ගැන පෝස්ට් එකෙ කිව්ව වගේම මම අදටත් අම්මා සමානවම ආදරේ කරන කෙනෙක් ඉන්නවානම් ඒ මගේ පුන්නි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...