වෙසක් නිවාඩුවත් ගෙවිලා ගියා. බෝඩිං කාමරේක හිරවෙලා ඉන්නකොට ඔරලෝසුවෙ කටු පුදුම තරම් හෙමින් කරකැවෙන්නෙ. ඒකටත් එක්ක ගෙදර ගියාම ඔරලෝසුවට අස්ප කුලප්පුවක් තියෙන්නෙ. සුටුස් ගාලා දවස් පහක් ගෙවිලා ගිය ඉක්මන.
මේ පාර නම් අම්මට අඬලා අඬලා නාරං කැවුම් හදාගත්තා. කැවිලි කන්න අවුරුදු එනකල්ම ඉන්න ඕනෙයැ. නාරං කැවුම් අම්මා හදන්නෙ එයාටම විශේෂ වෙච්ච රෙසිපි එකකට. වෙන පෝස්ට් එකක මම ඒ ගැන දාන්නම්කො වෙනද වගේම පින්තූර සහිතව.
වෙසක් දවසෙ උදේ ඉඳන්ම කූඩුව අලවන්න පටන් ගත්තා. තාත්තා කඩේ යනකොට කහපාට සව්කොළ ගේන්න කියපුවාම මෙන්න කහපාට කොළ නෑ කියලා තද නිල් පාට සව්කොළ ගෙනත්. අපොයි. මොනා කරන්නද. ගෙනාපු සුදු කොළ වගේකුත් තිබ්බා. ඉතින් සුදු පාටින් කූඩුව අලවලා නිල් පාටින් කැටයමක් කපලා ඇලෙව්වා. රැළිත් නිල් පාටින් දැම්මා. ජීවිතේ පළවෙනි පාරට තමයි සුදුයි නිලුයි වෙසක් කූඩුවක් හැදුවේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJxAtARrCCrwwcW2Hj-cFcvZM7NCzpr5wpcZ9QFVnZWHIGo1bCixiR4h21ZjB-IVpMSUB6ukhkDP-gXDQ9zFs05Fg4fUNKUxO0XZcljW3p3VB4LII0JSisKOvRtQILZfTn4v_6aQqmGvkv/s320/DSC05083.JPG)
මේ පාර වෙසක් එකට අඩියෙන් අඩිය එක එක දන්සැල්. දන්සැලක් අත අරින්නෙ කොහොමද. මඤ්ඤොක්කා දන්සැල්, කඩල දන්සැල්, පාන් හා සීනිසම්බල් දන්සැල්, අයිස්ක්‍රීම් දන්සැල්, සුප් දන්සැල්, කල් කිරි දන්සැල්. පිස්සු හැදෙනවා. බත් දන්සැලකට තමා යන්න බැරි උනේ. කොහෙද කිට්ටු වෙන්නවත් බෑ සෙනඟ.
මේ සැරේ අපේ ගමේ කට්ටිය එකතු වෙලා පාර දෙපැත්තෙ පහන් පත්තු කරන්න සූදානම් කරලා තිබුණා. එක ගෙදරකින් පහන් විස්සක්. කෙසෙල් කොට පොඩිවට කපලා ඒවා උඩ තමා පහන් පත්තු කරන්නෙ. අපිත් ගෙදර වෙසක් කූඩු බකට් එහෙම පත්තු කරලා පාරට ගියා ගමේ කට්ටියට එකතු වෙන්න. මට නම් ගමේ හුඟක් අය සෑහෙන කාලෙකින් තමා හම්බ උනේ.
එදිනෙදා නොදැක්කට නගරෙ ඉන්න හිනාවක් නැති කෘතිම මූණු වගේ නෙමෙයි මේ මිනිස්සුන්ගෙ නිරහංකාර ගමේ කම කොච්චර වටිනවද? පහන් සේරම පත්තු කරාට පස්සෙ තමා ඒකෙ ලස්සම දැක්කෙ. පහන් වල ලස්සනටත් වඩා ගමේ මිනිස්සු එකතු වෙලා වැඩක් කරපු එකේ සතුට හැමෝටම දැනිලා තිබුණේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhe-0A1BzsSyN94yaDF_0d6ufTigiS7HP0MaZqUfaXEFEnmlrUAFrQ6ex_IsL6iRhNsG7SgfUGKkA3Jhn1GBaWfpOqsuTdegOsCDYeob_8vhmc-QyuclIViey4vaREZeSJ8qCXEuscRNIBt/s320/DSC05101.JPG)
මේ ඔක්කොම වැඩ ඉවර වෙලා රෑ අපි ගල්විහාරෙ ගියා. සෙනඟ සෑහෙන්න. ඒත් ඒ පිළිම පාමුල පුදුම තරම් සැනසීමක් මට හැමදාමත් දැනෙනවා. අනිත් එක දවල්ට වගේ නෙමෙයි, ගල් විහාරෙ රෑට හරිම ලස්සනයි. ඔය පහලින් දාලා තියෙන්නෙ වෙසක් දවසෙ රෑ ගල්විහාරෙ ලස්සන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvYHNQ5VsHV4MCJ-GlP63vWK38MuLdrHxPULGl-0FX9XFwwkoec9U4tkotMn48hW70Jz2paxDmYOhRej9L-Pi6JlOwg4tfvyw4qVygaenAVTVWB9fIFAwi28y1lVk7ch56NMaco0d35_Sn/s320/DSC05144.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTTXf0TfDiVQa-d8kqmiY0YguNUNKftRN_aJ5sWbyrFsgNQv_vuiaO1m49bPYr2RCrY5KcEppTaHZ5v4zw-PS_5oFt6AjboDAgcfJc4yP0h_LMKnVFt3O-soxSVecQ1p0JlwT_pCEufTyn/s320/DSC05138.JPG)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIWX88S9KS7798yBg8j4a6WFB2mlREja1OhCBJv2iPaA42fQ0POKYJuahEr5Zwek-vZutqH1i24iqcYIlxV9viI3gpywwKpK-GEIvtl8dNqlwixhFObPaqj3-PlevuMecDwp7nsU8Ttady/s320/DSC05142.JPG)
ඉතින් ඔහොම තමා මගේ වෙසක් නිවාඩුව ගෙවිලා ගියේ. ආපහු බෝඩිමට එන්න කම්මැලියි. ඒත් මොනා කරන්නද. ජීවන සටන අරන් යන්නත් එපැයි. ආයෙමත් ඉතින් කැලන්ඩරේ එල්ලිලා රතු පාට වෙච්ච දවස් ගැන ගැන කාලෙ ගෙවනවා.
ප.ලි. කලින් පෝස්ට් එකේදි බ්ලොගර් එකේ තිබ්බ අවුල හන්දා මගේ අන්තිමට දාලා තිබ්බ කමෙන්ට් සෑහෙන්න ගොඩක් හොරු අරන් ගියා වගේ නැතිවෙලාම ගියා. අපරාදෙ. දුකේ බෑ.
මේ පාර නම් අම්මට අඬලා අඬලා නාරං කැවුම් හදාගත්තා. කැවිලි කන්න අවුරුදු එනකල්ම ඉන්න ඕනෙයැ. නාරං කැවුම් අම්මා හදන්නෙ එයාටම විශේෂ වෙච්ච රෙසිපි එකකට. වෙන පෝස්ට් එකක මම ඒ ගැන දාන්නම්කො වෙනද වගේම පින්තූර සහිතව.
වෙසක් දවසෙ උදේ ඉඳන්ම කූඩුව අලවන්න පටන් ගත්තා. තාත්තා කඩේ යනකොට කහපාට සව්කොළ ගේන්න කියපුවාම මෙන්න කහපාට කොළ නෑ කියලා තද නිල් පාට සව්කොළ ගෙනත්. අපොයි. මොනා කරන්නද. ගෙනාපු සුදු කොළ වගේකුත් තිබ්බා. ඉතින් සුදු පාටින් කූඩුව අලවලා නිල් පාටින් කැටයමක් කපලා ඇලෙව්වා. රැළිත් නිල් පාටින් දැම්මා. ජීවිතේ පළවෙනි පාරට තමයි සුදුයි නිලුයි වෙසක් කූඩුවක් හැදුවේ.
මේ පාර වෙසක් එකට අඩියෙන් අඩිය එක එක දන්සැල්. දන්සැලක් අත අරින්නෙ කොහොමද. මඤ්ඤොක්කා දන්සැල්, කඩල දන්සැල්, පාන් හා සීනිසම්බල් දන්සැල්, අයිස්ක්‍රීම් දන්සැල්, සුප් දන්සැල්, කල් කිරි දන්සැල්. පිස්සු හැදෙනවා. බත් දන්සැලකට තමා යන්න බැරි උනේ. කොහෙද කිට්ටු වෙන්නවත් බෑ සෙනඟ.
මේ සැරේ අපේ ගමේ කට්ටිය එකතු වෙලා පාර දෙපැත්තෙ පහන් පත්තු කරන්න සූදානම් කරලා තිබුණා. එක ගෙදරකින් පහන් විස්සක්. කෙසෙල් කොට පොඩිවට කපලා ඒවා උඩ තමා පහන් පත්තු කරන්නෙ. අපිත් ගෙදර වෙසක් කූඩු බකට් එහෙම පත්තු කරලා පාරට ගියා ගමේ කට්ටියට එකතු වෙන්න. මට නම් ගමේ හුඟක් අය සෑහෙන කාලෙකින් තමා හම්බ උනේ.
එදිනෙදා නොදැක්කට නගරෙ ඉන්න හිනාවක් නැති කෘතිම මූණු වගේ නෙමෙයි මේ මිනිස්සුන්ගෙ නිරහංකාර ගමේ කම කොච්චර වටිනවද? පහන් සේරම පත්තු කරාට පස්සෙ තමා ඒකෙ ලස්සම දැක්කෙ. පහන් වල ලස්සනටත් වඩා ගමේ මිනිස්සු එකතු වෙලා වැඩක් කරපු එකේ සතුට හැමෝටම දැනිලා තිබුණේ.
මේ ඔක්කොම වැඩ ඉවර වෙලා රෑ අපි ගල්විහාරෙ ගියා. සෙනඟ සෑහෙන්න. ඒත් ඒ පිළිම පාමුල පුදුම තරම් සැනසීමක් මට හැමදාමත් දැනෙනවා. අනිත් එක දවල්ට වගේ නෙමෙයි, ගල් විහාරෙ රෑට හරිම ලස්සනයි. ඔය පහලින් දාලා තියෙන්නෙ වෙසක් දවසෙ රෑ ගල්විහාරෙ ලස්සන.
ඉතින් ඔහොම තමා මගේ වෙසක් නිවාඩුව ගෙවිලා ගියේ. ආපහු බෝඩිමට එන්න කම්මැලියි. ඒත් මොනා කරන්නද. ජීවන සටන අරන් යන්නත් එපැයි. ආයෙමත් ඉතින් කැලන්ඩරේ එල්ලිලා රතු පාට වෙච්ච දවස් ගැන ගැන කාලෙ ගෙවනවා.
ප.ලි. කලින් පෝස්ට් එකේදි බ්ලොගර් එකේ තිබ්බ අවුල හන්දා මගේ අන්තිමට දාලා තිබ්බ කමෙන්ට් සෑහෙන්න ගොඩක් හොරු අරන් ගියා වගේ නැතිවෙලාම ගියා. අපරාදෙ. දුකේ බෑ.
අක්කා දන්සැල් ඔක්කොම ටික වැදලා වගේ....
ReplyDeleteඅපේ පැත්තෙත් අඩියෙන් අඩියට දන්සැල් . මිනිස්සුන්ට කාලම පාරෙ යන්නත් බැරි තරම් අනේ ඇත්තටම ඒ දන්සැල් වලින් කෑම ලැබුනේ වැඩි හරියක්ම කන්න බොන්න හොඳට තියන අයට තමයි .. එහෙම තමයි ඉතින් දැන් කාලේ දන්සැල්
ReplyDeleteනිවාඩුව ඉවර වෙච්ච එක ගැනනම් ගොඩක් දුකයි .ලබන මාසේ තියෙන්නේ එකම එක නිවාඩුවයි .
බත් දන්සලට නොගියේ සෙනග වැඩි නිසාද බඩේ ඉඩ නැති නිසාද??
ReplyDeleteබෝඩිමෙන් ගිය අක්කා අයෙ ඇවිත් තියෙන්නේ මහත් වෙලාද මංදා....?
ReplyDeleteලස්සන කැටයම් & කූඩුව...
ReplyDeleteදන්සැල් මතක් වෙද්දිත් දැන් ඇඩෙනවා...
ගල්විහාරෙ ගැන කිව්වම මගේ ජීවිතයෙත් එක් මතකයෙන් නොමැකෙන යුගයක් මතක් උනා, පිණිබිඳු,
ReplyDeleteමම කාලයක් වැඩ කලා පොළොන්නරුව කිට්ටුව. අපෙ අනික් යාලුවො පෝයට ගෙවල් බලා යද්දි මම බොහොමක් දවස් ගෙදර නොගිහින් නැවතුනා පුන් සඳ එලිය තැවරුනු ගල් විහාරෙ හිටි පිළිමය දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්න මගෙ හිතේ තිබුනු නොසිඳෙන ආසාව නිසාම.
ඔය මම කියන කාලෙ අද වගෙ විදුලි ආලෝකය තිබුනෙ නැහැ. ගල්විහාරෙට යන පාර අයිනෙ ඔය පොත් පත් වගෙ දේවල් විකුනපු පොඩි ටකරන් මඩුවෙ විතරක් එක විදුලි බුබුලක් දැල්වුනා මතකයි.
සඳ එළිය දෝර ගලායද්දි ගල්විහාරෙ ඉදිරිපිට ගල් තලාවෙ ඉඳගෙන පැයක් දෙකක් නිසංසලේ ගත කරපු අන්දම මට තාමත් ඊයෙ වගෙ මතකයි.
ස්තූතියි පිණිබිඳු ඔබට, ඒ මතකය අවදි කලාට,
මේ වෙසක් දවසෙත් රෑ අපේ දන්සැල දුන්න. මේ පාර පුදුම සෙනඟක්, රෑ 11 වෙද්දි දන්සැල ඉවරයි...
ReplyDeleteඔයා හදපු වෙසක් කූඩුව නම් හරිම ලස්සනයි, නිලුයි සුදුයි ලස්සනට ගැලපෙනව. රෑට විදුලි ආලෝකය දාපුවහම ගල් විහාරෙ හරිම ලස්සනයි තමයි.
@ MaRLaN - නැතුව නැතුව
ReplyDelete@ හිස් අහස - අයියෝ ලබන මාසෙ ගැන නම් කියලා වැඩක් නෑ. තියෙන එකම නිවාඩුවත් තියෙන්නෙ බදාදට. අපරාදෙ
ReplyDelete@ Dinesh - ඇත්තටම එච්චර පෝලිමක ඉන්න බැරි හන්දා. මට තාම බත් දන්සැලකින් කන්න බැරි උනානෙ.
ReplyDelete@ බීටා - හික්ස්
ReplyDelete@ තාරක Dilsh@n - කැටයම නම් ලස්සනට ආවා කියලා මටත් හිතුනා. ඒක නෙමේ මොකෝ ඇඬෙන්නෙ දන්සැල් මතක් වෙද්දි?
ReplyDelete@ Ravi - දැන් විදුලි බුබුලු දාලා පාර දිගට කඩවල් ගාන වැඩිවෙලා තිබුණත් ගල්විහාරෙ පිළිම ගාව තියෙන හිත නිවෙන ගතිය තාම එහෙමයි අයියෙ. ළඟදි ඒ පැත්තෙ ආවෙ නැද්ද?
ReplyDelete@ ටී.බී. හේරත් - වෙසක් කූඩුවෙ පාට හින්දම මම නම් හිතුවෙ නෑ ලස්සනට එයි කියලා. ස්තූතියි සහෝ.
ReplyDeleteනැහැනෙ නංගි, පොළොන්නරුවෙන් ආවත් හරි ආයෙ යන්න බැරි උනා.දැන් අවුරුදු විස්සක් වගෙ වෙනවා. ආයෙ යන්නම ඕන ගමනක්.
ReplyDeleteපිණිබිදු ඉන්නේ පොලොන්නරුවේද ???? අදයි ගමත් දැන ගත්තේ. මාත් ගෙදර ගියා. කූඩු හැදුවා. ඒ වගේම දන්සැල් සෑහෙන ප්‍රමාණයක් වැදගෙන ආවා.
ReplyDeleteපෝලිමේ හිටියට මොකෝ කෙන්තියටත් එක්ක තුන් හතරපාරක් බත් කන්න බැරියෑ.
අක්කේ මොනා අක්කේ නාරං කැවුං කියන්නේ... ඒව ඇඹුලද? දොලදුක හෙම නෙවේනේ...
ReplyDeleteඔයා බත් දන්සැලට නොගිය එක නම් වාසනාවක්...
@ Ravi - අයියෝ එහෙමද. ලැබුනොත් ඒ පැත්තෙ ගිහින් එන්න.
ReplyDelete@ මධුරංග - අනේ ඒ දන්සැල් වල දිග දැක්කම බඩගින්නත් නැති වෙනවා.
ReplyDelete@ prasanna86k - ඉන්නකො මම නාරං කැවුම් ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්කො.
ReplyDeleteඅනේ අපිට නාරං කැවුම් ඕනෙ...
ReplyDeleteඉස්සර කාපු දන්සැල් දැන් කන්න යන්න විදියක් නෑනෙ. :(
ReplyDeleteදවල් ඉදන් රෑ වෙනකන්ම දන්සැල් වැන්ද එක තමයි වෙසක් දවස් වල කලේ. මෙහෙ ඉතිං කෝ ඒවා..
ගල් විහාරේ කියන්නේ මගේ සිත් ගත් ප්‍රදානම තැන ලංකාවේ. මං හිතන්නේ මං ඔයා ගල් විහාරේ කරන කාලේ ගල් වඩුවෙකුගේ අතවසියෙක්වත් වෙලා ඉන්න ඇති.. ඒ මොකද මම කියල තියෙන්නේ මැරෙන්න කලින් මට ගල් විහාරේ පෙන්නන්න කියල. එක බැරිවෙයි කියන බයට මම ගොඩක් පින්තුරයි වීඩියෝ එකකුයි අරන් තියෙනවා.. කොටින්ම මගේ බ්ලොග් එකෙත් පිටුවක් ඇරියා.
ReplyDeleteමම පහුගිය දවස් දෙක තුනේ හිටියෙ පුලතිසි පුරවරයෙ.... පිණිබිඳු ව මතක් උනා, හැබැයි එහාට නම් පිණිබිඳුවක් වත් නෑ :)
ReplyDelete