Pages

Thursday, May 19, 2011

සුභ ගමන්.. ඉලංදාරියා..


හුඟක් කාලෙක ඉඳන් ලියූ කවි පද වලට දාපු කමෙන්ට් වලින් හඳුනගත්තු නුඹ ඉන්නෙ ලෝකය නෑසෙන නිෂ්ශබ්දතායවක කියලා මම හිතන් හිටියෙ නෑ..

ඒත් නුබේ දෙසවන බ්ලොග් අවකාශයම එකතු කරපු එක්තරා අධිෂ්ඨානයක් උනා..

අපි නුඹ වටා පවුරක් බැන්දා බලාපොරොත්තු හිත දරාගෙන..

ඒත් මෙහෙම නුඹ නොඑන්නටම යාවි කියලා අපි හිතුවෙත් නෑ..

නුඹත් හිතන්නට නෑ..

නුඹ බොහෝ සුවඳ මලක් ඉක්මනට පරවුණු..

නොගිහින්ම බැරි ගමන නුඹ යන්නට ගොස් ඇත..

ඉතින් සොයුර.. නුඹට නිවන් සුව..

6 comments:

  1. ඉලංදාරියාගෙ මතකය හැමදාම අපි අතර තියේවි

    ReplyDelete
  2. සිහිල් සුළඟක් වෙලා ඇවිදින්,
    සිතේ අප හැම මතක තවරා,
    ආයෙ දවසක දකින්නට නැත,
    සොයුර.........නුඹ,
    නොකියම යන්න ගිහින්,

    Sleep well sweet prince, and may flights of angels sing thee to thy rest. - Shakespeare's Hamlet

    ReplyDelete
  3. දිලුම් මල්ලි ඔබට නිවන් සුව!

    ReplyDelete
  4. මට ගොඩක් කනගාටුයි ඇත්ත‍ටම කණගාටුයි.යාලුවා මම පින්තුර පොඩ්ඩක් ගන්නවා.

    ReplyDelete
  5. ඉලන්දාරියෝ ඉතින් අපි සමු ගනිමු , ඔබට නිවන් සුව............!

    ReplyDelete
  6. සතියක් ගෙදර ඉදලා ආපු ගමන් ම කියෙව්වේ පිණිබිදුගේ බ්ලොග් අඩවිය. නමුත් දුක හිතෙන සිදුවීමක් තමා ඉස් ඉස්සෙල්ලාම කියවන්න ලැබෙනේ.

    මොනා කරන්නද ජීවිතේ දුක සතුට දෙකම අපි දරා ගන්න එපැයි.

    දිලුම් අයියා ඔබට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!!!!! මතු මතු ආත්මෙක මෙවන් අකල් වියෝ නොම වේවා !!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...