Pages

Monday, May 23, 2011

අවුරුද්දකුත් ගෙවිලා ගිහින්.. කේක් ඕනෙද?


පිණිබිඳු කියලා පටන් ගත්තු බ්ලොග් එකට මටත් නොදැනීම අවුරුද්දකුත් ගෙවිලා ගිහින්.

මුලදි මම මේක පටන් ගත්තෙ මගේ පරණ කවි පොත් වල කුරුටු ගාලා තිබ්බ කවි දාන්න විතරයි. ඒත් ටික කාලයක් යද්දි ටික ටික යාලුවො එකතු වෙද්දි මේ බ්ලොග් එක මගේ ජීවිතේම කොටසක් උනා.

දවසේ වැඩි වෙලාවක් ගෙවෙන්නෙ බ්ලොග් එකත් එක්ක කිව්වොත් වැරද්දක් නෙමෙයි.


මෙච්චර දුරක් එන්න මට තනියම පුලුවන් කමක් නෑ. අනිවාර්යයෙන්ම මගේ පෝස්ට් බලලා ඒවට කමෙන්ට් කරන ඔයාලා නිසා තමයි මම මෙච්චර දුරක් ආවෙ.

ඇහින් නොදැක අකුරු වලින්ම අඳුන ගත්ත හුඟක් සමීප ආදරණීය ඔබ සැමට හදවතින්ම ස්තූති කරන්න ඕනෙ.

ජීවිතේ කවදාවත් හිතුවෙ නෑ ඇස් මානෙන් එහා ගිය යාලුකමක් ලැබෙයි කියලා. ඒ සහෝදරකම හැමදාම මගේ හිතේ තියේවි.

ඉතින් මගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන වෙලාවෙ ඔයාලා අමතක කරන්නෙ කොහොමද?

කේක් කෑල්ලක් කාලා යන්න එන්න හොඳේ.

62 comments:

  1. නැතුව නැතුව. කේක් නැතුව කොහෙමද...

    සුභම සුභම උපන් දිනයක් අක්කේ.
    වැඩි වැඩියෙන් ලියවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  2. අවුරුද්දක් ඇතුලෙ
    - පෝස්ට් 70ක්
    - ෆලෝවර්ස්ල 69ක්
    - පේජ් විවුස් 4591ක් . . . . . සතු‍ටුයි . . .

    මමත් ඉන්නවනෙ ඔය අස්සෙ . . . ඉතිං එතකොට තවත් සතු‍ටුයි . . .

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් වේවා නගෝ...! නගා කිව්වාට දැන් බලනකොට මට වඩා දවසකින් වැඩිමල්නේ.....!

    මම කිව්වෙ මගේ බ්ලොග් එකට වඩා එක දවසකින් නගාගේ බ්ලොග් එක වැඩිමල් කියලා.....:)

    තව සියක් වසරක් බ්ලොග් කරණයේ යෙදෙන්නට වාසනාව හා ශක්තිය ලැබේවා....!

    ReplyDelete
  4. @ තාරක Dilsh@n - එහෙනම් කේක් කෑල්ලක් කාලම යන්නකෝ. හුඟක් ස්තූතියි සුභපැතුමට

    ReplyDelete
  5. @ ඕනයා - හුඟක් ස්තූතියි සහෝ. අනිවාර්යයෙන්ම ඔයාලා හන්ද තමා මෙච්චර දුරක් ආවෙ.

    ReplyDelete
  6. @ දුමී - අනේ අනේ කොහොම හරි වයස අඩු කරගන්න තමා හදන්නෙ. හික් හික්. හුඟක් ස්තූතියි අයියෙ සුභපැතුමට.

    ReplyDelete
  7. අක්කිගෙ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ අක්කි බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දකට පස්සෙ නේ. අක්කිට මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. ඇත්ත්ටම බ්ලොග් එක ලස්සනයි. මාත් දිගටම පිණිබිදු එක්ක..

    ReplyDelete
  8. කෝ ඉතිං කේක්...? කේක් නැහැනේ... බොරු කාරී...

    ReplyDelete
  9. අවුරුදක් ඉදන් බ්ලොග් ලියනවා කිවට අදමයි මම බ්ලොග් අවේ ඔයාගේ. සුභ පැතුම් දිගටම ලියන්න

    ReplyDelete
  10. @ CHATHU | චතූ - අවුරුද්දක් ගිහින් හරි කමක් නෑ ආවනෙ. හුඟක් ස්තූතියි.

    ReplyDelete
  11. @ prasanna86k - ඔය උඩින්ම දාලා තියෙන්නෙ මැට්ටො කේක් තමා. ඒක කන්න එන්න කිව්වෙ.

    ReplyDelete
  12. @ Anu - හුඟක් ස්තූතියි.

    ReplyDelete
  13. මගෙත් සුබ පැතුම් ඔන්න ......

    ReplyDelete
  14. Wish you a Happy Birthday and many happy returns of the day.....!!!!!!
    "Observer"

    ReplyDelete
  15. මං පරක්කුද මංදා........ සුභ පැතුම් අක්කියෝ....... දිගටම ලියන්න. අපි කියවන්න බලන් ඉන්නවනේ.......

    කේක්...... ම්හු..... නැද්ද මට ඉස්පෙසල් ඔෆර් එකක් හැටියට කැරට් අලයක්...... යම් යම් යම් යම්........ :D

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් වේවා හොඳෙයි...!!

    කේක් නම් දෙනව නම් බැරියෑ..... :D

    ReplyDelete
  17. පිණිබිදුට වසරක් පිරෙන මේ මොහොතේ, මමත් ඔයාට සුබ පැතුම් එක්කරනව තවත් බොහෝකල් දිගටම අපිත් එක්ක රෑදිල ඉදන්, බ්ලොග් ලියන්න, කියවන්න,කොමෙන්ටු දාන්න ලැබෙන්න කියල.

    කේක් කෑල්ලක් නම් කෑවා...කෝ කූල් එක එනකම් බලාගන ඉන්නෙ!...මේ තාම ආවෙ නෑනේ...:)

    ReplyDelete
  18. @ කල්හාර දිසානායක - සුභපැතුමට ස්තූතියි.

    ReplyDelete
  19. Observer - හුඟක් ස්තූතියි. ඒත් මොකෝ අද ඇනෝ වෙලා?

    ReplyDelete
  20. @ හා පැටික්කි (MS) - අප්පේ හා පැටික්කිට එහෙනම් කැරට් කේක් කෑල්ලක් දෙන්නම්.

    ReplyDelete
  21. @ සෝරෝ - තැන්කූ තැන්කූ. කේක් දීලා තියෙන්නෙ උඩින්ම හොඳේ.

    ReplyDelete
  22. @ නදී - හුඟක් ස්තූතියි නදී. බොන්න නම් ඉතින් වතුර තමා.

    ReplyDelete
  23. මගෙනුත් සුබ පැතුම්.. මගෙ නම් කට කහනව ඔහොම කියන්න, ඒත් අනිත් ඔක්කොම එහෙම කියල තියෙද්දියි, වෙන කියන්න හොඳ වචන නැති හින්දයි ඔන්න කිව්වා. ඒත් කියන්න හිතෙන්නෙම එල එල වගෙ වචන තමයි.


    මේ බ්ලොග් එකෙ තියන සමහර කතාවලට මම ගොඩක් ආසයි, අර පුන්නිගෙ කතාව, සීයගෙ කතාව, අපෝ කවි නම් මට වහ ( ඒත් හිතනව ඒවත් හොඳ ඇති කියල ). කොච්චර පිස්සු කෙලියත් ඔය කතා බොක්කටම වදිනවා. මේක වගේම ඔබට සැමදේ සාර්ථක වේවා.

    ඒක හරි, තව මට කියන්න තියෙන්නෙ, මම ගොඩක් වෙලාවට ඔයාගෙ බ්ලොග් එක බලනව (තව බ්ලොග්ස් බර ගානක් බලනවා ), ඒත් ඇත්තටම දවසෙන් පැය 15-18 විතර ජන්ජාලයෙ හිටියත් විනෝදයට තියන ටික වෙලාවෙන් මම කරන්නෙ පුලුවන් තරම් බ්ලොග් / පත්තර කියවන එකයි, ඉතින් මම කොමෙන්ටු දානව අඩුයි, ඇත්තටම නෑ කිව්වොත් හරි (මේ සින්හල ටයිප් කරන එක මහ වෙලාව යන සීන් එකක්). ඒත් ඔයා සහ තවත් අය එහෙම නෑ, නිතරම අපෙ බ්ලොග් වලට ඇවිත් වචනකින් හරි අප් කරල යනවා. ඒකට ඔය හැමෝටම ඉස්තූතියි.

    ReplyDelete
  24. @ ප්‍රසා - හුඟක් ස්තූතියි යාලු කමෙන්ට් එකට. එල එල කියල කිව්වට කමක් නෑ හලෝ. ඒ ඔයාගෙ විදිහනෙ. ආයෙ ඕනෙවට වඩා මොකට ෆෝමල් වෙනවද? මාත් ඔයාගෙ බ්ලොග් එක හුඟක් ආසාවෙන් කියවන බ්ලොග් එකක්. ඇත්තටම බ්ලොග් අවකාශය හින්දා ඇහින් නොදැක්කත් හදවතින්ම ලඟ යාලුවො කොච්චර හම්බුණාද.

    ReplyDelete
  25. ඔන්න එහෙනම් මමත් පිණිබිදුගේ බ්ලොග් එකේ උපන්දිනයට සුභ පතනවා. ඒ වගේම සාර්තක ඉදිරි ගමනකට ආසිරි පතනවා.

    බ්ලොග් එකට වගේම පිණිබිදුටත් සුබම සුබ අනාගතයක් පතනවා.

    කේක් කෑල්ලක් කන්නම් එහෙනම් !!!!!! මම ආස බටර් කේක් වලට

    ReplyDelete
  26. මගෙන් සුබ පැතුම් !
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  27. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  28. සුභම සුභ උපන් දිනයක් පිණිබිංදුවට........
    දිගින් දිගටම ලියන්න වාසනාව ලැබේවා....

    ReplyDelete
  29. මම කේක් කන්න එනකොට කේක් ඉවරයි ! කමක් නෑ පිණීබින්දු අක්කේ මම ලබන සැරේ එන්නම් කේක් කාලා යන්න ..ලබන සැරේ මීට වඩා ලොකු කේක් ගෙඩියක් තියන්න

    එහෙනම් අපෙන් ඔන්න සුබපැතුම්
    දිගටම ලියන්න වාසනාව ලැබේවා !!

    ReplyDelete
  30. කේක් නං හෙට අනිද්ද අපේ දිහෑවෙත් හැදෙනව. නිතර ඇවිත් වචනයක් දෙකක් කොටල යන ඔබ තුමීට තව චිරාත් කාලයක් මේ කරුමාන්තෙ කොරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    මම මෙහෙ නිතර කොමෙන්ට් නොදාන්නෙ ලී යකඩ එක්ක බංගලි කේරළ එකට අනල කාල හිත ගල් වෙලා හින්ද කවියක් රස විඳින්න නොතේරෙන හින්දයි. ඒත් දිගටම ලියන්න, රස දන්න ඈයො තව කොච්චරක්ද.

    ReplyDelete
  31. අහ් අක්කියා කෙක් එක කන්න ඔනේ නැ...ලස්සනටම බඩ පිරෙනවා.. හරියට අක්කගේ බ්ලොග් එක වගේ..ඔයාගේ ලස්සන කවි වලින් බ්ලොග් එක පිරෙනවා වගේ...අවුරුද්දක් දවසේ ඔයාට තව ලස්සන සිතුවිලි ලියන්න ශක්තිය ලැබේවා ...

    ReplyDelete
  32. කේක් එකෙන් වැඩි හරියක් කෑවේ මම. :DDD

    සුබම සුබ උපන්දිනයක්!!දෙසීය බලා ඉක්මනින් ගමන් කරන්ට වාසනා ශක්තිය ලැබේවා.

    ReplyDelete
  33. බ්ලොගයට ඔබේ නව වසරක් ලබන දිනේ
    මමත් ඔන්න මේ විලසින් අසිරි ගෙනේ
    රස-හර ලිපි ලියන්නට සිත් සැනසුම වේවා!
    බැලු බැලු දනන් ටීකාවන් බොහො සපුරත්වා!

    ReplyDelete
  34. සුභ පැතුම්.තව චිරාත් කාලයක් බ්ලොග් කෙරුවාව කරන්නට ශක්තිය.දිරිය ,වාසනාව පතමි..........!

    (ඕන් පුස් කේක් දුන්නා කියලා අපිනම් තරහා නෑ හොදේ......... :D )

    ReplyDelete
  35. @ මධුරංග - හැමදාමත් වගේ හුඟාක් ස්තූතියි මධුරංග මේ පැත්තෙ ආවට. බටර් කේක් නම් නෑ. ඊළඟ පාර දෙන්නම්කො හොඳේ.

    ReplyDelete
  36. @ දිල් - හුඟාක් ස්තූතියි දිල්. ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට.

    ReplyDelete
  37. @ Dinesh - ස්තූතියි සුභපැතුමට දිනේශ්.

    ReplyDelete
  38. @ මකුළුවා...... - බොහොම පින් හොඳේ..

    ReplyDelete
  39. @ හිස් අහස - අයියෝ කේක් කුඩු ටිකක් වත් නැද්ද ඉතුරු වෙලා. තැන්කූ හොඳේ සුභපැතුමට.

    ReplyDelete
  40. @ ඉන්දික උපශාන්ත - හුඟක් ස්තූතියි අයියේ. මෙහෙම හරි ඇවිත් යන එක කොච්චර දෙයක්ද

    ReplyDelete
  41. @ නිම්ශා - හුඟක් ස්තූතියි නංගෝ. ආපු එකේ කේක් කාලම යන්න හොඳේ..

    ReplyDelete
  42. @ Podi Kumarihami - හානේ මෙයා කාලා තමා දැන් අනිත් කට්ටිය අඬන්නෙ කේක් නෑ කියලා. හිස්. ස්තූතියි පොකූ..

    ReplyDelete
  43. @ ටී.බී. හේරත් - හුඟක් ස්තූතියි සහෝ. ලස්සන කවියක්.

    ReplyDelete
  44. @ රජිත් - අනේ ඒක පුස් කේක් නෙමෙයි. තැන්කූ තැන්කූ සුභ පැතුමට.

    ReplyDelete
  45. සුභ පැතුම් පිණිබිඳු අක්කෙ....

    ReplyDelete
  46. @ සාතන් - ස්තූතියි සාතන්..

    ReplyDelete
  47. හපොයි, මම පරක්කුයි, ඒත් කමක් නෑ, ඔන්න මගෙනුත් සුබම පැතුම්!!!

    ReplyDelete
  48. එල එල.. මට වෙඩිය මාස 5ක් විතර වැඩිමල් ලොල්ය... මන් තාම පට්ට මග. :D

    ReplyDelete
  49. @ Ravi - හුඟාක් ස්තූතියි රවී අයියේ..

    ReplyDelete
  50. @ පිස්සු පුසා - ස්තූතියි සහෝ.

    ReplyDelete
  51. ඔයාගේ බ්ලොග් එකට මමත් සුභ උපන්දිනයක් කියලා සුභ පතනවා.... :)

    ReplyDelete
  52. සුභපැතුම් පිණි.... ඔයා මට වඩා වැඩිමල්නේද ;) මම මේ බලාන ඉන්නෙ ආයෙම කටට කෙළ උණන කෑමක් හදාගෙන මේ පැත්තෙ එනකම්.

    ReplyDelete
  53. එක දිගට කට්ටියගේ සැමරුම්. සන්තෝසයි සන්තෝසයි. තවත් හුඟා................ක් කාලයක් අපිත් එක්ක සිංහල බ්ලොග්කරණයේ යෙදෙන්න හැකිවේවා කියලා පතනවා. එන්න පරක්කු වුණා නොවැ ඔය පුස් කාලා තියෙන කේක් කෑල්ලක් හරි දෙන්න ආපු එකේ කාලා යන්න :))

    ReplyDelete
  54. @ කොට ජීවිතේ - ස්තූතියි කොජී. අප්පා දැක්ක කල්. ඉක්මනට පෝස්ට් එකක් දාන්න හොඳේ. පාලුයි ඔයාගෙ කතා නැතුව.

    ReplyDelete
  55. @ nawammawatha - ස්තූතියි නවම් අයියා. පෙනේද නාකි දණගාන්න හදන හැටි. මාව වැඩිමල් කරන්න හදලා. හික්ස්. කෑම පෝස්ට් එකක් දාන්නම්කො ලඟදිම.

    ReplyDelete
  56. @ Hasitha - ස්තූතියි හසිත. පරක්කු වෙලා ආවට හොඳ දඬුවම. පුස් කේක් තමා දෙන්නෙ.

    ReplyDelete
  57. මාත් පරක්කු වෙලා තමයි ආවේ..කේක් නැත්නම් ඉතින් පාන් වලට වත් සෙට්ල් ඩවුන් වෙමු !

    ReplyDelete
  58. මේ ලිපිය දැක්ක දවසේ ඉඳන් කොමෙන්ට් කරන්න ට්‍රයි කලා ඒත් බැරි උනා . . කේක් එකක පින්තූරයක් ෆේස්බුක් එකේ දාල ශේප් උනා නේද . . කැතයි හොඳේ . .

    ReplyDelete
  59. අහ් බ්ලොග් එකට සුභ උපන් දිනයක් වේවා කියන්න බැරි උනානේ . . සුභ උපන් දිනයක් හොඳේ . . තව තවත් ලියන්න . . නිතර කොමෙන්ට් කරන්න නොලැබුනත් (වෙලාව අඩු නිසා) කියවලා හරි යන්න අපි එන්නම් . .

    ReplyDelete
  60. @ සරත් ලංකාප්‍රිය - අම්මෝ පාන් වල ගනන් හැටියට තව කේක් එකක් අරන් දෙන එක මට ලාබයි.

    ReplyDelete
  61. @ දුකා - ස්තූතියි අයියේ. කට්ටියම ඇත්තට එකතු උනු දවසක ඇත්තම කේක් එකක් දෙන්නම්කො.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...