Pages

Thursday, August 4, 2011

පස් අවුරුද්දක සෙනෙහෙ සිතින් අපි


පියාපත් ගසා ඉගිලෙන්නට හදන සතුටට හිත් අහස පුරා ඔහේ සරන්නට ඉඩ දෙමි.

මේ දෝරෙ යන ආදරෙන් නිවුණු හිත අරන් මම දැහැන් ගත වෙමි.

ජීවිතේ එක් අවධියක අනන්තයටම දුක් වින්ද බව සැබවි.

දෛවයට සාප කර කර අපායක් වූ ජීවිතය වැළඳගෙන මම ඉකිබින්දෙමි.

දෝතින් තුරුළු කර ගන්නට හදද්දී ඇඟිලි අතරින් රූරා ගිය ජීවිතය ගැන අපමණව සුසුම් හෙළුවෙමි.

ජීවිතයේ මහගිරිදඹ අසීරුවෙන් තරණය කලේ බෑවුමක් බලාපොරොත්තුවෙනි.

ඒත් මා අඳුරු ප්‍රපාතයක් අභියස මංමුලා වීමි.

ජීවිතය ගෙවෙන වග දැන දැනම පණ පොදක් නැති හිතත් සමඟ ගල් ගැසී සිටියෙමි.

තත්පර වලින් නොව අවුරුදු වලින් ජීවිතය ගෙවෙද්දීත් ප්‍රපාතය අභියස ගල් ගැසී සිටියෙමි.

ජීවිතයේ දුෂ්කරම අවධියේ නුඹ හමු වේ යැයි කිසිවිටෙක නොසිතුවෙමි.

පෙම් කිරීමට තරම් උවමනාවක් කවරදාකවත් මට නොතිබිණ.

මේ ගිනිගහන කාන්තාරයේ මල් පොහොට්ටුවක් පීදේයැයි කිසිදිනෙක නොසිතුවෙමි.

නොදැනීම අප අපේ වන්නට ඇත.

නොදැනීම මම නුඹට පෙම් කරන්නට ඇත.

බිඳුණු පැතුමේ ශීත ඍතුව අහවරව බලාපොරොත්තුවේ වස්සානය අවදි විය.

ජීවිතය සතුට බලාපොරොත්තුව ආදරය නුඹෙන් උගත්තෙමි.

බුදුරදුන්ගෙන් පමණක් නොව දෙවියන් වහන්සේගෙන්ද පිහිට ලැබුවෙමු.

හිතේ කහටක් නැතුව පන්සල්ද පල්ලිද ගියෙමු.

නුඹ පන්සිල් වරද්ද වරද්දා කියද්දී මම ඔරසන් කියන්නට උගත්තෙමි.

මම කැමතිම කැමති දේට නුඹ අකමැතිම අකමැති වෙද්දී ජීවිතය සමබර කරගන්නට මම උගත්තෙමි.

නුඹේ කැමැත්ත මගේ අකමැත්ත වෙද්දී අපි දරාගන්නට වෙහෙසුනෙමු.

දරාගැනීම් පුපුරා ගිය තැන වලි දමාගෙන මරාගතිමු.

නුඹ දඩබ්බර බව සැබවි.

ඒ දඩබ්බර හිතුවක්කාර ගති විටෙක මගේ හිත රිදවූ බවද සැබවි.

ඒත් අප අවට ආදරය සියල්ල සුවපත් කරන්නට ඇත.

මාසයක් දෙකක් නොව අවුරුදු පහක් ගෙවී අවසන්ය.

ඒ ගෙවුණු පස් අවුරුද්ද දුක සතුට සමසමව අපි ලැබුවෙමු.

ලබන ආත්මයක නුඹ මට ලැබේදැයි නොදනිමි.

මන්ද, නුඹේ ආගම අනුව නුඹට නැවත ආත්මයක උප්පත්තියක් නොමැති බැවිණි.

මගේ ආගම අනුව මට ස්වර්ගස්ථ වීමට නොහැකි බැවිණි.

අතපය වාරු නැති වී ජීවිතයේ සැඳෑ සමයේ අවසන් හුස්ම හෙලන තෙක් ඔය තරු ඇස් මට පාර කියන වග දනිමි.

මේ ආදරය ඒ අවසන් හුස්ම තෙක්ම මම රැකගනිමි.

You are the best thing ever happened to me...


ප.ලි.: අපි දෙන්නගෙ මම ආසම ෆොටෝ එක මේ උඩින් දාලා තියෙන්නෙ.

68 comments:

  1. ජිවිත කාලේම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.අදද ඇනිවසරි එක?

    ReplyDelete
  2. තව බොහෝ දුරක් යන්නට සුබ පැතුම්! :)

    ReplyDelete
  3. මට කියාගන්න වචන නෑ පිණිබිඳු.ගොඩක්ම ලස්සනයි.. 2 පාරක් විතරන කියෙව්වා.. :)

    ReplyDelete
  4. ඔන්න මගෙනුත් සුභ පැතුම්...

    ආගමක් විදිහට බලන්න එපා ආදරය ආදරය විදිහට බලන්න... එතකොට ආත්මයක් තිබුනත් නැතත් ආදරය සදාකාලිකයි... නැද්ද මං අහන්නේ....

    ප.ලි. කේක් ගන්න කොහෙටද එන්න ඕනා

    ReplyDelete
  5. ඔය දෙන්නගේ ආදරය හැමදාම මේ වගේ සතුටින්ම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා අන්තිමට කිව්ව දේ තමා මටත් කියන්න තියෙන්නේ

    "ලබන ආත්මයක නුඹ මට ලැබේදැයි නොදනිමි.

    මන්ද, නුඹේ ආගම අනුව නුඹට නැවත ආත්මයක උප්පත්තියක් නොමැති බැවිණි.

    මගේ ආගම අනුව මට ස්වර්ගස්ථ වීමට නොහැකි බැවිණි.

    අතපය වාරු නැති වී ජීවිතයේ සැඳෑ සමයේ අවසන් හුස්ම හෙලන තෙක් ඔය තරු ඇස් මට පාර කියන වග දනිමි.

    මේ ආදරය ඒ අවසන් හුස්ම තෙක්ම මම රැකගනිමි."

    ReplyDelete
  6. @ නදී - ඔව් නදී අද තමා. ස්තූතියි ඔයාට.

    ReplyDelete
  7. @ මුහුදු කොල්ලකාරයා - ස්තූතියි සහෝ..

    ReplyDelete
  8. @ චතුමිතු - මමත් ආසාවෙන් ලියපු පෝස්ට් එකක්.

    ReplyDelete
  9. @ MaRLaN - ඔව් මල්ලි මම එයාගෙ ආගම වෙනස් නිසා හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඔයත් ඒ ආගමේ නිසා දන්නවනෙ. ආගම කියල මට වෙනසක් නෑ.

    ආ කේක් නේද. අපරාදෙ ඔයා අපෙ යුනි සිලෙක්ට් උනා නම් ගෙනත් දෙන්න තිබුණා.

    ReplyDelete
  10. @ ශානු - ආ දාන්න පහක්. ඔයත් එහෙනම් මම වගේ නේ..

    ReplyDelete
  11. සුභ පැතුම් පිණි !

    මේ ආවා වගේම ඉදිරියටත් හැමදාම මරාගෙන ආයෙමත් යාළුවෙලා, තව තවත් සයිඩ් කණ්නාඩි, ටයර් ලැබිලා, කසාදත් බැඳලා ඒ මදිවට දරුවො රොත්තකුත් ලැබිලා මැරෙනකන්ම සන්තෝසෙන් ඉන්න ලැබේවා යැයි ආසිරි පතන්නේ නවම්, චූටිමැණිකේ සමඟින් පුතු පැටියා !

    ReplyDelete
  12. පිනිබිඳු ගේ ලිපි මෙච්චර කල් කියෙව්වත් අද තමයි මම කවුද මේ පිනිබිඳු කියල දැන ගත්තේ...

    නංගිටයි මල්ලිටයි දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!!!

    ඒ වගේම ඉස්සර දවසක ඔයාගෙම යාලුවෙක් ගැන බලාපොරොත්තුවෙන් හිටපු තවත් යාලුවෙක්ට... බොහොම සරල විදිහට "එතන තවත් ආදර කතාවක් පටන්ගන්න බැරි බව" තෝරල දීපු හැටිත් හරිම අපූරුයි....

    ReplyDelete
  13. @ නවම් - අප්පේ පවුල් පිටින් සුභ පතලා. ස්තූතියි නවම් අයියා. ටයර් එක නම් හරි වගේ.

    ReplyDelete
  14. @ නදුන් උයන - මම පොඩ්ඩක් ප්‍රොෆයිල් එක බලද්දියි හොයාගත්තෙ මේ කවුද කියලා. ස්තූතියි අයියා. කෙන්යාවෙ නයිරෝබි කියද්දි මට හිතාගන්න පුලුවන් උනා. හුඟක් සතුටුයි අයියේ. ආයෙ එන්නකො හොඳේ මේ පැත්තෙ.

    ReplyDelete
  15. අවුරුදු 5ක්! බය වෙන්න එපා අක්කෙ, අවුරුදු 5ක්ම අයිය අක්ක එක්ක අවුලක් නැතුව හිටිය කියන්නෙ ඉතින් ආයෙ ජීවිත කාලෙටම අක්ක එක්ක ඉන්න පුලුවන්. :p

    සුභම සුභ ඇනිවසරියක් සහ සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  16. ආදරයේ සුවද පිරිච්ච ඔයාලගේ ජීවිත තව තව තවත් සුවදවත් වෙන්න, වර්ණවත් වෙන්න,අන්තිම හුස්ම තෙක්ම ජීවිතේ රහට ගලා ගෙන යන්න කියලා ගොඩක් ආදරෙන් පතනවා...යාලු..

    ReplyDelete
  17. ඇත්තටම ගොඩක් ලස්සනයි පිණිබිඳු.
    ආදරය කියන්නේ අපි කමතිම දේ විතරක්ම අපි ආදරේ කරන කෙනා කරන එකට නම් නෙමෙයි. ඒ අතින් ඔයා සුපිරි. කැපවීමක් නැති තැන ආදරයක් නෑ හලෝ.

    ආදරය කරනකොට කැපවීම කරන්න වෙනවා. මම් කාලයක් යාලුවෙලා හිටපු කෙල්ලත් මාව දාලා ගියේ එයාට මං වෙනුවෙන් කපවීම් කරන්න බෑ කියලා. ඒක නම් දුකයි නේද පිණිබිඳු ???

    නමුත් එහෙම කෙනෙක් ගිය එකත් හොදයි. මොකද අනාගතයේ අපට මොන මොන කැපවීම් කරන්න වෙයිද කියලා කවුද දන්නේ.

    ReplyDelete
  18. උණුසුම් සුභපැතුම් සහෝදරී! දෙන්නාගේ ලව් එකට ජයෙන් ජය!!!

    ReplyDelete
  19. ඈ... අක්කා අර අහිසංකයව හිරකරගන්න වගෙයි...

    සුභ පතනවා අක්කා දෙන්නටම....

    ReplyDelete
  20. @ Kasun - ස්තූතියි මල්ලි. ඇත්තටම පුදුමයි අවුරුදු 5ක් ගෙවුනද කියලත්.

    ReplyDelete
  21. @ අසනි - හුඟක් ස්තූතියි අසනි.

    ReplyDelete
  22. @ මධුරංග - ඔයා අපිට ඔය කතාව කියන්නෙ කවද්ද ඈ... මේකා එක එක කතා දදා ඉන්නව මිසක් ඔය කතාව දැම්මෙම නෑ තාම.

    ReplyDelete
  23. @ blog gadol - තැන්කූ පූසෝ...

    ReplyDelete
  24. @ prasanna86k - හෑ... අහිංසක.. අනෙ මගෙ කට. මම හිරකරන්නෙ නෑ හලෝ...

    ReplyDelete
  25. සුබ පතනවා ඔය දෙන්නටම......

    ReplyDelete
  26. අඩේ . . . . සුභ පැතුම් නගේ . . . . . . අවුරුදු පහක් ඇදං යනව කියන්නෙ සෙල්ලං වැඩක් නෙමේ .. . . . . .

    ReplyDelete
  27. අඩඩා සොරි ඈ. මට සුබ පතන්න අමතක උනානේ !!!!

    " ඔය දෙන්නට සුබම සුබ අනාගතයක් පතනවා. ඔයලගේ ආදරයට ආසිරි වැසි වහින්න කියලත් පතනවා. "

    ඔන්න පිණිබිඳුවා බඳින දවසට අපිට ට්‍රීට් එකක් ඕනේ හරිය. සෑහෙන කාලයක් බ්ලොග් කියවපු අයනේ අපි !!!! :)

    ReplyDelete
  28. ඔයාලගෙ සතුට හැමදාම රැඳිලා තියෙන්න කියලා මම සුභ පතනවා...

    ReplyDelete
  29. හැපි ඇනිවසරි අක්කේ..ජිවිතේ හැම ගමනම එකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  30. දෙන්නටම සුබ පැතුම් ..දෙන්නට හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

    "අද ගැන හිතපන් හෙට යකාට ගියදෙන්
    මැරෙන තුරා ජොලි කරපල්ලා
    මැරෙන තුරා සොමියෙ ඉඳිල්ලා //"

    ReplyDelete
  31. ජීවිතයේ විහඟ ගීතය එක්ව දිගු ගමනක ගයන්නට.. සුබ පැතුම් සොයුරියේ ඔබට හදවතින්ම..! :)

    ReplyDelete
  32. පට්ට ටචින්... පොඩි කාලයක් නෙමේනේ.. අවුරුදු 5ක්... ඔය ටික ඇද්ද වගේ තව අවුරුදු 40-50 (ජිවත් වෙලා හිටියොත් ඊටත් වඩා) ඔය විදියටම සතුටෙන්, සාමදානයෙන් (ඉදල හිටලා මරා ගැනීමකුත් තියෙන්න ඕනේ. නැත්නම් ගතියක් නෑ) එකෙක් වගේ ලස්සනට ජිවත් වෙන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  33. සුභ පැතුම් අක්කේ.... හැමදාමත් ඔය වගේ සතුටින ආදරෙන් ඉන්න ලැබේවා!:)

    ReplyDelete
  34. කිසි අවුලක් ලෙඩක් දුකක් කරදරයක් හිරිහැරයක් නැතිව තව අවුරුදු හැට හැත්තෑවක් උඹල දෙන්නට මරා ගන්න ලැබේවා..!

    ReplyDelete
  35. අතුරු ආන්තරාවක් නැති සුභම සුභ අනාගතයක් පතනවා....අක්කේ ඔරුව පෙරළෙන්න දෙන්න එපා.........

    ReplyDelete
  36. සුභ පැතුම් මගෙනුත් . එකදෙයක් වටිනවා . අර්තවත් ෆොටෝ එකක් දාල . . .:D ජීවිතය කියන්නෙත් ඔරුවක් වගේ නේන්නම් . හබල නැතිකරගන්නවත් සමතුලිතතාවය නැති කරගන්නවත් එපා ඔන්න . ජය . . .!

    ReplyDelete
  37. ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්!...

    ReplyDelete
  38. සුබ පැතුම් සදාකාලෙකටම :)

    ReplyDelete
  39. හරිම හැඟීම් බර විදිහට ලියලා තියෙනව ලකියො. මට ඇස් දෙකට කඳුලුත් ආවා.
    සුභ පැතුම් ඔයාලා දෙන්නට....

    ReplyDelete
  40. හරිම ලස්සනයි සහෝදරී ...
    ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් ..!!

    ReplyDelete
  41. ඇස්වහ නෑ කටවහ නෑ දෝස ඇ          රේ
    සාමය සතුට සැනසුම සුවය පි             රේ
    දිගුකල් ඉන්ට නොඅඩුව ආයුසත් පි     රේ
    අවසන දෙදෙන පැමිණේවා නිවන් පු   රේ

    ReplyDelete
  42. කාලයක් මටත් තිබුන මෙහෙම ආදරයක්.. අන්තිමේ එක අපිටත් නොදැනි කදුලක් උනේ කගේ වරදින්ද කියල මම කියන්න දන්නේ නෑ.. කොහොම උනත් මට මේ පද ටික ඒක මතක් කරල ඇස් දෙකට කදුළු බින්දුවක් ගෙනාවා. අද මමත් පල්ලි යනවා. මටත් අද කෙනෙක් ඉන්නවා ඔය වගේම ආදරේ කරන. අද මමත් ඔයටික ඔහොම්මම විදිනවා. හරිම ලස්සනයි පිණිබිදු ඔයාලට මේ ලෝකේ සතුටෙන් සැපෙන් ඉන්නට මගෙන් ප්‍රර්ථනා.. ජේසු පිහිටෙන් බුදුසරනින් දිග ගමනක් යන්න අසිරි..

    ReplyDelete
  43. හරිම ලස්සනයි අක්කේ....
    ඔයාලා දෙන්නට සුභම සුභ අනාගතයක්....................:)

    ReplyDelete
  44. සරත්මි පසුව ආමි
    පමාවීමුත් සුබ පැතීමි
    ජීවිතේ ගඟක් නම්
    විවා දිවිය දෙදෙනෙකු පදින
    ඔරුවක් වැනි හෙයින්
    පින්තුරය ඔබ කැමති
    බොහෝ අගෙයි..

    ReplyDelete
  45. @ ප්‍රසංග - ස්තූතියි යාලූ...

    ReplyDelete
  46. @ ඕනයා - අපෝ ඔව් අයියෙ මේ අවුරුදු පහට කොයි තරම් දේවල් උනාද. මේක කැඩෙන්නමත් ගියා. දැන් නම් ස්ථාවරයි වගේ දැනෙනවා.

    ReplyDelete
  47. @ මධුරංග - ස්තූතියි සහෝ. ආ මම දැක්කා මගේ සෑහෙන්න පෝස්ට් වලට කමෙන්ට් කරලා තියෙනවා. තැන්කූ ඈ. ඔයාලට ට්‍රීට් නොදී මම වෙන කාට දෙන්නද අප්පා..

    ReplyDelete
  48. @ තාරා - ස්තූතියි තාරා..

    ReplyDelete
  49. @ නිම්ශා - ස්තූතියි නංගී. මට ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් එන්න බැරි උනා කාලෙකින්. වැඩ හිරවෙලා හොඳටම.

    ReplyDelete
  50. @ හිස් අහස - ස්තූතියි සඳරූ. ආ මේ බයිලා ගහලා තියෙන්නෙ. හික්ස්.

    ReplyDelete
  51. @ -නිති- - ස්තූතියි නිතී සුභපැතුවට.

    ReplyDelete
  52. @ ADK කොලුවා - ඔව් අප්පා කොච්චර උනත් කාලෙකින් වලියක් දාගත්තෙ නැත්තම් හිතට හරි නෑනේද.

    ReplyDelete
  53. @ පූසා - ස්තූතියි පූස්...

    ReplyDelete
  54. @ මාරයාගේ හෝරාව - මම හිතුවා සමාදානෙන් ඉන්න ලැබේවා කිව්ව කියලා. බලපල්ලකො ඉතින්.

    ReplyDelete
  55. @ මකුළුවා..... - ඔරුව හරියට තියාගන්න තමා ෆුල් ට්‍රයි කරන්නෙ.

    ReplyDelete
  56. @ සුශාන් ප්‍රියනාත් රත්නායක - නෑ නෑ. ඔරුව සමතුලිතව තියාගන්න තමා හැමදාම ට්‍රයි කරන්නෙ. ඔය ෆොටෝ එක තිස්සමහාරාමෙ වැවේ ගහපු එකක්.

    ReplyDelete
  57. @ සාතන් - ස්තූතියි සහෝ..

    ReplyDelete
  58. @ අකූ - ස්තූතියි අකූ.. දිගටම මේ පැත්තෙ එන්න හොඳේ..

    ReplyDelete
  59. @ Nisupa - ස්තූතියි නිසූ. ඔයා නම් අපි දෙන්නවම දන්නවනෙ.

    ReplyDelete
  60. @ Dineshika - තැන්කූ සහෝදරී....

    ReplyDelete
  61. @ ටී.බී. හේරත් - ස්තූතියි සහෝ. නිවන් පුරේ නම් දෙන්නටම එකට යන්න වෙන එකක් නම් නෑ.

    ReplyDelete
  62. @ ක්සැන්ඩර් | Xander - ස්තූතියි යාලු. කෙනෙක්ට ජීවිතේ එක පාරක් වැරදුනාට ඊළඟ පාර හරි යන්නත් පුලුවන්. විශ්වාසෙ නැති කරගන්නැතුව ඉන්න එක තමා කරන්න ඕනෙ. ඔයාගෙ ජීවිතේ ගැනත් මට සතුටුයි සහෝ.

    ReplyDelete
  63. @ Sudu Manike(මැණික්) - ස්තූතියි යාලූ.

    ReplyDelete
  64. @ සරත් ලංකාප්‍රිය -
    පිණිබිඳුමි
    පෝස්ට් එක ලිවීමි
    පසුව ආ නමුත්
    සුභපැතුම පිලිගනිමි
    බොහොම ස්තූතියි බවත්
    පැවසුවෙමි.

    ReplyDelete
  65. @ පිණිබිඳු,
    ආ ඔව්, ඒක කාව්‍යමය යෙදුමක් විතරයි...

    ReplyDelete
  66. යකඩෝ සමාදානෙන් ඉන්න පවුල් ජීවිතේ මොනවද නැති මොකක්ද එක වගේනේ කියලා..කවුදෝ පඬිවරයෙක්..කාටදෝ කිව්වා වගේළු...

    (හරි හරි එහෙම සමාදානෙන් ඉන්නම ඕනනං පොඩි රහසක් කියන්නං..කවදාවත් බඳින්නනං එපා..ඕක මේ මටත් කිව්වේ බැඳපු උන් කිහිපදෙනෙක්ම තමා..ඕනයාත් ඇතුළුව..)

    ReplyDelete
  67. @ මාරයාගේ හෝරාව - සමාදානෙන් ඉන්න ඕනෙ නම් කවදාවත් දෙන්නා කතා නොකර නොපෙනී හිටිය නම් හරි. ඉඳලා හිටලා ලාවට වලියක් නැත්තම් වැඩක් නෑ තමා.

    ReplyDelete
  68. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...