Pages

Sunday, September 4, 2011

පළමු බේබදු අත්දැකීම ලදිමි


මම දන්න දවසෙ ඉඳන් පුදුම පෙරේත කමකින් හිටියෙ රෙඩ් වයින් බොන්න. එකම එක පාරක් වෙඩින් එකකදි පොඩ්ඩක් රස බැලුවා ඇරෙන්න දැනෙන්න වයින් බොන්න අවස්ථාවක් හම්බුනේම නෑ.

ෆිල්ම් වල උස වයින් වීදුරු වල ලස්සන රතු පාටින් වයින් පුරවගෙන පොඩ්ඩ පොඩ්ඩ තොලගාන උන් ගැන මම පුදුම ඉරිසියාවකින් උන්නෙ.


අවුරුදු ගානක් තිස්සෙ දැකපු හීනෙ හැබෑ උනා අන්තිමේදි. වයින් ගැන කිය කිය මම අඬන ඇඬිල්ල ඉවසගන්න බැරුවද කොහෙද මොන ලෝකෙන්ද මන්දා සජිත් රෙඩ් වයින් එකක් හොයාගෙන ගෙනත් දුන්නා.

වයින් බෝතලෙ මගෙ අතට ලැබිච්ච වෙලාවෙ දැනිච්ච සතුට විස්තර කරන්න මට වචන නෑ. කල්පයක් දෙයක් ගැන ආසාවෙන් බලාගෙන ඉඳලා ඒ දේ ලැබිච්ච කෙනෙක්ට මේ හැඟීම තේරෙනව ඇති.


ඉතින් බෝඩිමේ ඕක තනියම තියාගෙන, පෝසිලේන් කෝප්පෙකට දාගෙන බොන්න මගෙ හිතේ කැමැත්තක් තිබුණෙ නෑ. ඉතින් ගිය සති අන්තෙ වයින් බෝතලෙත් කිහිලි ගහගෙන මම ගෙදර බලා පිටත් උනා.

හෙහ් අපෙ තාත්තා නම් එපාම කියයි. අම්මගෙ ගෝරනාඩු හා අක්කගෙ රැවුම් ගෙරවුම් මැද වයින් බෝතලෙ මම ගෙදරට ගෙනාවා.


මට උණ තිබ්බෙ වයින් ටික වයින් වීදුරුවකටම දාලා රස බලන්නනෙ. වෙලාවට වයින් වීදුරු ගෙදර තිබුණා.

මේ වයින් එකේ වර්ගය Gato Negro - Shiraz



පාට නම් මාර ලස්සන රතු පාටක්. බෝතලේ නම් තියෙන්නෙ පාට ගැන මෙහෙම. Colour: Dark red with violet tones.

වීදුරුවට වයින් පුරවගෙන මම මගේ පළවෙනි වයින් රසවිඳීමට ලෑස්තියි. මුලින්ම බොන්න කලින් මම සුවඳ වින්දා. කියන්න නොතේරෙන අමුතු සුවඳකුත් එක්ක වැඩිපුර දැනුනෙ ඇල්කොහොල් සුවඳ. වෙන්න එපැයි එහෙම. මේකෙ ඇල්කොහොල් සාන්ද්‍රණය 13.5%.

බෝතලේ වයින් එකේ සුවඳ ගැන විස්තර කරලා තියෙන්නෙ මෙහෙම. Aroma: Flowers, red fruits such as plum and raspberry, complemented with a touch of oak.


ඒ වගේම රස ගැන තියෙන්නෙ මෙහෙම. Taste: A perfect balance between the alcoholic content, level of acidity and gentle tannins. A round wine, well bodied, with medium persistence.

පළවෙනි වයින් උගුර බිව්වට ඒකෙන් ඉස්සෙල්ලාම දැනිච්ච රස නම් මගෙ බලාපොරොත්තු කඩ කරා. චැහ්. මහ කහට රහක්.

ඒත් උගුර පිච්චීගෙන මුළු ආහාර මාර්ගයටම දැනීගෙන ඒ වයින් උගුර ආමාශය දක්වා ගියා. ඒ ප්‍රබෝධමත් ගතිය ඊළඟ වයින් උගුර බොන්න මාව පෙළඹෙව්වා. ඊළඟ වයින් උගුරෙ කලින් එකේ කහට රස තිබුණෙ නෑ. ඒකට හේතුව නම් මම දන්නෙ නෑ. මොනා උනත් එක වීදුරුවකින් නැවතෙන්න හිත දෙන්නෙ නෑ.


නොනවත්වා බොන්න ගත්තු වයින් බීම මම නැවැත්තුවෙ ඉවසගන්න බැරි ඔලුව කැක්කුමක් ආවට පස්සෙ. ඒ උනාට උගුරෙ ඉඳන්ම දැනෙන උණුසුම් ගතිය නම් කියලා වැඩක් නෑ. ඔලුවෙ කැක්කුම නම් මදෑ. කෙලින් ඉන්න බැරි තරමට තද නිදිමතකුත් ආවා. නොදැනීම පැයගාණක් අන්තිමට මම නිදාගෙන.

ඔන්න ඕකයි මගෙ පළවෙනි බේබදු අත්දැකීම. චාටර්වීම් සහ කබර පැටවුන්ගෙන් තොරව සාමකාමීව නිම උනා.

මේ පාර නම් පෙරේතකමට හරියන්න වයින් බිව්වා. ඒත් තව ආසාවක් තියෙනවා වයිට් වයින් බොන්නත්. ඒකත් ඉහළ උසාවියට ඉදිරිපත් කරලා බලන්න ඕනෙ.

103 comments:

  1. සුදුව ටිකක් නම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වේවි ....

    ReplyDelete
  2. චිහ්... මහ බේබදු කෙල්ලෙක් නෙ... තරුණ පරම්පරාවට බොන්න පුරුදු කරන්න ඇල්කොහොල් සහාගම් වල අලුත්ම උපක්ක්‍රමේ තමයි මේක.. :)

    වෙල්කම් කියල පිළිගන්නව ඕන් බේබදු සංගමේට... මටත් රෙඩ් වයින් ගැන තිබුනෙ ඔහොම ආසාවක් තමයි... මුලින්ම බිව්වහම ආවෙත් කිව්ව වගේ කහට ගතියක් තියෙන රසක් තමයි.... හැබැයි පට්ට... වයිට් වයිනුත් ඔහොම තමයි.. ඒකත් ලැබෙයි ඉක්මනටම..

    (අර මම උඩින් දැම්ම වගේ කතත් අහන්න වෙයි... බලාගෙන..)

    ReplyDelete
  3. ඔන්න ඔහොම දෙයක් තමයි මගේ දුවටත් උනේ.. එය හිතන් හිටියේ හරිම පැණි රස ඇති කියලයි.. මගේ වීදුරුව අරන් කටේ තියල රස බලල තු තු .. තාත්තී මොන රහකටද බොන්නේ ? කියල අහනවා. ඒ හුඟ කාලෙකට ඉස්සර.. රතු වයින් ස්වල්පයක් ගැනීම සවුක්යයට හිතකර බවයි කියන්නේ. කොහොමටත් සුදු එකත් බීල බලන්න.. බේබද්දෙක් වෙන්නේ කොයි දේට හරි ඇබ්බැහි උනාමනේ !

    ReplyDelete
  4. හික්ස් මාත් රෙඩ් වයින් නම් වීදුරු බාගයක් විතර බීලා තියෙනවා කැම්පස් කාලෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ පාටි එකකදි.මටනම් කහට රහක් ආවේ නෑ. මාර ආසාවෙන් බිව්වා. කොහෙද එතන හිටපු කොල්ලො ටික මට තව බොන්න දුන්නෙ නෑ නෙ....:(((

    ReplyDelete
  5. ෂා ඕක නම් මමත් අත් වින්දා. මං නම් මේ ලගදී වයිට් වයින් බිලත් බැලුව.

    ReplyDelete
  6. පිණිබිඳුටත් තියෙන්නේ මාරම ආසාවල් නේ !!!!
    කොහොමහරි ඉතින් රෙඩ් වයිනුත් බීවනේ.
    මම් අහලා තියෙනවා සමහර වැලෙන්ටයින් පාර්ටි වලට රෙඩ් වයිනුයි කොෆි කේකුයි දෙනවා කියලා. එතකොට අමුතු අමුතු දේවල් හිතෙනවලු. ආදරනීය දේවල්. මට නම් අත්දැකීම් නෑ.මම අහලා තියෙන දෙයක් කිව්වේ.

    මේකත් පුලුවන් නම් මගේ එකවුන්ට් එකටම දාන්න.හික්ස් :)
    ඔන්න මගේ කමෙන්ට් එක කියවන කවුරුත් මේක අත්හදා බලන්න එහෙම එපා.

    ReplyDelete
  7. මාත්කැමතියි වයින් බොන්න ඒත් ඉතින් වයින් වලට වඩා අරක්කු ලාබ නිසා කරනන් දෙයක් නැහැ :-D

    ReplyDelete
  8. හික් හික් ඔයාටත් හිතෙන දේවල්!

    අපේ අය්යගේ කාමරේ ඉඩ නැතුව මගේ අල්මාරියට ගෙනල්ල පුරවල තියනව එක එකපාට ජාතියේ බීම ගොඩාරියක්,මම් නම් ආස ඒවල පාටට,අනිත් එක බෝතල්වල ශේප් එක එක විදියේ ඒවා.දවසක් අම්මලට හොරෙන් බිලා බලන්න ඕනේ.මොනාද මන්දා තියෙන්නෙ මම් බැලුවෙත් නෑ.

    ReplyDelete
  9. @ Tanikada Jeewithe - ඒ සුදුවා නම් එපා හයියෝ.

    ReplyDelete
  10. @ සාතන් - ඒ කහට රහ මැද්දෙන් අමුතුම උණුසුම් ගතියක් තියෙනවා නේ.

    ReplyDelete
  11. කපීකේකිSeptember 4, 2011 at 10:39 PM

    මදුරංග- මෙයා මේ කියන්නෙ කවදාවත් බීලා නෑ වගේනේ?හැබෑට එහෙම අය ඉන්නවද ලෝකේ?

    ReplyDelete
  12. @ සරත් ලංකාප්‍රිය - මාත් හිතාගෙන හිටියෙ හොඳ පැණි රස එකක් කියලා. ඒත් මේ අමුතු අරසත් විඳින්න පුලුවන් රසක්. සුදු එකක් හම්බවෙයි ළඟදි.

    ReplyDelete
  13. @ නිසුපා - ඕවා බීලා වෙරි උනොත් අර අසරණ කොල්ලො එපැයි කරගහගෙන බෝඩිමට ගෙනත් දාන්න. ඒ හන්ද වෙන්න ඇති වැඩිය බොන්න දුන්නෙ නැත්තෙ. රෙඩ් වයින් වල ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවලු. මේකෙ gentle tannins ෆ්ලේවර් එකක් තියෙන නිසා පොඩ්ඩක් කහට රස ඇත්තෙ. මොනා උනත් ලබපු අත්දැකීම නම් උපරිමයි.

    ReplyDelete
  14. @ Dush - හලේ මට ඉරිසියයි. මට ඉක්මනට හම්බවෙයි කියල හිතනවා වයිට් වයින් එකක්.

    ReplyDelete
  15. @ මධුරංග - ඔය අමුතු හැගීම් මොනාද දන්නෙ නෑ නේ. හී හී. ඔයාගෙ එකවුන්ට් එකට දාන්නෙ නැතුව වෙන කාගෙ දාන්නද. අත්දැකීම් කතා කරයි කියන්නෙ ඕවට තමා. හික්ස්.

    ReplyDelete
  16. @ ම - එහෙනම් ඉතින් මම වගේ තෑගි හම්බෙනකල්ම ඉන්න.

    ReplyDelete
  17. @ නදී - බුදු අම්මේ ඔන්න මම නම් පුරුදු කරේ නෑ වයින් බොන්න හොඳේ. නැත්තම් කියයි මේ පෝස්ට් එක නිසා මම බේබද්දෙක් උනා කියලා.

    ReplyDelete
  18. @ කපීකේකි - අපි නම් දන්නෙ නෑ. මධුරංගගෙන්ම තමා අහන්න ඕනෙ.

    ReplyDelete
  19. ඔයාගේ වයින් කතාව බැලුවම ඊයෙ අහපු කතාවක් මටත් ලියන්න ඕන වුණා. ඒකත් ගිහින් බලන්නකෝ

    ReplyDelete
  20. මටත් ඔය වගේ අසාවක් ඉස්සර තිබ්බා. ඉතාලි ගිය වෙලාවකදි " Cinzano wine " බොන්න..චැක්..... චුට්ටක් බිව්වම තව ටිකක් බොන්න හිතුනා.අනිතිමේදි .......හික්ස්..

    ReplyDelete
  21. ශිරාස් එහෙම නැත්නං සිරාහ් (syrah) කියන්නෙ බොඩි එක සෑහෙන්න වැඩි මිදි ජාතියක්. සෑහෙන්න සැරයි, පොඩි කහට රහක් වගේ එන්නෙ ඒක නිසා (සමහරුන්ට, කසියා බිව් අපිට මොන කහටද කිව්වලු!). කොහෙද අප්පේ ඕක හදල තියෙන්නෙ? ප්‍රංසෙද? චිලී ද? දකුනු අප්‍රිකාවෙද?

    ReplyDelete
  22. @ malmi - බුදු අම්මේ මම නම් බීලා එහෙම පිස්සු නැටුවෙ නෑ හොඳේ..

    ReplyDelete
  23. @ දිල් - අවසානය හරිම සෝචනීයයිද. හික්ස්. මට හිතා ගන්න පුලුවන්.

    ReplyDelete
  24. @ වැම්පයර් - ඒ පෝස්ට් එකෙන් නම් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. වයිට් වයින් වල සාමාන්‍යයෙන් රෙඩ් වයින් වලට වඩා ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුයි කියල කතාවක් තියෙනවා. ඒක ඇත්තද.

    ReplyDelete
  25. @ වැම්පයර් - කියන්න අමතක උනානෙ. මේ වයින් එක චිලී වලින්.

    ReplyDelete
  26. පට්ටය. පුදුමෙ කියන්නෙ පළවෙනි අත්දැකීම තනියම සාර්තකව නිම කොරපු එක. තනියම මෙව්ව එක ඇරගත්තෙ කොහොමෙයි හැබෑට. මගේ දැන් දතකුත් හෙල්ලෙනව ඔක කටින් කඩන්න ගොහින්.. හැක් හැක්...

    ReplyDelete
  27. වයින් කියන්නේ ඉතාලියට කෑම මේසෙට අනිවාර්ය දෙයක්,,,වයින් වලින් කෑම දිරවීම ඉක්මන් කරනවා හැබැයි ගොඩක් අය පොඩ්ඩක් වතුර කලවම් කරනවා...

    ReplyDelete
  28. හිකිස්..මම නම් රෙඩ් වයින් වයිට් වයින් දෙකම බීල තියෙනවා..ශැම්පේනුත් රස බලලා තියෙනවා..ඇත්තෙන්ම කිව්වොත් වයින්,ශැම්පේන්,බියර්,විස්කි,ටකීලා,රම් වගේම වොඩ්කා (වසීලීස්සගෙ රට වොඩ්ක වලට ප්‍රසිද්ධයිනෙ කොහොමත්)වලත් රස බලලා තියෙනවා..මෙහේ ඉතින් ඕන කෙනෙක්ට ගන්න ඔය කියන ඕන ජාතියක් විවිධ ජාතියෙන්,විවිධ මිලගණන් වලින් තියෙනවනෙ ඕනම සුපර්මාකට් එකක..හැබැයි ඉතින් රහ බලලා තියෙනව විතරයි..:D නැතුව බේබදු වෙන්ඩ නං බිව්වෙ නෑ..හිකිස්.. මෙහේ තියෙන රෙඩ් වයින් නම් මාරම රහයි... ඇත්තෙන්ම රෙඩ් වයින් එක බොන්න ඕනේ හොඳ කොකොලටෙ එකක් කන ගමන්..එතකොට ඔය කහට ගතිය දැනෙනෙ නෑ...අපෝ මේ ඇති නැත්තං කට්ටිය හිතාවි මංචි බේබද්දියක් කියලා..හිකිස්.. :D

    ReplyDelete
  29. cheerzzzzzzzzzzz!!!!!! sistah!බය්ට් එකකුත් එක්ක අරන් බලන්න පට්ටඊ.....මන් තනියම නම් බීල නෑ දවසක් සහෝදරියෙකුත් අල්ලන් ගැහුවා බෝතලයක්ම .......ඇහැරිලා බලද්දී අම්මල මාව ගෙදරත් ගෙනල්ල .......

    ReplyDelete
  30. එහෙම දෙකේ සැර අතරේ වෙනසක් නම් නෑ. ඔය ඇල්කොහොල් කියන්නේ කිසිම රහක් නැති ජාතියක්. ඔය අපි සැර කියන එක තීරණය වෙන්නෙ මිදි ජාතිය අනුව. කොලපාට මිදි, රතුපාට මිදි, කලු පාට මිදි වලින් මොකක්ද හොඳ වගේ ප්‍රස්නයක් ඔය. ඒක පුද්ගලානුබද්ධ දෙයක් ඉතින්. ඉන් ඕවරෝල් රෙඩ් වයින් රසයි, සැරයි, ස්මෝකි ෆ්ලේවර් එකක් තියනවා. වයිට් ඇඹුල්, හෝ සීනි වගේ රහයි, හෝ රස අඩුයි, ස්වීට් ඇන්ඩ් සවරි ෆ්ලේවර් එකක් තියෙන්නෙ. මේවා මිදි වර්ගය අනුව වෙනස් වෙනවා, වගේම බොඩි එක අනුවත් වෙනස් වෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමා ඇල්කොහොල් ප්‍රමානෙ වයින් එකේ රසට ලොකු බලපෑමක් කරන්නේ නෑ.

    අනික, වයින් මික්ස් කරන්නෙපා, රෙඩ් වයින් + වයිට් වයින්= හොම්බ බිම!
    මේවා මගේ අත්දැකීම්. ea nisa මිනිස්සු අනුව වෙනස් වෙනවා.

    ReplyDelete
  31. @ සුළඟිල්ල | pinkie - ඕක අරින වෙලාවෙ මම හිටියෙ නෑ. කොහෙද අපේ තාත්තා මටත් කලින් ටිකක් බීලා. කොහොම ඇරගත්තද දන්නෙ නෑ.

    ReplyDelete
  32. @ ItalyDilan - අපරාදෙනෙ ඉතින්. වතුර එකතු කරාම රස වෙනස් වෙනව ඇතිනෙ.

    ReplyDelete
  33. @ මකුළු පැංචි - ආ මේ ඉන්නෙ තව අත්දැකීම් බහුල පුද්ගලයො. ඒක නෙමෙයි "කොකොලටෙ "කියන්නෙ මොකද්ද

    ReplyDelete
  34. @ bingo - ආයෙ ලෝකෙ පෙරලුනත් ඒක බීලා නිදාගත්තම දන්නෙ නෑ.

    ReplyDelete
  35. @ වැම්පයර් - හුඟක් ස්තූතියි සහෝ. හම්මෝ මෙයා වයින් ඔස්තාර් කෙනෙක්නෙ. මම කොහෙන්දෝ අහල තිබ්බා වයිට් එක රෙඩ් එකට වඩා ඇල්කොහොල් අඩුයි කියලා. ඒකයි මම අහුවෙ. මොනා උනත් නොදන්න දේවල් සෑහෙන්න ගොඩක් දැනගත්තා ඔයාගෙ කමෙන්ට් වලින්. තව තව වයින් වලට ප්‍රේමය වැඩි උනා.

    ReplyDelete
  36. අපිවත් පොඩ්ඩක් දැනුවත් කොලා නම් සෙට් නොවී ඉන්නෙ නැනෙ..

    ReplyDelete
  37. ඊයේ නම් බොන දවසක්ද කොහෙද අපේ එවුනුත් කොහොමහරි හොරෙන් බෝතලයක් ගෙනල්ල බීල(අපි ඉන්න තැන බොන්න තහනම්-අහුවුනොත් කෙලින්ම ගෙදර)-හැබය් ඊයේ පඩි නිසා වෙන්න ඇති..

    ReplyDelete
  38. @ පැන්ඩා - මේ වගේ උපන් ගෙයි බේබද්දො එක්ක බිව්ව නම් එහෙම මම කොහොමද බන් මට බේබදු අත්දැකීමක් ලබා ගන්නෙ. බේබද්දො ටික බොනකල් කට දිහා බලන් ඉන්නව වගේ අත්දැකීමක් නම් ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  39. @ Tharinduhw122 - ඒකත් එහෙමද හැබැයි මම නම් ඊයෙ නෙමෙයි බිව්වෙ පෙරේදා.

    ReplyDelete
  40. හානේ...... මමත් බීලා බලන්නෝනි.. හැබැයි වග කියන්න වෙන්නේ මං නරක් වුනොත් පිණිබිඳු අක්කා තමා ඕං..!

    ReplyDelete
  41. පිණිබිදු අක්කා ආහාර වට්ටෝරු දාන අතරේ මෙන්න ආහාර ගන්න කලින් ඕන කරන දෙයක් ගැනත් ලියලා.. එහෙනම් අපිට සුදු එකකුත් බීලා විස්තරේ කියන්නකෝ බලන්න..

    ReplyDelete
  42. අක්කේ.. ඕක මුල්ම බීමත් අවසාන බීමත් කරගන්න... අයෙ නම් කටේ තියන්න එපා..

    ජය...

    ReplyDelete
  43. දන්නවද වයින් බෝතලේ අරින ගැජට් එකට කියන සිංහල ( මේව ඔරිජිනල් සිංහල ම නෙමෙයි- මං හිතන්නෙ පරංගි මික්ස් ) වචනෙ?

    වයින් කියන්නෙ ගරු සරුවට ස්ටයිල් එකට බොන්න ඕන, හරි ක්‍රමේට ගබඩා කරන්න ඕන බීමක්.

    ReplyDelete
  44. බැරිවැඩ නොකරන් අබරො කියන්නේ ඔකට තමයි.එති ඉතින් බෑ කියල දැන ගන්න හරි මද පවනට අනුමත් වෙච්ච එකට සතුටුයි අක්කේ...

    ReplyDelete
  45. නෝටි අක්කී.... :D
    අපේ එක්කෙනාටත් කියන්න ඕනෙ අයියව ආදර්ශෙට ගන්න කියලා... ;)

    ReplyDelete
  46. හපෝයි කෙල්ලො බේබද්දියො වෙන්නද යන්නේ....
    අනේ අසරණ අපි.

    ReplyDelete
  47. ගැටෝ නෙග්‍රො කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් කළු පූසා කියන එක. ඔය ඉන්නෙ ලේබල් එකේ බැබලි බැබලි.........හෙහ්, හෙහ්,

    ReplyDelete
  48. බොන කවුරුත් පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගන්නේ. පමණ නොදැන ගත්තොත් අන්තිමට නැතුවම බැරි දවසක් ඒවි. එදාට ගෑණු පිරිමි බේද නැහැ. හික් හික්

    රෙඩ් වයින් නම් මරු. ම්ම්ම්ම්....
    :D

    ReplyDelete
  49. @ කපීකේකි :
    මම නම් ඔය කිව්වට රෙඩ් වයින් බීලා නෑ. සුජීව ප්‍රසන්න ආරච්චිගේ වර්ෂා කියන නවකතා පොතේ තිබ්බ එකක් කිව්වෙ.

    @පිණිබිඳු :
    මම් හිතුවා පිණිබිඳුවා මගේ එකවුන්ට් එකට දාවි කියලා. හික්ස් :)

    ReplyDelete
  50. එලම කිරි !!

    ඔන්න එහෙනම් ආයෙමත් බ්ලොග් කරුවන්ගේ හමුවක් තියන දාවසකට අපි සෙට් වෙමු අක්කේ .. !

    රතු වයින් නම් මම බීලා නෑ ! රතු රම් නම් ඊයෙත් බීවා ..

    ReplyDelete
  51. ඒ වගේද ගල් බාගයක් ගහල ඉන්න වෙලාවක මේ පෝස්ට් එක කියවන එක......?

    ReplyDelete
  52. ආන්න අරහේ සිංහය සහ තවත් කට්ටියක් එකතු වෙලා කලුතර පැත්තේ දාපු බාර් එකකට විරුද්ධව දහම් පාසල් වහගෙන බාර් එකට විරුද්ධව බ්ලොග් එකෙනුත් සටන් කරනව... මෙයා මෙහේ වයින් වල පුරාජේරුව කියල ඒව ප්‍රචලිත කරනව... හනේ හපොයි... :( ධර්මද්වීපයේ තරුණ ළමයි නේද මේ... :පී

    ReplyDelete
  53. @පිණිබිඳු:
    ඔයා අදහස් කරන්න ඇත්තෙ කොක්ටේල්ස් ගැන වෙන්න ඕනේ..කොක්ටේල් එකක් කියන්නෙ නම් සම්පූර්ණයෙන්ම මධ්‍යෑසාර නෙවෙයි..බොහො විට පලතුරු යුෂ වගේ දෙයකට පුළු ප්‍රතිශතයකින් මධ්‍යසාර එකතු කරගෙන හදන බීමක්..ගොඩක් වෙලාවට සාදයකදි වගේ නම් කාන්තාවො වැඩිපුර බොන්නෙ කොක්ටේල්ස් තමයි..මම නම් කොක්ටේල් එකක ආසම දේ තමයි එය පිලිගන්වන බඳුන.නාර උඩ කොටස ලොකු පතුලක් තියෙන කේතුවක් වගේ එක්ක හීනී නතුවක් තියන හරිම හුරුබුහුටි වීදුරුවක තමා සාමාන්‍යයෙන් කොක්ටේල් එකක් දෙන්නෙ

    ReplyDelete
  54. @ චතුවා (ළමයා) - හානේ පවු... මේ සූටි කොල්ලො අරක්කු පොදක් කටේ තියපු නැති උන් එන්ඩ එපා මේ පෝස්ට් බලන්ඩ.

    ReplyDelete
  55. @ Dinesh - බලමුකො බලමුකො ඒකත් හම්බුනාම විස්තර දාන්නම්.

    ReplyDelete
  56. @ Gayan Rupasinghe - අපෝ නෑ බං මම ආසාවට බිව්වා මිසක් පුරුද්දකට කරපු දෙයක් නෙමෙයි.

    ReplyDelete
  57. @ ඉන්දික උපශාන්ත - කස්කුරුප්පුව කියන්නෙ ඕකට නේද.

    ReplyDelete
  58. @ තරිඳු - මට රස දැනෙන්නයි ඕනෙ උනේ. නැතුව බේබදු කමකට කරා නෙමෙයි.

    ReplyDelete
  59. @ මන්තරකාරි - එහෙම හම්බුනාට පස්සෙ ඔයාගෙ අත්දැකීමත් දාන්නකො එහෙනම්.

    ReplyDelete
  60. @ පැණි දොඩම් - වයිට් වයින් බිව්වාට පසු මම බොන එක නවත්තමි.

    ReplyDelete
  61. @ Ravi - ඒක තමා මම බැලුවෙ වයින් බෝතලේක පූසෙක් අහවල් එකක් කරනවද කියලා. දැන්නෙ තේරුනේ.

    ReplyDelete
  62. @ ..ChAnDiKa.. - හයියෝ මාව අන්තිම බේබද්දෙක් කරලනෙ මුන්. නෑ බං මට රස දැනගන්නයි ඕනෙ උනේ.

    ReplyDelete
  63. @ මධුරංග - හෙහ් හෙහ්. අපි නොදන්න මොනරතැන්න.

    ReplyDelete
  64. @ හිස් අහස - අපෝ බං උඹලා මාව නැති කරයි නේද හම්බුනු දවසකට.

    ReplyDelete
  65. @ chinthaka - ඇයි වෙරි හිඳෙනවද.

    ReplyDelete
  66. @ නදුන් උයන - මේවා දෙවියන්ගෙ බීමනෙ ඉතින්.

    ReplyDelete
  67. @ මකුළු පැංචි - ආ කොක්ටේල් ගැන මම අහලා තියෙනවා. ඒත් බීලා නෑ. ඔය කියන වීදුරුව නම් ලස්සන හුරුබුහුටි එකක් තමා.

    ReplyDelete
  68. නියමයි අක්කේ මරු... දැන් ඉතිං අපිට බැනහංකෝ බලන්න බොන පෝස්ට් දැම්මම...!

    මමත් එක ම එක පාරක වෙඩිමකදී බිව්වා... අම්බෝ රස.... කට කෙලත් උනනවා...

    අනික වයින් කියන්නේ ඔය වගේ බඩජහරි කමට බොන දෙයක් නෙවෙයි. බොහොම ගරු සරු ඇතුව බොන බීමක්...!

    ReplyDelete
  69. කෙල්ලෝ බොන්න පුරුදු උනොත් කොල්ලොන්ට තම වසි අහන්න එපා කොහොමද කියලා?

    ReplyDelete
  70. වයින් නේද?
    මම නම් වරින් බොන්නේ නෑ...... :P

    වයින් කියන්නේ රසවල් ගනනාවක් දිවට දැනෙන බීමක්. කහට රස තිත්ත රස පැනිරස ඇඹුල් රස වගේ.
    ඉස්සර නම් මටත් උවමනාවක් තිබ්බ වයින් කතා ලියන්න පස්සේ කම්මැලිකම හින්දා අතහැරලා දැම්මා.
    ලියනවට වඩා වයින් එක්ක ජීවත් වෙන එක හොඳයි කියලා මම හැමදාමත් හිතනවා.

    ReplyDelete
  71. @ prasanna86k - ඒ කබර මාලුවා.... මම බඩජහරි කමට නෙමෙයි බොල බිව්වෙ. පෙරේතකමට. ආ දෙකම එකයි නේ.

    ReplyDelete
  72. @ Il mondo di una povera pazza - රංගි අක්කෙ වයින් බොන්නෙ නෑ කියල දැම්මම මම දැන ගත්තා වයින් බොන්නෙම නෑ කියලා. :P
    ඔව් වයින් කියන්නෙ විඳින්න පුලුවන් ආකාරයේ දෙයක්.

    ReplyDelete
  73. මොකද කියන්නෙ නඟා නිවාඩු වෙලාවක ගහමුද අඩියක් .....

    ReplyDelete
  74. මේක හරියන්නෙ නෑ, යකෝ දැන් කෙල්ලොත් බොන්න අරන් නෙ. අපිත් පටන් ගන්න ඕන වැඩේ. නැත්තන් අපිට තියන තැන මොකක්ද? :P

    හැබැයි මේ අහිංසක කොල්ලෙක් බිව්වොත් තමයි කෙල්ලො සේරම බනින්නේ. :D

    ReplyDelete
  75. යකෝ 13% ! බියර් විතරක් බොන අපි පොලොව පලාගෙන යමු විළිලැජ්ජාවට.

    දැං ඉතිං කියාපියකො අනිත් උන්ට බේබද්දො කියල බලන්න....

    ReplyDelete
  76. මේ බේබදු කෙල්ලෝ මල් වගේ ඉන්න අපිවත් නරක් කරනවා..චික්...

    ReplyDelete
  77. @ පන්සල් හංදිය - බොලව් මම බේබද්දෙක් නොවෙමි. කරන්නට දෙයක් නැත මගේ කාඩ් කුඩු වී හමාරය.

    ReplyDelete
  78. @ Kasun - අනේ ඔන්න මම නම් බනින්නෙ නෑ කබරයා නැත්තන්.

    ReplyDelete
  79. @ නවම් - බේබද්දන් නොකියමි. බාබෙද්දන් කියමි. ඇත්තට බියර් වල 8% නේද.

    ReplyDelete
  80. @ මාරයාගේ හෝරාව - මල් වගේ? ආ පැෂන් මලක් දාගෙන ඉන්නව මම දැක්කා මූණු පොතේ. ඒක වෙන්න ඇති මල් වගේ කොල්ලො. හික්ස්.

    ReplyDelete
  81. ශිහ් බේබද්දෝ.. අපි වගේ හැදෙන්නේ නැති හැටියක් මේ කෙල්ලෝ...

    ReplyDelete
  82. මමත් එකපාරක් හොඳ බේබදු අත් දැකීමක් ලැබුවා. ස්වීඩන් ඉන්න දවස් වල පාසල්ගේ යාලුවෝ වගයක් smirnoff එකක් ගෙන්නල්ලා දුන්නා. ඕක ඉතින් බොන්න කෙනෙක් නැති නිසා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. එක පාරක් මම පාසල් එක්ක වලියක් දා ගත්තු වෙලාවක ෆ්‍රිජ් එකේ ඕක තියෙනවා දැකලා කඩල අරන් බිව්වා. මුකුත්ම කලවම් නොකර වීදුරුවක් විතර බිව්වා. හප්පා ඊට පස්සේ මම හොඳ ජං ජාලයක් නටලනේ. තාම පාසල් මතක් කර කර හිනා වෙනවා. ලැජ්ජාවේ බැහැ.

    කොට ජීවිතේ

    ReplyDelete
  83. @ අභීත - හෙහ්. මේ වගේ දේවල් කියලා එලියට එහෙම බහින්න එපා මේ හෙණ ගහන දවස් වල.

    ReplyDelete
  84. @ කින්නරාවි - මම තනියම බිව්වෙ පිස්සු කෙලින්න ගත්තොත් මොනව කියවෙයිද කියවෙයිද දන්නෙ නැති නිසා. හපෝ මේ කෙල්ල නම්..

    ආ අනිත් එක කින්නරාවි කිය කිය මට නම් බෑ දිව උලුක් කරගන්න. සුපුරුදු කොජී තමා ඔයා මට නම්.

    ReplyDelete
  85. @පිණිබිඳු: ඒකට කමක් නැහැ. බ්ලොග් එක වෙනස් උනාට තාම ලියන්නේ කොට ජීවිතේම තමයි. ඒක නිස ඒ නමින්ම කතා කරනවට මම කැමතියි..

    ReplyDelete
  86. තරහා ගියාදො.......විහිළුවක් කරේ සොරි ආ..........

    ReplyDelete
  87. ෂිකේ මේ ලමයිනම් තියන්න වටින්නේ නෑ. මතට තිත කියල දන්නේ නැද්ද?

    ReplyDelete
  88. @ කින්නරාවි - කින්නරාවි කොට කරන්න ගිහින් මොනා වෙයිද දන්නෙ නෑ. ඒ හන්ද සුපුරුදු කොජී තමා ඈ..

    ReplyDelete
  89. @ තරිඳු - හයියෝ නෑ බං. මොකට තරහ වෙනවද.

    ReplyDelete
  90. @ Gimhani - අනේ මන්දා මතට තිතද, තිතට මතද මන්දා.

    ReplyDelete
  91. අම්මෝ බයේ බැහැ. ආයි නම් මේ පැත්ත පලාතේ එන්නේ නැහැ. හොඳට ඉන්න අපිවත් නරක් කරනවා

    ReplyDelete
  92. ඔබට අයහපතින් යහපත වෙන් කර හඳුනා ගැනීමේ ප්‍රඥ්ඥා ඇසත්, සිත ධමනය කර ගැනීමේ සුවිශේෂී හැකියාවත් වහ වහා පහල වේවා!

    ReplyDelete
  93. @ Hasitha - මේ පෝස්ට් එක දාලා මම ආනතරීය පාප කර්මයක් කොර ගත්තද මන්දා. දැන් මල් වගේ අහිංසක කොල්ලො කීප දෙනෙක්ම මට කිව්ව මම උන්ව නරක් කරන්න හදනවා කියලා. මාරයා අභීත අයියා ඒ අතරින් විශේෂයි. හික්ස්. සොරි ඈ..

    ReplyDelete
  94. @ ටී.බී. හේරත් - හාකො හාකො තැන්කූ ඈ.

    ReplyDelete
  95. හෙහ්..හෙහ්...බෝතලේම බිව්වද? අගෙය් ගෑනු ළමය හැදෙන හැටි....

    (කාටවත් කියන්න එපා, සැර ඒව ඉඳල හිටල බිව්වට වැඩිපුර බොන්නෙ රෙඩ් වයින් තමා මමත්)

    ReplyDelete
  96. @ Observer - ඔය ඉතින් බාල පරම්පරාවට ආදර්ශ නේ..

    ReplyDelete
  97. ශික් විතරක් මෙහෙමත් කෙල්ලෝ . . . .මෙවුව කියවන්නත් බයයි . . . . අපිටත් බීල බලන්න හිතුනොත් . . . . . .

    ReplyDelete
  98. @ ඕනයා - සොරි වෙන්ඩෝනෙ අයියා මම නරකට යොමු කරා නම්. මට අභීත අයියා, මාරයා, ඔබා මාමා, නවම් අයියා වගේ ජීවිතේට රහමෙර කටේවත් තියල නැති අහිංසක කට්ටියව මම නරක් කරා කියලා සෑහෙන්න චෝදනා කරා. හප්පේ ඒ පාර ඕනයියත් ඒකම කියනවා. හලේ... මගේ පෝස්ට් එක කියවලා නරක් උනා නම් සමාවෙන්ඩෝනෙ.

    හනේ බොලව්. අම්මපා මගෙ කට කසනවා.

    ReplyDelete
  99. ලංකාවෙ හදන වයින්

    http://emailkavikaari.blogspot.com/2011/09/blog-post_14.html

    ReplyDelete
  100. Try:
    Reisling (White)
    Rose' (Red) රොසේ

    (These are Wine types like Shiraz)

    ReplyDelete
  101. කෙල්ලෙක් නේද.....?
    කුජීතයි.....!
    ජුගුබ්සාජනකයි....!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...