Pages

Tuesday, November 15, 2011

දූරියන්..


කැමති උන් කෙළ පෙරාගෙන කැමති

අකමැති උන්ට වහ කඳුරු වැනි

කර්කශ පොත්ත යට මුදු මොලොක් මදයක් ඇති

දුටු පමණින් අක්කව තරහෙන් පිස්සු වැට්ටවිය හැකි

ගඳද සුවඳද කියා හිතා ගන්නට බැරි

ලොවෙත් නැති රසයක් ඇති

මම නම් නහය වහගෙන කමි

ගණන් ඇහුවම එලෝ පොල් පෙන්නිය හැකි

වැඩි හරියක් මදේ පුස් ඇති

වැදගත් කමට කන්නට බැරි

කෑ පසු වැදගත් ගමනක් යන්නට බැරි

පරසක්වලේ ගැහුවත් ගඳ හංගන්නට බැරි

අලිත් මර බය ඇති

දූරියන් සකි.

74 comments:

  1. දිල්ගෙ ගේ ලඟ ලොකු දූරියන් ගහක් තිබ්බා...ඕකෙ ගෙඩි හැදෙන කාලෙට දිල් වමනෙත් දානවා..ඒ හන්දම ගහ කපලා දැම්ම...හපෝ...ලෝකෙ තියෙන අන්තිම පළතුර කිව්වත් දිල් නම් කයි දූරියන්....

    ජපනුන්ගේ ප්‍රියතම කෑමක්...හරිම ගුණදායකයිලු.... අර කිව්වත් වගේ පරසක්වලේ ගැහුවත් ගඳ අරින්න බැරි දෙයක්නෙ....නහට ගෑවෙන්න තියෙන කට හරියට කොහොම අරගෙන කනවද මන්දා....

    ReplyDelete
  2. ආපෝ... කන්න නැතුව මලත් දූරියන් නම් කන්නෙ නෑ..

    ReplyDelete
  3. අපොයි මටත් එපා... මං කාලම නෑ.ඒත් ගද ආපුවාම ඇති මට.

    ReplyDelete
  4. @ දිල් - මම නම් මාර ආසයි අප්පා.

    ReplyDelete
  5. @ සාතන් - අපෙ අක්කත් ඔහොමම තමා කියන්නෙ.

    ReplyDelete
  6. @ නිසුපා - සමහරු කියනවා සුවඳ වැඩි කමටලු ඕක ගඳක් වගේ දැනෙන්නෙ. ගඳ නම් මටත් එපා.

    ReplyDelete
  7. අම්මප අර නිවුට මෙයිං ගහක් යට හිටියනං . . . අපි එකෙංම උසස් පෙළ ගොඩ නෙ

    ReplyDelete
  8. සාතන් කියනව වගේ කන්න නැතිව මැරුණත් මමනං කන්නෙ නැ ඒවා නම්

    ReplyDelete
  9. මටත් පෙන්න්නම බෑ.. දවසක් බලෙන් කවල, දවසම වමනෙ කලා...

    ඕනයා ++++

    ReplyDelete
  10. හාපෝ... පලාතෙ එන්නෙ නෑ ගන්දස්සාරෙ බෑ.

    ReplyDelete
  11. කොහොමද දූරියන් ඇට පානය ...

    ReplyDelete
  12. ඊක් දුරියන්! කන්න නෙමේ කාපු කෙනෙක්ගෙ ලඟින් යන්නත් බෑ. මම කලින් වැඩ කරපු තැන "ලොකු තැනැක්" හිටියා කරන්නේ හිතන්නේ සේරම ලොකුවට තමය්. හැබැය් දුරියන් නම් කනව කිසි තරාතිරමක් නොබලා. දවසක් මේ හාදයා දුරියන් ගෙනත් ටිකක් කාල කාර්යාලයේ ශිතකරනයේ ඉතුරු ටික දාලා. අනේ දෙවියනේ එදා ඒකේ තිබුන කිසි දෙයක් කාටවත් කන්න බැරි උනා. හැමෝටම කේන්තිය ඉවසන්න බෑ. එච්චරත් කරලා ලස්සන උත්තරයකුත් දුන්නා. "අනේ අපේ වය්ෆ් දුරියන් ගෙදරදි කන්න දෙන්නෙ නෑ, මට නොකත් බෑ!"
    පව් කියලත් හිතුනා. ඒත් දුරියන් ඉවසන්නෙ කොහොමද?

    ReplyDelete
  13. මට නම් කන්න බැරි ජාතියක් නෙව...

    ReplyDelete
  14. තාම මම කාලා නෑනේ.දැකලා විතරයි තියෙන්නෙ :/

    ReplyDelete
  15. ‍අපේ ස්කෝලෙ යන පාරෙ විකුණන්න තිබුණා.. ඒ හරියෙන් යද්දි හුස්මක්වත් නොගෙන යන තරමට ගඳ නිසාම එපාවෙලා තිබුණ නිසා කවදාවත් කාලත් නැති... කන්නෙත් නැති පළතුරක්. (මතක් කරද්දිත් ඒ සුවඳ හමනවා හමනවා වගෙයි..) :D

    ReplyDelete
  16. හරි හරි....,
    මේ කමෙන්ට් කියවපුවහම එකක් පැහැදිලියි. ඒ දූරියන් ගැන දොස් කියන හැමෝම, එක සැරයක් වත් (හරි විදිහට) දූරියන් කාලා නැතිබවයි. ඒ අයට දූරියන් ගැන විචාර ලියන්න පූර්ණ සුදුසුකම් නැති බවයි මගේ අදහස.

    මොකද එක වතාවක් හරි අමාරුවෙන් හරි දූරියන් කෑවොත් තමයි ඒකේ නියම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. කොටින්ම මෙතෙක් දැනිච්ච උහුලන්න බැරිය කියපු ගද පවා සුවදක් බවට පත්වෙනවා ඔබට නොදැනීම. බාහිර පෙනුමින්, සුවදින්/ගදින් විතරක් කෙනෙකුගේ වටිනාකම මනින්න බැහැ කියනවනේ.... ඒ වගේම තමයි දූරියන් වලත්.....

    බොරුනම් වතාවක් හරි (හරි විදිහට) දූරියන් කාපු කෙනෙකුගෙන් අහල බලන්න

    ReplyDelete
  17. බස් එකේවත් දූරියන් ගෙඩියක් අරගෙන යන්න බෑ මොනිස්සු බනිනවා. මාරම පලතුරක් තමා දූරියන් කියන්නේ. මම නම් ආසම නෑ.

    ReplyDelete
  18. ඔය ගද නිසා මමත් ඕවට කැමතිම නෑ.. අලිත් ඕකට මාරම බයයි කියන කතාවනම් මමත් අහලා තියෙනවා..

    ReplyDelete
  19. දූරියන් ගොඩක් ගුණ කෑමක් කියලා අහලා තියෙනවා. ඉරුවාරදය වගේ ටිකක් සුව කරන්න අමාරු ලෙඩ වලටත් හොද බෙහෙතක් කියලා කියනවා.. හැබැයි ගඳ තමා උහුලන්න බැරි.....

    ReplyDelete
  20. මාත් දූරියන් පෙරේතයෙක්. අපේ ගෙදර දූරියන් කන්ඩ අකමැති එක්කෙනෙකුට හිටියෙ අම්ම විතරයි. එක දවසක් අපි පෙරැත්ත කරල අම්ම නහය වහගෙන පොඩ්ඩක් කෑවා. දැන් කොහේ හරි දූරියන් එකක් දැක්කොත් අම්ම තමයි ඒක ගන්නෙ.
    එක පාරක් කාල බලන්ඩ....

    @දිල්
    ජපන්නුන්ගෙ ප්‍රියතම කෑමක්? මං අවුරුදු 4කට ලංවෙන්ඩ ඉන්නව දූරියන් කන එක ජප්පෙක්වත් දැක්කෙ නෑනෙ. දැක්කනන් ඉල්ලගෙන හරි කනවා. මේ අවුරුදු හතරටම දූරියන් ටොපියක් විතරයි කෑවෙ කවුරුහරි තායිලන්තෙ පැත්තෙ ගියපු එක්කෙනෙක් ගෙනාව.

    ReplyDelete
  21. @පෙදරේරුවා නොහොත් මේසන් බාස්

    මගේ කමෙන්ට් එක දැම්මට පස්සෙ මේක දැක්කෙ. සහතික ඇත්ත...100% එකඟයි.

    ReplyDelete
  22. ඇයි කෑවට පස්සේ වැදගත් ගමනක් යන්න බැරි ?

    මම නම් ඔවුවා කන්න තබා ඔවුවා තියන අහලකින්වත් යන්න වත් කැමති නෑ

    ReplyDelete
  23. මේසන් බාස් උන්නැහෙ තමා නියමම කතාව කියල තීන්නෙ. හැබැයි පිලිපීන් උන් කන කෑම වල ගඳ දූරියන් පරාදයි!

    ReplyDelete
  24. මදුලු කාලා ඇට වතුරේ දාලා තියලා ඊලග දවසේ උදේට ජෙලි වගේ....ඒවට මොනවද ඒවා වර්ධනය වෙනවලු....මම ඒකනිසා ඇට වතුර තමයි වැඩියම බොන්නේ ...හික් හික් ....

    ReplyDelete
  25. "දූරියන් ගත්ත නම් පෝරියල් නේ" කීවලු... හික්...හික්... ;)
    දූරියන් කියන්නෙ වාජීකරන ගුණයෙන් අනූන අඩංගු පළතුරක් නෙ

    ReplyDelete
  26. තවම අවස්තාවක් ලැබුනෙ නෑ කන්න. :(

    ReplyDelete
  27. මගේ ජනප්‍රියම කෑමක්.. මෙහේ ඕනතරම් තියෙනවා. දුරියන් බ්ලෙන්ඩර් එකෙ දාල කිරි හදල සීතකරනයෙ තියල බොන්න ඕන..නියමයි..

    ReplyDelete
  28. @ ඕනයා - අන්න අයියෙ දවසේ කියමන

    ReplyDelete
  29. @ හරී - පිණිපළස - කාලා බලන්නකො එකපාරක්

    ReplyDelete
  30. @ අකීකරු හිත - ඒකනෙ කිව්වෙ අකමැති අයට වහ කඳුරු වැනි කියලා.

    ReplyDelete
  31. @ තාරක Dilsh@n - එහෙනම් ඉතින් සොරි තමා.

    ReplyDelete
  32. @ නවම් -හයියෝ එහෙම නෑවිත් ඉන්න එපා ඉතින් ඈ..

    ReplyDelete
  33. @ මලික් - මම නම් බීල නෑ.

    ReplyDelete
  34. @ samadhi - දූරියන් කනව නම් එක පාරින් කාලා ඉවරයක් කරන්න ඕනෙ. ඉතුරු කරලා ෆ්‍රිජ් එකේ දැම්මොත් එහෙම ෆ්‍රිජ් එකේ වතුරත් ඒ ගඳ එන්නෙ.

    ReplyDelete
  35. @ පිස්සා පලාමල්ල - අයියෝ එක පාරක් ට්‍රයි කරමුකො.

    ReplyDelete
  36. @ සීතල අයියා - ඔයා කාල බලන්නකො. එක්කො ආසම ආස වෙයි. එහෙම නැත්තන් වහ කඳුරු වෙයි.

    ReplyDelete
  37. @ නන්දු - ඒකනෙ දූරියන් වල අන්ත දෙකයි තියෙන්නෙ. එකක් පෙරේත අනිත් එක අප්පිරියා. නැතුව ලාවට කැමති කියලා එකක් නෑ.

    ReplyDelete
  38. @ පෙදරේරුවා නොහොත් මේසන් බාස් - දාන්ඩ පහක්. ඇති යන්තම් කන්න කැමති කෙනෙක් අහු උනා.

    ReplyDelete
  39. @ මධුරංග - බ්‍රේන් වොශ් කරලා ගන්නද දූරියන් පෙරේතයෙක් වෙයි ඔයා.

    ReplyDelete
  40. @ Dinesh - පොත්තෙ තියෙන කටු වලට අලිත් බයයිලු

    ReplyDelete
  41. @ ගිනි කුරුල්ලා - ඒකනෙ අපි නහය වහගෙන කන්නෙ.

    ReplyDelete
  42. @ චමිල - දාන්ඩ චමිල අයියෙ පහක් ඔයත්. බලාගෙන යද්දි දූරියන් කන්ඩ කැමති කට්ටිය බොහොම පොඩ්ඩයි නෙව.

    ReplyDelete
  43. @ හිස් අහස - ඇයි බං අත් එහෙම හොඳට හෝද ගත්තෙ නැත්තන් ගඳයි හොඳටම. කට්ටිය දැන ගන්නවා සුටුස් ගාලා දූරියන් කාලා තමා කියලා.

    ReplyDelete
  44. @ ඉන්දික උපශාන්ත - හප්පා ඒකත් එහෙමද එහෙනම් වැරදිලාවත් එහෙට යන්න හොඳ නෑ. නොකා නොබී තමා ඉන්න වෙන්නෙ.

    ReplyDelete
  45. @ ඔබ නොදු‍ටු ලොවක්..... - ඒකනම් අප්‍රසන්නයි අප්පා..

    ReplyDelete
  46. @ ටී.බී. හේරත් - නොදනිමි.

    ReplyDelete
  47. @ රෝස කුමාරි - කාල බලන්නකො. එක්කො ආසම ආස වෙයි. එහෙම නැත්තන් වහ කඳුරු වෙයි.

    ReplyDelete
  48. @ සරත් ලංකාප්‍රිය - මේ ඉන්නෙ තව කැමති කට්ටිය.

    ReplyDelete
  49. හරිම ජුබුක්සාජනක කෑමක් තමයි......
    බ්ලෑක්කා.....

    ReplyDelete
  50. @පිණි
    මම හිතුවේ මේ අර වෙන ගඳගස්සන සීන් එකක් කියලා

    ReplyDelete
  51. දවසක් අපේ තාත්තා කොහේදෝ ගිහින් එනකොට දූරියන් අරන් ඇවිල්ලා, තාත්තට ඒක ගෙයි තියාගෙන හම්බු උනේ විනාඩි පහක් විතර තමයි... අපේ දැඩි විරෝධය නිසා අසරණ තාත්තට ඒක අරන් ගිහින් පාරෙ තියන් කාල තමයි ගෙට එන්න උනේ... ඔක්කොමත් හරි එදා අම්ම නිදා ගත්තෙ මාත් එක්ක, මගේ ඇඳේ... :)
    ඊට පස්සෙ දවසක් රහයි රහයි කියනවට මං කෑව නහය අල්ලගෙන... ඇත්තටම හරි රහයි...දැන් නම් මං අහුවුනොත් කනවා... ඒ හින්දම ගඳත් විඳගන්න පුළුවන්...

    ReplyDelete
  52. දූරියන් පට්ට රස කෑමක්....

    ReplyDelete
  53. මොන විධියකට වත් මට කන්න බැරි ජාතියක්

    ReplyDelete
  54. ෂික්.. දූරියංද ? දූරියං තරම් මන් අසා කරන තවත් පළතුරක් නෑ. මට දූරියං හරිම සුවඳයි. ඇයිද මන්ද මේ මිනිස්සුන්ට එක ගඳ? මම නම් කනවා. ඉස්සර කන්නේ දූරියං පන්න පන්න. දැන් නම් එහෙම කන්නවත් නෑ. පොඩි ගෙඩියක් රියාල් සීයක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් තුන්දාහක්. එහෙමටවත් හරියට කන්න නෑ නේ.

    @ Samadi
    දුරියන් කන එක එච්චරටම පහත් වැඩක් ද?

    ReplyDelete
  55. අම්මෝ මගේ ජීවිතේටම කන්නේ නෑ. අපේ පැත්තේ තියෙනවා ඕනතරම්. හැබැයි පුදුමේ කියන්නේ ඖව කන මිනිස්සුන්ට ඔය ගද දැනෙන්නේ නෑනේ. කාලා ඉවරවෙලා තව ඒ මදවට ඇගිලුත් ලෙව කනවා. උන්ට නහයවල් නැද්ද මන්දා?

    ReplyDelete
  56. මමනම් කාලා නැහැ,,, එත් සමහර අය කියනවා ගද උනාට රසයිලු කියලා..

    ReplyDelete
  57. @ අසේල - කාලා බැලුවොත් ඔහොම කියන එකක් නෑ

    ReplyDelete
  58. ක්සැන්ඩර් | Xander :
    අනේ නෑ මම එහෙම දෙයක් කිව්ව නෙමෙය්. මම කිව්වෙ එයාගේ ස්වභාවය. සාමන්යෙන් වෙන කෙනෙක් ට කිවිසුමක් ගියත් අප්පිර්ය කරන කෙනෙක්. එහෙම කෙනෙක් ඔච්චර සැර සුවඳක් එන දෙයක් කන එක මට නම් පුදුමයක්.

    ReplyDelete
  59. @ samadhi
    ඔයාගේ කොමෙන්ට් එකේ ඒ කතාව තිබ්බේ නෑ නේ. ඉතින් ඒකයි. ගණන් ගන්න එපා හොඳේ .. :-)

    ReplyDelete
  60. මම නම් මාරම ආසයි දූරියන් කන්න ..... දකිද්දිත් කෙල උනනවා...

    ReplyDelete
  61. දූරියන් අම්මෝ ගඳම ගඳයි. කොටින්ම සිංගප්පූරුවේ කෝච්චිවල දූරියන් ගෙනයාම තහනම් කියලා නෝටිස් පවා ගහලා තීයෙනවා ඔය ගඳ නිසා

    ReplyDelete
  62. @ හිස් අහස - හී හී නෑ නෑ එහෙම සීන් එකක් නෙමෙයි.

    ReplyDelete
  63. @ Miyuru - ඒකනෙ කියන්නෙ ඕක කන්න ගත්ත කෙනෙක් නවත්තන්න බෑ.

    ReplyDelete
  64. @ ගෝල්ඩ් ෆිෂ් - මේ ඉන්නෙ තව කැමති කට්ටිය.

    ReplyDelete
  65. @ Observer - අමාරුවෙන් හරි කෑව නම් ඔහොම කියන්නෙ නෑ.

    ReplyDelete
  66. @ ක්සැන්ඩර් | Xander - බුදු අම්මෝ එච්චර ගණන්ද.

    ReplyDelete
  67. @ බට්ටි - ඒ තියෙන රස හන්දනෙ හලෝ.

    ReplyDelete
  68. @ වර්ණා -ඒ කතාව ඇත්ත.

    ReplyDelete
  69. @ නදුන් උයන - දාන්ඩ පහක් අයියෙ.

    ReplyDelete
  70. @ Hasitha - ලංකාවටත් ඔය නීති ගෙනාවොත් අපි කාල හමාරයි.

    ReplyDelete
  71. මම කාලත් නෑ...ඒත් රසයි කියලා අහලා තියනවා

    ReplyDelete
  72. ක්සැන්ඩර් | Xander :
    never!

    ReplyDelete
  73. duriyan ganda aya kana kenekuta mada witharak eliyata aragena katu tika eethakata danna kiyanna. eta passe kala balanna. mage thaththa nam mata purudu kale ehemai. 1 parak kewoth horen kanna hithena tharam rasai. hebei kala nethi jeewithayak nam wedak ne. kalin denuna ganda iwasanna beri suwadak widiyata denei.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...