Pages

Thursday, February 23, 2012

වට්ටක්කා දළු නියඹලාව


පහුගිය දවස් වල අපේ පළාතට හොඳට වැහැපු නිසා එළවළු කොටුවෙ හොඳ පලදාවක් ලැබෙන ලකුණු පහළ වෙලා. වට්ටක්කා ගාලත් යායට හැදිලා. කොළ අස්සෙ පුංචි පුංචි වට්ටක්කා පැටව් හැංගිලා. මේක දැක්කට පස්සෙ තමයි මතක් උනේ කාලෙකින් වට්ටක්කා දළු නියඹලාවක් කෑවෙ නෑනෙ කියලා. ඉතින් හදලා බලමුද නියඹලාවක්.

වට්ටක්කා දළු හරියෙන් වෙන්න ටිකක් කඩා ගන්න. මෝරපු දඬු ගන්න එපා. දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර ගන්න.ඊට පස්සෙ හොඳට හෝදලා අරගෙන තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න.

ඊලඟට අමු මිරිස් කරල් දෙකක්, රතු ලූණු ගෙඩි දෙක තුනක්, කරපිංචා ටිකක් හීනියට ලියලා එකතු කරන්න. ඒකටම ලුණු ටිකක්, කහ චුට්ටක්, තුනහප එකතු කරගන්න. උම්බලකඩ ටිකකුත් යහමින් එකතු කරගන්න.

ඊළඟට පොල් බෑයක විතර පොල් ගාලා, ඒකෙන් මිටක් විතර වෙනම ඉතුරු කරලා, ඉතුරු පොල් ටික මිරිකගන්න. දියකිරි ටික වට්ටක්ක දළු එකට එකතු කරලා මිටිකිරි ටික වෙනම තියන්න. මතක තියාගන්න ගොඩක් කිරි එකතු කරන්න එපා. දැන් ඒක ලිපේ තියලා ඉතුරු වැඩ ටික කරමු.

කලින් අරන් තියා ගත්පු ගා ගත්තු පොල් ටිකත් එක්ක, ගම්මිරිස් ටිකක්, සුදු ලූණු බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් අරගෙන හොඳට අඹරගන්න.

දැන් ලිපේ තියෙන වට්ටක්කා දළු එක පැහීගෙන එද්දි, ඉතුරු කරපු මිටිකිරි ටිකයි, අඹරගත්තු හාල් පොල් මිශ්‍රණයයි එකතු කරලා හොඳින් හැඳි ගාන්න.

මතක තියාගන්න කොයි වෙලාවකවත් හට්ටිය වහන්න එපා. එතකොට වට්ටක්කා දළු වල තියෙන ලස්සන කොළ පාට එහෙම්මම රැඳිලා තියේවි. දැන් ඒක පැහෙද්දි ලිපෙන් බා ගන්න.

ගෑස් ලිපක ඇලුමිනියම් හට්ටියක උයනවට වඩා, දර ලිපක මැටි හට්ටියක හැදුවොත් තවත් රස වැඩියි කියලා ඔයාලට දැනේවි.




54 comments:

  1. නියඹලාව කියන්නේ මොකද්ද කියලා හොයලා බැලුවාම මේක හාම්බ උනේ. මෙහෙම එකක් කාලා නැහැ :-)

    එළවලුවක්‌ හෝ පළාවක්‌ වතුරෙන් තම්බා පසුව සිනිදු වන සේ පොල්, ලුණු, ගම්මිරිස්‌, සුදුළුනු ආදිය අඹරා ඊට එකතු කොට හදන මාළුවයි.

    ReplyDelete
    Replies
    1. වට්ටක්කා දළු නියඹලාව වගේම වට්ටක්කා නියඹලාවත් තියෙනවා. හාල් පොල් අඹරලා දාපුවම මාර රසක් එන්නෙ.

      Delete
  2. කැබැල්ල දලු කාලා තියෙනවාද?? තම්බලා,අඹරලා, සුල් ලූණු එහෙම දාලා හදන්නෙ.ඒත් මං නම් ඒවට ආසම නෑ.

    මේකටත් ආස නැති වෙයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. අපෝ කැබැල්ල දළු මතක් කරන්ඩ එපා !
      එක වතාවක් මාරේ අයියා කැබැල්ල දලු මාළු හදන හැටි පෝස්ට් එකකින් කියලා මම් ඒක අපේ අම්මට පෙන්නලා හදව ගත්තා !

      ගෙදර මායි අපේ අප්පච්චියි විතරයි කෑවේ. මට හට්ටියෙන් බාගයක් විතර බත් වලට බෙදලා. එදා මම් බතට වඩා මැල්ලුම් කෑවේ !!!

      Delete
    2. නිසූපා, කැබැල්ල දළු නම් කාලා නෑ. ඒත් වට්ටක්කා දළු එක හරිම කිරි රසයි.

      Delete
    3. මධුරංග, හයියෝ... හූ හූ.. හොඳ වැඩේ..

      Delete
  3. මං මේ වගේ කෑම වලට හරිම ආසයි.... ඒත් මෙහෙන් වට්ටක්ක දළු හොයාගන්න පුළුවන් වෙයිද දන්නෑ... මොනව උනත් ගොඩක් ස්තුතියි ඔයාට....

    ReplyDelete
    Replies
    1. දලු නැති උනාට ගෙඩි නං ඇති මයෙ හිතේ?

      Delete
    2. තියෙනව..තියෙනව... ;P

      ඔබා මාමගෙ කමෙන්ට් එක දැක්කම නම් හිතුන ඒ පැත්තෙ ගියොත් නම් අරගෙන එන්න පුළුවන් වෙයි කියල....හික්ස්...

      Delete
    3. මාත් ආසම කෑමක් තමයි වට්ටක්ක....අපේ ගෙදර නෑනෙ අප්ප...කන්නෙම කැකිරි පිපිඤ්ඤ :D

      ඔබාගෙත් ඔය කිව්වට අහල පහල වතුවල එව්ව වෙන්ටැ මයෙ හිතේ. එහෙ ඕන්නං වැලක් විතරක් ඇති!

      Delete
    4. කැකිරි පිපිඤ්ඤත් හොඳයි...වට්ටක්කා හොඳා....යි...

      අර කිව්වත් වගේ තියෙනවය කියල තියෙන උච්චෙන් මොනා කරන්නෙයි... ඔබා මාමම එක කටට ගිල දාවි.... :D

      Delete
    5. මියුරු, ඔබා මාමට කියන්න වෙයි හොරුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා

      Delete
    6. ඉන්දික අයියා, වට්ටක්කා වැලක් හදාගන්න ට්‍රයි කරේ නැද්ද ගෙදර

      Delete
    7. වට්ටක වැල උනානෙ නගේ...ඉතින් මොනා කරන්නද!

      Delete
  4. අපේ වට්ටක්ක වැල තාම පුංචියි. කෝකටත් මේක ඔබීට පෙන්නල තියන්න ඕනෙ. අපිට ඉතින් ටින් වල එන පොල්කිරි, ගෑස් ලිප හෙම තමා පාවිච්චි කොරන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් එහෙනම් හදල බලන්නකො

      Delete
  5. නියඹලාව කියන වචනේ මම ඇහුවෙ අද.. කාලා බලන්න ආසාවක් ආවත් ඉතින් හදන්න විදිහක් තමයි නැත්තේ..

    ReplyDelete
    Replies
    1. අපොයි දිනෙෂ්...

      Delete
    2. ලංකාවට ආපු කාලෙක වත් කාලා බලන්නකො එහෙනම්

      Delete
  6. පරිප්පු දාල හැදුවමත් රසයි.

    ReplyDelete
    Replies
    1. පරිප්පු දාලා මම හදලා නෑ. ඒකත් බලන්න ඕනෙ

      Delete
  7. හදලා බලන්න ඕනේ..ඒත් කොහෙන්ද වට්ටක්කා දලු..රස ඇති කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හම්බුනොත් කාලා බලන්නකො

      Delete
  8. හදලා බලන්න ඕනේ ගෙදර ගියාම..

    ReplyDelete
    Replies
    1. රස ගුණ අපිටත් කියන්නකො කාලා

      Delete
  9. දෙන්නම් කට්ටියගෙම කෑම රෙසපි ඔක්කොම ලංකාවට ගියාම. අපේ අම්මල හිතාවිද මන්ද මේකා හාමතේ ඉඳල ඇවිල්ලද කියල.. කටට කෙල උනනවා බොලව් මෙව්වා කියවල..

    ReplyDelete
    Replies
    1. හී හී. ඔක්කොම දොළ දුක් ගෙදර ආපුවම ඉවර කරගන්න

      Delete
  10. දැන් ඉතින් හොයපල්ලකො වට්ටක්කා දළු :)

    ReplyDelete
    Replies
    1. හොයලා හදලා කාලා බලන්නකො

      Delete
  11. මේ කෑම ජාතිය ඇහුවේ නම් අද තමයි. වට්ටක්කා වැල් නැහැ,ඒත් බලමුකෝ වත්තෙන් ගෙනත් හදලා බලන්නම්කෝ :)

    ReplyDelete
  12. දැක්කම කටට කෙලත් උනනවා. වට්ටක්කා නියඹලාවටත් හාල් පොල් අඹරපු මිශ්‍රනය දානවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. එතකොට කෝමද රහ. ඇයි සුවඳ

      Delete
  13. ඕකට පරිප්පු ඩිංගිත්තක් දාල ගත්තනං . . . නියමයි

    ReplyDelete
    Replies
    1. ඒකත් කරල බලන්න ඕනෙ අයියෙ. මම එහෙම කාලා නෑ.

      Delete
  14. අක්කේ මේ, වට්ටක්ක නම් මතක් කරන්න එපා හරිද. හොස්ටල් කැන්ටින් එකේ වට්ටක්ක කාලා කාලා දැන් ඔයා හදන්නේ වට්ටක්ක කොලත් කවන්නද?

    ReplyDelete
    Replies
    1. අපෝ අපේ කැන්ටින් වල වට්ටක්ක උයනවයැ වතුරෙන් තම්බලානෙ දෙන්නෙ. මට නම් එපා උනා

      Delete
  15. මං දන්නේ මෙච්චරයි... //ගෑස් ලිපක ඇලුමිනියම් හට්ටියක උයනවට වඩා, දර ලිපක මැටි හට්ටියක හැදුවොත් තවත් රස වැඩියි කියලා ඔයාලට දැනේවි.///

    ඒ රහට ගහන්න යෙව රහක් නෑ....

    ReplyDelete
    Replies
    1. අනිවා. මැටි හට්ටියක හදපු පොළොස් ඇඹුලක් කෝමද.

      Delete
  16. මං දන්නේ මෙච්චරයි... //ගෑස් ලිපක ඇලුමිනියම් හට්ටියක උයනවට වඩා, දර ලිපක මැටි හට්ටියක හැදුවොත් තවත් රස වැඩියි කියලා ඔයාලට දැනේවි.///

    ඒ රහට ගහන්න යෙව රහක් නෑ....

    ReplyDelete
  17. වට්ටක්ක වැල් හැදුණට ගෙඩි හැදෙන්නෙ නෑ මේ පැත්තෙ. තෙත් කලාපෙ ගෙඩි හැදුණත් ටික දවසකින් හැලිල යනව.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ තෙත් කලාපේ හොඳටම තෙත් හරියක
      අපේ ගමේ සමහර එළවලු කොටුවල වට්ටක්කා වැල් තියෙනවා
      අපේ ගෙදරත් හොඳට ගෙඩි හැදෙන වට්ටක්කා වැලක් තිබුනා
      තෙත් පළාත නිසා නෙමෙයි වෙනත් හේතුවක් නිසා වෙන්න ඇති ගෙඩි හැලෙන්න ඇත්තේ
      බොහෝ දුරට මුල හරියේ වතුර එකතු වීමක් වගේ දෙයක් නිසා වෙන්න පුළුවන්

      Delete
    2. ඔව් ඒ හින්දම නොවෙන්න පුළුවන්. ඒ වගේම මැස්සො විදින හින්දත් ගෙඩි පොඩි කාලෙම හැලිලා යනවා. හැබැයි හොඳ සරුසාරෙ වැල් නම් හැදෙනවා.

      Delete
    3. සරුසාරෙට හැදෙනවා නම් දළු නියඹලාව හදාගන්න පුලුවන්නෙ. මම නම් තෙත් කලාපෙ නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති හොඳට මේවා හැදෙන්නෙ.

      Delete
  18. තණකොළ හරි කමක් නෑ පරිප්පු මිටක් දාලා උයලා දෙනවනම් කනවා !
    ඒක නෙමේ මොකද්ද මේ නියබලාව කියන්නේ ? නියඹලාව නම් දන්නේ නෑ සියඹලාව නම් දන්නවා !

    ReplyDelete
    Replies
    1. නියඹලාව කියන්නෙ ඔහොම හාල් පොල් අඹරපු මිශ්‍රණය දාලා හදන වෑන්ජන වලට.

      Delete
  19. අපේ ගෙදරත් කාලයක් හොඳ වට්ටක්කා වැලක් වැවිලා ගෙඩි පිරිලා තිබුනා
    ඒත් අපේ ගෙදර අය වට්ටක්කා දළු නියඹලා හැදුවේ නැහැනේ... :(

    ReplyDelete
    Replies
    1. දැන් එහෙනම් කියලා හදව ගන්නකො

      Delete
  20. වට්ටක්කා දළු මැල්ලුම් කාලා තියෙනවා හා මගේ ආසම කෑමක්. කොහොමද හදන්නේ කියලා නම් දැනන් හිටියේ නෑ. ඒත් කොස් ඇට දාන කතාවක් මතකයි.
    මෙහෙත් වට්ටක්කා දළු විකුනන්න තියෙනවා. පට්ට ගනන්. ගමේ පොලවල් වල යන පිස්සුවක් මට තියෙන හින්දා ඔය වගේ දේවල් මට හම්බ වෙනවා. දැක්ක ගමන් ආසාවට අරගෙන හදා ගන්න දන්නේ නැති හින්දා තම්බල කන එක තමයි කරන්නේ මම නම්. ඒකත් රහයි. අර පොඩි කාලේ කාපු ඒව මතක් කර කර අගේ කර කර කන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා. කිරි රස නිසා තැම්බුවත් කන්න පුලුවන් ඇති.

      Delete
  21. මම ඔය රෙසිපිය කාලා තියෙනවා....මට මතක හැටියට අපේ කිරි අම්මා ගමේ ගියාම ඕක හදලා දෙනවා....:)හැබැයි අපේ අම්මට ඒ වගේ රහට හදන්න බෑ.....මම ආස කරන කෑමක්....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ඒ අත්දැකීම තියෙන කෙනෙක්.

      Delete
  22. කරපිංචා සබ්බලේ වගේ දැක්කේ.. කෙලත් ආව බැලින්නම් වෙන එකක් නොවැ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...