Pages

Saturday, April 14, 2012

ආයෙ මොකෝ පෙරමු ගෙදරම වයින්


වයින්.. මට නම් ලව් ඇට් ෆස්ට් සයිට් වගේ තමා.

වයින් බිව්වා වගේ නෙමෙයි යන වියදම හුඟක් වැඩියි. ඒත් වයින් ගෙදරම හදාගන්න පුලුවන් නම් ඒ දාස් ගාණක් වියදම් කරන සල්ලි ඉතුරු කරගන්න පුලුවන් නේද.

වයින් රෙසිපි එකක් කාලෙකට කලින් අහු උනා. ඒත් වෙලාවක් හම්බ උනේ නෑ හදල බලන්න. මේ පාර ගෙදර ගියාම තමා ඔන්න ඒකත් හදල බැලුවෙ. මේ තැඹිලි වලින් හදන වයින්. අවශ්‍ය දේවල් බොහොම ටිකයි.


තැඹිලි වතුර බෝතල් එකයි
සීනි 125g
දෙහි ඉස්ම කෝප්ප 1/2

කරාඹු නැටි 4

එනසාල් 4

කුරුඳු පොතු දිග කෑල්ලක්

ඊස්ට් තේ හැඳි එක හමාරක්


මුලින්ම තැඹිලි වතුරට සීනි එකතු කරගන්න.

ඊස්ට් වෙනම තැඹිලි වතුරෙන් දිය කර මෙයට එකතු කරන්න.

අනිත් සියලුම දේ එකතු කර බෝතලයකට දමා සති දෙකක් පමණ වසා තබන්න.

ඊට පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ වයින් ෆිල්ටර් එකකින් පෙරාගන්න. (අපිට කොහෙද වයින් ෆිල්ටර්. රෙදි කෑල්ලක් තමා ඉතින්.)

අවශ්‍ය නම් ඊට පසු සීනි ග්‍රෑම් 100ක් කර කර පාට වීම සඳහා මෙයට කලවම් කරගන්න.

පෙරා ගැනීමට සති දෙකකට වැඩි කාලයක් තැබුවොත් ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි විය හැක. එසේ වූවාට ප්‍රශ්නයක් නැතිනම් මාසයක් දෙකක් තබාගෙන බීමට ගන්න.

මෙන්න මගේ වයින් එක.

තාම පෙරුවෙ නෑ. ඒකයි අව පාටකින් තියෙන්නෙ. හරි අපූරු සුවඳක් හමනවා.

අම්මගේ දැඩි විරෝධතා රැවුම් ගෙරවුම් මධ්‍යයේ මායි තාත්තයි පුදුම අමාරුවකින් බෝතලේ බේරගෙන ඉන්නෙ.

50 comments:

  1. අම්මප මෙහෙමත් බේබද්දො! :D

    ReplyDelete
    Replies
    1. ඇත්තට.. උඹලා එතකොට? :P

      Delete
    2. අපෝ අපි අමද්‍යප! :D

      Delete
  2. මොකක් වයින්.. ඒ කියන්නෙ මිදි යුශ.. :/

    ඇල්කොහොල් භාගික ආසවයෙන්ද වෙන් කරගන්නෙ..

    ReplyDelete
    Replies
    1. වයින් ඔක්කොම හදන්නෙ මිදි යුශ වලින් නෙමෙයි.

      Delete
  3. සික් කාගේ හරි ගාවා 119 නම්බරේ තියෙනවද කෝල් එකක් දෙන්න :P

    ReplyDelete
  4. ඔන්න බලහල්ලා ඉතින් කැම්පස් ගිය කෙල්ලොත් ගෙද මත්පැන් පෙරනවා කීවම අපි හොඳයි නේ !

    ReplyDelete
    Replies
    1. අපි ඕක සාධාරණීකරණය කරගෙන ඉන්නෙ. වයින් යනු මධ්‍යසාර නොවේ කියලා. හික්ස්.

      Delete
  5. Fatta... ThanX recipe ekata... mehema hadapuwa beela awulak yan nathiwei neda?

    ReplyDelete
    Replies
    1. එහෙම අවුලක් නෑ. ඔය ක්‍රිස්තියානි වෙඩින් වල දෙන වයින් වැඩි හරියක් ගෙදර හදපුවා තමා

      Delete
  6. ඕකට හොද කසිප්පු පොඩ්ඩකුත් කලවම් කරලා තවත් පරන කලා නම් මල් 7

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට කෙලින්ම හඳේ

      Delete
  7. මිදි වයින් වල හොද රසය තියෙන්නේ සාම්ප්‍රදායික විදිහට හදද්දී.. ඒ කියන්නේ ඔය ගෑල්ලමයි පයින් පාගලා හදන්නේ.. අපේ බොසාත් අවුරුද්දකට සැරයක් එහෙම හදනවනේ..

    දැන් මේක තැඹිලි වයින් කිවුවා නේ? අපේ බොසාට අයිඩියා එක දාලා බලන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මල්ලි ඔයා ලියන්නකෝ එහෙ වයින් හදන හැටි.. මම දන්නා විදියට ඉතාලිය හරි ප්‍රසිද්ධයි නේද ගෙදර හදන පාන් වයින් වලට එහෙම?

      Delete
    2. @ Dinesh - ඒ වයින් ෆෙස්ටිවල් මාත් දැකලා තියෙනවා.

      Delete
    3. @ ක්සැන්ඩර් | Xander-ඔව් ඔව් හොඳම වයින් තියෙන්නෙ ඉතාලියෙ

      Delete
  8. මේ ගනන් යන විදිහට ඉස්සරහට මේවා තමා බොන්න වෙන්නේ :-D

    ReplyDelete
    Replies
    1. වාහන ගණන් ගියාට වඩා දැනෙනවා මේවා ගනන් ගියාම අපේ කට්ටියට

      Delete
  9. සින්සානෝ බෝතලයකට නොවැ දාල තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. සින්සානෝ මයි ෆේවරිට්. මේක සින්සානෝ බෝතලයක් තමා

      Delete
  10. වයින් නෙවෙයි රා.......
    ඔහොම පෙරන්නේ වයින් නෙවෙයි රා.......
    සති 2ක් 3ක් තිවුවොත් බොන්න වෙන්නේ රා නෙවෙයි විනාකිරි......
    ඔවු ඉතින් විනාකිරිත් ගන්න කාලේ සති 2ක් 3ක් ගියත් මොකෝ මේ කාලේ අච්චාරුවකට දා ගන්න විනාකිරි ටිකක් ගන්න පුලුවන් නම්

    ReplyDelete
    Replies
    1. වයින් මාස හයක් විතර තියලත් තියනවා.

      Delete
  11. මෙදා ගහේ තැඹිලි ආවාම පෙරන්න ඕනෙ..

    ඊස්ට් කොහෙන්ද ගන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඊස්ට් ඔය ඕනෙ කඩේක ඇති.

      Delete
  12. වයින් ෆිල්ටර් ම ඕන නෑ... අපි ඉස්සර තීන්ත හැලුනම ඒව උරාගන්න පාවිච්චි කරපු කඩදාසි මතකද ...?
    තීන්ත පොවන කඩදාසි ...? තේරෙන විදිහට කිව්වොත් Blotting Papers ...
    අන්න ඒව හරියනවා. රොඩු බොඩු මුකුත්ම නැතුව පෙරාගන්න පුලුවන් වෙනවා.

    ReplyDelete
  13. වයින් ෆිල්ටර් ම ඕන නෑ... අපි ඉස්සර තීන්ත හැලුනම ඒව උරාගන්න පාවිච්චි කරපු කඩදාසි මතකද ...?
    තීන්ත පොවන කඩදාසි ...? තේරෙන විදිහට කිව්වොත් Blotting Papers ...
    අන්න ඒව හරියනවා. රොඩු බොඩු මුකුත්ම නැතුව පෙරාගන්න පුලුවන් වෙනවා.

    ReplyDelete
  14. දොරකොඩ වයින් තියාගෙන පිළිකන්නෙ කසිප්පු පෙරනවද දන්නෙ නෑ තාත්තයි දුවයි. බේබද්දි 22 එනවද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පිළිකන්නෙත් වයින්ම තමා. හික්ස්. 22 එනෝ..

      Delete
  15. බඩු සේරම හෑව්. හදල බලන්න ඕනේ. මිදී වයින් හදන හැටිත් දන්නවනම් ලියන්නකෝ. එහෙ ඉතින් තැඹිලි හොයන්න අමාරුයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොයලා දාන්නම්කො

      Delete
    2. බෝතලේ පිපිරුවා... හය්යෝ..

      Delete
  16. මමත් එක වතාවක් මිදී වයින් එකක් හදල දවස් කීපයක්ම රස බැලුවා.
    මේකත් කරලා බලන්න වටින වැඩක් වගේ.... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ රෙසිපි එක දාන්නකො.

      Delete
    2. ඔව් ඔව් රෙසිපිය දාන්න..

      Delete
  17. සුරා මේරය මජ්ජ පමා දට්ටානා වේරමනී සික්කාපදන් සමාදියාමි..

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු. මද පමණ නේ..

      Delete
  18. වයින් දැකලයි මේ ආවේ.
    වෙනත් පලතුරුවලිනුත් හදන්න පුළුවන් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. බීට් වලිනුත් හදනවා. මම පහුගිය දවසක ඇහුවා පේර වලිනුත් වයින් හදනවා කියලා

      Delete
  19. හපොයි..................... පිණිබිඳු අක්කගේ අයියම ඔව්වා බලාගතපුවාවේ...... හික්ස්.....

    ආ තව එකක් ඔය ඇල්කොහොල් ප්‍රතිශත වැඩි කරන්න යන්නේ බලාගෙන. මෙතනෝල් ‍වගේ විස එව්වත් හැදෙනවද දන්නෑනේ.

    ReplyDelete
    Replies
    1. අයියගේ පූර්ණ අනුග්‍රහය මේවට.

      Delete
  20. අපි පෙරුවා මිල්ක්‌ වයින්. තාම තියෙනෝ,.. පට්ට රසයි :)

    ReplyDelete
  21. මම බයිට් එකක් හදන් ඔය පැත්තේ එන්ඩ ද ?

    ReplyDelete
  22. මම අද මිදි වයින් හදන්න යන්නේ..:)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...