Pages

Sunday, October 7, 2012

සය වසරක් සෙනෙහෙ සිතින් අපි




සමනල වියේ අප හමු නොවන්නට ඇත.

ගෙදරට හොරා අතැඟිලි පටලා රහස් මුමුණන්නට නැත.

නුඹ නිසා පියාගෙන් මා දඬුවම් නොවිඳින්නට ඇත.

අප අපගේ පළමු ආදරය නොවන්නට ඇත.

එහෙත්, අප අපගේ අවසන් ආදරයයි. 

අවුරුදු හයක් තිස්සේ මා ලද වටිනාම වස්තුව නුඹේ ආදරයයි.

හිස සුදු ගැන්වුණු මරණ මංචකයේදීද මා පතන්නේ නුඹවමයි.

තරු දෙනෙත තුළ කිමිද
සොයමි මම ආදරය
හිත ඇතුලෙ දඟ කරන
මගෙ සොඳුරු ආදරය
කල්පයක් බලන් හිඳ
කප්පරක දුකක් විඳ
මටම හිමි කරගත්තු
නාමලක සුවඳ පිරු
මගෙ සොඳුරු ආදරය..

46 comments:

  1. සුභ පැතුම් ලකියෝ.... අවුරුදු හයක් කියන්නෙ සුලු පටු කාලයක්ද නේද බං... ;))

    තව චිරාත් කාලයක් ඔය ආදරේ දිනේවා.

    ReplyDelete
  2. හරිම සන්තොෂයි...ඒ වගේම මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  3. හරිමම හරි ලස්සනයි..

    ඔබට ජය!

    ReplyDelete
  4. ලස්සනයි.. මගෙනුත් සුබම සුබ පැතුම්... :)

    ReplyDelete
  5. හදවතින්ම සුභ පැතුම්.. :ඩී

    ReplyDelete
  6. අවසාන පෙම,
    මුණගැසුනු සඳ,
    සිත උපන් සැනසුම,
    මෙතෙකැයි කිව නොහැක.

    සුබ පැතුම් පිණී......මගේ සුබ පැතුම්!!!!

    “Men always want to be a woman's first love. That is their clumsy vanity. We woman have a more subtle instinct about things. What we like is to be a man's last romance.”

    ReplyDelete
    Replies
    1. ඒ පුංචි කවිය මුලු ජීවිතේම සාරාංශ කරා වගේ. හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි රවී අයියෙ

      Delete
  7. මගෙනුත් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  8. මගෙනුත් සුබ පැතුම් ඔයාලට.. :)
    බ්ලොග්කරණයට අලුත් මම, රූ !

    ReplyDelete
    Replies
    1. මාත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්කො. ස්තූතියි

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සුභ පැතුම්! ආදරය කරන්න හරි කෙනා හම්බුනාම ජීවිතේ කොයි තරම් නම් ලස්සන වෙනවද නේද!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සම්පූර්ණ වෙනවා. වලි දාගෙන මරාගන්න එක වෙනම දෙයක්. ඒත් ජීවිතේ හරියටම හරියන කෙනා එයා තමා.

      Delete
  11. මගෙනුත් ඔය ආදරයට සුබ පැතුම් !

    ReplyDelete
  12. සුබ පැතුම් පිණි බිඳු..දෙන්නටම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි අක්කා..

      Delete
  13. සුභ පැතුම් !!! 

    ReplyDelete
  14. හොඳ අදහසක්, මගෙත් සුබපැතුම්...

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. සුභ පැතුම්... ප්‍රාර්ථනා ඒ අකාරයෙන් ඉටුකරගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියල පතන්නම්. නාමල් මල්ලි හොඳින් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල කකුල තුවාල කරගෙන බයික් එක ඇක්සිඩන්ට් වෙලා

      Delete
  17. සසර පුරාවට එකට ඉන්නට වාසනාව ලැබේවා... මගෙනුත් සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අලුත් මල්ලි..

      Delete
  18. සුභ පැතුම් පිණිබිඳු! මේ ආදරය සදා ‍රැඳේවා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට වැඩිය දිගයි සිග්නේචර් එක. තැන්කූ ඩූඩ්.

      Delete
  19. චිරාත් කාලයක් ආදරේ යෙහෙන් වැජඹේවා කියලා ඉතා සිතින් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  20. චිරාත් කාලයක් ආදරේ යෙහෙන් වැජඹේවා කියලා ඉත සිතින් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  21. මේ වගේ ආදරයක් දැකීමත් සතුටුයි ...:)

    දෙන්නටම සුබ පැතුම්...

    ReplyDelete
  22. හැත්තෑව දසකයේ නළු නිළි යුවලක් වගේ..

    ReplyDelete
    Replies
    1. හැත්තෑව දසකෙ උනත් මොකෝ නලු නිලි යුවලක් වගේ නම්. හික්ස්.

      Delete
  23. ඕන් මාත් මේ පැත්තට ආවා.මේ සතුට හැමදාම තියෙන්න කියලා පාර්ථනා කරනවා...!!!

    ReplyDelete
  24. සෑහෙන්න පරක්කු උනා සුබ පතන්න.
    කමන් නෑ. දෙන්නටම මගෙන් සුබ පැතුම්
    ඔය දෙන්නා සෑහෙන්ඩ වාසනාවන්තයෝ දෙන්නෙක් !

    ReplyDelete
  25. --ප්‍රදීප්January 11, 2013 at 3:11 AM

    මගෙනුත් සුබ පැතුම්..!!! අපිව මතකද දන්නෙ නෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...