Pages

Tuesday, December 11, 2012

මේ මොහොත දැකීම



පහුගිය දවසක වටින පොතක් හම්බුනා. මේක බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් කල ඉතා කුඩා පොත් පිංචක්. පොතේ නම "මේ මොහොත දැකීම". 

මේ පොත ජෝසප් ගෝල්ඩ්ස්ටේන්ගේ The experience of Insight  නමැති ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කාව්‍ය පරිවර්තනයක්. මේක විශේෂයෙන් සකසලා තියෙන්නෙ භාවනායෝගීන් සඳහා වන නිර්මාණාත්මක මඟ පෙන්වීමක් විදිහට. ඔවුන්ට විතරක් නෙමෙයි කාට උනත් කියවලා ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් විදිහට පොතේ සටහන් ඉදිරිපත් කරල තියෙනවා. 

එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් මේ පොතේ මට වැඩිපුරම හිතට වැදුණු සටහනක් තිබුණා. පොත කියවලා ඉවර කරාට මම මේ කවිය මගෙ සටහන් පොතක පිටපත් කර ගත්තා. අනිවාර්යයෙන්ම ඒ  බ්ලොග් එක කියවන ඔබ වෙනුවෙන්.


තනිව ගඟ තරණයේ
යෙදෙන විට මිනිසෙක් ඔරුවකින්
පාව ආ තවත් එක් හිස්
ඔරුවක් සමඟ ගැටුණා.
කුකුල් කේන්ති කාරයෙක් මුත් ඔහු
ඉක්මන් කෝප වූයේ නතිය
නමුත් ඔහු දුටුවා නම් තවත්
මිනිසෙක් අනෙත් ඔරුවේ
නිසැකයෙන් ඔහු බනිනු ඇත,
නොවැලැක්වූ බැවින් අනතුර
නැවත නැවතත් බනිනු ඇත

ශාප කරනුද ඇති
මක් නිසාද යත්
සිටිනා නිසා අනෙක් ඔරුවේ අයෙක්...
නමුත් ඔරුව හිස් නිසා
ඔහු කෑ ගැසුවේද නැත
තරහෙන් පිපුරුණේද නැත

ඔබටත් හිස් කල හැකි නම් එලෙස
ඔබේ සිත නමැති ඔරුව
ලෝකය නමැති ගඟ තරනය කරන සඳ
කිසිවෙකු ඔබට විරුද්ධව
නැගී නොසිටිනු ඇත
කිසිවෙකු ඔබට අනතුරක්ද නොකරනු ඇත.

14 comments:

  1. මම කැමති පොතක්

    ReplyDelete
  2. එකාර්ට් ටොලේ (හරිද මන්දා උච්චාරණය ) කියන ලේඛකයා ලියලා තිබ්බා පොතක් කියලා. ඔබ සඳහන් කරන පොතේ සිංහල නම දැක්කහම මට හිතුනා, සමහර විට එකම මාතෘකාව සම්බන්ධයෙන් වෙන්න ඇති කියලා.

    කවියේ උපමා උපමේය ගැන නම් පොඩි අවුලක් තියේ...

    අපේ ඔරුව අපි එහෙම හිස් කලාම, ඒක ඔහේ පාවි පාවි ගිහින් අනිත් ඔරුවලත් හැප්පි හැප්පි යන එකනෙ වෙන්නෙ. ඊට වඩා නරකද, ඔරුව හසුරුවන හැටි හොඳට ඉගෙන ගත්තා නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ විදිහට හිතුවොත් නම් අපි හිත හිස් කරගෙන විතරක් මදි. හිත හසුරුවන විදිහත් ඉගෙන ගන්න ඕනෙ.

      Delete
    2. එකාර්ට් ටොලේ ගෙ පොතේ නම The Power of Now. ඒක කියන්න අමතක වෙලා.

      Delete
  3. Replies
    1. හම්බුනොත් කියවලා බලන්න

      Delete
  4. මේ දවස්වල කියවිල්ල නවත්තල තියෙන්නෙ අප්පා

    ReplyDelete
    Replies
    1. ඕනයා දැක්ක කල්. කොහෙද බොල මෙච්චර කල් හිටියෙ.

      Delete
  5. හ්ම්ම්.... ඔත්තුවට ස්තූතියි..... කවිය සහ ඒකෙන් දීපු පණිවිඩය නියමයි.....!

    ReplyDelete
  6. ඇතුලෙ තියෙන්නේ ගත යුතු හොඳ පාඩමක් වගේ...පොත කියවන්න හිතාගෙනයි ඉන්නේ දැන් ඕං..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  7. පොත් කියවන එක ඇත ඇරුනෙ බ්ලොග් කියවන්න පටන් ගත්තම
    මේ කාව්‍ය පරිවර්තනයේ නම් ලොකු තේරුමක් තියෙනව

    ReplyDelete
  8. පොත කියල නං නෑ බං. ඒත් අර දාල තියන පද පේලි ටික නම් මරු. ඒ මිනිහත් තමන්ගෙ ඔරුව පැදල තියෙන්නෙ මෙලෝ සිහියක් නැතුව වෙන්න ඕනෙ. නැත්නම් ඔහේ පාවෙන ඔරුවක හැප්පෙන්නෙ අහවල් දෙයකටද ? මඟෑරල යන්න බැරියැ. හැප්පිච්ච එකේ වැ‍රැද්ද මිනිහගෙමනෙ. ඉතිං මොන මනුස්සයද තමන්ගෙ වැ‍රැද්දකට කේන්තිගන්නෙ හැමවෙලාවෙම අනුන්ගෙ පිටින් යවන්න බලාගෙන ඉන්නව මිසක්.. හෙහ් හෙහ්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...