Pages

Sunday, January 6, 2013

අවුරුදු 66ක් පරණ තිළිණයක් ලදිමි


අලුත් අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක. පහුගිය අවුරුද්ද බලද්දි ලියපු පෝස්ට් ගාන නම් හොඳටම මදි. මාසෙකට දෙකයි නැත්තම් තුනයි. වෙලාව නෑ කිව්වොත් ඒක නම් බොරු. හේතුව තමා කම්මැලිකම. 

අපේ ආච්චි, ඒ කියන්නෙ තාත්තගෙ අම්මගෙන් මට අපූරු තෑග්ගක් හම්බුනා ගිය සතියෙ. ආච්චි ඒක අවුරුදු ගානක් තිස්සෙ එයා ළඟ තියාගෙන ඉඳලා. මෙන්න මේකයි තෑග්ග.


සුප ශාස්ත්‍ර පොතක්. මේක මුද්‍රණය කරලා තියෙන්නෙ 1947. ඒ කියන්නෙ අවුරුදු හැට හයක් පරණ පොතක්. 



පොඩ්ඩක් කාවො කාලා විනාස වෙන්න ගිහින් තියෙන්නෙ. ඒත් මට ඒක හුඟක් වටිනවා. කියන්න බැරි තරම් සතුටක් දැනුනා ආච්චි මට මේ පොත දුන්නම. ඒකෙ කෑම වට්ටෝරු 1000ක් විතර තියෙනවා. බලමු 10ක් වත් හදන්න උත්සාහ කරන්න ඕනෙ. හරි ගියොත් බ්ලොග් එකෙත් දාන්නම්කො.

24 comments:

  1. මේ පොතේ නව මුද්‍රණ තාමත් තියනවා මම හිතන්නේ..ඒත් ඔය කියන තරම් රසවත් වෙන්නැතිවේවි..

    ReplyDelete
  2. අප්පෙ කොල්ලට බඩේ අමාරු එහෙම හදන්නෙ එහෙම නෑ නුහුරු කෑම කවලා. :D

    ReplyDelete
  3. හදලා විතරක් නෙමෙයි කාලා බලලා අපිට රෙසපි හොද ඒවා තිබුනොත් දාන්න...

    ReplyDelete
  4. මම නම් කියන්නේ ඕක පරිස්සම් කරලා තියාගන්න, කෑම හදන්න ට්‍රයි කරන්න එපා.. පිටු ගැලවිලා, අකුරු මැකිලා, කාවෝ කාලා නිසා අමුතු කෑම ජාති හැදෙයි

    ReplyDelete
  5. රසට ඇති නෙහ් ...කාම වට්ටෝරු 1000 කියන්නේ සෙල්ලන්ද ..
    කමක් නැහැ ඔක්කොම හදන්න මහන්සි නොබලා...
    ගොඩක් වටීවි අපේ ගෑල්ලමයින්ට ...

    ReplyDelete
  6. අහ්හ්... නියම තෑග්ගක්නේ ලැබිල තියෙන්නේ....
    හදලම බලන්නකෝ....

    ReplyDelete
  7. හප්පේ දැක්කාමයි මතක් උනේ මේ පොත අපේ ලොකු අම්මත් මට පෙන්නුවා දවසක්

    ReplyDelete
  8. අපේ අම්මේ... කෑම හදලා එවන්නකෝ බලන්න අපිටත් කන්න.

    ReplyDelete
  9. හදන කෑම වැරදිලා බඩ අප්සට් වුනාම බෙහෙත් ගන්න අවුරුදු 66 කට කලින් බෙහෙත් වට්ටෝරු හොයන්න වෙයිද නෑ. හෙහ් හෙහ් විහිළුවක් කලේ. හදලා කිව්වනම් අපිටත් දැනගන්න

    ReplyDelete
  10. හද්ද පරණ පොතක් නේ. මේ පොතේ කෑම නම් රහ ඇති. ඇයි ඉතින් දැන් තියෙන විච්චූරණ නෑ නෙව.

    ReplyDelete
  11. හෆ්ෆේ වෙන්න මහත්තයා ගැන මං මේ කල්පනා කලේ.. මේවා හැදුවම ටෙස් කරන්න වෙන්නේ අයියටනේ ඉතින්.... :)

    ReplyDelete
  12. හප්පට සිරි බොල. නෝනා මහත්තයෙක් නේද ලියලා තියෙන්නෙ.
    ඇත්තෙන්ම ඒ කාලෙ භාෂාවත් එක්ක බලනකොට අපි අද කොච්චර දුර ඇවිල්ලද කියලා හිතෙනවා බැනුම් අහ අහ හරි.

    ඉතින් ඔය නෝනා මහත්තයත් දාන්නකො බලන්න ඕකෙන් රෙසිපියක්.

    ඒ පොතේ මහ අමුතු හැඩයක් තියෙන්නෙ නේද? අර ඉස්සරහ පි‍ටුවෙ නිල් පාටට තියෙන්නෙ මොකක්ද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. හපෝ.. මේක අපේ අම්ම දැක්කොත් ඉවරයි... :D

    අපේ අම්ම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ඩයරිවල ඔය කෑම වට්ටෝරු ලියනවා... තාමත් ලියනවා.. එකක්වත් හදල තියෙනව කියල නම් මට මතකයක් නෑ..
    :D :D :P

    ReplyDelete
  14. කෑම හදල කාල අපිටත් කියන්නකො කොහොමද කියල..

    ReplyDelete
  15. අපේ රජවරු බයියන් කාපු ගැන මම ලියපු පෝස්ට් එකේදී වර්ෂා නංගී කියලා රජ ගෙදර සූප ශාස්ත්‍ර පොත හොයන්න ගියාම පුස්තකාලේ ඒ පොත ගාවම තිබිලා මේ පොතත් හම්බුණා. කියවන්න නම් වුණේ නැහැ. ඒත් කෑම වට්ටෝරු නම් කීපයක්ම තිබුණු බව මතකයි

    ReplyDelete
  16. ඒකෙ තියෙන කෑම හරි රස ඇති..! ඒකනේ කාවොත් ඒක කාලා තියෙන්නෙ...!

    ReplyDelete
  17. කල්කාදුරු පුස්තකාලං....(හුගාක් පරණ පොතක්)

    ඔය පොත්වල පොඩි අවුලකට තියෙන්නෙ කිලෝ ග්‍රෑම් වෙනුවට රාත්තල්-අවුන්ස ට්‍රාන්ස්ලේට් කරගන්න වෙන එකයි..

    ReplyDelete
  18. මේකේ අළුත් මුද්‍රණය මන් ළඟත් තියෙනවා..සමහර කෑම හදන හැටි එච්චරම පැහැදිලිව ලියලා නම් නෑ මයෙ හිතේ..

    ReplyDelete
  19. මට චංගුමී මතක් වෙනවා...))

    ReplyDelete
  20. ඒ කාලේ තිබුන කුලුබඩු දැන් තියෙනවද දන්නෙත් නෑ

    ReplyDelete
  21. සුභ පැතුම්!


    හරිද මන්දා?)

    ReplyDelete
  22. scan karala dannako post ekaka apith ekka bedaganna

    ReplyDelete
  23. බලහං න‍ඟේ ඕකෙ තියනවද කියල බිබික්කං හදන හැටි.

    ප.ලි : මතක ඇතුව අසමෝදගං බෝතලයක් සජියට අරං දෙනව හොඳා. නැත්න පව් ඒ අසරණය. :D

    ReplyDelete
  24. හොද පොතක් වගේ පේන්නේ... පුලු පුලුවන්වෙලාවට රෙසිපිය බෑගින් දාන්නකෝ එහෙනම්... ජය වේවා.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...