
මොනිටරේ දිහා මම බලන් හිටියෙ හරිම හිස් හැඟීමෙන්. ඒ හැඟීම හරියට රික්තකයක් වගේ. මුකුත් නෑ. මම ෂොක් වෙලා හිටියෙ. ටිකකින් තමයි මොලේ යථා තත්වෙට පත් වුණේ. ඊටත් පස්සෙ තමා හැඬීම්, වැළපීම්, පසුතැවීම්, සාපකරගැනීම් ඇරඹුණේ.
මට ඕනෙ උනේ පෝටබල් හාඩ් එකේ තිබ්බ ෆිල්ම් වගයක් පෙන් ඩ්රයිව් එකට දාගන්න. ඒත් පෙන් එක ගහපු වෙලාවෙ ඉඳන් වයිරස් එකක් පොප් අප් වෙනවා. ඩිලීට් කරද්දිත් ආයෙ ආයෙ එනවා. ඒ නිසයි මම හිතුවෙ පෙන් එක ෆෝමැට් කරන්න ඕනෙ කියලා. ඒ සිතුවිල්ලට මම දැනුත් පසුතැවෙනවා.
පෙන් එකේ අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා ෆෝමැට් කමාන්ඩ් එක දුන්නා. ෆෝමැට් කරපුවාම හැමදේම නැති වෙලා යන හින්දනෙ දෙයියනේ කම්පියුටරය ආයෙ මගෙන් අහන්නේ ආ යූ ෂුවර්? කියලත්. ඒකත් මම ඕකේ කරේ පුරුද්දට. වෙනදට තත්පරෙන් ෆෝමැට් වෙන පෙන් එක අද තත්පර කීපයක් ගියේ ඇයි කියලා බලනකොටයි මට දෙලෝ රත් උනේ.
හුටා! මම ෆෝමැට් කරලා තියෙන්නෙ පෙන් එක නෙමෙයි හාඩ් එක. අයියෝ මගෙ අවුරුදු ගාණක මහන්සිය. ෆිල්ම් කීයක්ද. ෆිල්ම් නම් ආයෙ හොයාගන්න බැරියැ. ඒත් පරණ ෆෝටෝ!. ඒවා ආයෙ වෙන තැනක ඇත්තෙත් නෑ. මම ෆයිනල් ඉයර් එකේ කට්ට කාගෙන කරපු ප්රොජෙක්ට් එක. හැම තැනින්ම එකතු කර ගත්තු සොෆ්ට්වෙයාර් ටික. හයියූ.. සල්ලි.. ඒ එක එක මතක් වෙද්දි තමා රික්තකේකට ඇදිලා ගියා වගේ දැනෙන්නෙ.
මගේ ලැප් ටොප් එකකලින් දවසකත් කිව්වා වගේ බිම වැටිලා පලු දෙකකට ගැලවුණානෙ. ඕක හදන්න දුන්නු නිසා ඒකෙ තිබ්බ ඒවා දාගත්තෙත් හාඩ් එකට. ඒ නිසා මගෙ සන්තකේම තිබ්බෙ හාඩ් එකේ. දැනෙන පසුතැවීම තිව්ර වෙද්දි මම හිත හදාගත්තෙ සුනාමි ආවෙත් ප්ලෑන් කරලා නෙමෙයිනෙ කියලා හිතලා. මිනිස්සුන්ට එක මොහොතකින් නැති වෙන දේවල් එක්ක මේවා මොනාද.
පස්සෙ කෙනෙක් කිව්වා රිකවරි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා කියලා. ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවද? නෙට් එකේ සර්ච් කරත් හරි විස්තරයක් හොයාගන්න බැරි උනා. ප්ලීස් හෙල්ප් මී... ජාති ජාතිත් ආනිසංස ලැබිය හැකි පුණ්යකර්මයකට දායක වෙන්න ප්ලීස් හෙල්ප් මී..






